Wednesday, February 15, 2017

දඩි බිඩිස් උඹ රිටයර් වෙයන්...

පොඩි දවස්වල අටපට්ටමට හරි ආසයි..ඇයි හරි පුදුම හිතෙන දේවල්නේ දඩිබිඩිස් පෙන්නන්නේ...කට ඇරන් බලන් ඉන්නෙ...ඒත් දැන් ඒ කික් එක ටිකක් අඩු වෙලා..
දඩි බිඩිස් එක්කො වයස වැඩියි නැත්තන් දැන් දැකල වැඩියි...
එහෙමත් නැත්තන් දැන් පුදුම දේවල් ටොන් ගනන් අපි වටේට තියෙන නිසා ඒක ඩිමාන්ඩ් එකක් නැති දෙයක් වෙලා...
.
මේ කතාවත් ටිකක් ඒ වගේ...
දන්න කියන බැඳපු ගෑනු ලමයෙක්..බැඳල කිව්වට පොඩි වයසක ලමයෙක්...යන්තන් වැඩිහිටියෙක් වෙන්න වයස සම්පූර්ණ කරපු වගේ..මේ ලමයගෙ හස්බන්ඩ් තරමක් සැර පරුෂ චරිතයක්...මේ ලමය තමන්ගෙ මනුස්සයට හරිම බයයි...වෙලාවකට ඒ ලමයම ඒක අර්ථ දක්වන්නේ මං එයාට හරී ආදරෙයි කියල..ඒත් සමහර වෙලාවට ඒ ආදරේ ගැනම විවෘත වෙනව බය හැටියට අර්ථ දක්වගෙන..
"අය්යට හොරෙන් මං මුකුත්ම කරන්නෑ, එයා එහෙම දෙයක් දැනගත්තොත් මාව අනිවාර්‍යයෙන්ම මරල දාවි" "ඔව් එයා ඒ තරම්ම නපුරුයි.."
.
ඒ බය වචන වල විතරක් නෙමෙයි කටහඬෙන් පවා පේනවා...ඒත් ඒ ලෝකෙට පේන කසාද බැඳපු හරිම කියුට් කපල් එකක්..තාම පොඩි වයසෙ කුරුලු කූඩුවක්..එතකොට ඒ කෙල්ල, තමන්ගෙ මනුස්සයට හරිම ආදරේ, වැරදීමකින්වත් වැරැද්දක් නොකරන ගුණ යහපත් කෙල්ලෙක්...
එහෙම නෙමෙයිද..?
.
බය, ආදරය, ගෞරවය එකට තියල තෝරගන්න කිව්වොත් මම පැනල තෝරගන්නෙ ආදරය...ඒත් මිනිස්සු හරි පුදුමයි.. මිනිස්සු බය හරි ගෞරවය හරි තෝරගෙන ඒක ආදරය විදිහට මනසින් කන්වර්ට් කරගන්නව...ඒක හරියටම නලින් ප්‍රොෆෙසර්ගෙ මනස ගැන විග්‍රහය වගේ මට කොහෙත්ම පැහැදිලි නැති අපබ්‍රංසයක්...
.
සමහරවිට කසාද බඳින්න කලින් පෙන්නපු ආදරේ පස්සෙ කොල්ලගෙ පැත්තෙන් බයකට හැරවුණාද දන්නෑ..ඒහ් එහෙමයි කියල බැඳගත්ත බෙරේ ලෙහන්න බෑනේ..මොකද ඒකට නීතිය අවසර දුන්නත් නීතියට උඩින් ඉන්න ( කියල හිතාගෙන ඉන්න ) වටපිටාවේ පට්ට විචාරකයෝ කීයටවත් ඉඩක් දෙන්නෑ..ඉඩක් දෙනවනම් ඒ උන්ටත් මොනව ටිකක් සලකන්නම වෙනව...( එව්වට කියන්නෙ ලිංගික අල්ලස් නෙමෙයි ඇති තැනින් බෙදාගෙන කෑම කියලලු )
.
ඒකත් එක අතකට බ්‍රෝකර් රස්සාවක් වගේ..ගනුදෙනුව වෙන දෙන්නෙක්ගේ, පිට කොහේවත් ඉන්න එකෙක් හොට දාලා ලාබෙන් කොටහක් බෙදාගන්නව..එහෙම ලාබෙ නොලැබුන අය ඉන්නව නේද උන් අර ලාබය බෙදා නොදුන්නු කෙල්ලට ඔන්න විවේචන දෙනව...හැබැයි කවදාවත් අර බ්‍රෝකර් කාරයව පටලන්නෑ.මොකද ඌත් කරන්නෙ මුන්ගෙ රස්සාවනේ...
.
.
දැකලම මහන්සියි බං..මිනිහෙක් ගෑනියෙක් හරි මිනිස්සුම දෙන්නෙක් හරි ගෑනුම දෙන්නෙක් හරි නිදිවදින්න ඕනේ උන්ගෙ හෝමෝන පෙරමෝන වලට අවනත වෙලා නෙමෙයි, මේ කොහෙවත් යන බ්‍රෝකර් පරයන්ට ඕනේ විදිහට...
.
හරිම කාලකණ්ණි ලෝකයක් බං..වටපිටාවේ හැම එකාම තමනුත් හිරවෙලා අනුන්වත් හිරකරල තියන්නයි දඟලන්නෙ...වැරදිලාවත් ඩයිවර්ට් වුණ එකෙක් දැක්කොත් ඌව පට්ට ගහනකන්, උන්ගෙම කියල උන්ම අටවගත්තු මනෝ රාජ්‍යයකින් ඌව එලවල දාල හුරේ දානකන් උන්ට කවදාවත් නින්ද යන්නෑ...වෙනස් විදිහකට ලෝකේ දකිනවනම් ඒ උඩ කියපු විචාරකයන් අනුමත කරන කෝණෙකින් විතරයි...වෙන සෙල්ලම් බෑ..
.
.
මේ දේවල් හරි පුදුමයි බං..අපි නොදැනම අපිම කෘතිම බුද්ධියක් තියෙන රොබෝලා වෙලාද කියල මට හිතෙනව...
.
.
.
ඔව් දඩි බිඩිස් උඹ රිටයර් වෙයන්...ඕක මට දීපන්...උඹ ලොවෙත් නොදන්න පුදුම මගෙ වටේම පිරිල බං...ඔව් පිරිල...
.
.
.
.
.
.
නෝටී...


No comments:

Post a Comment