Sunday, November 19, 2017

සුභ උපන්දිනයක්.....

විනෝදාංශ අපි හැමෝටම තියෙනවා..පුංචිකාලෙනම් අපිට පොවල කාවද්දල තිබුන විනෝදාංශ සෙට් එකක් තිබුනා...මතකද...?
" ටීච මං මුද්දර එකතු කරනවා"
" මං පොත් කියවනවා.."
" මං පරණ කාසී එකතු කරනවා.."
.
හරියට අර ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල අහනව වගේ... මමත් යන්තන් 7 වසරෙදි පංතියක අැහුවනේ ඔය ප්‍රශ්නෙ... මගෙ වෙලාවටම අැහුවේ පිටරටක මනුස්සයෙක්...ඉතින් මං දැන් ඔලුව විකාර කරගෙන කල්පනා කරනවා රහස් පරීක්ෂකයෙක්ට ඉංග්‍රිසියෙන් කියන එක.... දොස්තරල, ඉංජිනේරුවො, ගුරුවරු පහු කරගෙන මං ගාවට අාවම මං මගේ හීනේ ටිකක් ඩවුන්ග්‍රේඩ් කරල පොලිස්මෑන් කියල කිව්ව...
.
එදා තමයි මම දැනගත්තෙ හීන තිබුනට කෝටියක් ඉංග්‍රිසී නැතුව කියාගන්න බැරි වෙන්නත් පුලුවන් කියල...
.
ඉතින් ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දි මටම කියල විශේෂ විනෝදාංශයක් තිබුනා... මං ඒකට කිව්වෙ මිනිස්සු අධ්‍යයනය කිරීමකියල... අැත්තටම මං කරේ මිනිස්සුන්ගේ පැටර්න් තේරුම් ගන්න උත්සාහ කරපු එක...
.
දහම්පාසලේ ගුරුවරු අඩු වෙලාවක උගන්නන්න පංතියක් දුන්නම මම කරේ ටිකක් උගන්නල කොලයක් එක එක්කෙනා අතට දීලා මං දෙන ප්‍රශ්නවලට තමන්ගෙ පෞද්ගලික උත්තර ලියන්න කියන එක... ඒ උත්තර එක්ක ලමයින්ගෙ හැසිරීම් මතක තියාගන්නත් මං ටිකක් මහන්සි වුනා...
.
එතනින් එහාට හම්බවෙන හැම මනුස්සයෙක්ගෙම වචන එක්ක හැසිරීම් මතක තියාගන්න උත්සාහ කරා...අවුරුදු 13ක් මං අදටත් නොකඩවාම ඒක කරනවා...
.
ඒ එක්කම ඒ වෙනුවෙන් මං මගේ අත්දැකීම් මිනිස්සු එක්ක බෙදාගන්නවා...ඒකෙන් මට අමතර අවස්ථාවක් ලැබෙනවා මගේ අධ්‍යයන්ට...
.
සත්‍ය සමාජයට වඩා සත්‍යාසන්න සමාජජාල වල මේ කතන්දරය හුගක්ම ලේසියි...
.
මිනිස්සු සත්‍ය සමාජයට වඩා සමාජ ජාලයකදි විවෘත වෙන ප්‍රමාණය වැඩියි...ඉතින් උකහා ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉහලයි...
.
මුලින්ම මම බ්ලොග් එකක් ලියනව කියල පටන් ගත්තෙ ඒ අදහසෙන් වුනත් ඒ තොරතුරු ලබාගන්න එක එච්චර සරල නෑ කියන එකත් ඒවා මුහුණට මුහුන කෙරෙන සංවාද තරම් විශ්වසනීය නෑ කියන එකත් මට තේරුනා... එතනින් එහාට මං බ්ලොග් එකක් පවත්වගෙන ගියේ අත්දැකීම් බෙදාගන්නම විතරයි....
.
අදට ඒ බ්ලොග් එකට අවුරුද්දක්... වෘත්තීය බ්ලොග් ලියන්නෙක් නොවෙනව වගේම එහෙම වෙන්න බලාපොරොත්තුවකුත් නෑ... ලග තියෙන නොමිලේ දෙන්න පුලුවන් දේවල් දෙකක් මිනිස්සුන්ට තියෙනව කියල මං විස්වාස කරනවා...
.
ඒ හිනාව සහ අත්දැකීම්...
.
ඒ දෙකම කාට වුනත් දෙන්න මං කිසිම විදිහකින් දෙපාරක් හිතන්නෑ...
.
ලෝකය වඩාත් හොද තැනක් වෙනවනම් ඒ හිනාව සහ අත්දැකීම් බෙදාගැනීම නිසා කියල මං විස්වාස කරනවා...
.
ඒක නිසාම මං " නෝටිගේ මතක "  බ්ලොග් එකට හුගක් අාදරෙයි...
.
සුබ උපන්දිනයක් නෝටිගේ මතකවලට...
.
.
.
.
නෝටී...







Friday, November 10, 2017

අෑ සහ කැරපොත්තා...

මම සේවය කරපු එක්තරා අායතනයක අපි කාලයකට පස්සෙ සම්පූර්ණ පිරිසිදු කිරීමකට (Detail clean) සූදානම් වුනා..සේවකයෝ සියල්ලම එකවගේ දැන් අතුගාන්න, හෝදන්න අස්පස් කරන්න වගේ වැඩවල... ඒ අස්සෙ කබඩ් අස්සෙ හිටපු කැරපොත්තෝ රංචු පිටින් එලියට පැනල දුවනව... ඩයිනසෝර් කෙනෙක් එක්ක එක කූඩුවේ හිටියත් මට කැරපොත්තො පත්තෑයෝ පේන්න බෑ... අමුතුම හිරිකිත ගතියක් තියෙන්නෙ උන් අැගේ දුවද්දි...වදෙන් පොරෙන් එක්කෙනෙක් ගිහින් මෝටීන් ස්ප්‍රේ එකක් ගෙනාවා...හතරවටේටම ඔ්ක ගහල දැන් අායේ වැඩ...
.
තැන තැන වැටිච්ච කැරපොත්තෝ සමහරු මැරිල සමහරු පණ අදිනවා... ඔය අතරේ අායතනය අයිතිකාර මහත්මයා තමන්ගෙ දුව මොන්ටිසෝරියේ ඉදල අරගෙන අාවා... ඒ මහත්තයගේ බිරිදත් අපිත් එක්ක වැඩවල හිටියේ...
.
පොඩි කෙල්ල ටික වෙලාවක් එහෙ මෙහෙ දුවද්දි කැරපොත්තෙක් දැකල...
.
" අම්මේ මේ, කරපොත්තෙක්, එයාට පණ තියෙනවා...."
පොඩි එකී කෑ ගහනවා... අම්ම ලගට අැවිත් බලනකම්ම පොඩි කෙල්ල නෙමෙයි නැවැත්තුවේ...
" එයාට බෙහෙත් ගහල තියෙන්නෙ..."
.
අම්ම කියල අයින් වුනා... පොඩි එකී බලන් ඉන්නවා....
.
" අම්මේ එයාට සීතලයි...බලන්නකෝ"
පොඩි එකී කියන්නෙ කැරපොත්ත ගැහෙන දිහා බලාගෙන...
මෝටීන් එකෙන් කැරපොත්තට ලැබෙන බලපෑම ගැන පොඩි එකා දන්නෑ...අැයි කැරපොත්ත මරන්න ඔ්න කියල අවබෝධෙකුත් එයාට නෑ...
ඒත් සතෙක්, ජීවත් වෙන සතෙක් කියන අවබෝධය මිසක් වෙන දෙයක් පොඩි එකා ලග තිබුනෙ නෑ... පොඩි වයසෙ ලොකු අපේ තියෙන විනාසකාරී අදහස් නැතිම තරම්... ඒක වෙන්න ඔ්න පුංචි අපි මල් වගේ කියන්නෙ... පස්සෙ ලොකු අපි තමයි අපේ විදිහෙ නරුම අදහස් ඒ පුංචි හිත්වලට කවන්නෙ... තව කෙනෙක් පරද්දන්න, ගහන්න, තලන්න, මරන්න, වංචා කරන්න මේ සේරම එයාල ඉගෙන ගන්නෙ ලොකු අපෙන්....
.
එතකම්ම පුංචි උන් මේ ලොකෙත් එක්ක හරිම සාමෙන්, සතුටින් ජීවත්වෙනවා....
.
අායෙත් පොඩි එකා කෑ ගහනවා...
.
" අම්මේ බලන්නකෝ...එයාට සීතලයි...."
.
.
.
.
.
නෝටී