tag:blogger.com,1999:blog-51038065353555125502024-03-04T22:42:27.004-08:00නෝටිගෙ මතකජීවිත තැනිතලාවේ අපි අපිම ඇක්ට් කරන අමුතුම චරිතවල පුංචි පුංචි කොටස් එකින් එක ලෙහා බැලීම....නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-5103806535355512550.post-50507514361090932892018-12-24T21:38:00.000-08:002018-12-24T21:38:49.263-08:00ඒත් අර පුංචි ජීවිත....?සුපුරුදු පරිදි මමත් මගේ ඕස්ට්‍රියානු මිත්‍රයාත් රාත්‍රී ආහාරය සමඟ කතා බහක... මේ අතර අපි ක්‍රම ක්‍රමයෙන් වාහන සහ මාර්ග තත්ත්ව ගැන කතා බහකට යොමු වුණා... එතනින් එහාට අපි එය මෝටර් බයික් දක්වා පටු කරගෙන කතා කරගෙන ගියා...

" ජනිත් මෙහෙ මිනිස්සු නිවුස් බලනවද..? පත්තර කියවනවද..? ෆේස් බුක් යනවද..?"

එක පාරටම මගේ මිත්‍රයා අහපු ප්‍රශ්නෙන් මම තුෂ්නිම්භූත වුණා.. මේ මනුස්සයට පිස්සුද..? මට එකපාරටම හිතුනා... අවුරුදු 30කට කිට්ටු කාලයක් මේ රටට ආපු, දශකයක් විතර මේ රටේ ජීවත් වුණ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද මේ..?

" ඔව්, බහුතරයක් ඔය දේවල් වලින් එකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා.."

මම ඔලුවට ආපු පුදුමය එහෙමම තියාගෙන කිව්ව...

" එතකොට එයාලා මේ බයික් ඇක්සිඩන්ට් දකින්නැද්ද..?"

එයා ආයෙත් ඇහුවා...

" අනිවාර්යයෙන් දකිනවනේ..."

මම ආයෙත් කිව්ව...

" එහෙනම් ඇයි එයාලා එක බයික් එකක කීප දෙනෙක් දාගෙන යන්නෙ... මේ අම්මල තාත්තල දරුවන්ට ආදරේ නැද්ද..? එයාල දකින්නැද්ද ටැxකිය උඩ තියාගෙන යන ලමයි ඇක්සිඩන්ට් වලින් මැරෙන හැටි... ?

එයා ටිකක් ආවේගෙන් ඇහුවා...

" මෙහෙමනේ... ඒ මිනිස්සුන්ගෙ ආර්ථික තත්ත්වය එක්ක තමයි මේක වෙන්නෙ... එයාලට කා එකක් ගන්න තරම් සල්ලි නෑනේ... ඒකයි..."

මම පැහැදිලි කරා...

" ඔහ්, කමෝන් ජනිත්.... ආර්ථිකය හරි නෑ කියල ලමයෙක් අවධානමේ දාන්නෙ මොන අම්මද..? මොන තාත්තද..? එයාලට නඩත්තු කරන්න බැරිනම් ඇයි ලමයි හදන්නේ..? "

ඒ ප්‍රශ්නයට නම් මමත් නිරුත්තර වුණා...ජීවිතයක වටිනාකමට වඩා මිනිස්සුන්ට හිතන්න වද වෙන්න ප්‍රශ්න තියෙන රටක් නේද මේක කියල මටත් හිතුනා...

අම්මෙක් තාත්තෙක්ගේ වටිනාම සම්පත දරුවො වෙච්ච සමාජයක ඊටත් එහාට, ඒක අභිබවන්න පුලුවන්, ඒක අමතක කරවන්න පුලුවන්, ඒක දෙවැනි කරන්න පුලුවන් ප්රස්තුත ඇති වීමම කොයි තරම් කේදවාචකයක්ද..?

මේක මොකක ප්‍රතිඵලයක්ද..?මොන වගේ සමාජ සංසිද්ධියක ප්‍රතිඵලයක්ද..? මිනිස්සු මානුශිය ගුණ අමතක කරගෙන යන්න තරම් දුවන්න වුණ රේස් එක මොකක්ද..? ඇත්තෙන්ම එහෙම රේස් එකක් අත්‍යාවශ්‍යද..?

දාහක් ප්‍රශන අස්සෙ මම මොහොතකට හිර වුණා... සමහරවිට ප්‍රායෝගික තත්ත්වයට බැස්සම මගේ මිත්‍රයාගේ කතාව අභියෝගයට ලක් කරන තර්ක ඇති තරම් හම්බ වෙන්න පුලුවන්....

ඒත් අර පුංචි ජීවිත....?

උන් නොදන්න අවදානමක වැටෙන්න තරම් කරල තියෙන වැරැද්ද මොකක් වෙන්න පුලුවන්ද..? ඒ අත්දැකීම ජීවිත කාලෙම විනාස කරන අවස්ථා වෙන්න ඉඩක් තියෙද්දිත් තමන්ගෙම අම්ම තාත්ත ඒ අවධානම ගැනීම ගැන දැනුවත් නම් උන්ගෙ තීරණය මොකක් වෙන්න පුලුවන් පුලුවන්ද... උන්ගෙ හැඟීම් මොකක් වෙන්න පුලුවන්ද..?

නෝටි....

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-65725228542196143572018-12-15T22:54:00.001-08:002018-12-15T23:03:45.190-08:00ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ ....." මචං, ඒකි ඉන්න තැන බලාගන්න යන බස් එකේ නැගල යමුද..? "

ඌ අහන්නේ කළුතර ඉදලම කෙල්ල එන බස් එකේ ඇවිත් අළුත්ගමිනුත් බැස්සට පස්සෙ...වෙලාව 6ට කිට්ටුයි...උදේ ඉඳලම බස් එකටයි ක්ලාස් එකටයි පාරේ කඩේටයි සින්න වෙච්ච දවස එපාම කරපු මහන්සියක් දෙන්නෙ...

ඒ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ දවස... ශ්රීලංකාවයි ඕස්ට්‍රේලියාවයි ආයෙත් මුහුණට මුහුණ... මගේ කැමහිම එකා තමයි කැපටන්, මහේල....ඒත් මූ ඊට වඩා වටිනවනේ...

" හරි යමන්..."

බස් ස්ටෑන්ඩ් එක ඇතුලෙන් ගිහින් කෙල්ල වාඩි වුණේ කාලවිල බස් එකේ... කාලා වරෙන්කො...මේකි කොහෙන් බහිනවද කියල දෙයියෝ තමයි දන්නේ.. ඕනේ එකක් 20යි කියල ගත්තා ටිකට් කාලවිලටම....

බස් එක පාදගොඩට එද්දි කෙල්ල බැස්සා... ටිකට් අමතක කරල අපිත් බැස්සා... දැන් කෙල්ලට මීටර් 200ක් විතර දුරක් තියාගෙන පස්සෙන් යනවා.. මේ කෙල්ල යනවා යනවා යනවා ඉවරයක් නෑ යනවා...

ඈතින් පෙනුන තුන්මන් හංදියෙන් එක පාරටම කෙල්ල අතුරුදහන් වුණා... මොන තාලෙන් හෙව්වත් ඒ කෙල්ල ගිය ගෙයක් හොයාගන්න අපිට විදිහක් තිබුණා... කිලෝ මීටරයක් විතර පයින් ඇදල සෑහන අමාරුවෙන් හිටපු අපි ආයෙත් ඒ දුරම පාරට ආවා... කලුවරත් වැටීගෙන එද්දි පාදගොඩ ඉදන්ම ගාලු පාරටම අපි පයින් ආවා...

ගෙදර ඇවිත් කකුල් දෙකත් උඩ තියාගෙන අපි මැච් එක බැලුවා...

එදා මැච් එක අපි පරාදයි...

ඒ වගේම ලව් එකත් පරාදයි...

හැබැයි ඒ මතකය සෑහෙන ආතල් එකක් අපිට ඉතුරු කරා.. අදට 11ක් වෙද්දිත් අපි හිනාවෙන්නෙ ඒ මතක එක්ක... ඒ කෙල්ල අදට අයුර්වේද වෛද්‍යවරියක්... එතනින්ම බෙහෙත් ගන්න ගිය මමයි මගේ එකයි දෙන්නම එතනින් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනාවුණේ ඒ පරණ මතක එක්ක...

ජීවිතේ ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ.... ඒ තමයි හොඳම මතක... ඒකත් අනිකට කරදරයක් නොවෙන්න කරපු අහිංසක උත්සාහයන් වල... උඹලත් හැමතිස්සෙම තියාගනිල්ල මැරෙන්න ඕනේ මතක වෙනුවට ජීවත් වෙන්න පුලුවන් මතක...

ජීවිතේ කියන්නෙ ඒකටලු... එපා කරපු මතක මත්තේ මැරෙන්න ඕනේ කියන ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය දෙයක් කියල අපි හිතුවට ඒක එහෙම නෙමෙයි... ඒක අපිම දාගත්තු කරදරයක් විතරයි...

ඒ වෙනුවට අපිට තියෙන හිනා වෙන්න පුලුවන් ඒවා එක්ක ඉස්සරහට යමු... ඒක අපිට වගේම අපේම පහල පරම්පරාවලටත් ලොකු උදව්වක්, අත දීමක් වේවී... හොද මතක, හොද සමාජයකට පාර කපාවි....

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-6275724555494867292018-12-03T01:54:00.001-08:002018-12-03T01:54:20.035-08:00අපේ කාලේ මෙහෙම නෙමෙයි....!

බුකියට ලොග් වෙනකොට පේන කන්ටේනර් ගනන් සංවේදී පෝස්ටු පේනවද...? එක එක ආකාරයේ සමාජගත ආතල් ගැන පෝස්ටු දැකල තියෙනවද..? සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල බෙරිහන්දෙන පෝස්ටු දැකල තියෙනවද..? රටට කිසිවක් නොකරම කොමිස් කුට්ටියට වැඩ කරන හොරාකන දේශපාලකයන්ට දෝශාරෝපණය කරන පෝස්ටු දැකල තියෙනවද..? ගල් බෝතලේට බත් පැකට් එකට රු.1000ට දේශපාලන රැස්වීම් වල බඩගාන්නෙපා කියන පෝස්ට් දැකල තියෙනවද...?

ඇති තරම් නේද...?

දැන් බලන්න, සත්‍ය ජීවිතේට ලොග් වෙන කොට ගමේ පාර සුද්ධ කරගන්න කුණු ටික වෙන් කරල යවන්න උනන්දුවෙන මිනිස්සු දැකල තියෙනවද..?

ගමේ සමාජ සේවා සංගමයක් පිහිටවන්න තරුණයෝ තරුණියෝ කී දෙනෙක් ඉන්නවද..?

සහතිකයක්, තෑග්ගක් නැති තරඟාවලියකට ඉදිරිපත් වෙන්න කී දෙනෙක් හොයාගන්න පුලුවන්ද...?

ඒ අමාරු දේවල්මය කියල පැත්තකින් තියලා අපේ වියදම් හෝ කාලය අවම දේවල් බලමු...

බැංකුවක, ශෙඩ් එකක එහෙමත් නැත්තන් අඩුම දන්සලක පෝලිමේ ඉවසීමෙන් ඉන්න පුලුවන් කී දෙනෙක් ඉන්නවද....?

කහ ඉර මීටර් කීපයක් ඉස්සරහ තියෙද්දි පාර පනින අය කී දෙනෙක්ද..?

කලර් ලයිට් එකේ තත්ත්පරේ පරක්කුවට හෝන් එක උඩ නගින අය කී දෙනෙක්ද...?

මේ ටික බැලුවම පේන්නෙ මොකක්ද...? මිනිස්සු සෑහෙන ආත්මාර්ථකාමියි... ඒ වගේම එහෙම නෑ කියල පෙන්නගන්න සෑහෙන ගේමක් දෙනවා... අඩෝ මම මේ සිස්ටම් එක බලපන්.. මේක වෙනස් කරන්න ඕනේ... මේක හරි අසාධාරණ සිස්ටම් එකක්.. අන්න එහෙම කියල මම සෑහෙන හොදයි මම මේ සිස්ටම් එකට වගකිවයුතු නැති එකෙක් වගේ චිත්‍රයක් මවන්න හදනවා...

ඒත් ඇත්ත වෙනම කතාවක්... මම කැමති නෑ මට ප්‍රතිලාභයක් නැති මගුලකට මැරෙන්න... මම කැමති නෑ මට පාඩුවක් කරගෙන සමාජයට කඹුරන්න... මම කැමති නෑ අනිත් එකාට පහලින් ඉන්න... මම කැමති නෑ මගේ පහසුවට වඩා නීතී රීතී ගැන සැලකිලිමත් වෙන්න.. මම කැමති නෑ සුලු සුලු සදාචාරාත්මක හෝ විනය කාරණා නිසා කට්ට කන්න...

මොනවටද මම කැමති....?

මම කැමතියි අනිත් අය හැමෝම සමාජ සේවය කරන කාලෙක ඒකට සෙට්වෙන්න...

මම කැමතියි කවුරු හරි බර කරට අරන් කරද්දි ඒකේ පොඩි කොටසක් වෙන්න...

මම කැමතියි මටත් යමක් ලැබෙන තැනකට ශ්‍රමය දෙන්න...

මම කැමතියි අනිත් හැමෝම පෝලිමේ ඉන්නවනම් ඒක අනුගමනය කරන්න...

ඔය ටික තමයි මම කැමති... ඔයවගේ කැපකිරීමක් මට සමාජය වෙනුවෙන් කරන්න පුලුවන්.. ඒ මම ඇත්තටම පරාර්ථකාමී නිසා... ඒ එක්කම අනිත් අයත් එහෙම වෙන්න ඕනේ.. සමහරු ඒක ලීඩ් කරන්න ඕනේ.. ඒකට මම එච්චර කැමැත්තක් නෑ.. ඕවා කුණු ගොඩවල් නේ..

ඕක තමයි සරල සමාජයීය පැතිකඩ අපේ... අන්න ඒ ඉමේජ් එක සාක්කුවේ දාගෙන ජීවත් වෙන තක්කඩි තමයි අපි... පොඩි උත්සාහයක් ඇති මේක වෙනස් කරන්න... හැබැයි ඒක අනුන්ගෙන් නෙමෙයි... තමන්ගෙන් එන්න ඕනේ.. මගෙන් එන්න ඕනේ...

මේක තමයි තාරුණ්‍ය අද වෙද්දි මුහුණ දෙන විශාලම අභියෝගය... ප්රතිලාභ නොලබන පරාර්ථයකට යොමුවීම...

මේක තමයි ඉහල පරම්පරාවෙන් නොලැබෙන ඔවුන්ට ලැබියයුතු පණිවිඩය වගේම ආදර්ශය....

ජීවිතය රේස් එකක් නෙමෙයි....

කොහෙත්ම තරඟයක් නෙමෙයි...

මේක ටීම් වර්ක් එකක්...

ඔබ මම මේ මේන්ටේන් කරන ආත්මාර්ථකාමීත්වය කිසිසේත්ම සත්‍ය ප්‍රතිඵලදායක යමක් නෙමෙයි... අද මේක මේ මොහොතට ඔබට මට ආතල් එකක් සපයාවී.... තව අවුරුදු කිහිපයකින් ඔබත් මමත් මේ වෙනුවෙන් නිවී හැනහිල්ලේ පසුතැවේවී...

අන්න එදාට අපේ කටවල් මේ වාක්‍ය නොකිව්වොත් ඒක ලෝක පුදුමයක් වේවී....

" අපේ කාලෙ නම් මෙහෙම නෑ..."

ඔව් අපේ කාලේ එහෙම නෑ.. එහෙම නොවෙන කාලෙකට අපි පාර කපල දුන්නා... එච්චරයි...

හෙට හොදම දවස..... අද නෙමෙයි...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-83924532803225049282018-10-15T07:46:00.000-07:002018-10-15T07:46:05.669-07:00Funny - ෆනී ඈ ඇගේ ඇතිල්ලෙන්නටත් කෙඳිරි ගාන්නටත් විය... පුටුවේ හිඳ සිටි මගේ කලවය මත යටි තල්ල තබා ඇස් උස්සා දුක් මුසු බැල්මෙන් බලා සිටින්නට විය....

ඒක එහෙමම තමයි වුණේ... මම කරේ අතේ තිබුන රෝල්ස් එක හෙමින් හෙමින් කන එක... ඇතුලෙ පොඩි බිත්තර කෑල්ලකුත් දාලා රු.10කට උණු උණුවෙ කන්න හම්බෙන එකම මදිද....?

" ඊස් දිස් ෆ්‍රොම් මුස්ලිම් කඩේ.."

මගේ ඔස්ට්‍රියානු මිත්‍රයා කැඩුනු ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර ඔහුටම ආවේනික භාෂාවකින් අහන්නෙ එහෙම... ඒ ඇහුවේ මම දර්ගා ටවුන් එකෙන් ගත්ත කිව්ව නිසා... එක දවසක් මුස්ලිම් කඩයකින් කෑම අරගෙන අහම්බයකින් කුස්සිය දිහාවට ගිහින් ලැබිච්ච අමිහිරි අප්‍රසන්න අත්දැකීමක් නිසා එයා ඒ කඩවලට පුදුම අකමැත්තක් දක්වනවා... මේක ගත්තෙ පාරේ කරත්තයක් තියාගෙන හිටපු මුස්ලිම් මනුස්සයෙක්ගෙන්... ඒත් මම මෙහෙම කිව්ව....

" නෝ දිස් ඊස් ෆ්‍රොම් සිංහල කඩේ.."

ඊට පස්සෙ තමයි මිනිහා රෝල්ස් එක අතට ගන්නෙ... ඒත් " Funny " තාමත් මගේ කලවයේ හොම්බ තියාගත්තු ගමන්... අන්තිමේදි මම රෝල්ස් එකක් උගෙ කටේ තිව්ව... ෆනි කිව්වෙ මගෙ මිත්‍රයා පාරේ හිටපු පොඩි කික්කියෙක් ගෙනත් දැන් ලොකුවට ඉන්න බැල්ලියෙක්... බොහොම පරිස්සමින් මගෙ අතින් රෝල්ස් එක ගත්තු ඒකි වට පිට බැලුවා... වෙනදා දොරකඩ තියෙන පාපිස්ස එතන නෑ... කෙලින්ම බාත් රූම් එක දක්වා ගියා.. එතන පාපිස්සක් තියෙනවා... රෝල්ස් එක එතන තියාගත්තා...

ඒක හරි පුදුම සහගත චර්යයාවක්... අවුරුදු දෙකක් විතර තිස්සෙ දකින මේ බැල්ලි එකම දවසක්වත් තමන්ට එක කටට ගිලින්න බැරි කෑමක් බිම තියාගෙන කනව මම දැකල නෑ... ඒ වගේම තමයි පහල ගේට්ටුව ගාව කටහඬ ඇහෙද්දි ගේට්ටුව ගාවට නෑවිත් ඉදලත් නෑ... ගේට්ටුව ගාව ඉදල උඩ තට්ටුවට නගිනකම්ම මගින් මගට නැවති නැවති අඬගහගෙන යන්නෙ...

වැදගත්ම කාරණේ ඌ සාමාන්‍ය ව්‍යවහාරයේ අපි වල් බල්ලෙක් කියන එකෙක්....

කියන හැම දේම වගේ ඒකිට හරියටම තේරෙනවා.. ඒ වගේම පුරුදු හරියටම ෆලෝ කරනවා...

ඒක තීරණය වුනේ ලැබුන ආදරය සහ ආශ්‍රය කරපු පුද්ගලයගෙ පුරුදු....

බල්ලෙක්ද කොල්ලෙක්ද කියන දෙකේම පැටිකිරිය නෙමෙයි අදාල.... සමාජයෙන් / වටපිටාවෙන් ලැබුණ උත්තේජනයි අදාල....

හැම තිස්සෙම තමන්ගෙ කොල්ලටත්, බල්ලටත් හොඳ වටපිටාවක් ලබා දෙන්න මතක තියාගන්න....

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-30291750812096780902018-10-03T01:17:00.000-07:002018-10-03T01:18:24.299-07:00පොෂ් කෑම සහ අනාගෙන කෑම...

අහාර ගන්න විධි එකිනෙකාගෙන් එකිනෙකාට සෑහෙන්න වෙනස් වෙනවා.... කෙනෙක් හැඳි ගෑරුප්පු භාවිතා කරද්දි තව කෙනෙක් දකුණත පාවිච්චි කරන්න පුලුවන්, තව කෙනෙක් වමත, තවත් කෙනෙක් ඇඟිලි පුරුක් දෙකක් උඩට පාවිච්චි කරද්දි, තවත් කෙනෙක් අල්ල දක්වාම පාවිච්චි කරන්න පුලුවන්...

මේකෙදි අපි එකිනෙකාට සාපෙක්ෂව මේ රටාවල් පිලිකුල් කරන්නත් පුලුවන්... පිළිකුල හිතට එන්නේ අපිට නුපුරුදු දෙයක් ගැන නිසා සහ අපේ ආකල්ප නිසා මිසක ඒ රටාවන් ඇත්තටම සියල්ලටම පිළිකුල් නිසා නෙමෙයි...

ඒ වගේම මේ රටාවල් නිසා කෙනෙක් උස් පහත් විදිහට බෙදන්න හේතුවකුත් නෙමෙයි... කෙනෙක්ගේ අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම මනින්න හේතුවකුත් නෙමෙයි... ඒත් අවාසනාවට ඒක එහෙම සිද්ධ වෙන තැනුත් නැතුවම නෙමෙයි...

අපි එකිනේකාගේ ආහාර රටාවල වෙනස අවබෝධ කරගන්න පුලුවන් තරම් බුද්ධිමත් නම් මේක ලොකු ගැටලුවක් නෙමෙයි... හැඳි ගෑරුප්පු පාවිච්චි කිරීම හුරු වුණ කෙනෙක්ට අතේ කෑම තවරගෙන කෑම අවුලක් වෙන්නේ තමන් නොදන්නා ආතල් එකක් නිසා මිසක් නිරපේක්ෂ අවුලක් නිසා නෙමෙයි... අතින් කෑම ගන්න කෙනෙක්ට තදින් මුලු කෑම එකම අනාගන්න කෙනෙක් දැක්කම අප්‍රිය ගතියක් ඇතිවෙන්නෙත් ඒ තර්කයෙන්මයි....

ආහාර ගන්න සාතිශය බහුතරයක් ඒක ගන්නේ යම් විඳීමක් බලාපොරොත්තුවෙන්....ආතල් එකක් බලාපොරොත්තුවෙන්... ආහාර ගැනීම නිකම්ම බඩගින්නට යමක් බඩට දාගැනීමක්ම නෙමෙයි... ඒකෙදි සමහරු ඇහැ පිනවන්නත් කැමැත්තක් දක්වනවා... ඒ නිසා තමයි එක එක හෝටල් වලදි කෑම පිළිගන්වන්නට පෙර ඒක සරසන්නේ... ගෙදරකදි වුණත් අපි ඒ දේ කරනව ඇති...

ඒ නිසා පොෂ් ( මේක මේ සඳහා සුදුසුම වචනේ නොවුණත් මුල්බැසගත්තු ව්‍යවහාරය නිසා යොදනවා ) හෝ වේවා ගමේ හෝ වේවා හැම කෙනාම ආහාරය යම් විඳීමකුත් බලාපොරොත්තුවෙන් තමයි ගන්නේ... කෑම බඩ වගේම ඇසත් පිනවන තරමට ඒකේ රසය වැඩිවෙනවා, ආතල් එක වැඩිවෙනව...

එකිනෙකාගෙ ආතල් වෙනස් නිසාම හෝටලයකින් එලියට එන සැරසිලි සහිත මිල අධික කෑම වේලක් හා සමානවම මැටිකෝප්පයක එකට අනන ලද කෑම වේලකිනුත් දෙන්නෙක් එක හා සමානවම ආතල් එකක් ගන්නව වෙන්න පුලුවන්... ඒ නිසා වැදගත් කන ක්‍රමය හෝ කෑම නෙමෙයි... ඒකෙන් තමන්ට කොච්චර ආතල් එකක් ලැබෙනවද කියන එක විතරයි...

ඔය අතරේ අපි අමතක නොකලයුතුයි විඳීමක් නැති හුදෙක් තමන්ට දැනෙන බඩගින්න නිවාගැනීම සඳහාම බඩට යමක් කෙසේ හෝ දමා ගන්න අතලොස්සකුත් ඉන්නවා... ඔවුන් ඒ ක්‍රියාවෙන් පවා තමන්ගේ බඩගින්න නිවාගැනීමේ සතුටක් භුක්ති විඳින්නන්... ඒ නිසා ආහරය සමස්තයක් ලෙස ශාරීරික වගේම මානසික විඳීමකුත් තෑගි කරන යමක්...

පීසා ද රොටිද වටින්නේ කියන එක නෙමෙයි වැදගත්... ඒක අනුභව කරන්නා කවුද කියන එකයි.... මෙන්න මේ සරල යථාර්තය බිඳ හෙලපු වෙළඳ උපක්‍රම වලට යට වීම නිසා තමයි අපි අතරත් සීතල යුද්ධයක් ඇතිවෙන්නේ පොෂ් සහ ගොඩේ කෑම විදිහට... යතාර්තයේදී එහෙම බෙඳීමක් නැති තරම්... සියල්ල කෑම මිසක්, විඳීමක් මිසක් ඊට එහා යමක් නෑ...

එතනින් එහා තියෙන්නේ ආහර වල තත්ත්වය සහ ආහාරයට සුදුසු බව කියන කාරණා විතරයි...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-54626396820127494222018-09-26T22:31:00.001-07:002018-09-26T22:31:18.753-07:00පිදුරංගල සහ පුක....කාලෙකට පස්සෙ කොණක් අහුවුණේ බ්ලොග් එක කොටන්න... පිදුරංගල සහ පුක සෑහෙන මාකට් එකක් රඳවගෙන ඉන්න වෙලාවේ ඒක ගැන පොඩ්ඩක් ලියාගත්තොත් රීච් වැඩිවෙයි කියල මගේ හිත කියන නිසාම ඔන්නොහේ කොටන්න ගත්තා....

මේ සම්බන්ධ මත ගාණක් තියෙන එකේ අපි එකින් එක අරගෙන හැකිතාක් සාධාරණව කතා කරන්න බලමු....

1) තමයි මේක ආගමිකාතල් එක කුඩු කලාය කියන එක...

ආගම සම්බන්ධයෙන් නම් ඔව්, ඒක එහෙම තමයි... ආගමක් කියන්නේ ඇදහීම් කොටසක් එක්ක අන්ධානුකරනයෙන් සිද්ධ කරන ක්‍රියාකාරකම් සමූහයක්නේ... ඉතිං එහෙම සංවේදී තැනක මේ වගේ විගඩමක් නැටුවම ආගමිකාතල් කුඩු වෙලා ඒ මිනිස්සුන්ට මල පනින එක සාධාරනයිනේ චාමර... ආගම හෝ ඒකේ කන්සෙප්ට් සමහරකට අදාල නැති කම ආගමේ උන්ට අදාලත් නෑනේ... ඒ තර්කෙන්ම...

2) මේක කොලු කමට කරාය කියන එක....

වෙන්නත් පුලුවන්, කොල්ලො ඉතිං කොලු කමට ඕනේ ගූගොඩක් කටේ ඔබාගන්න ලෑස්තියිනේ... ඒකනේ මෙච්චරටම භයානක මත්ද්‍රව්‍ය පවා සමාජගත වෙන්නේ සං සං ගාල... පලවිපාක හොයන්නේ පස්සේ, මුලින් උන් කරලම බලනවා... ඇණගත්තම තමයි කොටසක් හරි පාඩමක් ඉගෙන ගන්නේ.. ඒකනේ කොලු කම කියන්නේ....

3) උන්ගේ පුකනේ උන්ට කැමැත්තක් කරගත්තාවේ....

ඒකනම් පුකේ රැඩිකල් ටෝක් එකක් මිත්‍රවරුණි... එහෙම එක එකාගේ කැමැත්තට වැඩකරන්න ප්රජාතන්ත්රවාදය ඇතුලෙවත් ඉඩක් නම් නෑ... නිදහසකට හැම තැනම සීමා තියෙනවා... ඒ නිසා එක එකාගේ පුකවල් වුනත් ඕනේ ඕනේ හැටියට එලියෙ දාගෙන යන්න නම් ඉඩක් නෑ....ඒක එහෙමය මෙහෙමය කිව්වත් ඒකෙන් තවත් කොටසකට මානසික හෝ පීඩාවක් වෙනවනම් (මවාපාන ලද නොවන ) ඒක නිදහසක් කියල අර්ථදක්වන්න මම නම් කැමති නෑ....

4) අන්තිමට තමයි මේක ටුවරිසම් ට්‍රෙන්ඩ් එකක්ය කියන එක...

ඒක එච්චර සාර්ථක තර්කයක් නම් නෙමෙයි... සුද්දො (ව්‍යවහාරිත භාෂාවෙන් ) සාමාන්‍යයෙන් මෙහෙට එන්නේ ලෙෂර් ඩෙස්ටිනේෂන් එකක් විදිහටනම් නෙමෙයි.. මෙහෙ තියෙන ලෙෂර් බැරියෑ... උන් මේකට එන්නේ මෙහෙ තියෙන ඓතිහාසික වටිනාකම් ටික බලන්න, මැණිකක් වගේ දෙයක් අරන් යන්න, ස්වභාවික තැන් ටික බලන්න, අනික් විශේෂම කාරනේ මේ රටේ තියෙනවය කියල හිතන සංස්කෘතිය බලන්න... උන්ට ඒක වයලේට් කරන්න වුවමණාවක් නම් නෑ.. උන් අපිට වඩා කැමතියි මේක එහෙමම පවතිනවට.... නිකමට හරි කියල බැලුවනම් ඔය පුක පෙන්නුවය කියන සුද්දෙක්ට ඕක වැරදියි මේක රටේ මිනිසුන් කොටසක් ගෞරවයෙන් පවත්වාගෙන යන ස්තානයක් කියල උන් අනිවාර්යයෙන් සමාව ගනීවී...

වැඩිය ඕන්නෑ... සුද්දො පන්සල් යන්න කලින්, නුවර දලදා මාලිගාවට යන්න කලින් ඇවිත් අහනව ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද කියල... උන් ඒ තරම් නීහතමානියි, මහත්මා ගතියෙන් පිරිල... අපිට වගේ ආතල් කුඩු කරලම ආතල් ගන්න කැසිල්ලක් උන්ට ලොකුවට නෑ....

එක පාරක් කපල් දෙක ඇවිත් හිටියා.. එතනින් එක ගෑනු කෙනෙකුට දිග කලිසම් තිබුනෙ නෑ... ඒ නිසාම පන්සල් ගමනට තුන් දෙනෙක් විතරක් සහභාගී වෙන්න එයාලා තීරණය කරා... පස්සෙ සරමක් හොයල දීලා ඒ ගමන පිටත් කරේ...

මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ සංස්කෘතියෙ නෙමෙයි, ඒකට ඇතුලත් සමහර අංග වල විතරයි.. මිනිස්සු පෙලන, සිරකරන සංස්කෘතිකාංග වලට අපිත් අකමැතියි...එහෙමයි කියල ඒකෙන් අදහස් වෙන්නෑ සමස්ථ සංස්කෘතියටම පුක පෙන්නන්න ඕනේය කියල....

රටේ ලක්ෂ ගාණක් හම්බ කරන් කන සංචාරක කර්මාන්තය වෙනුවෙන්වත් සංකේතාත්මකවවත් සංස්කෘතිකාංග රැකිල තියෙන්නේ කොච්චර අඩුවෙන්ද... හරිනම් සංචාරක ප්‍රදේශවල රජය වියදම් කරල හරි මේ දේවල් නඩත්තු කරන්න ඕනේ...

ඉතිං ආයෙත් මේ පිදුරංගල දිහාට හැරුණම ඔය උඩ කියපු කාරණා සේරම අතෑරියත් ඇදුමක් ඇදගෙන ඉන්න ඕනේ තැනක ඒක ගලවල ( හදිසි අවශ්‍යතාවයක් නැතුව ) ප්‍රදර්ශණය කරනවා නම් ඒක ප්රදර්ශණකාමීත්වයක්නේ ... ලාවට වගේ කිව්වොත් මානසික අවුලක්නේ... ඉතිං හොදම දේ තමයි අදාල පුදගලයෝ අතඩංගුවට අරන් පිස්සු කෙලිනවට වඩා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන එක....

නෝටි

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-8546366922540955292018-08-21T02:51:00.003-07:002018-08-21T02:51:38.078-07:00අසීමිත නිදහසක් .....!සෑහෙන හැල හැප්පීම් අස්සෙ ගෙවෙන බුකි ජීවිතේට දවස ගානේ අලුත් අලුත් මාතෘකා එද්දි ඒවයේ අපි රස්තියාදු වෙද්දි නිකමට අතට අහු වුනා කලාකරුවාගේ නිදහස ගැන කතාවක්... කලාවට අනන්ත අපරිමාන නිදහසක් තියෙන්න ඕනෙය , ඒක වාරනය වෙන්න නරකය වගේ සෑහෙන දාර්ශනික කතාන්දර කිහිපයක් මේක එක්ක පටලැවිල තිබුණා...

ඇත්තටම එහෙමද...? කලාවට බැරියර් නැද්ද..? ඒක ඕල්මයිට් වගේ සීන් එකක්ද..? එතකොට කලාවට ඉහලින් නිල් අහස පමණක්ද..? ඔව්.. තමන්ට එහෙම හිතාගන්න පුලුවන්... ඒකේ කිසිම වැරැද්දක් නෑ... හැබැයි ඒක බුද්ධිමත් මිනිහෙකුගේ හැඟීම් නම් වෙන්න බෑ....

කලා කෘතියක් කියන්නෙම සමාජයට යමක් දායාද කරන්නක්නේ...නිකන්ම අදින බලි කුරුට්ටකට, අකුරුවලට, තීන්ත පාරකට එහෙම කලා කෘතියක් වෙන්න පුලුවන්ද කියන ප්රශ්නය තියෙනවනෙ...ඒ සියල්ල පැත්තකට දාමු,

එතනින් එහාට කලාකරුවෙක්ට තමන් කැමති විදිහක නිර්මාණ කරන්න ඉඩ තියෙනවද..? එහෙම තිබිය යුතුද..?

ශ්‍රී ලංකාව තුල ඔය දෙකටම පිළිතුර නැහැ කියන එකයි...මානව සංවර්ධනය අතින් ඉහල අගයක නැති අපි වගේ සමාජයක විවේචන, අදහස් දැක්වීම් වලට යම් සීමාවක් තියාගන්නම ඕනේ... එහෙම නොවෙන්න ඒක විශාල විනාසයකට අත පෙවීමක් වෙන්න පුලුවන්...

කියන්න පුලුවන් වුණ පලියට කියවන කෙනාට අපි ග්‍රාමීය ව්‍යවහාරයේදී වාචාලයා කියනව වගේම සමාජයීය අවශ්‍යතා හෝ ප්රවනතා හඳුනා නොගෙන අන්තනෝමතිකව කලාව භාවිතා කරන කලා කරුවන්ටත් එවැනි වචනයක් භාවිතා කිරීමේ අවුලකුත් නෑඒ මම හිතන්නේ....

මේ රටට අවශ්‍ය සමාජ ප්රගමනයට හා සංහිඳියාවට එහෙමත් නැත්තන් මානව සංවර්ධනයට දායක විය හැකි කලා කෘතීන්, ඒවත් අදාල සමාජයේ පහලම ස්ථරයේ සිටම හෝ කාවැද්දවිය හැකි ඒවා වෙන්න ඕනේ... වඩාත් සංවර්ධිත මානව පැතිකඩයන්ට වඩා ප්රගමනයට දායක වන කලා කෘතීන් අවශ්‍ය වන්නෙ ව කියන පහලම ස්ථරයන්ට... අන්න ඒ මානව සම්පත ඉහල තලයකට ආවට පස්සෙ අපිට පුලුවන් කලාවේ නිදහස වඩාත් පුලුල් කරන්න... සියල්ල අතිශය බුද්ධිමත් වන තුරාවට අසීමිත නිදහසක් කියන්නෙම සංකල්පයක් විතරයි....

ඉතිං කිසියම්ම හෝ පුද්ගලයෙක් වර්තමාන සමාජ තත්ත්වය යටතේ මට අසීමිත නිදහසක් තිබිය යුතුය කියල කියනවනම්,

එක්කෝ

අදාල පුද්ගලයා බුද්ධිමත් නෑ,

නැත්තන් ඔහු සතුව එලි දැක්වීමට හානිකර යමක් පවතිනවා...

නෝටී....

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-17173301562794285952018-05-20T02:58:00.001-07:002018-05-20T02:58:25.411-07:00රැඩිකල් / වැඩිහිටියෝ.....

රැඩිකල් වීමේ අවුලක් තියෙනවද..? ඇත්තටම එහෙම අවුලක් තියෙනවද කියල හිතෙන තරමටම රැඩිකල් පාච්චල් වෙන කාලෙක ලයික් දෙක තුනක් ඔබාගන්නවත් ඒක ගැන Blog පොස්ට් එකක් පත්තු කරන්න හිතුනා... ( ආන්න දැක්කද, මම ඒකත් රැඩිකල් විදිහට හිතුවේ..)

රැඩිකල් මෙහෙමය, අරෙහේය, පුකේ රැඩිකල්ය, වෙන්න රැඩිකල්ය වගේ අටොරාසියක් ටෝක් ඉසූ කරන සිඟිත්තෝ පැත්තකටම දාමූ.... සමාජ භාවිතාවක් තියෙන, මහා ප්‍රඥ ටයිප් ඩෑල්, උගත්තු, විචාරකයෝ, වගේ එකී මෙකී නොකී සෑහෙන්න සෙටාර් එකක් මේ රැඩිකල් ලඟදි ඉදන් පට්ට ගහන්න අරං තියෙන එකේ ගලා යාම මොකද්ද කියල පොඩ්ඩක් ඔලුව දාලා බලන්න කියල රැඩිකල් අදහසක් මටත් ආවා...

ඊට කලින් බලමුකෝ මේ රැඩිකල් වගේ දේකට ඇත්තෙන්ම අපිට යොදා ගන්න පුලුවන් සිංහල පේලියක් පහසුවටත් එක්ක...ඉතින් ගූගල් දෙයියගෙන් අහල බලල ඒක අමාරුවෙන් සිංහලට පෙරලගත්තම එනව මෙන්න මෙහෙම වගේ අදහසක්.....කොහොම එකක්ද,,, මෙහෙම එකක්...

" සම්මත ප්රවාහයෙන් අපගමනය වූ.."

ඒ කිව්වෙ පිට ගිය එකක්... දැනට කෙරෙන්නෙ කොහොමද....ඒකෙන් පිට පැනපු ක්රම්යක් හෝ කෙනෙක් කියල සරලව ගන්න පුලුවන්...මේකට තනි වචනයක් දුන්නොත් මේක " විකෘතියක් "....

අපි සමස්ථයක් ගත්තම හරිම කැමතියි පහසු දෙයක් කරන්න... ඒ කිව්වෙ වැඩි සපෝර්ට් එකක් ලැබෙන දෙයක් කරන්න...ඒක කරදර අඩුයි... ඒක නිසා අපි ලඟ ජාන විකෘති ඇරෙන්න සමාජයීය වශයෙන් විකෘති තියාගන්න කැමැත්ත හුඟක් අඩුයි....

ජාන විකෘති කිව්වම මතක් වුණේ... ජීව විද්‍යාවෙදි මේ ජාන විකෘති වලට පට්ට තැනක තියෙනව.. ජීවයේ පැවැතමට වගේම අපේ ජීවත් වීමේ මෙහෙයුම හෙවත් ප්‍රවර්ථනය එහෙම නැත්තන් නොනැසී පැවතීම කියල සමහරු කියන දේ කරගන්න මේක හුඟාක් වැදගත්ලු...

ඒකෙන් ගැලවෙලා ආපහු අපි සමාජයීය විකෘති වලට ලොග් වුණාම සමාජය ගලා යන්න පටන් ගත්තු දා ඉදලම මෙහෙම විකෘති තියෙන මිනිස්සු හිටියා.. අදටත් ඉන්නව...අපිට බොහොම ලඟ ආගමික ශාස්තෲන් මෙහෙම අය... එයාලා බහුතරයක් පවත්වාගෙන ආපු දේට වෙනස් දෙයක් එකතු කරා.. ඒක හොඳ හෝ නරක වීම වෙනම කතාවක්, නමුත් ඒක ප්‍රධාන වශයෙන් විකෘතියක්... ආයෙත් මුල මතක් කරගත්තොත් එයාල පට්ට රැඩිකල් මිනිස්සු...ඒ වගේම ලෝකය පුරා ඉන්න විද්‍යාඥයින්, සිවිල් ජනතාව අතර ඉන්න විවිධ මතධාරීනුත් මේ ගොඩට වැටෙනවා....

මේ හැම රැඩිකලෙක්ම සමාජ ප්රගමනයට දායක වෙන්නෙ නෑ... එහෙම නොවුණා කියල ඒකේ සෛද්ධාන්තික ගැටලුවකුත් නෑ... සරලව කිව්වොත් එහෙම වෙන්න කියල ලෝ එකක් නෑ....ඒත් එහෙම නොවෙන අය ඉබේම හැලිල යනව.. ඉබේම කිව්වෙ ස්වභාවිකවම... ප්රගමනයට දායක වෙන දේවල් ( අදාල කාලයට සාපේක්ෂව ) මඟින් පවතින සමාජය ප්‍රතිස්ථාපනය වෙනව... ඒක ඒ තරම්ම සරල, ගූගල් කරල හොයාගන්නත් පුලුවන් සුළු දෙයක්....

ඉතිං වැදගත්ම දේ තමයි රැඩිකල් කියන්නේ සමාජ ප්රගමනයට අත්‍යාවශ්‍ය ඒ වගේම ඉතාම ස්වභාවික දෙයක් කියන එක...

ඒත් බොහොම කලාතුරකින් ඉන්නව මෙන්න මේ ස්වභාවික ක්‍රියාවලියට අකමැති ජීවියෝ හෝ ප්රගමනයට දායක නොවන රැඩිකල් ජීවියෝ... මෙයාලට එනව පොඩි කැසිල්ලක් මේ වගේ දේවල් ගැන...එක්කෝ එයාලට ඕනේ වෙනව ටිකක් කැපිල පේන්න මොකක් හරි සිද්ධියක් ගොඩ නගා ගන්න... ඉතිං හතර අතේ නෙලනව මොකක් හෝ අල්ලගෙන.... අන්න එහෙම අයගෙන් තමයි පුකේ රැඩිකල්, වෙන්න රැඩිකල්, වගේ අපබ්‍රංස වචන එන්නෙ... මේ කතා කරන්නෙ ඔය වචන භාවිතා කරන වැඩිහිටි පරපුර ගැන.... මොකද දන්නවද, එයාලට හැකියාවක් නෑ මේක හරියට තේරුම් කරල බාල පරපුරට ලබා දෙන්න.....

එයාලට බෑ මේකේ වාසි අවාසි තේරුම් අරන් වටිනාකම පිළිබඳ ඇගයීමක් තමන්ගේ බාල පරම්පරාවට දෙන්න....

හැබැයි අවාසනාවට එයාලා මේ සමාජයේ බොහෝමයක් වගකීම් දරන වැඩිහිටියෝ... දරුවො බිහි කරන, කරපු, අනාගත පරම්පරාව ගයිඩ් කරන වැඩිහිටියෝ....

සිරාවට, අවාසනාවට...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-82321098095404932782018-04-07T23:04:00.002-07:002018-04-07T23:04:46.850-07:00ජීවිතේ ගමනක්, එකට යන්න ඕන.....මගේම කියල පඩියකින් ගත්තු මුල්ම වාහනේ තමයි ඒ....

මාස ගාණක් බලල බලල අන්තිමේදි තෝරගත්තු හීරෝ එක්ස්ට්‍රීම් එකේ ගැම්මට යන එක තමයි ඊළඟ මාස ගානේම මේන් ඩියුටිය...

බයික් එක රතු.. ඒ පාටින් ටී එකක්, සපත්තු දෙකක්, එහෙම දාගෙන තමයි යන්නේ...

අරගෙන පලවෙනි සර්විස් එකත් කරාට පස්සෙ මම තව යාලුවෙකුත් එක්ක පානදුර පැත්තට යනවා...

හරියටම සුමංගල බාලිකාව පහුවෙලා ටිකක් දුර යද්දි අනිත් පැත්තට ඒ ජාතියෙම සිල්වර් පාට බයික් එකක් යනවා...

අපි ඉස්සරහට ගියා... ප්‍රයිවෙට් බස් ස්ටෑන්ඩ් එක හරියට යද්දි අර පහු වෙච්ච බයික් එක ආපහු ඇවිත් මට ලං කරා... වයිස්සරේ උස්සල මිනිහ මට කතා කරා...

" මචන් කොහෙන්ද ගත්තේ "....

මුලින්ම ඇහුවේ ඒක..

" අලුත්ගමින්...අබාන්ස් ශෝරූම් එකෙන්.."

මම කිව්ව....

" සර්විස් එකට කොහෙටද දැම්මේ..."

ආයෙත් ප්‍රශ්න...

" එහෙ එකටම තමයි බං.."

" එව්වට දාන්නෙපා බං.. බයික් එක කනවා... කෙලින්ම මහ එකටම දාපන්.."

ඒ කිව්වෙ නාවලපිටිය හෝ කොලඹ අවට තියෙන ප්‍රධාන හීරෝ සේවා ස්ථානය ගැන...

" නිවාඩුවක් දාලා තකහනියක් ගිහින් දාපන් බං.. පාඩු නෑ... ඒකයි මම මේ තකහනියෙ හරවගෙන ආවේ කියල යන්න... "

අත වනල මිනිහ යන්න ගියා...

මට ත්‍රී ඊඩියට් ෆිල්ම් එක මතක් වුණා...

" Life is a RACE.... වේගෙන් නොදිව්වොත් උඹ පරදීවී.."

එහෙම කාලෙක තමන්ගෙ කාලෙත් වැය කරගෙන, පෙට්‍රලුත් පුච්චගෙන එහෙම ට්‍රැෆික් එකක් අස්සෙ මාව හොයාගෙන එන්න තරම් ඒ කොල්ලට මොන කැසිල්ලක්ද...?

ජීවිතේ තරගයක් කියල හිතන ප්‍රොෆෙසර් වයිරස් ලා අතරේ ජීවිතේ ගමනක්, එකට යන්න ඕනේ කියල හිතන රැංචෝලා මේ පොලෙවෙ ඉන්නව කියල ඒ කොල්ල මතක් කරල දුන්නා...

තරගෙට දුවන උන් අමතක කරන, මඟ දාලා යන යුතුකම්, වගකීම්, මඟ දිගට අහුලගෙන එන ඒ වගේ උන්ට මම හැමදාමත් ආදරෙයි... උන් නොහිටින්න මේ ලෝකේ අලුවෙලා ගිහින් හුඟක් කල් කියල මම විස්වාස කරන නිසා...

මේ සිද්ධිය වුණේ 2014 අවුරුද්දෙ විතර... ඒ සිල්වර් පාට එක්ස්ට්‍රීම් එක පැදපු කොල්ලා මේක දකිනවනම් ( ඌ සයිබරයෙ නැති වෙන්න හේතුවක් නෑ.) උඹ මගේ හිතට වැදිච්ච එකෙක්...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-91395368188959697932018-04-01T01:41:00.000-07:002018-04-01T01:41:11.738-07:00විස්වාස කරන්නන්ගේ දවස...

අප්‍රියෙල් පලමුවෙනිද කියන්නේ මෝඩයගෙ දවස කියලනේ පිළිගැනීම...

ඉතිං අපි කරන්නෙ පුලුවන් තරම් ලඟ පාත අතේ දුරින් ඉන්නෙකාව බයිට් කරන එක..

මොකක් හරි විහිලුවක් දාලා හූ හූ රැවටුනානේ කියනෙක....

පොඩි කාලේ වගේ එහෙම දේකට දැන් හිතක් නැත්තේ වැඩිහිටි වීම නිසාම නෙමෙයි...

මිනිහෙක් රැවටෙන එක කොයි වගේ සීමාවකින් නතර වෙයිද කියන සාධාරන බයක් හිතේ දුවන නිසා... මොන වගේ මනසික බලපෑමක් වේවිද කියල බයක් හිතේ තියෙන නිසා...

එහෙම අවාසනාවන්ත සිද්ධි නැතුවමත් නෙමෙයි..

මගේම මිත්‍රයෙක් මම ගැනම කරපු මේ වගේම විහිලුවකට මගේම තවත් මිත්රයෙකුට ටිකක් කේන්ති ගිහින් තිබුණා...

සමහර වෙලාවට අපි තඳින් බැඳුනු මිනිස්සුන්ට විහිලුවකටවත් කරදරයක් වෙනවට අපි ටිකක්වත් කැමති නෑ.. ඒක සමාජයීය වගේම ප්‍රාථමික සහජාසයක්නේ...

එක එක ප්‍රකාශ එක එක මනුස්සයට බලපාන ප්‍රමාණය කලින් නිගමනය කරන්න බැරි තරමයි.. බොහොම ලඟ කෙනෙක්ගේ වියෝවක්, ඔත්පල වීමක් කියන්නේ ඕනෙම කෙනෙක් සසල කරවන්න පුලුවන් තරමේ දෙයක්....

සමහරවිට ලොකු මානසික කම්පනයක් වුණත් ඇතිවෙන්න පුලුවන්....

ඒක නිසා විහිලුවක් පුලුවන් හැම වෙලාවෙම බොහොම මට සිලුටුව යන එක තමයි වඩාත් ඇඟට ගුණ...පෞද්ගලිකව මගේ අතිනුත් සමහර වෙලාවට විහිලු නිසා මිනිස්සුන්ගේ හිත් රිදීම් වෙනව...

අප්‍රියෙල් පලවෙනිදා මෝඩයගෙ දවස වුණේ බුද්ධියෙ අඩුවක් නිසා නෙමෙයි.. ඒක විස්වාසය සම්බන්ධ දෙයක්... අපි මිනිහෙක්ව විස්වාස කරන තරමට අපි රැවටිලා මෝඩයො වෙන්න තියෙන ඉඩකඩ හුන්ගක් ඉහලයි....

ඒ නිසා අප්‍රියෙල් පල වෙනිදා ඇත්තටම විස්වාස කරන්නන්ගේ දිනය කියල වෙනස් වෙන්නයි ඕනේ...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-1833306077030251612018-03-24T08:06:00.001-07:002018-03-24T08:06:51.245-07:00අපිට වඩා දන්න මිනිස්සු....තේ කඩේ ගාව අන්ධ මනුස්සයෙකුත් එයා එක්ක සහයට බස් එකේ සිංදු කියන්න කෙනෙකුත් ඉන්නව...

ඒ අතරෙම එතන තවත් කෙනෙකුත් ඉන්නව, බස් එකේ යම් යම් දේ විකුණල ජීවිකාව කරගන්න...

මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් මාව අදුරනව...

අනිත් කෙනාට මාව පේන්නෑනේ...

ඉතිං ලඟදි දවසක මම එතන ඉන්න අතරේ තුන් දෙනාගේ කතා බහක් ඇහෙනව...

තුන් වැනියා අන්ධ කෙනාට ඩිස්කවරි චැනල් එක ගැනත් ඒකේ යන වැඩ සටහන් ගැනත් විස්තර කරනවා..

කොච්චර ලයිව් තාලෙට ඒක කරාද කියනව නම් හරියට සත්ත්ව විද්‍යාඥයෙක් සත්තුන්ගේ හැසිරීම් විස්තර කරනව වගේ ගාණට තිබුණා...

කොටියා කොහොමද ගොදුරු කරගන්නේ, එයාගේ කැමතිම කෑම මොකක්ද,

ඔය වගේ බර සාර විස්තරයක්...

මේක ටිකක් කාව්‍යමය වුණත් අහන් ඉන්න කෙනාට මේක ලොකු දැනුම් සම්භාරයක්...

තමන් නොදන්න අලුත්ම කතන්දරයක්...

මිනිහ ඒක බොක්කෙන්ම විස්වාස කරන බවත් මට පෙනුනා...

අපේ ඉගෙනුම් රටාවත් මේ වගේනේද, අපේ සන්නිවේදන රටාවත් මේ වගේමයි නේද...

එකම දේ අපි හැමෝටම ඇස් පේන එක විතරයි....

හුඟක් වෙලාවට අපි, අපිට වඩා යමක් දන්නව කියල හිතන හෝ එහෙම අඟවන කෙනාව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම පිළිගන්නව නේද...

හොයන්න බලන්න ඉඩක් නැති දේවල් පැත්තකට දාමු...

බොහොම සරලවම සාමාන්‍ය දැනීමෙන් හොයල බලන්න, විමසන්න පුලුවන් දේවල් පවා අපි අමතක කරන අවස්ථා කොච්චරක්ද...?

එහෙම කිරීම නිසා අපිට අහිමි වුණ දේවල් කොච්චරක් වෙන්න පුලුවන්ද...

තමන්ට වඩා දන්න අය ලෝකේ ඉන්න පුලුවන්, ඒත් තමන්ට වඩා විස්වාස අය ලෝකෙ නෑ...

සරලවම..

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-62942190982970706672018-01-28T02:45:00.001-08:002018-01-28T02:45:39.269-08:00ඊගෝ එක කොච්චර ලොකුද......?රටේ ලෝකේ ඇවිදපු මිනිස්සු එක්ක කතා කරන එක වෙනමම අත්දැකීමක්...ඒ මිනිස්සු ලබා ගත්තු අත්දැකීම බෙදාගන්න එක වාසියක්... ඉතිං ලඟදි දවසක ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයත් එක්ක පොඩි කතාවක ඉන්න අතරේ එයා මේ රට ගැන හිතන විදිහ ගැන අපේ කතා බහ යොමු වුණා ....

මේ රටේ මිනිස්සු ජනිත් හරිම ආවේගශීලියි... හිතන්න ඔයා බීච් බෝයී කෙනෙක් කියල..මම ඔයා එක්ක කතා කරපු ගෙස්ට් කෙනෙක් එක්ක හයර් එකක් ගියොත් මොකද වෙන්නෙ... ඔයා කෙලින්ම කියන්නේ මාව මරනව කියල... පොඩි දේකට වුණත් මේ මිස්සුන්ට මුලින්ම කටට එන්නෙ මරනව කියන එක... ඒ වගේම එයාල ඒක කරන්නත් ඉඩ තියෙනව... ඒක නිසා මිනිස්සු එක්ක වැඩ කරද්දි ඔයා හුඟක් පරිස්සම් වෙන්න ඕනේ....

මම මගේ රටේදි එහෙම දේවල් අහන්නෙ හුඟක් කලතුරකින්... මේක හරියට රබර් පටියක් වගේ... මෙහෙ මිනිස්සුන්ගෙ රබර් පටිය හුඟක් ඉක්මණට කැඩෙනව.. දුර අදින්න බෑ... එහෙදි එහේ නෑ... ඒ මිනිස්සු ඉක්මන් කේන්ති කාරයො නෙමෙයි... මේ අවුරුදු ගාණක් මෙහෙ ඉදල මම අත්දැකපු දේ ඒක....

මං මටම හිනා වුණා... කතාව බොරු නෙමෙයිනේ... ඒ කතාව එතනින් ඉවර වුණා...

ඊලඟ දවසේ උදේ වැඩට ඇවිත් වාඩි වුණා විතරයි...මට කෝල් එකක්... එම් ඩී ගෙ නොම්මරේ ඉල්ලනව.. අපේම ගෙස්ට් කෙනෙක්... සමහර වෙලාවට ගෙස්ට්ල එක්ක එම් ඩී කතා කරහම ඒ පෞද්ගලික ඇදුනුම් කම මත එයාල කතා කරන එක සාමාන්‍යයි...

ඒක දීලා ඊමේල් එක බලන්න ගත්ත... උදේ පාන්දරම දිග හෑල්ලක් එවල... කලින් දවසෙ චෙකින් වුණ ගෙස්ට් කෙනෙක්... ඔන් අරයිවල් පේමන්ට් එක ගනිද්දි රිෂෙප්ශනිස්ට් එක්ක පොඩි අවුලක් දාගෙන... එයාට ඉන්සල්ට් කරා කියල නඩු දානව කියල ඊමේල් එක එවල තියෙන්නේ...

ඉතිං මොකද කරන්නේ... " ගෙස්ට් ඊස් ඕල්වේස් රයිට් " කියල ගෝල්ඩන් රූල් එක දෙතුන් පාරක් කියවගෙන මිනිහව හම්බ වෙන්න ගියා... ප්‍රශ්නෙ හිතපු තරම් ලොකු නොවුණත් මිනිහ මට කියපු ටික වැදගත්.....

" උඹ දන්නවද ඉන්දියන්කාරයෙක්ගෙ ඊගෝ එක කොච්චර ලොකුද කියල...එයා ගැහුවෙ ඒකට... ඉතිං මම එයාට මේ හරියක කිසිම හෝටලේක වැඩකරන්න බැරිවෙන්න ලියනව.. ඔයාලා දන්නෑ මම කවුද කියල... ඉස්සරහට සමහරවිට දැනගනීවී..."

කියල කිව්ව... මමත් බය වුණා... මං මෝහන්ගෙ දකුණු අතක්ද දන්නෑනේ...ඒක නිසාම කවුද කින්ද මන්ද කියල අහන්න ගියෙත් නෑ... පස්සෙ එයාම කිව්ව මම බ්ලොග් රයිටර් කෙනෙක් 8000කට වඩා රීඩර්ස්ල ඉන්නව මට කියල....

එක අතකට ඉතිං හරි... යන්තන් දාහක් දෙදහක් රීඩර්ස්ල නැති අපි වගේ සිල්ලර බ්ලොග් කාරයෝ එක්ක එයාල පොරවල් වෙන්න ඇති... ඒ එක්කම මට මතක් වුණා අපි වගේ 60ගුණයක් ලොකු රටක්නෙ යකෝ ඒක ඉතින් අඩුම 60000ක්වත් ඉන්න එපැයි කියල....

කොහොම වුණත් මගේ මිත්‍රයා කියපු කතාව හරි... අපි හරිම ඉක්මන් කේන්ති කාරයො... ඉන්දියාවත් ඒ වගේ... ඇත්තනේ ඉතින්, ආගමේ ඉදන්, වාහන ටෙලි නාට්‍ය පවා අපි අරගන්නේ ඕකෙන්නේ... ඉතින් වෙනසක් තියෙන්න බෑ....

ඔය දේවල් යටපත් කරගන්න උගන්නපු හොදම ගුරුවරය ඉපදුනේ එහෙ, ඒ ඉගැන්වීම් වැඩිම කාලයක් පැවතෙන්නෙ මෙහෙ, එහෙමයි අපි කියන්නේ... හැබැයි ඒ මනුස්සය ජීවතුන් අතර හිටියනම් බුදු ශුවර් යුරෝපෙ කොහෙන් හරි සිටිසන් ගන්නව ගන්නවාමයි...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-85738126897937662462017-12-19T20:52:00.001-08:002017-12-19T20:53:41.930-08:00අාසාදනය....

" අම්මේ හෝර්ලික්ස් ගේන්නකෝ..."

පොඩි එකෙක් කෑ ගහනවා...

පොඩි එවුන් චොකලට් ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා, තව වැඩිම වුනොත් මයිලෝ ඉල්ලනව, හෝර්ලික්ස් ඉල්ලනවා මේ අැහුනමයි....

කණ දාලා අහන් හිටියා....

" හෝර්ලික්ස්ම තමයි දෙන්නෙ කියන දේ අහන්නැතුවට..."

අම්ම ගේම ඉල්ලුවා....

" ඒක බිව්වම තමයි ලොකුවෙන්නෙ..."

මට අප්පටසිරි කියල කියවුනා.... හෝර්ලික්ස්වලින් ලොකු වෙනව කියල පොඩි එකාට කිව්වෙ කවුද... හිතුවත් වගේ වැඩේ හරි... ටීවී එකේ අැඩ් එකක් යනවා ඒ ගැන... ලමා වැඩසටහන් අස්සෙ, කාටූන් අස්සෙ මේ වගේ අැඩ් දාන එක තමයි පොඩි එවුන් බාගන්න තියෙන ලේසිම ක්‍රමය... සමාගම් වුනත් දන්නවා අම්මලට වඩා ලේසියෙන් පොඩි එවුන් අල්ලගන්න පුලුවන් කියල.... ඒ වගේම පොඩි එවුන් ඉල්ලන දේ අම්මලට හුගක් වෙලාවට දෙන්න සිද්ධ වෙනවා කියලත්... එක අතකට ලොකු අවුලකුත් නෑ... හැම කෑමක් බීමක්ම ක්ෂණික කෑම වෙච්ච කාලෙක, කෑමක් හදාගන්න තරම් වෙලාව නැති වෙන්නම කාර්යයබහුල වුන අම්මල තාත්තල ඉන්න කාලෙක මේ ක්ෂණික කෑම හුගක් වටිනවා...

පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාකාරකම් වෙනස් වෙනවා... ඉස්සරම අපි හවසට පැය බාගයක් කාටූන් බලද්දිත් අාච්චිල සීයල කිව්වෙ අපි ඔය වසයෙදි ඔව්ව බැලුවෙ නෑ ගමේ ගොඩේ දුවල පැනල සෙල්ලම් කරා, වැඩ කරා, අපේ වයසෙ දේවල් උඹලට නෑ කියල..... මට ඒ කාලේ හිනා ගියා... අාච්චිලගෙ කාලේ නෙමෙයි මේක කියල කියන්නත් හිතුනා...

දැන් කියලත් වෙනසක් නෑ... පොඩි එවුන් ගෙදර එන්නෙම ටීවී එක බලාගෙන... එකම දේ රිපීට් වෙන විකාර කාටූන්, එහෙමත් නැත්තන් සමෝසා කාලා ලෝකෙ බේරගන්න ෆැන්ටසි වීරයෝ එක්ක උන් පැය ගණන් රොබෝලා වගේ අැලිල ඉන්නවා.... මට අප්පිරියාවක් එනවා ඒක දකිද්දිත්....

ඉතින් කටට එනවා කියන්න... අපි අපේ වයසෙදි බලපු කාටූන් බලන්න උඹලට පින නෑ කියල... උඹල කරන ඔය විකාර වැඩේ වැරදියි කියල....

අායේ තත්පරෙන් මතක් වෙනවා මගේම උත්තරේ...මේක ඒ කාලේ නෙමෙයිනේ.... මේ කාලේ හැමදේම දුවන්නෙ වැඩිමනත් වාණිජ පදනමක් මත.... හැමදේම හදල තියෙන්නෙ හරි ඉක්මණට අාසාදනය කරන්න පුලුවන් විදිහට...

වාණිජත්වය සහ සංකීර්ණත්වය කියන දෙකම මේ කාලේ වෙනකොට ඉපදිලා යන්තන් ලෝකේ දකිද්දිම අාසාදනය කරනවා... නැත්තන් අපිම කරගන්නවා.....

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-76294363426246027182017-12-15T06:11:00.001-08:002017-12-15T06:11:04.659-08:00ගණිකා බිරිය....

මීට අවුරුද්දකට පෙර පමණ මුහුණ පෑ සිද්දියක් සටහන් කිරීමට අවශ්‍යව තිබුනත් ඊට ඉඩක් මෙච්චරකල් තිබුනෙ නෑ...අවුරුද්දකට විතර උඩදි... මම වැඩකට ඉහලම මාලයට ගිහින් හිටියෙ... එතන තමයි ස්ටාෆ් එකමඩේෂන් එක තිබුනෙ... හදිසියේම පහල කවුන්ටරයෙන් කෝල් එකක් අාවා... පොලීසියේ මහත්තුරු වගයක් මාව මුන ගැහෙන්න අැවිත් තියෙනවා කියල.... අාසන්නම පොලිස් ස්ථානයේ මිතුරෙකුත් සිටි නිසාම ඒක එච්චර පුදුමයට කාරණයක් වුනේ නෑ... මං ඉක්මණින් පහලට අාවා... සාමාන්‍ය අැදුමින් සැරසුනු නිලධාරීන් කිහප දෙනෙකුත්, පොලිස් නිල අැදුමින් සැරසුනු එක් අයෙකුත් තවත් කාන්තාවන් දෙදෙනෙකුත් සිටියා....

මං ලගට ගිහින් අවශ්‍යතාවය අැහුවම එක්කෙනෙක් තමන්ගෙ අයිඩෙන්ටි කාඩ් එක දික් කලා...

" අපි සී අයි ඩී එකෙන්...හෝටලයේ ඉදල ගිය අය ගැන තොරතුරු ටිකක් ගන්න පුලුවන් කාගෙන්ද..."

හුගක් අාචාරශීලීව අැහුවෙ...

මමත් වාඩිවෙන්න කියල බොන්න යමක් හදන්න පණිවිඩෙත් දීලා රිෂවේෂන් ඩයරියත් අරන් එතනින්ම වාඩිවුනා...

මුලින්ම කාන්තාවන් දෙදෙනා මට එයාලව හදුන්වල දුන්න... පස්සෙ ප්‍රින්ට් කරපු පිංතූරයක් මට දුන්න බලන්න..රුසියානු සම්භවයක් අැති සුදු තරුණියන් කිහිපයක් එතන හිටියා....

ඔවුන්ගෙ නම් එක්ක විස්තරයක් මට කියල අැහුවා මතකද කියල... මාස තුනකට විතර උඩදි අාපු අයව මෙහෙම එක පාරට පිංතූරයකින් අදුන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි... අනික ඒකත් නිවාඩු දවසක් වුනානනම් තවත් අමාරුයි...

මං ස්ටාෆ් එකේ හුග දෙනෙක්ගෙන් අැහුවත් කාටවත් අදුරගන්න නම් පුලුවන් කමක් තිබුනෙ නෑ...

අන්තිමට යාම් ඊම් ලේඛණ පවා පරීක්ෂා කලත් අදාල නම නම් හොයාගන්න බැරිවුනා...

අන්තිමට තමයි මම හේතුව අැහුවෙ... මේ ගෑනු ලමයි තුන්දෙනා ගණිකා වෘත්තියේ යෙදෙන අය..යෙදෙන කිව්වට ලංකාවේ කෙනෙක් යොදවනවා...

ඒක අපි දන්න සාමාන්‍ය ක්‍රමයට නෙමෙයි...

එතනදි අදාල විදේශිකයෙකුට ගණිකාවෘත්තිකාවක් ලබා දෙන්නෙ ඔහුගේ මුලු සංචාරය කරන කාලයටමයි.. සති දෙකක්, තුනක්, මාසයක් නෙමෙයි මාස කිහිපයක් පවා ඔවුන්ව ලබා ගන්න පුලුවන්...

ඒකත් ලක්ෂ ගාණකට අලෙවි වෙන්නෙ.... ඉතින් කිසිම විදිහකින් ඔවුන් ගණිකාවන් බව සැකයක් අැති වෙන්නෑ.. සංචාරය පටන් ගත් වෙලාවේ පටන් ඔවුන් එකටම සැරිසරන නිසා අවධානම අඩුයි.... දකින ඔ්නෑම කෙනෙක් පෙලෙඹන්නෙ ඔවුන් අඹු සැමියන් කියල හිතන්න....

ඒ කතාව අැහුවම හැම රැකියාවක්ම අැතුලෙ උස් පහත් කම් තියෙනව නේද කියල මට හිතුනා....

වීථී ගණිකාවක් සහ මේ ගණිකා බිරිදක් අදාල සේවාව ලබාගන්නාගෙන් විදින සැප පහසුකම් පවා එකිනෙකට වෙනස්.. ලබන මුදලේ පවා තියෙන්නෙ ලොකු වෙනසක්...

සංචාරක කර්මාන්තයට මේ වෘත්තීය සමහර රටවල බෙහෙවින් යොදාගත්තත් අපි තවමත් ඉන්නෙ මේ වෘත්තීය නීතියෙන් තහනම් රටක... ඉතින් නීතියට ගරු කිරීමක් සහ උදව් වීමක් විදිහට දිය හැකි සියලූම විස්තර ලබා දීලා ඔවුන්ට සහය වුනා.....

සමහර රැකියාවල් කොයි තරම් මුදල් ලබා දුන්නත් අතිශය කටුකයි... ගණිකා වෘත්තිය ඒ අතින් ඉදිරියෙන්ම අැති කියල මම විස්වාස කරනවා.....

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-7248135647721030162017-12-11T05:23:00.004-08:002017-12-11T05:23:49.566-08:00ජනකයා...

අහම්බෙන් වගේ එක තැනකදි හරි අපූරූ දුරකතන සංවාදයකට කන්දෙන්න වුනා.... මුලදි නිකම්ම කණට වැටුනත් වචන දෙකතුනක් යද්දි ඔ්න කමින්ම කන් දෙන්න හිතුනා...

බොහොම පොඩි වයසක ගෑණු ලමයෙක් අම්ම තාත්ත එහාට මෙහාට වෙනකම් ඉදල තමන්ගෙ යාලුවගෙ ගෙදරට කෝල් එකක් අරන්... දැන් දෙන්න කතාව...

" මට නම් ගෙදර එපා වෙලා ඉන්නෙ දැන් නම්..."

" මල කරදරේ... "

" මට යන්න හිතිල තියෙන්නෙ..."

මේ වගේ වචන ටිකක් තමයි දෙන්න අතර හුවමාරු වෙන්නේ... අහම්බෙන් වගේ අම්ම එනව දැකපු ලමයා ක්ෂණිකයෙන් මාතෘකාව මාරු කරා...

හෙට ගේන්න කිව්වෙ මොනවද, අර වැඩේ කරන්න කිව්වද වගේ සාමාන්‍ය කතා බහකින් සංවාදය ඉවර වුනා....

පුංචි ලමයෙක්ට එහෙම වචන එන්න නම් එතන මොකක්ම හරි අවුලක් තියෙන්න ඔ්න....

හුගක් වෙලාවට එක්කො ලමයට ලැබෙන අධ්‍යයාපන පීඩනය නිසා වෙන්න ඔ්න....

එහෙමත් නැත්තන් අම්ම තාත්තගෙ කාර්යයබහුලත්වය එක්ක ලමයට අවධානය දෙන්න බැරිවෙලා තියෙනවා...

පැටවු ගැහිල්ලයි ලමයි හැදිල්ලයි දෙකක් වෙන්නෙ මේ කාරණය නිසා...සංකීර්ණ සමාජ වටපිටාවක ප්‍රජනනයෙන් ජනිතයන් අැති කරනවාට වඩා වැඩි වගකීමක් ජනකයන්ට නිරායාසයෙන්ම ලැබෙනවා....

පූර්ව ප්‍රසව අවධියේ ඉදලම ලමයෙක්ගෙ මානසික සෞඛ්‍ය ගැන වගකීම ගන්න අම්මල තාත්තල සූදානම් නැත්තන් ලමයි ලෝකෙට බිහි නොකරන එක වඩා හොදයි....

ගොඩ වැඩි කරගැනීම හෝ අනාගතයේ තමන් බලාකියා ගැනීමට ලමයි බිහි කිරීමේ ඵලවිපාක පසුකාලීනව විදින්නෙ මුලු සමාජයමයි...

ඒ නිසා මවක් පියෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් තමන් ඒකට හොදින් සූදානම්ද කියන එක ගැන දෙතුන් පාරක් නෙමෙයි සිය දහස්පාරක් වුනත් හිතුවට කමක්නෑ...

එහෙම නැත්තන් එතෙක් අර හදුන්වා දීපු වෙන්ඩින් මැෂිම වඩාත් හොද විකල්පයක් වේවී...

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-45551553052710837972017-12-05T19:32:00.002-08:002017-12-05T19:32:38.946-08:00තනිවීම......ලගම යාලුවෙකුත් එයාගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකුත් එක්ක මගෙ මිත්‍රයාට අයිති ඉඩමක් බලන්න ගියේ ඉදිරි අනාගතයේ එතැන කුඩා හෝටලයක් ඉදිකරන්න අදාල මිත්‍රයාට අදහසක් තියෙනව කියපු නිසාමයි...

වැවට මායිම්ව අැල බිමක තියෙන තරමක ඉඩම හරිම ලස්සනක් තිබුනෙ... මුහුද අයිනට වඩා වැවේ ඉහලින් ඉර බහිද්දි හරිම ලස්සන තැඹිලි පාටකට හැරෙනවා....

වැව අතගාගෙන එන හුලග ඊටත් සනීපයි....

ඒ වෙලාවේ තමයි මෝටර් සයිකලයකින් කෙනෙක් පාන් ගෙඩියකුත් අරන් අාවේ...මේ මනුස්සය මගෙ යහලුවත් එක්ක ටිකක් කතා කරල වැව දිහාට බැහැල ගිහින් අර පාන් ගෙඩියම කඩල කෑලි කෑලි වතුරට දාන්න ගත්තා...

" මාලු අල්ලන්න වෙන්න අැති..."

මට හිතුනා...කෝකටත් මං යාලුවගෙන් විස්තර අැහුවා....

" මිනිහා හැම ඉරිදම එනව බං... අැවිත් මාලුන්ට පාන්ගෙඩියක් දානවා..."

හරි පුදුම කතාවක්නෙ.... හැම ඉරිදම අැවිත් පාන් ගෙඩියක් මාලුන්ට දාන්න මොකක්ද හේතුව...

මට අාපු ප්‍රශ්නෙම අපේ ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයාටත් තිබුනා... මටත් කලින් මිනිහා වැව කිට්ටුවට අැවිත් අැහුවා අැයි පාන් දාන්නෙ කියල...

අවු.26 වගේ වයසකදි මිය ගිය තමන්ගෙ බිරිද වෙනුවෙන් පිං දෙන්න ඒ කාර්යය කරනව කියල ඔහු කියද්දි මටත් පුදුම හිතුනා...තවමත් අවු.30ක් නොඉක්මවපු තරුණයෙක්ට තමන්ගෙ බිරිදගෙ හැරයාම කොහොම සිද්ධියක් වෙන්න අැතිද...?

ඒ වෙනුවෙන් ලක්ෂ ගනන්වලට දින ගැනල දාන මාන දෙනවට වඩා හවසක වැව අයිනේ ඉන්න මාලුන්ට පාන් කෑල්ලක් දාන එකෙන් ඒ මනුස්සය වැඩි සතුටක් වැඩි සැහැල්ලුවක් විදින බව මට පෙනුන...

සමහරවිට මාලු පිං අනුමෝදන් නොකරාවි, ඒත් හිතේ සතුට ඒ ගාථා පාඨ, චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා පොඩි පාන් ගෙඩියක, හවසක, වැවක මාලු ටිකක් අතර නැද්ද කියල මට හිතුනා....

මගේ ඔස්ට්‍රියානු මිත්‍රයාට ඔහු විශේෂයෙන් යමක් කිව්ව...

" මම කර්මය විස්වාස කරන බෞද්ධයෙක්, ඉතිං මේ දේවල් අැයට හොද උපතකට, හොද ජීවිතයකට මග පෙන්වාවි කියල මම විස්වාස කරනවා..."

අාගමික අැදහීම් නැත්තෙකු වුන ඔස්ට්‍රියානු මිත්‍රයා පිටට තට්ටුවක් දාලා

" ඔව් මම ඔබේ ක්‍රියාව අගය කරනවා "

කිව්ව....

ඒ සිද්ධිය හුගක් තදට හිතේ රැදුනා... දැනුත් ඒ මනුස්සය වැව් බැම්මෙ හිටගෙන පාන් විසි කරන හැටි මවාගන්න පුලුවන් තරමටම හිතේ රැදුනා....

කසාදය කොලයකට, නීතියකට සීමා නොකරපු ඒ වගේ මිනිස්සු හරි දුර්ලභයි වගේම ස්වභාවධර්මය ඒ වගේ මනුස්සයෙක්ටවත් තමන්ගෙ ප්‍රියම්භිකාව ලග තියාගන්න හුගක් කල් දීලත් නෑ කියල දැනෙද්දි පොඩි හරි දුකක් හිතට අාවා....

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-8900626897272485602017-11-19T21:40:00.002-08:002017-11-19T21:40:35.047-08:00සුභ උපන්දිනයක්.....විනෝදාංශ අපි හැමෝටම තියෙනවා..පුංචිකාලෙනම් අපිට පොවල කාවද්දල තිබුන විනෝදාංශ සෙට් එකක් තිබුනා...මතකද...?

" ටීච මං මුද්දර එකතු කරනවා"

" මං පොත් කියවනවා.."

" මං පරණ කාසී එකතු කරනවා.."

හරියට අර ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල අහනව වගේ... මමත් යන්තන් 7 වසරෙදි පංතියක අැහුවනේ ඔය ප්‍රශ්නෙ... මගෙ වෙලාවටම අැහුවේ පිටරටක මනුස්සයෙක්...ඉතින් මං දැන් ඔලුව විකාර කරගෙන කල්පනා කරනවා රහස් පරීක්ෂකයෙක්ට ඉංග්‍රිසියෙන් කියන එක.... දොස්තරල, ඉංජිනේරුවො, ගුරුවරු පහු කරගෙන මං ගාවට අාවම මං මගේ හීනේ ටිකක් ඩවුන්ග්‍රේඩ් කරල පොලිස්මෑන් කියල කිව්ව...

එදා තමයි මම දැනගත්තෙ හීන තිබුනට කෝටියක් ඉංග්‍රිසී නැතුව කියාගන්න බැරි වෙන්නත් පුලුවන් කියල...

ඉතින් ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දි මටම කියල විශේෂ විනෝදාංශයක් තිබුනා... මං ඒකට කිව්වෙ මිනිස්සු අධ්‍යයනය කිරීමකියල... අැත්තටම මං කරේ මිනිස්සුන්ගේ පැටර්න් තේරුම් ගන්න උත්සාහ කරපු එක...

දහම්පාසලේ ගුරුවරු අඩු වෙලාවක උගන්නන්න පංතියක් දුන්නම මම කරේ ටිකක් උගන්නල කොලයක් එක එක්කෙනා අතට දීලා මං දෙන ප්‍රශ්නවලට තමන්ගෙ පෞද්ගලික උත්තර ලියන්න කියන එක... ඒ උත්තර එක්ක ලමයින්ගෙ හැසිරීම් මතක තියාගන්නත් මං ටිකක් මහන්සි වුනා...

එතනින් එහාට හම්බවෙන හැම මනුස්සයෙක්ගෙම වචන එක්ක හැසිරීම් මතක තියාගන්න උත්සාහ කරා...අවුරුදු 13ක් මං අදටත් නොකඩවාම ඒක කරනවා...

ඒ එක්කම ඒ වෙනුවෙන් මං මගේ අත්දැකීම් මිනිස්සු එක්ක බෙදාගන්නවා...ඒකෙන් මට අමතර අවස්ථාවක් ලැබෙනවා මගේ අධ්‍යයන්ට...

සත්‍ය සමාජයට වඩා සත්‍යාසන්න සමාජජාල වල මේ කතන්දරය හුගක්ම ලේසියි...

මිනිස්සු සත්‍ය සමාජයට වඩා සමාජ ජාලයකදි විවෘත වෙන ප්‍රමාණය වැඩියි...ඉතින් උකහා ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉහලයි...

මුලින්ම මම බ්ලොග් එකක් ලියනව කියල පටන් ගත්තෙ ඒ අදහසෙන් වුනත් ඒ තොරතුරු ලබාගන්න එක එච්චර සරල නෑ කියන එකත් ඒවා මුහුණට මුහුන කෙරෙන සංවාද තරම් විශ්වසනීය නෑ කියන එකත් මට තේරුනා... එතනින් එහාට මං බ්ලොග් එකක් පවත්වගෙන ගියේ අත්දැකීම් බෙදාගන්නම විතරයි....

අදට ඒ බ්ලොග් එකට අවුරුද්දක්... වෘත්තීය බ්ලොග් ලියන්නෙක් නොවෙනව වගේම එහෙම වෙන්න බලාපොරොත්තුවකුත් නෑ... ලග තියෙන නොමිලේ දෙන්න පුලුවන් දේවල් දෙකක් මිනිස්සුන්ට තියෙනව කියල මං විස්වාස කරනවා...

ඒ හිනාව සහ අත්දැකීම්...

ඒ දෙකම කාට වුනත් දෙන්න මං කිසිම විදිහකින් දෙපාරක් හිතන්නෑ...

ලෝකය වඩාත් හොද තැනක් වෙනවනම් ඒ හිනාව සහ අත්දැකීම් බෙදාගැනීම නිසා කියල මං විස්වාස කරනවා...

ඒක නිසාම මං " නෝටිගේ මතක " බ්ලොග් එකට හුගක් අාදරෙයි...

සුබ උපන්දිනයක් නෝටිගේ මතකවලට...

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-59951157721973549362017-11-10T00:58:00.001-08:002017-11-10T00:58:46.402-08:00අෑ සහ කැරපොත්තා...මම සේවය කරපු එක්තරා අායතනයක අපි කාලයකට පස්සෙ සම්පූර්ණ පිරිසිදු කිරීමකට (Detail clean) සූදානම් වුනා..සේවකයෝ සියල්ලම එකවගේ දැන් අතුගාන්න, හෝදන්න අස්පස් කරන්න වගේ වැඩවල... ඒ අස්සෙ කබඩ් අස්සෙ හිටපු කැරපොත්තෝ රංචු පිටින් එලියට පැනල දුවනව... ඩයිනසෝර් කෙනෙක් එක්ක එක කූඩුවේ හිටියත් මට කැරපොත්තො පත්තෑයෝ පේන්න බෑ... අමුතුම හිරිකිත ගතියක් තියෙන්නෙ උන් අැගේ දුවද්දි...වදෙන් පොරෙන් එක්කෙනෙක් ගිහින් මෝටීන් ස්ප්‍රේ එකක් ගෙනාවා...හතරවටේටම ඔ්ක ගහල දැන් අායේ වැඩ...

තැන තැන වැටිච්ච කැරපොත්තෝ සමහරු මැරිල සමහරු පණ අදිනවා... ඔය අතරේ අායතනය අයිතිකාර මහත්මයා තමන්ගෙ දුව මොන්ටිසෝරියේ ඉදල අරගෙන අාවා... ඒ මහත්තයගේ බිරිදත් අපිත් එක්ක වැඩවල හිටියේ...

පොඩි කෙල්ල ටික වෙලාවක් එහෙ මෙහෙ දුවද්දි කැරපොත්තෙක් දැකල...

" අම්මේ මේ, කරපොත්තෙක්, එයාට පණ තියෙනවා...."

පොඩි එකී කෑ ගහනවා... අම්ම ලගට අැවිත් බලනකම්ම පොඩි කෙල්ල නෙමෙයි නැවැත්තුවේ...

" එයාට බෙහෙත් ගහල තියෙන්නෙ..."

අම්ම කියල අයින් වුනා... පොඩි එකී බලන් ඉන්නවා....

" අම්මේ එයාට සීතලයි...බලන්නකෝ"

පොඩි එකී කියන්නෙ කැරපොත්ත ගැහෙන දිහා බලාගෙන...

මෝටීන් එකෙන් කැරපොත්තට ලැබෙන බලපෑම ගැන පොඩි එකා දන්නෑ...අැයි කැරපොත්ත මරන්න ඔ්න කියල අවබෝධෙකුත් එයාට නෑ...

ඒත් සතෙක්, ජීවත් වෙන සතෙක් කියන අවබෝධය මිසක් වෙන දෙයක් පොඩි එකා ලග තිබුනෙ නෑ... පොඩි වයසෙ ලොකු අපේ තියෙන විනාසකාරී අදහස් නැතිම තරම්... ඒක වෙන්න ඔ්න පුංචි අපි මල් වගේ කියන්නෙ... පස්සෙ ලොකු අපි තමයි අපේ විදිහෙ නරුම අදහස් ඒ පුංචි හිත්වලට කවන්නෙ... තව කෙනෙක් පරද්දන්න, ගහන්න, තලන්න, මරන්න, වංචා කරන්න මේ සේරම එයාල ඉගෙන ගන්නෙ ලොකු අපෙන්....

එතකම්ම පුංචි උන් මේ ලොකෙත් එක්ක හරිම සාමෙන්, සතුටින් ජීවත්වෙනවා....

අායෙත් පොඩි එකා කෑ ගහනවා...

" අම්මේ බලන්නකෝ...එයාට සීතලයි...."

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-89352119517317107952017-10-21T02:54:00.001-07:002017-10-21T02:54:58.742-07:00එච්චරයි තියෙන්නේ......පුංචි කාලේ පුරුද්දක් තිබුණා ඉරටු අරන් හෙල්ල වගේ විසි කරන්න...ඒවා උඩින් ගිහින් පොලෙවෙ ඇනෙද්දි හරිම ආතල්.. පොලව ටිකක් බුරුල් හරියක තමයි සෙල්ලම කරන්න පුලුවන් හොදටම..

ඒ කාලේ ඉඳලම මට ඉරටු එක්ක පුදුම සම්බන්ධයක් තිබුණේ... මගේ ගල් කැට ආමි එකේ තුවක්කු වුණේ සුද්ද කරපු වේලිච්ච ඉරටු කෑලී...මමම හදාගත්තු ගිණි පෙට්ටි කැබ් වල නැගලා එන ආමි පාට තිරුවාන සෝල්ජර්ස්ලා දුඹුරු පාට ත්‍රස්ථවාදියෝ එක්ක වෙඩි තියාගත්ත හැටි මාර පුදුමයි...

සමහර වෙලාවට ෆිලමන්ට් බල්බ් කවර වලින් හැදුන රවුම් බිල්ඩින් ගිණි අරගෙන පොලවට සමතලා වෙලා ගියා...

ඔව්ව තමයි මගේ ආතල් එක ඒ කාලේ...

සමහර වෙලාවට මම පොලට ඉරටු ගහනව දැකපු සීයා හරි ආච්චි හරි ඇවිත් මට දෙන එකම අවවාදේ

" ඔය කෝටු පොලවට ගහන්න එපා..ප්රයොහ්ජනයක් නැතුව.."

කියන එක...

මට මේක මාර ප්‍රෙහේලිකාවක්.. ඇයි පොලවට ඉටරු ගැහුවම මොකද වෙන්නේ..

" ඇයි එපා කියන්නේ "

පොඩි උන්ට ස්වභාවයෙන්ම එන කුතුහලය එක්ක මම ඇහුවා....

" පොලවට ඉරටු ගැහුවම පොලවට රිදෙනව.."

ඒ තමයි මට හම්බ වුණ උතුතරය...

කොයිතරම් ආගමික සංස්කෘතික කඹ වලින් ගැට ගහල තිබුණත් පණක් නැති පස් ගොඩක් වෙච්ච පොලවට රිදෙනව කියන එක මම විස්වාස කරේම නෑ...

ඔව් එහෙම වෙන්න බෑනේ...පොලව අජීවී දෙයක්... ඉතිං රිදෙන්නෙ කොහොමද...

" එතකොට ඔය වලවල් කපද්දි, ලොකු ලොකු බිල්ඩින් හදද්දි රිදෙන්නැද්ද.."

මම ආපහු ගේම ඉල්ලන්නේ ඒක උප්පතියෙන්ම ආපු ගතියක් නිසා වෙන්න ඇති...

" රිදෙනව..ඒත් ඒව නොකර බෑනේ... අවශ්‍යම දේකට විතරක් කරන්න කිව්වේ ඒකයි.."

ඒ දවස්වල මට ඒක පිලිගන්න පුලුවන් කමක් තිබුණෙම නැතත් වැඩිහිටියන්ට තිබුණ බයටම මම කාටවත් පේන්න පොලවට ඉරටු ගැහුවෙ නෑ...

ඒ කාලේ ගෙවිල ගිහින් මම තරුණයෙක් වැඩිහිටියෙක් විදිහට සමාජ ගත වෙද්දි තමයි කණ වැටෙන්නෙ විල්පත්තුව කපනව කියල... මේ පොලව විනාස කරල උඹලට මට මොනවද හම්බ වෙන්නේ..

පොළවට ආදරේ කරපල්ල, එතකොට පොලවත් ආදරේ කරයි...

ඒ වචන එක්ක මට මතක් වුණේ ඉරටුව...පොළවට රිදෙනව... ඇත්ත... පොළවට රිදෙනව... ඒ කාලේ තේරුම් ගන්න බැරිවුණ ඒ කතාව අද ඕනෙවටත් වඩා හොදට තේරෙනව...

අත්‍යාවශ්‍ය නොවෙන දේකට පොළවට රිද්දන්න එපා බං... මෙච්චරයි උඹට මට අපි හැමෝටම එකා වගේ ප්‍රවුඩ් ටු බී වෙන්න තියෙන්නේ...

ඒක ආරක්ෂා කරගන්නයි ඕනේ.. ගස් නොකප ඉන්නම විදිහක් නෑ... කපමු... ඒ වගේම කපන තරමටම වවමු...

කෑලෑවක හෙවන, සිහිල අබාන්ස් එකෙන් සිංගර් එකෙන් දවසට 150ක් ගෙවල ගෙදර ගෙනියන්න බෑ බං....

ඒකට කැලෑවක්ම ඕනේ... කැලෑවක්ම ඕනේ...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-5346148775598487372017-09-26T00:48:00.002-07:002017-09-26T00:48:57.309-07:00ඒක වෙනමම ආතල් එකක්....ඉරාජ් අලුතින් මියුසික් වීඩියෝ එකක් කරල... ඒකේ පාදක චරිතය වෙලා තියෙන්නේ විශිෂ්ඨ සංගීතවේදියෙක් වෙච්ච වික්ටර් කියන චරිතය කියලයි හුඟක් අයගෙ අදහස.. බැලු බැල්මටනම් ඒ වගේ තමයි...

ඒත් මට හිතුනා ඒ පාදක වෙලා තියෙන්නේ චරිතය නෙමෙයි අදාල සිද්ධියයි කියල...

වයසක මනුස්සයෙක් තරුණ ගෑනු දරුවෙක් කසාද බැඳපු පලවෙනි අවස්ථාව මේකවත් ඒ ගැන කවි කතා ගීත ලියවුණු පලවෙනි අවස්ථාව මේකවත් නෙමෙයි....ඒ වගේම ඔය කියන සිද්ධිය මාධ්‍ය හරහා පට්ට ගහපු තරමට ඒ මාධ්‍ය ආයතන මේ වෙද්දි මිනිස්සුන්ට එපා වෙලා වැහිල තියෙන්න ඕනේ....

ඒත් ඒ කිසි එකකට වඩා විරෝධතාවයක් මේකට එල්ල වෙන්නෙ ඉරාජ් පහුගිය කාලේ ගොඩ නගපු රැල්ල නිසා කියලයි මට හිතුනේ....ඉරාජ් රිලීස් කරන මොක වුණත් වැඩිහිටියන්ට පමණයි...., රිපෝර්ට් වෙන්න කලින් ඒක බලල පට්ට විචාරයක් ලියල සුද්ධවන්තයෙක් වගේ රඟපාන්න ඕනේ කියන ආශාව මිනිස්සුන්ගෙ හිත්වල යටටම කාවද්දල වගේ කියල මට හිතුනා...

ඒ අතින් ඉරාජ් තමන්ගෙ පබ්ලිසිටිය ගනිද්දි අපි සුද්දෝ ඕයී ඉරාජ් අයිය කක්කි කියල අපේ මහත්තුරුත් වෙනමම ආතල් එකක් ගන්නව...

සිරාවට ඒක වෙනමම ආතල් එකක්... විවේචන තියෙන්න ඕනේ, ඒ අදාල ක්ෂේත්රයට අනුකූලව... මියුසික් වීඩියෝ එකක් නම්, ගීතයේ ගුණාත්මක බව, රූප රචනයේ ගුණාත්මක බව වගේ දේවල් ගැණ විවේචන සුදුස්සන් මගින් එනවනම් අවුලක් නෑ...

මේකේ එහෙම එකක් නෑ.. මේක වෙනමම ආතල් එකක්...

ඔහොම කට්ටිය ඔය ආතල් එක ගන්න අස්සෙ මටත් මතක් වුණා ඔය කියන සත්‍ය සිදුවීම වෙච්ච කාලේ බුකියේ ශෙයා වුණ කතන්දර... කී දාහක් නම් වික්ටර් රත්නායක්ගේ පෞද්ගලික වෙඩිම යොදාගෙන ස්වයං ආතල් එකක් ගත්තද...

මම වුණත් එක පාරක් දැම්ම " නංගි වික්ටර් කෑල්ල නැතුවට මමත් රත්නායක තමයි කියල..."

ඉතින් ඇත්තටම ඉරාජ් ඒ චරිතෙටම මඩක් ගැහුව වුණත් ඉරාජ් බනින්න කලින් මගෙ කිල්ලොටෙත් හුණු නේද කියල මට හිතන්න වුණා...

කොච්චර වුණත් නොයන තක්කඩිකම නිසා මම ඒ වගේම හුණු තියෙන සුවාසූදාසක් මිනිස්සු නිරුවත් කරන්න මෙහෙම කුපාඩි කතාවක් ලිව්ව...

ඔව් වික්ටර් බැන්දා.. ඒ වෙඩිමෙන් ඉරාජ්ට වගේම උබලටත් ඇති මඟුලක් නෑ බං...වෙඩිම උගේ, ගෑනිත් උගේ, අපේ මුකුත් එතන නෑ....

අපේ මුකුත්ම නෑ....

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-7799095419435926012017-08-19T09:23:00.000-07:002017-08-19T09:23:35.335-07:00තක්කඩියාගේ හෘදසාක්ෂිය....

කන් බිහිරි වෙන සද්දයක්...අෑතින් අැහුනත් පපුවත් එක්ක ගැස්සෙන්නෙ..කන්ඩලම පැත්තට වෙන්න අලි වෙඩිල්ලක්...

හ්ම්... මං හුස්මක් ගත්තා... වෙලාව යන්තන් රෑ 10 පැන්න විතරයි...කෑම හොයනව අැති....

"තුන්පත් රෑනක් මේ ටිකේම අහල පහල ඉන්නවා...තනි එකෙක් ඉන්නව උෟ තමයි දරුණු...ටෝච් එක ගහපු ගමන් උෟ එලවගෙන එන්නෙ...යක්සය වගේ මහත්තයා..."

කැලේ අයියා කියන්නෙ තමන් එකතු කරගත්තු අත්දැකීම් එක්ක... කොයි තරම් කෙට්ටු ශරීරයක් තිබුනත් කාෂ්ඨක අව්වෙ ඔට්ටු වෙන එක මිනිහට හරි සාමාන්‍ය වැඩක්... කාමරේ ඉදන් ඔෆිස් එකට එන මීටර් දහය මම දුවන්නේ කකුල් වලට වැටෙන ඉර අව්ව නිසා කකුල් පුපුරු ගහන නිසා... ඔෆිස් එකේ වාඩිවෙලා ජනේලේ අැරියම මට පේන්නේ ඒ කාෂ්ඨකේ අක්කරයක් උදලු ගාන අවුරුදු පණහකට කිට්ටු කෙසග සරීරේ...

පොලව එක්ක, ඉර එලිය එක්ක දවල්ට ඔට්ටු වෙලා රෑට අලි එක්ක ඔට්ටු වෙන්න සිද්ධවෙලා...

" මේ ජීවිත ඔහොම තමයි මහත්තයා.."

බුලත් කහට බැදිච්ච දත් ටික අස්සෙන් පේන්නෙ හිනාවක්මද, නැත්තන් හිනාවෙන් ඔතපු අනන්ත දුකද කියල මටම හිතාගන්න බෑ...

ඒ අැත්තම හිනාවක් නෙමෙයි... දුකයි කියල කියාගන්න බැරි කමට අැඩෙයි කියල බයට හිනාවෙනව වගේ...

මමත් හිනා නොවුනොත් මිනිහ හිතයි මට ඒක තේරුනා කියල... මමත් හිනාවක් දානවා... ඒ හිනාව යට තියෙන්නෙත් ස්වභාවධර්මයට එරෙහිව යන ශිෂ්ඨාචාරයක අඩි සටහන් ගැන මහා කලකිරීමක්...මහා කාලකණ්ණි හැගීමක්... උන්ට අයිති කැලෑව...අක්කර ගනන් කපලා, වවල, ගෙවල් හදල බලහත්කාරයෙන් උන්ව ඒ කැලේට කොටු කරනවා...

ප්‍රශ්නෙ දෙපැත්තෙ ඉන්නෙ මේ මනුස්සයයි අලියයි... කවුද වැරදි...?

ශිෂ්ඨාචාරය කියන වචනේ ලියාගන්න තියා කියාගන්නවත් බැරි මේ මනුස්සයද...?

නැත්තන් ශිෂ්ඨාචාරය තියා භාෂාව ගැනවත් අබමල් රේණුවක තරම් දැනීමක් නැති අර සද්ධන්තයද...?

උන් දෙන්නම එකිනෙකා එක්ක තරහක් නෑ...ඒත් දෙන්නටම එකට ඉන්න බෑ... ඒක වෙෙරයද...? නෑ... ප්‍රවර්ථනය... නොනැසී පැවතීම... තරහක් නැතත් එකිනෙකා එක්ක තරගකරන්න, සටන් කරන්න වෙලා... ඒක ස්වභාවධර්මයේ නීතිය... අපි ඒකට ටිකක් පගාව දීලා එච්චරයි වෙනස...

ඩෝං.....!!!

මගෙ තාප්පෙ ලගින්ම පුපුරපු රතිඤ්ඤාවක්... ඒ එක්කම අර වයසක මනුස්සයගේ කටහඩ...හෝ...හෝ...හෝ....

වෙලාව යන්තන් පාන්දර 12.30යි...

මං ලැප් එක වහල දැම්ම...නිදියන්න ඔ්න මිනිහා අැහැරගෙන අලි එලවද්දි මම අැස් පියාගත්ත...

උඹ වෙනුවෙන් හෙට බුකියේ කොටනව අැර මට වෙන කරන්න දෙයක් නෑ මාමේ...

උඹ ජීවිතේ කරගහන රියල් වීරයෙක්....

මම උඹ ගැන කොටන කීබෝඩ් වීරයෙක්...

ඉතින් මම වගේ තක්කඩි උඹ වගේ මිනිස්සු ගැන නොලියා ඉන්නවනම් අඩුම ඒ තක්කඩිකම හෘද සාක්ෂියවත් සාධාරණීකරණය කරන එකක් නෑ...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-60383586541475999772017-07-04T01:59:00.000-07:002017-07-04T01:59:12.431-07:00මිනිස්සු අඩුයි...වයස 23ක් වගේ වෙනකනුත් මම ජීවිතයේ කරේ අාස හිතෙන හිතෙන දේ ඉගෙන ගන්න එක විතරයි...ඒවා හරහා ජොබ් එකක් කරනව වෙනුවට අාසාවට ඉගෙන ගන්න එක මගේ විනෝදාංශයක් වගේ වුනා... ග්‍රැෆික් ඩිසයින්, සයිකොලොජි, ඔටෝ මොබයිල් මේ කිසි දෙයක් හරහා ජොබකට යන්න වුවමණාවක් නොතිබුන තරම්...ඔය කාලෙ ගෙවිල යද්දි මට හිතුනා මොකක් හරි ජොබ් එකක් කරන්න වෙනව කියල...අඩුම ඉගෙනීමට අවශ්‍ය ගානවත් හොයාගන්න...ඉතින් ලගම තිබුන හොටෙල් එකේ වේකන්සි තිබුන නිසා ගියා...ඉන්ටව් කරපු මැනේජර් මට කිව්වෙ හරි අමුතු කතාවක්...පුතා බයෝ කරල නිකම්ම පොඩි පඩියකට මේ ජොබ් එකට එන්නෙ අැයි...යන්න හොටෙල් ස්කූල්...ගිහින් එන්න..ඔයාට දිග ගමනක් තියේවී...

මං කොග්ගල එකටත් මරදාන ස්විස් ලංකා එකටත් අැප්ලයි කරා...දෙකෙන්ම එකම දවසේ ලියුම් අැවිත් තිබුනේ...කොග්ගල ගියොත් අවුරුදු ගානක් අදින්න වෙනවා...ස්විස් ලංකා ගියොත් අවුරුද්දෙන් වැඩේ ඉවරයි...මං මරදාන තෝරගත්තා...මුල් දවසෙම හොයාගෙන යද්දි පරක්කු වෙලා...රිෂෙප්ෂන් එකෙන් දීපු ටයි පොල්ල අතට ගත්තා, කවද දාපු ටයිද...ඒකත් රෝල් කරගෙන පංතියට ගියා...පටන් අරන්...අැතුලට එන්න සංඥාව ලැබුනම ගිහින් වාඩි වුනා...ටික වෙලාවයි ගියේ මේ මනුස්සය දැක්ක ටයි එක නෑකියල..මාව දැම්ම පංතියෙන් එලියට..දාගෙන මිසක් එන්නෙපා කියල...වෙලාවට එක්කෙනෙක් කියා දුන්නා දාන්න..එදා ඉදන් හරියටම ටයි එක දාන්න ඉගෙන ගත්තා...

ඔය අතරේ ක්ලාස් එකේ හිටියා මටම හරියන කාඩ චරිතයක්...මූ කොයි වෙලෙත් පිස්සුමයි කෙලින්නෙ...කුකරි උණක් තිබුනේ...හැමදාම ප්‍රින්සිපල්ගෙන් යූ බ්ලඩි ෆකර් කියල අහගත්තෙ නැත්තන් නින්ද යන්නැති කොල්ලෙක්....

දවසක් උදේම අපි මීල් රූම් එකේ බත් කනව...ප්‍රින්සිපල් අනිත් පංතියට යනවා ලෙක්චර් එකට...මේකා පුටුවේ කකුල් තියාගෙන අැන්දෙ වාඩිවෙලා කනවා....ප්‍රින්සිපල් අාපහු අාවා...

"බැහැපිය පරයා බිමට"

"යූ බ්ලඩි බාස්ටර්ඩ්" රතු වෙච්ච මූනකුත් එක්ක බැනුම් කෝටියක්...අපි පතුරු යන්න බය වෙලා...බැනල බැනල ප්‍රින්සිපල් ගියා...

මූ මගෙ පැත්ත හැරුනා...

"ඒ බාස්ටර්ඩ් කියන එකේ තේරුම මට අද බං තේරුනේ" කිව්ව...බැනුම් අහපුවා අමතක කරලා අපි හයියෙන් හිනාවුනා...දන්නෙම නැතුව කාලේ ගෙවිල ගියා...එක්සෑම් ඉවරයි...රිසාල්ට් එන්න කලින්ම මං ප්‍රින්සිපල්ගෙන් ඉල්ලුව මාව Food & Beverage දාන්න කියල..මොකද ෆ්රන්ට් ඔෆිස් කාවවත් දාන්නෑ ප්‍රින්සිපල්...යන එකා මොකක් හරි අවුලක් කරගත්තොත් එයාගෙ රෙපියුටේෂන් එකටනේ ප්‍රශ්නේ....

රිසාල්ට් අාවා...ඩී 10 ගත්තු එකයි හිටියේ..ඒ බාස්ටර්ඩ් කොලුවා...උෟ මගෙ ලගට අාවා..ඒ මං හිතුවේ උඹ බැඡ් ටොප් කියල බං...කිව්වා...රිසාල්ට් එකකට මැරීගෙන වැඩ කරන උන් අස්සෙ උෟ හරිම නිදහසේ හිටියේ...හැබැයි අාසාවෙන් අහන් හිටියා....

ඒ අස්සෙ ප්‍රින්සිපල් මට උඩට කතා කරා...

"පුතා කැමතිද ෆ්රන්ට් ඔෆීස් යන්න.."

මට අදහාගන්න බැරි වුනා...කාවවත් ඒ පැත්තට දාන්නෑ කියපු මනුස්සයමද මේ අහන්නෙ කියල..

" සර් හිතනවනම් මම ඒකට සුදුසුයි කියල මං කැමතියි"

"හිතන්න දෙයක් නෑ.ඔයාට පුලුවන්.."

ඊට සතියකට පස්සෙ මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා...මග පෙනවපු රොහාන් තෙන්නකෝන් කියන ශ්‍රේෂ්ඨ මනුස්සයගේ නම තියන්න පුලුවන් තරම් උඩින් තියන්න හැම වෙලාවෙම වග බලාගත්තා..අදටත්,මට වෘත්තීය ජීවිතේ පිලිවෙලක් කියල දෙයක් තියෙනවනම් ඒ මගේ විදුහල්පති නිසා...

මේ කතා දෙකම මම කිව්වෙ එක හේතුවකට..දමියත්, ප්‍රින්සිපලුත් සමාජයේ අන්ත දෙකක්...ඒත් ඒ දෙකම මගේ හිතේ අඩියටම තැම්පත් වුනා... මිනිස්සුන්ගෙ ගෞරවය උපයගන්න සමාජ තත්ත්වය, ඩීසන්ට් ගතිය බලපාන්නෙ හරිම අඩුවෙන් කියල මම ඉගෙන ගත්තෙ එතනින්...අනන්තවත් වී අයි පීලා, මැනේජර්ලා, හොටෙලියර්ස්ලා මට හම්බවෙලා අැති...ඒත් ෆීල්ඩ් එකේදි මිනිස්සු හම්බවෙන්නෙ හරිම අඩුවෙන්...හොස්පිටැලිටි කියන්නෙ ජොබ් එකක් විතරක්ම නෙමෙයි කියන එක මට උගන්නපු ප්‍රින්සිපල් වගේම මට වඩා උඹ ස්කෝර් කරයි කියල මම බලාපොරොත්තු වුනා කියල අවංකවම කියපු දමියත් ඒ මිනිස්සු අතරේ උඩින්ම ඉන්නවා...

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-36278725664645152902017-06-27T22:09:00.000-07:002017-06-27T22:09:12.671-07:00හරියට යිංග් යෑංග් වගේ...කාලෙකට කලින් මගේ ප්‍රියම්භිකාව එක්ක වෙච්ච පොඩි කතා බහක් මතක් වුනා හදිස්සියෙම...කතන්දරේ මට කියපු විදිහට මෙහෙමයි...එයාගෙ යාලුවෙක් හෝ දෙන්නෙක් ඉන්නවලු දිය යටින් ගින්දර ගෙනියන...ඒ කිව්වෙ යාලුවෝ සේරම එකම දෙයක් කරන්න උත්සාහ කරද්දි තමනුත් උදව් කරනව කියල පෙන්නල බාල්දි පෙරලන...ඉතින් තරමක් කේන්තියක් මිශ්‍ර කලකිරීමකින් තමයි මට මේ සිද්ධි කිව්වෙ...මිනිස්සු එහෙම කරනවනේ...ඒක එච්චර ලොකු දෙයක් නොවුනත් ලගින් කෙනෙක් කරන එක ටිකක් දරාගන්න අමාරු තත්ත්වයක්...ඒ වෙලාවේ බොහොම සුලු විසදුම් කිහිපයක් සාකච්ඡා කරල අපි කතාව නැවැත්තුවා...

ටික දවසකට පස්සෙ බොහොම පොඩි දේකට මේ කියන යාලුවා හෝ දෙතුන් දෙනා උදව් කරල...ඒ තරම් ලොකු දේවල් නොවුනත් උදව්නේ...

ඉතින් මගෙත් එක්ක මේ කතාව කියනව...

"මොනව වුවත් පව් කියලත් හිතෙනව අයියෙ" කියල කිව්වා...

අැත්ත...මිනිස්සු අවස්ථානුකූලව ගන්න තීරණ වලින් අපිට සමස්ථ මනුශ්‍යා ගැනම චිත්‍රයක් මවන්න අමාරුයි...ඒ එකිනෙකා තමන්ගෙ පැවැත්මට පවත්වගෙන යන රටාව...කෙනෙක් ජීවත් වෙන්න දැඩි අාත්මාර්ථකාමියෙක් වෙද්දි,තවත් කෙනෙක් ඒකෙම අනිත් අන්තයේ ඉන්න පුලුවන්...එකිනෙකාගේ සමාජගත දැනුම (අපි කියන්නෙ භාවිතාව කියල ) වගේම බුද්ධි මට්ටම මතත් වෙනස් වෙන්න පුලුවන්....සරල උදාහණයකට ගන්න සර්පයෙක්...උෟ තනිකරම ප්‍රාථමික සහජාස මත ජීවත් වෙන්නෙ...තමන්ට හානියක් කියල හිතෙන ඔ්නෙම දේකට පහර දෙන්න හෝ පලායන්න උෟ සූදානම්...

ඊළගට මගේ මට්ටමේ මිනිහෙක්ට එමු, දකින සර්පයන්ගෙන් මම හරියටම විෂ නෑ කියල දන්න උන් අැරෙන්න අනිත් එකාව මරන්න පසුබට වෙන්නෑ...ඊළගට ගමු මටත් වඩා සර්පයන් පිලිබද අත්දැකීම් තියෙන කෙනෙක් හෝ අවංක පරිසර වේදියෙක්...එයා මොනම සර්පයෙක්වත් මරන එකක් නෑ...

දැන් මේකෙන් ගම්‍ය වෙනවද මමත් සර්පයත් අර අවසන් කෙනා වගේම වෙන්න ඔ්න කියල...නෑ...එහෙම වෙන්න බෑ...වුනොත් ඒක හරිම බෝරින් ලෝකයක් වෙයි...අැත්ත ලෝකේ හොදයැයි සම්මත පැත්තට වැඩිපුර නැමිල තියෙන්න ඔ්නා...ඒත් ඒ ශ්‍රිතයේ අගට ගිහින් තියෙන්නත් හොද නෑ....ඒක සමතුලිත තාවයටත් බරක් වගේම හරිම කම්මැලි තත්ත්වයක්...සේරම එක වගේ වෙන එක කම්මැලි නැද්ද...

ඒ වගේ තමයි...මං මගේ ප්රියම්භිකාවට කිව්ව වගේම මිනිස්සු හොදම අය කියල කොටසක් නෑ...නරකම අය කියල කොටසකුත් නෑ...අඩු වැඩි වුන මිශ්‍රණ තියෙන්නෙ...මේ මිශ්‍රණයෙන් අදාල කෙනාගේ අදාල ටික විතරක් පරිස්සමට ප්‍රයෝජනයට ගන්නයි තියෙන්නෙ....ලේසි වැඩක් නෙමෙයි...පුරුදු වුනාම අමාරු වැඩකුත් නෙමෙයි....ටීම් වර්ක් එකක් කරනවනම් මේක හුගක්ම වැදගත් පොයින්ට් එකක් වේවී...

ඒ කිව්වෙ සුදු අස්සෙ කලු ටිකකුත් කලු අස්සෙ සුදු ටිකකුත් තියෙනව කියන එක...

හරියට යිංග් යෑංග් වගේ...

නෝටී...

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-70123281979157509202017-06-11T00:30:00.001-07:002017-06-11T00:30:21.676-07:00ඇන්ටික් ලව් vs. ස්මාර්ට් ලව්අපි හැම තිස්සෙම කරන්නෙ බාල පරම්පරාවට බනින එකනේ...

උඹලට වඩා ආතල් අපි ගත්තා...උඹලට වඩා ඒ අතින් අපි වාසනාවන්තයි කියන එකනේ...ඒත් සමහර තැන් තියෙනව අපි උන් තරම වාසනාවන්ත නොවුණ...

උන් තරම් නිදහස් නොවුණ...

පොඩි කාලේ...ඒ කිව්වේ 18, 20 කාලේ..කෙල්ලෙක් එහෙම ලාවට යාලු කරගෙන කප්පරක් පෙම් වදන් ලියාගෙන, නිදි නැතුව අනාගතේ ගැන ප්ලෑන් ගහන කාලේ...

අපි බඳින්නෙ මොන වයසෙන්ද...?

අපි ලමයි කීයක් හදන්වද..?

ගෙදරින් බර බරේ දැම්මොත් පැනල යනවද නැත්තන් එයාලගෙ බොක්ක උණු වෙන්න ටෝක් එකක් දීලා කැමැත්ත ගන්නවද..?

මේ වගේ දාහක් ප්‍රශන තියෙනව...

ඉතිං ඒ හිතෙන ඒවා පුල්ස්කැප් කොලයක් අරන් ලියනව...

උඩ කොණෙන් දකුණේ...පුරුදු විදිහටම "අහස යට "

පටන් ගැන්මෙ සුදු නෝනා...ඊට පස්සෙ පැය දෙක තුනක් එක දිගට හිතෙන එව්ව ලියනව...අන්තිමට ලියුම පුල්ස්කැප් 6කට 7කට අඩු වුණොත් ඒක ලොකු පුදුමයක්....

සතියකට මෙයින් කීපයක් හුවමාරු වීම සාමාන්‍යයි...ඒත් හිටි හැටියේ දවසක් මෙහෙම කිව්ව...

"අයියේ අපි ට්‍රිප් එකක් යනව...දවස් හතරක්..මට දිග ලියුමක් ඕනේ ඒ ටිකේම කියවන්න..මං ගෙදරට අහු කරගන්නෑ, ප්‍රොමිස්.."

ඉතිං මොකේද දන් වළඳන්නේ...

ලියල දුන්න...ගිහින් ආවා..ඊළඟ දවසෙ හම්බවුණාට වැඩි කතා බහක් නෑ..අන්තිමට ලියුම් කෑල්ලක් දීලා බැහැල ගියා..මම ගෙදර ගිහින් මුලින්ම කරන්නෙ ඒක කියවන එක....

ඔලුව අවුල් වුණා වගේ වුණා...

ලියුම අහුවෙලා ඇතිවෙන්න ගුටි කාලා...අන්තිමට තිබුණා අදම එක්කෝ අරන් යන්න නැත්තන් මං මැරිල ඉඳීවී කියල....හරිම අසරණ වෙන වෙලාවක්...අද වගේ සෙල් ෆෝන් නැති, ෆේස් බුක් නැති අඩුම යාලුවෙක්ට පණිවිඩයක් කියන්න යන්න ෆුට් සයිකලයක් නැති වෙලාවක් තිබුණා...

දවස් ගාණකට පස්සෙ හම්බ වෙද්දි මොකක්දෝ දෙයක් බීලා ඉස්පිරිතාලෙත් ගිහින් ගොඩ ඇවිත් තිබුණා...ඒ තරම් බය වෙල තිබුන, ඒ තරම් අසරණ වෙච්ච වෙලාවක් ඒ වෙනකම් ජීවිතේ තිබුණේ නෑ....

ඒ අතින් අද පරම්පරාව කොච්චර වාසනාවන්තද..?

උඹලට කොහොම කතාක්‍රල තමන්ගෙ ප්‍රශන විසඳ ගන්න බැරිද...

ස්මාර්ට් ලෝකෙක ස්මාර්ට් විදිහට ආදරේ කරන්න වාසනාවක් අපිට තිබුන්නෑ..

ඒකෙන් ප්‍රයෝජන ගනිල්ල...

කෙල්ලගෙ අරක මේක වීඩියෝ කරගන්න කලින් ඕකේ තියෙන දේවල් පාවිච්චි කරල තම තමන්ගෙ අදහස් බෙදා ගනිල්ල, ඒ අදහස් නොගැලපෙන තැන්වලදි ෆ්ලෙක්සිබල් වෙලා සීරූ මාරූ කරගනිල්ල...

දවසෙම මල් කඩනව කියන්නේ ඒකට..අපිට සතියක් ගිහින් කතාකරගනන් බැරිවුණ ප්‍රශ්න උඹලට දවසෙන් කරගන්න පුලුවන්...

තාක්ෂනේ වාසිය ජීවිතෙ ලස්සන කරගන්න තියගමු...

නාස්තිකරගන්න නැතුව..

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0tag:blogger.com,1999:blog-5103806535355512550.post-49973467468076722612017-06-05T08:32:00.001-07:002017-06-05T08:32:23.373-07:00මං ආදරේ මේ පොළවට....වවන්නත් උණක් තියෙන්න ඕනේ...

කාලෙකට පස්සෙ පැල දිගට හරහට පැල කරන් යද්දි මතක් වුණා කාලෙකට ඉස්සර උණ සැරටම තිබ්බ කාලේ ගැන...ඒ ලෙවල් ඉවර වෙලා හැම එකාම ටයි දාපු ජොබ් හොයද්දි මමත් තව එකෙකුත් හිටිය ඒකට විරුද්ධ පැත්තෙ...

ඒ කාලේ මට මතක තිබුණා අපිට බයොලොජි කරපු ආචාර්යය නිශ්ශංකද සිල්වා (දැන් මහාචාර්යය ) සර් කියපු කතාවක්...

එක කොල්ලෙක් හිටියලු බයෝ කරපු..ඒ ලෙවල් වලට උගන්නපු මත්ස්‍ය පාලනය ගැන හිත වැටිච්ච මිනිහ ඒ ගැන තව විස්තර ටිකකුත් හොයාගෙන වත්තෙ ටැංකි ගහල පටං ගත්ත මත්ස්‍ය පාලනය..මේක සුරතල් මසුන් නෙමෙයි ආහාරය සඳහා වවන මිරිදිය මත්ස්‍ය වගාවක්...හොද ගානක් හොයන සාර්ථක වියාපාරයක් විදිහට මිනිහ ඒක කරන් ගියා කියලයි කිව්වෙ...

මේ කතාව හරි තදට මගේ හිතේ තිබුණා..ඒකටම හරියන එකෙක් මොන්ටිසෝරියෙ ඉදන්ම මට හිටපු නිසා වැඩේ ලේසි වුණා...ඉගෙන ග්ත්තු දෙයින් වැඩක් ගන්න ඩිග්රි ගහන්නම ඕනේ නෑ කියන තේමා ගීතය එක්ක අපි වවන්න දෙයක් ගැන හිතුවා...

දෙන්නටම කියල පර්චස් දහයක් නොතිබුණා වුණත් තිබුණ උණ නම් බැස්සෙම නෑ...

එක පාරටම තරිඳුවා, නැත්තන් මේ කතාවේ අනිත් චරිතෙ ආරංචියක් ගෙනාවා ලංකාවට ඩ්‍රැගන් ෆෲට් හදුන්වාදුන්නු මේජර් මනෝජ් බුලත්සිංහල වත්තක් කරනව කියල...දෙපාරක් හිතුවේ නෑ..බයික් ගත්ත ගියා..බයික් කිව්වට ෆුට් බයික්...කි.මී 47ක් වගේ දුරක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක නැවතිලා එහෙම ඊලඟ දවසේ වතුයාය හොයාගෙන ගියා...

අක්කර 35ක් තනිකර ඩ්‍රැගන් ෆෲට් වගාවක්..ඒ විතරක්ද තව පලතුරු වර්ග ගොඩක්..අපි ගිහින් ආපු අනිත් කට්ටියත් එක්ක වාඩි වුණා...ඩ්‍රැගන් ෆෲට් කෑල්ලක් එහෙම රස බලල කතාව අහන් හිටියා...ඉඳලා අන්තිමට තනියම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා..අපේ උනන්දුව දැකලද මන්දා මේජර් කැමති වුණා ලක්ෂ 4ක් පැල ආදායමෙන් කපා ගන්න අපිට දෙන්න...ඉඩම සහ පොහොර ගැනත් උපදෙස් දුන්න...

අපි ගෙදර ආවා..සඳුන් මල්ලිවත් වැඩේට කතකරගත්තා...දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුවට අල්ලපු වැටෙන් යාලුවෙක්ගේ (චරියගේ ) ඉඩමෙන් අක්කරයක් ඉල්ල ගත්තා..තනිකර දියපර කැලයක්...සතිගාණක් තිස්සේ කැලේ එක්ක ඔට්ටු වුණා...උදේ 7ට බෙන්තරින් පුටාර් එකේ යනව..ආයේ 2ට එනව හවස පන්තියට උගන්නන්න...ඒ ආවම රටහුණු කෑල්ල අල්ලන්න බැරි තරම් ඇඟිලි රිදෙනව..ඒත් හරි සතුටුයි..ඒක වේදනාවකට වඩා සොඳුරු රිදුමක් වගේ....

උගන්නන ගමන් ලමයි එකක්ත් කියනව ඒ බෑවුමේ තියෙන දේවල් ගැන....උඩහට වෙන්න තියෙන ගල්කුළු ගැන....කාලේ ගෙවිල අපි අක්කරේම සුද්ද කරල ඉවරයි...කොන්ක්‍රීට් කණු 25ක් ගහන්න ඕනේ...එකකට වියදම 1000ක් 1500ක් වත් විතර...හතර අතේ හෙව්වත් ඒ ගාන හම්බ වුණේ නෑ..බැංකු අපි වගේ යන්තන් අවුරුදු 19ක 20ක කොල්ලො දෙන්නෙක් විස්වාස කරල ණය දුන්නෙ නෑ....අන්තිමට අත් ඇරලා දාන්න වුණා.....හිතේ වෙච්ච මහන්සිය ගැන දුකක් තිබුණෙ නෑ...ඒව මතක...හරි ලස්සන මතක...

අදටත් අපිට ඒ හීනේ එහෙමම තියෙනව...ටිකක් වැඩි දියුණු වෙලා...නිකම්ම වවන්න නෙමෙයි..තාක්ෂණය එක්ක පොර බඳන්න...

ටිෂූ කල්චර් ෆාම් එකක් දාන්න...

අක්කර ගාණක වවන්න...

ඒ සීතල විඳින්න අදටත් අපි දෙන්නම ආසයි...

ඒක උණක්...හරි ආදරෙන් වැළඳ ගත්තු උණක්...ටයි කෝට්, උපාධි ලෝගු, බෙන්ස් බී එම් නැතුවත් ජීවිතේ විඳින්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් අවස්ථා වැහි වැහැල තියෙන රටක ඉන්නෙ අපි...ඒකයි මට කවුරු හරි කිව්වම මචං පලයන්කො ඩුබායි, පලයන්කො මාලේ කියල හිනාවක් දාලා ශේප් වෙන්නෙ..මං ආදරේ මේ පොලවට, ඒකෙම ජීවත් වෙලා ඉස්සරහට යන්න පුලුවන් කියල ලොකු විස්වාසයක් අදටත් තියෙනව...

ඉස්සරහටත් තියේවී...

නෝටී

නෝටිගෙ මතකhttp://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.com0