" ටීච මං මුද්දර එකතු කරනවා"
" මං පොත් කියවනවා.."
" මං පරණ කාසී එකතු කරනවා.."
.
හරියට අර ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල අහනව වගේ... මමත් යන්තන් 7 වසරෙදි පංතියක අැහුවනේ ඔය ප්‍රශ්නෙ... මගෙ වෙලාවටම අැහුවේ පිටරටක මනුස්සයෙක්...ඉතින් මං දැන් ඔලුව විකාර කරගෙන කල්පනා කරනවා රහස් පරීක්ෂකයෙක්ට ඉංග්‍රිසියෙන් කියන එක.... දොස්තරල, ඉංජිනේරුවො, ගුරුවරු පහු කරගෙන මං ගාවට අාවම මං මගේ හීනේ ටිකක් ඩවුන්ග්‍රේඩ් කරල පොලිස්මෑන් කියල කිව්ව...
.
එදා තමයි මම දැනගත්තෙ හීන තිබුනට කෝටියක් ඉංග්‍රිසී නැතුව කියාගන්න බැරි වෙන්නත් පුලුවන් කියල...
.
ඉතින් ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දි මටම කියල විශේෂ විනෝදාංශයක් තිබුනා... මං ඒකට කිව්වෙ මිනිස්සු අධ්‍යයනය කිරීමකියල... අැත්තටම මං කරේ මිනිස්සුන්ගේ පැටර්න් තේරුම් ගන්න උත්සාහ කරපු එක...
.
දහම්පාසලේ ගුරුවරු අඩු වෙලාවක උගන්නන්න පංතියක් දුන්නම මම කරේ ටිකක් උගන්නල කොලයක් එක එක්කෙනා අතට දීලා මං දෙන ප්‍රශ්නවලට තමන්ගෙ පෞද්ගලික උත්තර ලියන්න කියන එක... ඒ උත්තර එක්ක ලමයින්ගෙ හැසිරීම් මතක තියාගන්නත් මං ටිකක් මහන්සි වුනා...
.
එතනින් එහාට හම්බවෙන හැම මනුස්සයෙක්ගෙම වචන එක්ක හැසිරීම් මතක තියාගන්න උත්සාහ කරා...අවුරුදු 13ක් මං අදටත් නොකඩවාම ඒක කරනවා...
.
ඒ එක්කම ඒ වෙනුවෙන් මං මගේ අත්දැකීම් මිනිස්සු එක්ක බෙදාගන්නවා...ඒකෙන් මට අමතර අවස්ථාවක් ලැබෙනවා මගේ අධ්‍යයන්ට...
.
සත්‍ය සමාජයට වඩා සත්‍යාසන්න සමාජජාල වල මේ කතන්දරය හුගක්ම ලේසියි...
.
මිනිස්සු සත්‍ය සමාජයට වඩා සමාජ ජාලයකදි විවෘත වෙන ප්‍රමාණය වැඩියි...ඉතින් උකහා ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉහලයි...
.
මුලින්ම මම බ්ලොග් එකක් ලියනව කියල පටන් ගත්තෙ ඒ අදහසෙන් වුනත් ඒ තොරතුරු ලබාගන්න එක එච්චර සරල නෑ කියන එකත් ඒවා මුහුණට මුහුන කෙරෙන සංවාද තරම් විශ්වසනීය නෑ කියන එකත් මට තේරුනා... එතනින් එහාට මං බ්ලොග් එකක් පවත්වගෙන ගියේ අත්දැකීම් බෙදාගන්නම විතරයි....
.
අදට ඒ බ්ලොග් එකට අවුරුද්දක්... වෘත්තීය බ්ලොග් ලියන්නෙක් නොවෙනව වගේම එහෙම වෙන්න බලාපොරොත්තුවකුත් නෑ... ලග තියෙන නොමිලේ දෙන්න පුලුවන් දේවල් දෙකක් මිනිස්සුන්ට තියෙනව කියල මං විස්වාස කරනවා...
.
ඒ හිනාව සහ අත්දැකීම්...
.
ඒ දෙකම කාට වුනත් දෙන්න මං කිසිම විදිහකින් දෙපාරක් හිතන්නෑ...
.
ලෝකය වඩාත් හොද තැනක් වෙනවනම් ඒ හිනාව සහ අත්දැකීම් බෙදාගැනීම නිසා කියල මං විස්වාස කරනවා...
.
ඒක නිසාම මං " නෝටිගේ මතක " බ්ලොග් එකට හුගක් අාදරෙයි...
.
සුබ උපන්දිනයක් නෝටිගේ මතකවලට...
.
.
.
.
නෝටී...
No comments:
Post a Comment