Tuesday, December 19, 2017

අාසාදනය....


" අම්මේ හෝර්ලික්ස් ගේන්නකෝ..."
පොඩි එකෙක් කෑ ගහනවා...
පොඩි එවුන් චොකලට් ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා, තව වැඩිම වුනොත් මයිලෝ ඉල්ලනව, හෝර්ලික්ස් ඉල්ලනවා මේ අැහුනමයි....
කණ දාලා අහන් හිටියා....
.
" හෝර්ලික්ස්ම තමයි දෙන්නෙ කියන දේ අහන්නැතුවට..."
.
අම්ම ගේම ඉල්ලුවා....
.
" ඒක බිව්වම තමයි ලොකුවෙන්නෙ..."
.
මට අප්පටසිරි කියල කියවුනා.... හෝර්ලික්ස්වලින් ලොකු වෙනව කියල පොඩි එකාට කිව්වෙ කවුද... හිතුවත් වගේ වැඩේ හරි... ටීවී එකේ අැඩ් එකක් යනවා ඒ ගැන... ලමා වැඩසටහන් අස්සෙ, කාටූන් අස්සෙ මේ වගේ අැඩ් දාන එක තමයි පොඩි එවුන් බාගන්න තියෙන ලේසිම ක්‍රමය... සමාගම් වුනත් දන්නවා අම්මලට වඩා ලේසියෙන් පොඩි එවුන් අල්ලගන්න පුලුවන් කියල.... ඒ වගේම පොඩි එවුන් ඉල්ලන දේ අම්මලට හුගක් වෙලාවට දෙන්න සිද්ධ වෙනවා කියලත්... එක අතකට ලොකු අවුලකුත් නෑ... හැම කෑමක් බීමක්ම ක්ෂණික කෑම වෙච්ච කාලෙක, කෑමක් හදාගන්න තරම් වෙලාව නැති වෙන්නම කාර්යයබහුල වුන අම්මල තාත්තල ඉන්න කාලෙක මේ ක්ෂණික කෑම හුගක් වටිනවා...
.
පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාකාරකම් වෙනස් වෙනවා... ඉස්සරම අපි හවසට පැය බාගයක් කාටූන් බලද්දිත් අාච්චිල සීයල කිව්වෙ අපි ඔය වසයෙදි ඔව්ව බැලුවෙ නෑ ගමේ ගොඩේ දුවල පැනල සෙල්ලම් කරා, වැඩ කරා, අපේ වයසෙ දේවල් උඹලට නෑ කියල..... මට ඒ කාලේ හිනා ගියා... අාච්චිලගෙ කාලේ නෙමෙයි මේක කියල කියන්නත් හිතුනා...
.
දැන් කියලත් වෙනසක් නෑ... පොඩි එවුන් ගෙදර එන්නෙම ටීවී එක බලාගෙන... එකම දේ රිපීට් වෙන විකාර කාටූන්, එහෙමත් නැත්තන් සමෝසා කාලා ලෝකෙ බේරගන්න ෆැන්ටසි වීරයෝ එක්ක උන් පැය ගණන් රොබෝලා වගේ අැලිල ඉන්නවා.... මට අප්පිරියාවක් එනවා ඒක දකිද්දිත්....
.
ඉතින් කටට එනවා කියන්න... අපි අපේ වයසෙදි බලපු කාටූන් බලන්න උඹලට පින නෑ කියල... උඹල කරන ඔය විකාර වැඩේ වැරදියි කියල....
.
අායේ තත්පරෙන් මතක් වෙනවා මගේම උත්තරේ...මේක ඒ කාලේ නෙමෙයිනේ.... මේ කාලේ හැමදේම දුවන්නෙ වැඩිමනත් වාණිජ පදනමක් මත.... හැමදේම හදල තියෙන්නෙ හරි ඉක්මණට අාසාදනය කරන්න පුලුවන් විදිහට...
.
වාණිජත්වය සහ සංකීර්ණත්වය කියන දෙකම මේ කාලේ වෙනකොට ඉපදිලා යන්තන් ලෝකේ දකිද්දිම අාසාදනය කරනවා... නැත්තන් අපිම කරගන්නවා.....
.
.
.
.
නෝටී


Friday, December 15, 2017

ගණිකා බිරිය....


මීට අවුරුද්දකට පෙර පමණ මුහුණ පෑ සිද්දියක් සටහන් කිරීමට අවශ්‍යව තිබුනත් ඊට ඉඩක් මෙච්චරකල් තිබුනෙ නෑ...අවුරුද්දකට විතර උඩදි... මම වැඩකට ඉහලම මාලයට ගිහින් හිටියෙ... එතන තමයි ස්ටාෆ් එකමඩේෂන් එක තිබුනෙ... හදිසියේම පහල කවුන්ටරයෙන් කෝල් එකක් අාවා... පොලීසියේ මහත්තුරු වගයක් මාව මුන ගැහෙන්න අැවිත් තියෙනවා කියල.... අාසන්නම පොලිස් ස්ථානයේ මිතුරෙකුත් සිටි නිසාම ඒක එච්චර පුදුමයට කාරණයක් වුනේ නෑ... මං ඉක්මණින් පහලට අාවා... සාමාන්‍ය අැදුමින් සැරසුනු නිලධාරීන් කිහප දෙනෙකුත්, පොලිස් නිල අැදුමින් සැරසුනු එක් අයෙකුත් තවත් කාන්තාවන් දෙදෙනෙකුත් සිටියා....
.
මං ලගට ගිහින් අවශ්‍යතාවය අැහුවම එක්කෙනෙක් තමන්ගෙ අයිඩෙන්ටි කාඩ් එක දික් කලා... 
.
" අපි සී අයි ඩී එකෙන්...හෝටලයේ ඉදල ගිය අය ගැන තොරතුරු ටිකක් ගන්න පුලුවන් කාගෙන්ද..."
.
හුගක් අාචාරශීලීව අැහුවෙ... 
මමත් වාඩිවෙන්න කියල බොන්න යමක් හදන්න පණිවිඩෙත් දීලා රිෂවේෂන් ඩයරියත් අරන් එතනින්ම වාඩිවුනා...
.
මුලින්ම කාන්තාවන් දෙදෙනා මට එයාලව හදුන්වල දුන්න... පස්සෙ ප්‍රින්ට් කරපු පිංතූරයක් මට දුන්න බලන්න..රුසියානු සම්භවයක් අැති සුදු තරුණියන් කිහිපයක් එතන හිටියා.... 
.
ඔවුන්ගෙ නම් එක්ක විස්තරයක් මට කියල අැහුවා මතකද කියල... මාස තුනකට විතර උඩදි අාපු අයව මෙහෙම එක පාරට පිංතූරයකින් අදුන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි... අනික ඒකත් නිවාඩු දවසක් වුනානනම් තවත් අමාරුයි...
මං ස්ටාෆ් එකේ හුග දෙනෙක්ගෙන් අැහුවත් කාටවත් අදුරගන්න නම් පුලුවන් කමක් තිබුනෙ නෑ...
අන්තිමට යාම් ඊම් ලේඛණ පවා පරීක්ෂා කලත් අදාල නම නම් හොයාගන්න බැරිවුනා...
.
අන්තිමට තමයි මම හේතුව අැහුවෙ... මේ ගෑනු ලමයි තුන්දෙනා ගණිකා වෘත්තියේ යෙදෙන අය..යෙදෙන කිව්වට ලංකාවේ කෙනෙක් යොදවනවා...
ඒක අපි දන්න සාමාන්‍ය ක්‍රමයට නෙමෙයි... 
එතනදි අදාල විදේශිකයෙකුට ගණිකාවෘත්තිකාවක් ලබා දෙන්නෙ ඔහුගේ මුලු සංචාරය කරන කාලයටමයි.. සති දෙකක්, තුනක්, මාසයක් නෙමෙයි මාස කිහිපයක් පවා ඔවුන්ව ලබා ගන්න පුලුවන්... 
ඒකත් ලක්ෂ ගාණකට අලෙවි වෙන්නෙ.... ඉතින් කිසිම විදිහකින් ඔවුන් ගණිකාවන් බව සැකයක් අැති වෙන්නෑ.. සංචාරය පටන් ගත් වෙලාවේ පටන් ඔවුන් එකටම සැරිසරන නිසා අවධානම අඩුයි.... දකින ඔ්නෑම කෙනෙක් පෙලෙඹන්නෙ ඔවුන් අඹු සැමියන් කියල හිතන්න.... 
.
ඒ කතාව අැහුවම හැම රැකියාවක්ම අැතුලෙ උස් පහත් කම් තියෙනව නේද කියල මට හිතුනා.... 
වීථී ගණිකාවක් සහ මේ ගණිකා බිරිදක් අදාල සේවාව ලබාගන්නාගෙන් විදින සැප පහසුකම් පවා එකිනෙකට වෙනස්.. ලබන මුදලේ පවා තියෙන්නෙ ලොකු වෙනසක්...
සංචාරක කර්මාන්තයට මේ වෘත්තීය සමහර රටවල බෙහෙවින් යොදාගත්තත් අපි තවමත් ඉන්නෙ මේ වෘත්තීය නීතියෙන් තහනම් රටක... ඉතින් නීතියට ගරු කිරීමක් සහ උදව් වීමක් විදිහට දිය හැකි සියලූම විස්තර ලබා දීලා ඔවුන්ට සහය වුනා.....
.
සමහර රැකියාවල් කොයි තරම් මුදල් ලබා දුන්නත් අතිශය කටුකයි... ගණිකා වෘත්තිය ඒ අතින් ඉදිරියෙන්ම අැති කියල මම විස්වාස කරනවා.....
.
.
.
නෝටී 



Monday, December 11, 2017

ජනකයා...


අහම්බෙන් වගේ එක තැනකදි හරි අපූරූ දුරකතන සංවාදයකට කන්දෙන්න වුනා.... මුලදි නිකම්ම කණට වැටුනත් වචන දෙකතුනක් යද්දි ඔ්න කමින්ම කන් දෙන්න හිතුනා...
.
බොහොම පොඩි වයසක ගෑණු ලමයෙක් අම්ම තාත්ත එහාට මෙහාට වෙනකම් ඉදල තමන්ගෙ යාලුවගෙ ගෙදරට කෝල් එකක් අරන්... දැන් දෙන්න කතාව...
.
" මට නම් ගෙදර එපා වෙලා ඉන්නෙ දැන් නම්..."
" මල කරදරේ... "
" මට යන්න හිතිල තියෙන්නෙ..."
.
මේ වගේ වචන ටිකක් තමයි දෙන්න අතර හුවමාරු වෙන්නේ... අහම්බෙන් වගේ අම්ම එනව දැකපු ලමයා ක්ෂණිකයෙන් මාතෘකාව මාරු කරා...
හෙට ගේන්න කිව්වෙ මොනවද, අර වැඩේ කරන්න කිව්වද වගේ සාමාන්‍ය කතා බහකින් සංවාදය ඉවර වුනා....
පුංචි ලමයෙක්ට එහෙම වචන එන්න නම් එතන මොකක්ම හරි අවුලක් තියෙන්න ඔ්න....
හුගක් වෙලාවට එක්කො ලමයට ලැබෙන අධ්‍යයාපන පීඩනය නිසා වෙන්න ඔ්න....
එහෙමත් නැත්තන් අම්ම තාත්තගෙ කාර්යයබහුලත්වය එක්ක ලමයට අවධානය දෙන්න බැරිවෙලා තියෙනවා...
.
පැටවු ගැහිල්ලයි ලමයි හැදිල්ලයි දෙකක් වෙන්නෙ මේ කාරණය නිසා...සංකීර්ණ සමාජ වටපිටාවක ප්‍රජනනයෙන් ජනිතයන් අැති කරනවාට වඩා වැඩි වගකීමක් ජනකයන්ට නිරායාසයෙන්ම ලැබෙනවා....
.
පූර්ව ප්‍රසව අවධියේ ඉදලම ලමයෙක්ගෙ මානසික සෞඛ්‍ය ගැන වගකීම ගන්න අම්මල තාත්තල සූදානම් නැත්තන් ලමයි ලෝකෙට බිහි නොකරන එක වඩා හොදයි....
.
ගොඩ වැඩි කරගැනීම හෝ අනාගතයේ තමන් බලාකියා ගැනීමට ලමයි බිහි කිරීමේ ඵලවිපාක පසුකාලීනව විදින්නෙ මුලු සමාජයමයි...
.
ඒ නිසා මවක් පියෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් තමන් ඒකට හොදින් සූදානම්ද කියන එක ගැන දෙතුන් පාරක් නෙමෙයි සිය දහස්පාරක් වුනත් හිතුවට කමක්නෑ...
.
එහෙම නැත්තන් එතෙක් අර හදුන්වා දීපු වෙන්ඩින් මැෂිම වඩාත් හොද විකල්පයක් වේවී...
.
.
.
නෝටී...


Tuesday, December 5, 2017

තනිවීම......

ලගම යාලුවෙකුත් එයාගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකුත් එක්ක මගෙ මිත්‍රයාට අයිති ඉඩමක් බලන්න ගියේ ඉදිරි අනාගතයේ එතැන කුඩා හෝටලයක් ඉදිකරන්න අදාල මිත්‍රයාට අදහසක් තියෙනව කියපු නිසාමයි...
.
වැවට මායිම්ව අැල බිමක තියෙන තරමක ඉඩම හරිම ලස්සනක් තිබුනෙ... මුහුද අයිනට වඩා වැවේ ඉහලින් ඉර බහිද්දි හරිම  ලස්සන තැඹිලි පාටකට හැරෙනවා....
වැව අතගාගෙන එන හුලග ඊටත් සනීපයි....
ඒ වෙලාවේ තමයි මෝටර් සයිකලයකින් කෙනෙක් පාන් ගෙඩියකුත් අරන් අාවේ...මේ මනුස්සය මගෙ යහලුවත් එක්ක ටිකක් කතා කරල වැව දිහාට බැහැල ගිහින් අර පාන් ගෙඩියම කඩල කෑලි කෑලි වතුරට දාන්න ගත්තා...
.
" මාලු අල්ලන්න වෙන්න අැති..."
මට හිතුනා...කෝකටත් මං යාලුවගෙන් විස්තර අැහුවා....
.
" මිනිහා හැම ඉරිදම එනව බං... අැවිත් මාලුන්ට පාන්ගෙඩියක් දානවා..."
.
හරි පුදුම කතාවක්නෙ.... හැම ඉරිදම අැවිත් පාන් ගෙඩියක් මාලුන්ට දාන්න මොකක්ද හේතුව...
මට අාපු ප්‍රශ්නෙම අපේ ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයාටත් තිබුනා... මටත් කලින් මිනිහා වැව කිට්ටුවට අැවිත් අැහුවා අැයි පාන් දාන්නෙ කියල...
.
අවු.26 වගේ වයසකදි මිය ගිය තමන්ගෙ බිරිද වෙනුවෙන් පිං දෙන්න ඒ කාර්යය කරනව කියල ඔහු කියද්දි මටත් පුදුම හිතුනා...තවමත් අවු.30ක් නොඉක්මවපු තරුණයෙක්ට තමන්ගෙ බිරිදගෙ හැරයාම කොහොම සිද්ධියක් වෙන්න අැතිද...?
ඒ වෙනුවෙන් ලක්ෂ ගනන්වලට දින ගැනල දාන මාන දෙනවට වඩා හවසක වැව අයිනේ ඉන්න මාලුන්ට පාන් කෑල්ලක් දාන එකෙන් ඒ මනුස්සය වැඩි සතුටක් වැඩි සැහැල්ලුවක් විදින බව මට පෙනුන...
සමහරවිට මාලු පිං අනුමෝදන් නොකරාවි, ඒත් හිතේ සතුට ඒ ගාථා පාඨ, චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා පොඩි පාන් ගෙඩියක, හවසක, වැවක මාලු ටිකක් අතර නැද්ද කියල මට හිතුනා....
.
මගේ ඔස්ට්‍රියානු මිත්‍රයාට ඔහු විශේෂයෙන් යමක් කිව්ව...
" මම කර්මය විස්වාස කරන බෞද්ධයෙක්, ඉතිං මේ දේවල් අැයට හොද උපතකට, හොද ජීවිතයකට මග පෙන්වාවි කියල මම විස්වාස කරනවා..."
.
අාගමික අැදහීම් නැත්තෙකු වුන ඔස්ට්‍රියානු මිත්‍රයා පිටට තට්ටුවක් දාලා
" ඔව් මම ඔබේ ක්‍රියාව අගය කරනවා "
කිව්ව....
.
ඒ සිද්ධිය හුගක් තදට හිතේ රැදුනා... දැනුත් ඒ මනුස්සය වැව් බැම්මෙ හිටගෙන පාන් විසි කරන හැටි මවාගන්න පුලුවන් තරමටම හිතේ රැදුනා....
.
කසාදය කොලයකට, නීතියකට සීමා නොකරපු ඒ වගේ මිනිස්සු හරි දුර්ලභයි වගේම ස්වභාවධර්මය ඒ වගේ මනුස්සයෙක්ටවත් තමන්ගෙ ප්‍රියම්භිකාව ලග තියාගන්න හුගක් කල් දීලත් නෑ කියල දැනෙද්දි පොඩි හරි දුකක් හිතට අාවා....
.
.
.
.
නෝටී