Tuesday, December 27, 2016

නිවන....

ඩොකටර් සරත් බුකියෙ කොටපු කතාවකින් හිතේ ටිකක් කල් පැසවපු වියමනක් දාන්න හිතුවා...මේක මතකයකට වඩා මතයක්...හැම වෙලාවෙම සමාජයේ හොදට හෝ නරකට උඩුගං බලා පිහිනන අයට වෙන්නෙ සමාජ්යෙන් කොන් වෙන්න, බැනුම් අහගන්න හෝ අපහාස විදින්න වගේ දේවල්..සමහර වෙලාවට විතරක් පහුවෙලා එයාලගෙ තියරියම ඉහලට ඔසවල තියන්න සමාජයම ඉදිරිපත් වේවී...
.
කතන්දරේ ඒ වගේම තියරියක් ගැන...ඒ නිරාගමිකත්වය...බොහෝ දුරට තවත් ලංකාවේ සමාජ තලයේ පිළිගැනීමකට ලක් නොවෙන කතන්දරයක්..මමත් මේ කතාවේ එක කොටසක් වෙන්නෙ අහම්බයකින් නම් නෙමෙයි...ඒක සිංහලෙන් කියනවනම් ලෝන්ග් ටර්ම් ප්‍රොසෙස් එකක්..කාලාන්තරයක් තිස්සෙ විවිධ ඝට්ඨන එක්ක පරිණාමය වුණ ප්‍රවාහයක්...
.
නිරාගමිකත්වය ආගම වගේම පෞද්ගලික යමක්...අතිශයින්ම පෞද්ගලිකයි...මේක හරියට සීනී එක්ක තේ බොන මිනිස්සු වගේම කහට විතරක් බොන මිනිස්සු ඉන්නව වගේ...සීනී රහයි වගේම තේ එකට පොඩි සහයක් දෙනව වගේම අතුරු ප්‍රතිඵලත් දෙන්න පුලුවන්...
.
ඉතිං ආයෙ කතන්දරේට බහිමු...ඩොක්ටර්ගෙ තේමාව වුණේ නිවන..ජීවිතය මෙතනින් කෙලවර වේයැයි පිළිගැනීම නිවනට සමාන කිරීමයි තිබුණෙ...ඔව් ඒක තමයි මුල් පියවර විය යුත්තේ...මේ අදහස කාලයක් තිස්සෙ හිතේ ගොඩ නැගුණ කතාවක්...
සිද්ධාර්ථයෝ ඇත්තෙන්ම නිවන කියල ප්‍රකාශ කලේ මේ මැජික් හැකියාවන් ලැබෙන අමුතු පෞරුෂයක්ද...නැහැ, ඒක අඩුම මට පිලිගන්න පුලුවන් කතාවක් නම් නෙමෙයි...දාර්ශනිකයෙක් විදිහට සිද්ධාර්ථයන් එහෙම යමක් කිව්වනම් එතන පොඩි අඩුවක් තියෙන බවක් මට හිතෙනව... සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීම වගේ සාහිත්‍යමය වර්ණනා ගලවල දැම්ම සරලව කියනව නම් තෘෂ්ණාවෙන් තොර වීමනෙ...මොක පිළිබඳ තෘෂ්ණාවද මේ...? ඔව් ඒ සන්ත්තිකව ජීවිතය ගලා යාමට ඇති කැමැත්ත හෙවත් තෘෂ්ණාව...සියලුම පිං පව් සිදු කරන්නේ මේ තෘෂ්ණාව නිසා නෙමෙයිද...?
ජීවිතය මෙතනින් ඉවරයි..ඒ කියන්නෙ මේ උපතින් ජීවිතය ඉවරයි, කියන කාරණය පිලිගන්නවනම් එතනින් එහාට පිං හෝ පව් කිරීමේ වුවමණාවක් තියෙනවද..? කොහෙත්න්ම නෑ..එතනින් එහාට තියෙන්නෙ තමා අවට ප්‍රශස්ථව පවත්වා ගැනීමට අවශය ක්‍රියාවන් විතරයි...හොද නරක වෙනුවට අවස්ථානූකූලව නිවැරදිම හා සාර්ථකම ක්‍රියාමාර්ගය ගැනීම විතරයි ඉතිරි වෙන්නෙ..ඒකම නෙමෙයිද සිද්ධාර්ථයන් කියන්නෙ...ඒ අතරෙ ජීවත් වීමත් එක්ක තියෙන බැඳීම් අඩු කිරීම ගැනත් සිද්ධාර්ථයො කියනව...ඇයි දන්නවද...ඒ බැඳීම් නිවැරදි තීරණ වලට පොඩි පොඩි බාධක වෙන්න පුලුවන් නිසා...මේ සියල්ලම එයාකාරයට කෙරෙනවනම් නිවන ඊට වඩා යමක් වෙන්න බැහැ කියලයි මට හිතෙන්නෙ...සියලු දෙයෙහි කම්පා වීම වෙනුවට වඩාත් නිවැරදි කෝණයකින් බලන්න වැඩි හැකියාවක් ලැබේවී...ඒකයි සිද්ධාර්ථයන් නිවන මේ භවයේ ලබා ගත හැකි අත්දැකීමක් විදිහට දක්වන්නෙ...
.
.
ඒ තමයි මගේ නිවන ගැන දැක්ම...නිවනට ආගමික මුහුණුවරක් දීම තුලින් කරන්නෙ බිස්නස් එකක් මිස වෙන යමක් නෙමෙයි කියල මට හිතෙන්නෙ..මානසික තත්ත්වයක් හෝ ජීවන තත්ත්වයක් ලඟා කරගන්න ආගමක ඇති වුවමණාව මට තාමත් නොතේරෙන කතන්දරයක්..ඒක එහෙම නම් මම මේ ජීවත් වෙන්නෙ කොහොමද...
.
.
නිවන මේ ජීවිතයේදීම ලබා ගන්න පුලුවන්..පොඩි උත්සාහයක් විතරයි ඕනේ...ඔලුවට දාපු මලකඩ ටික කඩල දාගන්න...
.
.
.
නෝටී



Thursday, December 22, 2016

රටා තියල ඇමඳපු මගෙ හිත් මළුවේ.. අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ...



රටා තියල ඇමඳපු මගෙ හිත් මළුවේ..
අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ...
.
.
ඒ පද ටික මට කවදාවත් අමතක වෙන එකක් නෑ....අරුණ තමෙල්ට අමතක වුණත් මට අමතක නෑ...
.
ඒ ඕලෙවල් කාලේ..විද්‍යාව මගෙ කැමතිම විශය..ඒකට විතරයි මගෙ කැමැත්තට පංති ගියේ....ගණන් වලට ගියේ අම්මගේ වදේට...ප්‍රසාද් සර්..සම්මත ගුරු ක්‍රමයට ටිකක් විරුද්ධව උගන්නපු මනුස්සයෙක්..ඒ ස්ටයිල් එකට මම ආසයි...ඕලෙවල් කෙමිස්ට්‍රි කජු කනව වගේ වුණේ එයාට පිං සිද්ද වෙන්න...
ඉඳල හිටල වාරාවසානයේ සර්ගෙ සෙමිනා තිබුණා...ඒ කාලේ හැටියට ලොකු සෙනගක් ආව..මේ කතාව සිද්ධ වෙන්නෙ සර්ගෙ අවසාන සෙමින එකේදී..
දවසෙන් බාගයක් විතර උගන්නල ඉවර වෙලා සර් පොඩි බ්‍රේක් එක්ක දෙන්න එක එක්කෙනා කැමැත්තෙන් ඇවිත් සිංදුවක් කියන්න කිව්ව...එක ළමයෙක් දෙන්නෙක් ඉස්සරහට ඇවිත් සිංදු කිව්ව....අපිත් ඉතිං අහං ඉන්නව...මෙන්න පිටි පස්සෙ ගෑනු ලමයි පේලියකින් සර්ට චිට් එකක් ආවා..මිනිහත් බර දාලා මේක කියවනව...
" ආ මෙන්න විමුක්තිකගෙන් අපිට සිංදුවක් ඕනේ.."
කිරි අප්පට පූසො පැනපි...මට සතියකට කලින් කාපු කිරිබත් කෑල්ලකුත් හිරවුණා ඒ වෙලාවෙ...අපේ හත්මුතු පරම්පරාවක එකෙක්ට මෙහෙම කරදරයක් නම් වෙලා නෑ කියල මට ශුවර්...මම සර්ට ඇහෙන් එපා කිව්ව...මේකා බොරුවට දැන් ලෝකේ පෙරලගෙන මාව හොයනව වගේ රඟ පානව...මෙන්න අන්තිමට මට ඇඟිල්ල දික් කරල කියාපි " ආ මේ ඉන්නෙ කොල්ල, එන්න පුතේ ඉස්සරහට" කියල...සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි කියල හිත හදාගෙන මමත් නොපමාව ඉස්සරහා ගියා...තඩි අයිස්ක්‍රීම් එකක් වගේ මයික් පොල්ලකුත් අතට දුන්නා...දැන් ඉතිං මගෙ වාරේ...
ඒ කොලු කාලේ මටත් හිටිය රැයක් දවාලක් නැතුව ඔලුවට වද දෙන සුදු මැණිකෙ කෙනෙක්...ඉතිං පටං ගත්ත කියන්න..පලවෙනි කොටස යද්දි පිටිස්සෙම කොල්ලො ටික මට කින්ඩියට වගේ අන්තිම පදේ අදින්න ගත්ත...මම සැලෙන්න ඕවට..පැල කවියක් වගේ හරි සිංදුව ඉවර කරලම තමයි නැවතුනේ....අත්පුඩිය සැරට වැදුනා කියන්නේ වැඩේ ලාවට හරි සාර්ථකයි....
.
.
එදා මම අර චිට් එක එවපු කෙල්ලො තුන් දෙනා මරන් කන්න කේන්තියෙන් හිටියේ..ඒත් අද මම උන්ට ස්තූති කරනව..ස්ටේජ් එකකට නගින වාරයක් ගානේ මම උන්ටත් හිතෙන් ස්තූති කරනවා...මට ඒ අවස්ථාව අරන් දුන්නට...
ජීවිතේ අවස්ථාවල් දෙන්නෙ ඒ වගේ..අපි අකමැතිම වෙලාවක අතින් ඇදල කණට ගහල දෙන අවස්ථාවල් තියෙන්නේ..හරි වෙලාවට හරි එක ඉක්මණින් තෝරගන්න අපිට තියෙන හැකියාව තමයි අපේ ජීවිත වල ඉදිරිය තීරණය කරන්නෙ...
.
සුප්‍රකට ධනවතා රොබර්ට් ටී. කියෝස්කිගෙ පොතේ කියනව වගේ " ටේක් ඉට් ඕ ලීව් ඉට්..."... ඒක තමයි අවස්ථා වලට තියෙන තෝරා ගැනීම...බොහොම පොඩී අවස්ථාවක් සමහරවිට අපේ මුලු ජීවිතේම තීරණය කරාවී..සමහරවිට ලොකු අවධානමකට අත්හැරලා දාවී...ඒ හැටි..ඒ අවධානම පාලනය කරගන්න පුරුදු වෙන්න වෙනවා...
.
මේ වියමන මාව ඉස්සරහට තල්ලු කරපු ඒ කෙල්ලො තුන්දෙනා දකිනවනම් මම කැමතියි...ඒත් අවාසනාවට දන්න තරමින් උන් සයිබරය පාවිච්චි කරන්නෑ...
වැරදිලාවත් උබල මේක දැක්කොත් " ඔව් මේ කතාව උබලට ස්තූති කරන්නමයි දැම්මෙ" කියල මම කිව්ව කියල මතක තියාගනින් ඕන්....
.
.
.
.
.
නෝටී


Monday, December 19, 2016

දුක කියන්නෙ කට කපල එකයි...ඒත් මක් කරන්නද..

"මේ මහත්තය ඇවිත් ගොඩක් වෙලා..ඒ වැඩේ ඉක්මනට කරල දෙන්න..."
"මහත්තය දවල්ට කාලත් නැතුව ඇති නේද..? "
.
.
මේවා මගේ රාජකාරී ස්ථානයට නම් බොහොම සාමාන්‍ය වචන...ආගන්තුක සත්කාර සඳහාම වෙන්වුණු රැකියාවක් කරන මට මේ දේවල් ඉබේම එන හැඟීම්...
ඒත් රජයේ තැනකින් වැඩක් කරගන්න යන කෙනෙක්ට මෙහෙම දෙයක් අහගන්න නම් කොයි තරම් ඉවසීමකින් කොයි තරම් නම් කාලයක් බලන් ඉන්න වෙයිද..?
ඔව් මම ඒක අද දෙවෙනි පරට කරා...පලවෙනි අවස්ථාව අලුත්ගම පොලිස් ස්ථානයෙදි..පොලීසියෙත් එහෙම හිත උණුවෙන ඇත්තො නැතුවම නෙමෙයි...
අද වුණෙත් එහෙම වැඩක්..රාජකාරී ස්ථානයෙ උවමණාවකට මට ආදයම් බදු දෙපාර්තමේන්තුවට යන්න වුණා...කොළඹ අව්ව නම් හතුරෙක්ටවත් වැටෙන්නෙප කියල හිතාගෙනම ඇතුල් වුණා...ලිෆ්ට් 4ක් විතර තියෙනව...තව පොඩ්ඩෙන් දැන්වීම නොකියවා නගින්න්නෙ ඉරට්ටෙ සංඛයා වලට විතරක් යන එකකට...එහෙනම් 6වෙනි තට්ටුවෙන් එලියට ඇවිත් ආයෙ පඩි බහින්නයි වෙන්නෙ...කොහොම හරි ගියා...පේන්න හිටපු මනුස්සයගෙන් අදල නිළධාරියව ඇහුවා..
"ඒ මහත්තය නම් කෑමට ගිහින්..."
"හරි මම අතනින් වාඩි වෙන්නම්.." කියල මම වාඩි වුණා..වෙලව 12.30යි..හරිනෙ කෑම වෙලාවනේ..1.20 වෙනකන් බැලුව..ම්හ්...කවුරුත් කතාකරන පාටක් නෑ මට..මමම ඇතුලට ගියා..මෙන්න ඒ මනුස්සය දැනුයි බත් එක ලෙහාගෙන කන්නෙ...එතකොට මට පණිවිඩේ දීපු මනුස්සයගෙ වගකීම් සහගතභාවය ගැන මටම හින ගියා..තව පැය බාගයක් හිටියා...ඔන්න එයා ආවා...
" මේ ඕක සම්බන්ධව ඉන්න මිස් නෑනේ..එයාල එලියට යන්න ඇති...අවුරුදු ළඟයිනේ...දන්නැද්ද ගෑනු උදවිය ඉතිං.."
මම මගේ ගොන් හිනාව දැම්ම...මම හාවා කියල හිතාගෙන මිනිහත් ගියා... යන්තන් 2.40 වෙද්දි අදාල මිස් ආවා...
"ගොඩක් වෙලා වෙන්නැති නේද ඇවිත්.." අපිව මේ පොදු වැඩකට අරන් ගියානේ.."
ඔන්න මම ආයෙත් සුපුරුදු ගොන් හිනාවම දැම්ම...
" එකට කමක් නෑ..මම ඕන්නම් පැය දෙකක් ඉන්නැති..ඒකේ අවුලක් නෑ"
ඔන්න හරි දෙපැත්ත බැලන්ස්..එයා සමාව භාජනේකට දැම්ම...මම භාජනේම බාරගත්ත..
"ඇවිත් ඉන්නව කියල කිව්වනම් මම ඒ වැඩේ දාල හරි එනවනේ"
.
"කොහෙද මේ පොල් බූරුවො එකෙක්වත් ඒක කරේ නෑනේ.." කියල කියන්න කට හදලත් මම කෙල ගිල ගත්තේ හිනාවකුත් එක්ක...
.
මම පැය ගාණක් බලන් හිටපු එකට මිස්ට හොදටම දුකයි වගේ...දුක කියන්නෙ කට කපල එකයි...ඒත් මක් කරන්නද..දැන් වෙලා ඉවරනේ..ඔන්න ඉතින් හරියටම විනාඩි 15යි වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි...එළියට බැහැල මම තනියම කල්පනා කරා...විනාඩි 15ක වැඩකට 2016 අවුරුද්දෙත් මම පැය 5ක් බස් එකේ කට්ට කාලා පැය 2 හමාරක් එතනත් හිටිය....
ඒක ඒ නිළධාරියගෙ වැරැද්දකුත් නෙමෙයි...එක්කො අපිට හරි යාන්ත්‍රනයක් නෑ...සේවය ලබාගන්නාට සැලකීම ගැන ඒකෙදි පවත්ව ගන්න ඕනේ විනය ගැන නිසි පුහුණුවක් නෑ...
.
පොඩි උන්ට ටැබ දුන්නට වැඩක් නෑ...ඒ තාක්ෂණ දුයුණුව රටේ ආර්ථිකයට, ප්‍රගමණයට නිවැරදිව භාවිතා නොවෙනවනම්...මේ විදිහට අපි නාස්ති කරණ කාලය නිසා අපතේ යන්නෙ රටේ ආර්ථිකයට දායක වෙන ශ්‍රමය...
.
කාලය රන් හා සමානයි කියල අපිට කියල දුන්න පාඩම එක්කො රටේ ලොකු පුටුවල උන් දන්නෑ,
නැත්තන් රත්තරන් දැන් ගණන් නෑ...
.
.
.
.
නෝටී

Friday, December 16, 2016

බොන එක නැවැත්තුවොත් ඒ ගෑනු ලමය කැමතියිලු...!

" අයියෙ බොන එක නැවැත්තුවොත් ඒ ගෑනු ලමය කැමතියිලු...."
මගෙ සහෘදයෙකුගෙ වචන..හුඟක් වෙලාවට ඇහෙන මේ වගේ වචන නම් එමටයි...බොන එක නැවැත්තුවොත් කැමතියි...එතකොට කැමති මටද එහෙම නැත්තන් මගෙ නොබීමටද..?පස්සනනේ බං මෙව්ව...කලින් ඇමුණුමක කිව්ව වගේම බීමෙත් ක්‍රම සහ ආවේණික පුරුදු තියෙනව...එක්කෝ ඒ ගැන කිසිම අවබෝධයක් කාටවත් නෑ, එහෙම නැත්තන් ඒ අවබෝධය හිතාමතාම අමතක කරල සේරම එක ගොඩට දානව..ඇයි..? තම තමන්ට සමාජෙන් දීල තියෙනව මෙන්න මේක පට්ට නරකයි කියල..හැබැයි සමහරවිට තමනුත් ඒකට යටි හිතින් පට්ට ආසයි...ආදරෙයි..
මේ කියන සමාජ සම්මත රාමුවල ඇතුලෙන් අත දාලා අපි අපේ කැමති ලැයිස්තුවේ අයව ඒ ඒ රාමු ඇතුලට ඇදල ගන්න අපිට පුදුම උවමණාවක් තියෙනව...මොකද දන්නවද..? අපි කැමති අය අපි හොදයි කියන රාමුවේ ඉන්න ඕනේ මොකද අපි හොදයි කියන රාමුව නිරපේක්ෂයි කියන ලොකු මෝඩ අදහසක් අපි ලග තියෙනව....ඒක ඇත්ත නෙමෙයි...හොඳ හෝ නරක කවදාවත් නිරපේක්ෂ වෙන්නෙත් නෑ, එක කොලිටියක් විතරක් තියෙන මිනිස්සු ඉන්නෙත් නෑ..
"පුතේ ඇයි හොටෙල් රස්සාවක් තෝරගත්තෙ, රජයෙ එකකට යන්න තිබුණනේ" මේ වගේ කතන්දර එදිනෙදා අපි අනනන්තවත් අහනව.."ඇයි ආන්ටි කැමති මමත් අයිස් බකට් එකක් වෙනව බලන්නද..?" මගේ ගැලවීමේ උත්තරේ ඒක...රැකියාවක උස් පහත් භාවය,ඇදුමක වැදගත් කම, විලාසිතාවක හොද නරක, වගේ දාහක් දේවල් වලට අපි අපේ අවටට සීමාවල් දානව..ඇයි...? අපි එයාලට ආදරේලු....ඒකද..? නෑ...අපි හිතනව අපි කැමති අය අපේ විදිහටම ඉන්න ඕනේ කියල..එයාලගෙ ඇත්තම හොද කියල වර්ග කරගන්න පුලුවන් ගති ගුණ වෙනුවට අපි අපිට අවශ්‍ය ගති පැවතුම් එයාලා මත අධිරෝපණය කරන්න ට්‍රයි කරනව..මේක හුඟක් වෙලවට ලොකු පීඩනයක්...හුඟක් සමාජ සම්බන්ධතා කඩා වැටෙන්න හේතුවත් මේක...
.
.
මිනිස්සු දෙන්නෙක්ගේ ඇඟිලි සලකුණු වගේම ගති පැවතුම් එක වගේ වෙන්නෑ ලේසියකට...හැම මිනිහෙක්ටම අදාල විශේෂයක් තියෙනව...අපි කෙනෙක්ගෙ ඔප මට්ටම් කරන්න ඕනේ ඒක...එහෙම නැතුව අපිට අවශ්‍ය අපේ රාමුවක අදාල පුද්ගලයා කොටු කරගන්න ගියහම වෙන්නෙ පීඩනය සහ ආතති වර්ධනයක් විතරයි....
.
.
.
.
.
නෝටී


Thursday, December 15, 2016

" මල්ලි බොන්න දන්න උන් එක්ක බොන්න ආසයි.. "

මම බොනව....
.
මේ වචනය එක එක කෙනා එක එක විදිහට තේරුම් ගනීවී...නාම පදයක් සහ ක්‍රියා පදයක සරල වාක්‍යයකට ලොකු තේරුමක් ගම්‍ය කරන්න පුලුවන්...සමහර විට ඒක සමස්ත චරිතයම තීරණය කරන සිතුවිල්ලක් වෙන්නත් පුලුවන්...
ඔව් විහිලුවක් නෙමෙයි..අපි ඒතරම්ම පටුයි...අපේ දැක්ම පටුයි, නිගමන පටුයි...බොනව කිව්වම එක පාර ඔලුවට එන්නෙ අරක්කු...ඊටපස්සෙ කුඩුවෙන්න ගහල මඟුලෙයි මලගෙදරයි හැම තැනම හැම එකාටම වාතයක් වෙන ඩයල් එකක්..ඕක තමයි චිත්‍රය...
මටත් තියෙනව බීම ගැන අපූරූ මතක..18 20 කාලේ මම තදින්ම බීමට විරුද්ධව හිටපු කොල්ලෙක්...බොන උන්ට ලෙක්චර් දීම මගේ එක අනිවාර්‍ය අංගයක් වුණා....22දි 23 දි තමයි මම හොටෙල් ස්කූල් එකට යන්නෙ...ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මගේ ප්‍රියතම විශය වගේම මම හැම වෙලාවෙම වගේ ඒකෙන් බැජ් ටොප්...
ඒ කාලෙම මට මුණ ගැහෙනව හරි අපූරූ ගුරුවරයෙක්..
" බීම කියන්නෙ කලාවක් " මට අදවගේ මතකයි ඒ වචන ටික...මට පුදුම හිතුනා..ඒකේ මොන කලවක්ද..මුට පිස්සු...
.
ඒත් මම වැරදියි..බීමේ කලාව මම ඉගෙන ගන්නෙ එතනදි...විවිධ විවිධ බීම බොන උෂ්ණත්වයන්, ඒවට හරියන චේසර්ස්, ඒවත් එක්ක ගන්න කෑම ජාතී...ඒ විතරක් නෙමෙයි බොන ක්‍රම, මේසයක තියෙන්න ඕනේ ආචාරවිධි වගේ දාහක් දේවල් මම ඉගෙන ගන්නෙ එතනින්...
.
එතන ඉදල මම ඒක අත්හදා බැලුව...කලාව දන්න එකෙක් එක්ක බීමත් හරි ලස්සන වැඩක්...මගේ ජීවිතේ ගැඹුරුම අදහස් මම කතා කරේ බීපු මිනිස්සු එක්ක...මොකද මත් වීම මිනිස්සුන්ව විවෘත කරනව...තමන්ගෙ ඇත්තම අදහස් හංගන මිනිහෙක් වුණත් ඒ වෙලාවට හරිම සංවේදියි...
.
එකම වැරැද්ද මිනිස්සු බීම විසඳුමක් කරගැනීම...ප්‍රශ්න වලට විසදුම අසීමාන්තික මත් වීම කියල නිගමනයට ආපු වෙලාවෙ ඉදන් ඒ මිනිහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බේබද්දෙක් වෙනව...ඇල්කොහොල් හෝ මත්වීම තියෙන්නෙ ප්‍රශ්නවලට විසදුමක් විදිහට නෙමෙයි...ඒක තියෙන්නෙ විඳින්න...අපි හැමෝම මොනයම්ම හෝ විදිහක මත්වීමකින් සතුටක් ලබන මිනිස්සු..සංගීතය, ආහාර, තේ ,  කෝපී, අරක්කු, වගේ දාහක් දේවල් මේ විදිහට ලැයිස්තු ගත කරන්න පුලුවන්...ශාරීරික හානිය අවම එකේ සිට උපරිම එකටත්, මානසික හානිය අවම එකේ සිට උපරිම එකටත් මේව පෙලගස්වන්න පුලුවන්...ශාරීරිකව හානි නොවෙන යමක් මානසිකව හානි වෙන්නත් පුලුවන්...ඒක තෝරාගැනීම තම තමන්ගේ කැමැත්තට සිදු කරන දෙයක්... අපෝ අරූ මත් වෙන්නෙ අරකෙන් කියල ඇඟිල්ල දික් කරන්න කලින් අපි අපිම මත් වෙන්නෙ මොකකින්ද ඒකේ හානිය කොයි වගේද කියල බලන්න ඕනේ...
.
එක අතකට කොයි තරම් වෙර දාලා ආරක්ෂා කරත් අපි හැමදාම හානිවෙන ජීවවිද්‍යාත්මක ශරීරයක් දරාගෙන ඉන්නෙ..ඒක නිසා මගේ ශාරීරික හානියට වඩා මගේ අවධාන්ය යොමු වෙන්නෙ මගේ අවටට හානිය අවම වින්දනයක් වෙනුවෙන්.....
.
බීම වගේම මත්වීමත් කලාවක් වෙන්නෙ ඒකයි...මිනිස්සු මත් වෙන්න ඕනේ..හැබැයි කලාත්මකව....මට මතක් වෙන්නෙ අමල් අයිය හම්බුන පලවෙනි දවසෙ කිව්ව කතාව...
.
" මල්ලි බොන්න දන්න උන් එක්ක බොන්න ආසයි.. "
.
.
.
.
.
.
නෝටී


Tuesday, December 13, 2016

මං ආදරෙයි..හාද..?

තරුණ වයස කියන්නෙ ආවේගය ජවය පිරිච්ච කාලයක්..ඔව්..අපි හැමෝටම එහෙමයි...ලොකු දෙයක් කරන්න,ලොකු ඉලක්කෙකට යන්න ලොකු උණක් තියෙන වයසක්....අලුත් දේවල්, අලුත් අත්දැකීම් වගේම කුතුහලය අවුස්සන දේවල් පස්සෙන් පන්නන් යන්නත් හරිම ආසයි...අපේම වැඩි හිටියෝ ගන්න අත්දැකීම් අපිටත් ඕනේ කියල හිතෙන හෝමෝන ක්‍රියාකාරීත්වය උපරිම වෙච්ච වයසක්...
.
මේ වයස එක්ක එන හරි අපූරු හැඟීමක් තමයි ආදරය..එක එක වචන ගානකින් පෙන්නන මේ කතන්දරේ කොහොම බැලුවත් තියෙන්නේ එකම හරයක්...අපි හැමෝගෙම ආදර කතාවල එක පොදු හරයක් තියෙනව...පොදු ගලා යාමක් තියෙනව..ඒ හරයට ගලායාමට අපිම හරි පිටතින් හරි එකතු කරන පොඩි පොඩි ආලවට්ටම් නිසා මේක අපේ ආදර කතාව ඕයී කියන පේටන්ට් එක ලැබෙනව..ඒකනේ සුජීව ප්‍රසන්න ආරච්චිට නවකතා දුසිම් ගනන් ලියන්න පුලුවන් වුණේ..ඒ වගේම මාකට් වුණෙත්..ඇයි..? අපි ආසයි අපේ කතාවෙ නැති අලුත් දෙයක් අනුන්ගෙ කතාවකින් දකින්න..එහෙමත් නැත්තන් අපේම කතාව වෙන කතාවක දකින්න..ඔය දෙකටනේ අපි ඕක කියවන්නේ...
.
එතකොට මොකක්ද මේ පොදු හරය හෝ ගලා යාම...ඔව්...හැම ආදර කතාවකටම වගේ ප්‍රධාන චරිත දෙකක් ඕනේ..කෙල්ලෙකුයි කොල්ලෙකුයි හරි කොල්ලො දෙන්නෙක් කෙල්ලො දෙන්නෙක් වෙන්නත් පුලුවන්...මේ චරිත දෙක මොකක් හෝ යමකින් බැඳෙන්න ඕන...ඒක බොහෝ දුරට අරමුණක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...අරමුණ මොකක් වුණත් එක්කෝ ඒක සාර්ථක වෙනතුරු නැත්තන් සාර්ථක වෙන්න බැරි බව වැටහෙන තුරු මේක ගලා යනව..කොහොමද..? සමාජය අපිට දෙන ලද දත්ත යටතේ බොහෝ දුරට එහෙම නැත්තන් ඒ දත්ත මත අපිම නිස්සාරණය කරගත්තු ක්‍රමයක් යටතේ...
.
හැම ආදර සම්බන්ධයකම මේ මුල් සාධකය නෙමෙයි ඒකේ අවසානය තීරණය කරන්නේ අගට කිව්ව කාරණා ටික...ඒ තමයි, බැඳීමේ හේතුව, ගලා යම සහ එකතුකල අර අඩුම කුඩුම ටික....
සාර්ථක අවසානයකට මේ සියල්ල ප්‍රශස්ථ වීම ඉතාම වැදගත්...මොනවද...?
.
දෙදෙනෙක්, ශක්තිමත් හේතුවක්, ප්‍රතිරෝධ අවම ගලා යාමක්...ටිකක් මඤ්ඤ්ං වගේ නේද..? අපි එක එක ගමු..මොන වගේ ඒවද ශක්තිමත් හේතු...?
මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනව..අපි තෝරගන්න ඕනේ අපිට වඩාත්ම බලපෑම් කරන හේතුවක්..උදාහරණයකට සල්ලි තමයි එක කියල හිතන කෙනෙක් ඒ වෙනුවෙන් තොරගන්න ඕනේ සල්ලි සහිත හෝ උපයාගත හැකි කෙනෙක්...එහෙම නොවෙන්න ටික කාලයකදි තමන්ගේ ප්‍රධාන ඉලක්කයට යන්න සහකාරයා හෝ සහකාරිය හේතුවක්, සවියක් නොවන බව තේරෙද්දි ඒකේ ගලායාමට විශාල ප්‍රතිරෝධයක් එල්ල වේවී...
.
ඊලඟට ගලායාමට එන ප්‍රතිරෝධය..ඒ මොන හරුපයක්ද..?
.
ශක්තිමත් හේතුවකින් පටන් ගන්න සම්බන්ධයක් වුණත් පවතින්නෙ අදාල සමාජ වටපිටාවක් මත...ඒ සමාජය හරහා එන බලපෑම් මේ ප්‍රතිරෝධය විධිහට මම දක්වනව..
අපි උදාහරණයකට යමු..
හිතන්න රූපයෙන් වගේම සමාජ තත්ත්වය අතින් ඉතාම ගැලෙපෙන දෙදෙනෙක් හමුවෙනව..දෙදෙනාගෙම අදහස් සමාන වෙන නිසා මේ දෙන්න සම්බන්ධයක් පටන් ගන්නව..ඔව් මේක ගලාගෙන යද්දි එනව බාධකයක් දෙන්නගෙ කේන්දර අතර නොගැලපීමක්..දෙදෙනාම සමාන අදහස් දරණ නිසා දෙදෙනාම මේ කාරණය ඉස්මුදුනින් පිලිගන්න අය කියල හිතමු..එක්කො එතනින්ම සම්බන්ධය නවතින්න ඕන..නැත්තන් විප්ලවීය ආකාරයට ඒ බාධකය බල්ලට දාලා ඉදිරියට යන්න ඕනේ..එතනිනුත් නොනැවතී තමන්ගෙම අවට අය සෑම නරක අවස්තාවක්ම මේ කේන්දර ගිනුමට බැර කරන්නත් පුලුවන්...ඒක කොයි තරම් කාලයක් දරාගන්නවද කියන එකත් එකතරා ආකාරයකට ප්‍රතිරෝධයට මුහුණ දීමක්...
.
දැන් පැහැදිලිද...
මම හිතන්නෙ ආදරේ කරන්න ඕනේ...ඒක තනිකරම ජීවවිද්‍යාත්මකයි...ඒත් මම ඇස් ඇරල පියවි ලෝකෙට ආවහම ඒක තනිකරම සමාජ විද්‍යාත්මක සීනී බෝලයක් වෙලා...
.
මං ආදරෙයි..හාද..?
හා කියන්නෙපා මම අහන්නෙ උබ හිතන ඒ ආදරේ නෙමෙයි...? මම අහන්නෙ නිදහසක්, අත්වැලක්, රකින නෙමෙයි රැකෙන පොරොන්දුවක්...?
හා ද..?
අමාරුයි නේද..? හා....එහෙනම් .
.
.
.
.
නෝටී....


Sunday, December 11, 2016

සදාකාලික වීරයෝ.....!!!

වීරයො අපි හැමෝටම ඉන්නව..පොඩි කාලේ කාටූන් වල වගේම ඊට පස්සෙ ෆිල්ම් වල ගේම් වල ඔය වගේ එදිනෙදා ජීවිතයේ දාහකුත් එකක් අවස්ථාවල අපිට වීරයෝ මුණ ගැහෙනව...සදහටම ඉන්න වීරයො ඉන්නවද..? ඒ කිව්වේ වීරයෙක් විදිහට දකින්න ගත්ත දවසෙ ඉඳල අද වෙනකන් එතනින් එහාට හෙටටත් වීරයෙක් විදිහටම පැවතිය හැකි කෙනෙක්....ඉන්න පුලුවන්ද..? මටනම් නෑ...පුංචිම දවස්වල මගේ වීරයෝ වුණේ ටිං ටිං, කැප්ටන්, ස්නෝවී වගේ කාටූන් චරිත...ඊට පස්සෙ ස්කෝල ජීවිතෙන් මට පෙව්ව, නෑ උන් නෙමෙයි වීරයෝ මෙන්න මේ ලිස්ට් එක ගනින් මේ ඉන්නේ ජාතික වීරයො කියල...ඒ අතරෙ ඉගැන්නුව මෙන්න පිට රටවල වීරයෝ කියල...
.
එතකොට හැම රටකටම වීරයො ඉන්නව..මේ රටවල් දෙකක වීරයො ගහගත්තොත් එහෙම කොයි අය දිනයිද...එතකොට කවුද වීරයො වෙන්නෙ...මට ඔලුවට ආපු දැවෙන ප්‍රශ්නයක්...අදනම් හිතෙනව ඒක සර්ගෙන් ඇහුවෙ නැත්තෙ හොද වෙලාවට කියල...
.
ස්කෝලෙන් කොහොම පෙව්වත් මටත් හිටිය මගේම කියල වීරයො රොත්තක්..අපේ රටෙන් පිටත් කීප දෙනෙක් එක්කම...සියැටැල්, හිට්ලර් වගේ අයත් මේ අස්සෙ හිටියා...කාලෙත් එක්ක මම වීරයො වෙනස් කරා..එක්කෝ සමජෙ මට වෙනස් කරන්න අවශ්‍ය පසුබිම හදල දුන්නද කියලත් හිතෙනව...ඒ ලෙවල් කාලේ වෙද්දි යුධ හමුදාව කියන්නෙ පට්ට වීරයෝ,ජීවමාන වීරයෝය යන සංකල්පයක් ඔලුවට දාල තිබුණා...ඒත් කාලෙකට පස්සෙ රතුපස්වලදි ඒ වීරයන්ට පවා සීමාවක් තියෙනව කියල දැක්කා...එතනින් එහාට මම සමාජයීය වීරයෝ අත්හැරිය...වීරයෝ අවස්තානූකූලයි..ඔව් ඒක තමයි මගෙ වීරත්වය ගැන අත්දැකීම් වල අවසාන නිගමනය වුණේ..පරමාදර්ශී චරිත,වීර චරිත මේ සේරම අනන්ත සංකල්ප නෙමෙයි..මේ හැම එකකම සීමාවල් තියෙනව..අති පූජ්‍ය ගෞරණීය කියාල පටන් ගන්න චරිතවල පවා මේ සීමාවල් තියෙනව...එතනින් එහාට මම අවස්ථානූකූල වීරයෝ හදාගත්තා...
තද වැස්සක පාර පැනගන්න බැරුව ඉන්න වයසක අම්ම කෙනෙක්ව තමන්ගෙ ගමන පැත්තක තියල පාර මාරු කරවන ගෑනූ ලමයෙක් වීරයෙක් විදිහට බුකි බිත්තියෙ අලවන්නෙ ඒ නිසා...ඔව් ඒ අවස්තාවට අදාලව ඇය වීරයෙක්..ඉන් එහාට ඒ චරිතය ගැන කුණුකන්දල් අදාල වෙන්නෑ...ඒක තමයි වීරයෝ වෙනුවෙන් පවතින සාර්තකම ක්‍රමය...
.
ඊයෙ පෙරෙදා හරි සිද්ධියක්..නේවී එකෙන් උද්ගෝෂකයන්ට වෙඩි තියලලු...නේවී එකේ ඉන්න මගෙ යාලුවෙක් කියන විදිහට ඒක හරිම සාධාරණයි..මොකද එයාල දිවුරුමක් දීලා ඉන්නව අභ්‍යන්තර හෝ බාහිර තර්ජනවලින් අදාල කොටස් ආරක්ෂා කරන බවට...
නේවී එකේ නැති ඒත් කාලයක් මේ හමුදාකාරයෝ නෙමෙයි රණවිරුවෝය කියපු සමහර යාලුවොම කියනව ඕඩර් එක කවුරු දුන්නත් උන් වෙඩි තියපු එක වැරදියි,මේ ඉන්නෙත් උන් වගේම දුප්පත් මිනිස්සුනේ කියල...
.
ඒක නිසා තමයි මම කියන්නෙ අපි විරයෝ අවස්තානූකූලව හදාගමු...ඒ ඒ අවස්ථාවට මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහට වීරත්වයට නංවමු...ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්...
.
නේවී කොල්ලෙක් මුහුදෙ ගිලෙන මිනිහෙක් බේරගත්තද, එහෙමනම් ඒ අවස්තාවට අදාලව ඒ කොල්ල වීරයෙක් කරපන්, එතනින් එහාට ඒ කොල්ල අතින්ම උබේ,මගේ පවුලෙ කවුරුහරි මැරෙන්නත් පුලුවන්...
.
.
එතකොට ඉබේම වීරය මැරෙනව..ඒක ටිකක් දරාගන්න අමාරු තත්ත්වයක්....
ඒකයි සදාකාලික වීරයෝ සාර්තක සංකල්පයක් නොවෙන්නෙ...වීරයෝ නැතුව ජීවත් වෙන්නම බැරිනම් අවස්ථාවට අදාලව හදාගනින්...එහෙම නැත්තන් මගේ සයිබර් මිත්‍රයෙක් කියනව වගේ වීරය මරල දාපං...දුටු තැන මරල දාපං....
.
.
.
නෝටී...


Wednesday, December 7, 2016

" සමහරවිට හාමුදුරුවන්ට වරදින්න ඇති..."........

ටිකක් ඇලට් එකක් දාන්න කාමරේට ගියා...ඇඳට වැටෙන්න හම්බවුනේ නෑ රිෂෙප්ශන් එකෙන් කෝල් එකක්...
"හෙලොව්"
"ෆොරිනර් කෙනෙක් ඉන්නව හම්බෙන්න ඇවිත්.."
"හරි මම එන්නම්"
මම ආයෙත් ටී ෂර්ට් එකත් දාගෙන පහලට ආවා..
බලනකොට දන්න කියන කෙනෙක්නේ...
"මිස්ට් ජූලියන්, හව් අර් යූ.."
කට පුරවගත්තු හිනවෙන්ම ඇහුවා..
ජූලියන් තමයි බේරුවල ත්‍රිකුණාමලය පාසිකුඩා වගේ තැන්වල තියෙන රුවල් නැව් චාරිකා සංවිධානය කරන ආයතනයක බේස් මැනේජර්..ෆ්‍රංශ ජාතිකයෙක්..වයස හතලිහක විතර පෙනුමක් තිබුණත් කඩවසම් මහත්මයෙක්...කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා තමයි නිතරම එන්නෙ...ටික වෙලාවක් අපි කතා කරා...
" ඇයි ඔයාලා එන්නෙනැත්තෙ ෆ්‍රී ටුවර් එකක් යන්න අපේ බෝට්ටුවෙ..එහෙම ගියහම ඔයාලට පුලුවන් අමුත්තන්ට ඒ ගැන නිවැරදිව හොදට විස්තර කරන්න.."
"බොහොම ස්තූතියි ජූලියන්, අපි ඊලඟ සතියෙ අනිවාර්යයෙන්ම එන්නම්..මට විස්වාසයි ඒ පැය හතර සහ ඔයාලගෙ කෑම වේල අමතක නොවෙන මතකයක් වේවී.."
ඊලඟට අපේ කතාව ගියේ හෝටලයේ ඉතිහාසයට..සුනාමියට අවුරුදු දෙකකට කලින් විවෘත කරපු මේ ගොඩනැගිල්ල සහ සුනාමියේදී එය දක්වපු ප්‍රතිචාර ගැන ටික වෙලාවක් අපි කතා කරා...නිකමට වගේ මගෙත් එක්ක ඒ වෙලාවේ එතන මේ සංවාදයටම සහභාගී වෙමින් හිටපු අධ්‍යක්ශක මහත්මයා ඇහුවා මෙහෙ ගොඩක් කල් ඉඳන් ඉන්නවද කියල...
" ඔව්.." ජූලියන් කිව්වෙ ටිකක් දුකකින් වගේ..
ආගමික ප්‍රශ්න නිසා ලබපු අමිහිරි අත්දැකීමක් එක්ක ඒ මනුස්සය රට ඇත්හැරල ඇවිත්...අවුරුදු තුනකට හතරකට උඩදි වෙච්ච ඒ අත්දැකීම ගැන කතාකරන්න එයාට කැමැත්තක් තිබුණෙ නෑ..ජුලියන් දැන් ඉදන් ජීවත් වෙන්නෙ ශ්‍රීලංකාවේ...අපි වගේම ස්කූටරයක නැගල තමන්ගෙ ජොබ් එකට විසිටින් යන්න...එහෙම නැත්තන් සෙක්ෂන් බස් එකේ නැගල ගමන් යන එක එයාට අමුත්තක් නෙමෙයි....
.
ඒත් ඒ තමන්ගෙ මව් රට නෙමෙයි..
ආගම මිනිස්සුන්ව තමන්ගෙ කැමති දේවල් වලින් කොයි තරම්නම් ඈත් කරලද...සාමය, නිදහස, සතුට ලබ දෙනව කියන ඒ සංකල්පයම අපිව බෙදීමට, දුරස්ථභාවයට, පීඩාවට කොයිතරම්නම් පත් කරලද..?
.
ජූලියන් අපිට ආචාර කරල පිටවෙලා ගියා...මම ඩිරෙක්ටර් දිහා බැලුව...
" මිස්ට් මොහොමඩ්...ඩු යූ බිලීව් ඉන් රිලිජන්.."
පොඩි හිනාවක් එක්ක මට මෙහෙම උත්තරයක් හම්බවුණා...
" අයි ඩෝන්ට් බිලීව් තින්ග්ස් විච් අයි කාන්ට් සී..."
.
.
.
.
" ආගමක් නැත්තන් ඒ මිනිහා තිරිසනෙක් වෙනව " වරක් හාමුදුරු කෙනෙක් කියපු කතාවක් මට මතක් වුණා...
මම ආයේ මිස්ට මොහොමඩ් දිහා බැලුවා..
.
.
" සමහරවිට හාමුදුරුවන්ට වරදින්න ඇති..." මම මටම කියාගත්තා....
.
.
.
.
.
නෝටී...

ඔව් ජැක්සන් කිව්ව වගේ,....There's A Place In Your Heart....

වයසක සීයල දෙන්නෙක් හෝටලේ පැත්තට ඇවිදගෙන ඇවිත්...දෙහි මල්ලකුත් අරන්..පයින්ම දෙහි විකුණ විකුණ යන ගමන්...අපෙත් දෙහි අඩුවක් තිබුණ නිසාත් දෙහි අලුත් ගතියෙන් තිබුණ නිසාත් චෙෆ් තීරණය කරා කිලෝ දෙකක් අරගන්න...සීයල දෙන්න බිම වාඩි වුණා...පොලිතීන් බෑග් එකකට අතින් හිතේ මිම්මට දෙහි දානව..යම් ගාණකට දාලා අපිට දුන්න..
.
මෙන්න මහත්තයෝ කිරල බලන්න...ස්ටෝරු කාමරේ තියෙන ඉලෙක්ට්‍රොණික් තරාදියට දැම්ම...ආයේ හොදන්න දෙයක් නෑ,,,හරියටම කිලෝ දෙකයි..අඩුත් නෑ වැඩිත් නෑ...අපි ආයේ ආවා සීයා ලඟට...
" ඇයි මහත්තයෝ බර අඩුද..අඩුනම් කියන්න තව දාල දෙන්නම්.."
සීය කිව්වෙ ගාණකට නැතුව...ලොකු ගාණක් වුනෙත් නෑ...
මේ වගේම තමයි පොලේ ඉන්න හුඟක් ආච්චි අම්මල..අපේ අය ගිහින් පෙරැත්ත කරල කරල පුලුවන් තරම් අඩුවට තමයි ඒ මිනිස්සුන්ගෙන් එළවලුවක් පලතුරක් ගන්නෙ..අපි ෆුඩ් සිටියකට ගියහම එහෙම කරනන්නෑනේ...ඇයි..?
ලැජ්ජයි නේද...? අපේ ප්‍රතිරූපෙ ඒ මිනිස්සු ඉස්සරහ බිඳ වැටෙයි කියල...නැත්තන් අපි හිඟන්නො වගේ කියල හිතයි කියල...
හැබැයි දුප්පත් වෙලෙන්දගෙන් අපි පුලුවන් තරම් හූරන් කනව..පුලුවන් තරම් අඩු කරගන්නව..එහෙම කරන ගමන් අපෙන් හූරන් කන අපිට ඉහලින් ඉන්න පාලනයට දබරඟිල්ල දික් කරනව..අරුන් අපෙන් හූරන් කනව කියල...
ඉතිං අපිත් ඒකම කරනවනේ...අපි අපේම උන්ගෙන් හූරන් කනව, උනුත් උන්ගෙම උන්ගෙන් හූරන් කනව...වෙනස පරිමාණයෙ විතරයි.
.
එක තැනකින් මැදකින් මේක හදන්න අමාරුයි..හදනවනම් ඉහලම අත්තෙන් පටන් ගන්න ඕන...
.
අපි හැමෝටම වගේ තියෙන ඒ වගේම අනිත් අය ලඟ තියෙනවට අපි හැමෝම වගේ අකමති මේ වගේ ගතිගුණ හැසිරීම් ගෝනියක් විතර තියෙනව...ඒත් අපි දකින්නෑ, ඇයි..අපි අපිවම දන්නෑ..අපි අපිවම දැනගත්ත දාක මේ දේවල් ඉවත් කරල ලස්සන ලෝකයක් හදන්න පුලුවන් වෙයි...
.
ඔව් ජැක්සන් කිව්ව වගේ
There's A Place In
Your Heart
And I Know That It Is Love
And This Place Could
Be Much
Brighter Than Tomorrow
And If You Really Try
You'll Find There's No Need
To Cry
In This Place You'll Feel
There's No Hurt Or Sorrow

There Are Ways
To Get There
If You Care Enough
For The Living
Make A Little Space
Make A Better Place...

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

If You Want To Know Why
There's A Love That
Cannot Lie
Love Is Strong
It Only Cares For
Joyful Giving
If We Try
We Shall See
In This Bliss
We Cannot Feel
Fear Or Dread
We Stop Existing And
Start Living

Then It Feels That Always
Love's Enough For
Us Growing
So Make A Better World
Make A Better World...

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

And The Dream We Were
Conceived In
Will Reveal A Joyful Face
And The World We
Once Believed In
Will Shine Again In Grace
Then Why Do We Keep
Strangling Life
Wound This Earth
Crucify Its Soul
Though It's Plain To See
This World Is Heavenly
Be God's Glow

We Could Fly So High
Let Our Spirits Never Die
In My Heart
I Feel You Are All
My Brothers
Create A World With
No Fear
Together We'll Cry
Happy Tears
See The Nations Turn
Their Swords
Into Plowshares

We Could Really Get There
If You Cared Enough
For The Living
Make A Little Space
To Make A Better Place...

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me

There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me
.
.
.
නෝටී..

Tuesday, December 6, 2016

මුල් ප්‍රතිකාරය.....

හැම ලෙඩකටම පළමු ප්‍රතිකාරයක් ඕනේ..ඔව්..අපි සරලව ෆස්ට් ඒඩ් කියන්නෙ ඒකනේ..ෆස්ට් ඒඩ් තුවාලයකට භග්නයකට විතරක් නෙමෙයි අපේ එදිනෙදා හැම ප්‍රශ්නයකදිම වැදගත්..කායික වෙන්න පුලුවන් මානසික වෙන්න පුලුවන් ඒත් ෆස්ට් එකේ වැදගත් කම එහෙමමයි...මේ කතාව මේ සේරම ෆස්ට් ඒඩ් ගැන නෙමෙයි...එදිනෙදා අපේ තුවාල භග්න වගේ දේවල් ගැන....
.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම වගේ අනතුරකදි හැසිරෙන්න අවශ්‍යය මූලික කරුණු ගැන විවිධ මිත්‍යා විස්වාස තියෙනව...මේ ලන්නගදි වුණ සිද්ධියක් උදාහරණයකට ගත්තොත් ටිකක් රෑ වෙලා ආපූ රුසියානු පවුලක් හිටියා.මහන්සියෙන් ආපු ගමන්ම එයාලා රෑ කෑමට වාඩි වුණේ බඩගිනි නිසා වෙන්න ඕනේ...කෑම එක්ක අතුරුපසට බනානා ෆිටර්ස් ඕඩර් කරල තිබුණා, කෑම ටිකක් දුර කන්න ගත්තම ඒ පවුලේ තාත්තා මීමැස් මොරය හැදිල වැටුනා...ඒ මහත්තයගෙ බිරිඳ මුලින්ම කරේ කට ඇතුලට හැන්දක් ඔබන එක...මම කිඅන එක ඒ මනුස්ස්සයට තේරුන්නෑ, මම නොනවත්වාම කිව්වේ හැන්ද ඔබන්නෙපා ඒක අනතුරු දායකයි කියල..ඒත් කාලයක් තිස්සෙ තිබුණ විස්වාසය මට වඩා ඒ වෙලාවෙ ඉස්සරහට ගිහින් තිබුණා...විනාඩි ගානකින් ගැස්ම නැවතිලා මහත්තය නැගිට්ට..ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිහ..විනාඩි ගණනක් ඇතුලත ගැස්ම නොනවතිනවනම් වෛද්‍යවරයෙක් හමුවට ගෙන යන එක තමයි වෙන්න ඕනේ...මේක ලංකාව ඇතුලෙත් හුඟක් වෙලාවට වෙන දෙයක්..හැම දෙයක් ඇතුලෙම තියෙන දැනුම කාලයට සාපේක්ෂව අලුත් වෙනව..අපිත් ඒකත් එක්ක ඉස්සරහට යන්න ඕන...
.
.
මට මේ සිද්ධිය මතක් වුණේ අද අහම්ඹෙන් අවගේ ශ්‍රීලංකා රතුකුරුස සමාජය මෙහෙයවන ප්‍රථමාධාර වැඩමුළුවකට සහභාගී වීම නිසා...දේශකයා මගේ අතිජාත මිත්‍රයෙක්...තරිඳු චතුරංග...ගාල්ල දිස්ත්‍රික් ප්‍රථමාධාර සම්බන්ධීකාරකවරයා වගේම ප්‍රථමාධාර උපදේශකවරයෙක්...ලමයි ටික වට කරගෙන ඒ ලබා දෙන දැනුම ජීවිත කාලයටම වැදගත් කියල මට හිතුනෙ හුඟක් වෙලාවට අත්දකින කලින් කිව්ව වගේ සිද්ධි නිසා...ඒ දැනුම නිසාම අපේම සමීපතමයන්ගෙ ජීවිත බේරගන්න කොයිතරම් අවස්ථාවල උදව් වෙයිද කියන එක විස්තර කරන්න බැරි තරමේ වාසියක්....
පොඩි තුවාලයකට කොපි කුඩු දැමීමේ ඉදලා සර්ප දෂ්ඨනයකට තිරිංග දැමීම වගේ දේවල් දක්වාම අපේ සමාජයේත් තියෙනව අනතුරකට පසු එළඹෙන මිත්‍යා ක්‍රමවේද රාශියක්...සමහර වෙලාවට අපි මිනිසෙක් බේරාගැනීමේ චේතනාවෙන් කරන නමුත් ඒ දෙයින්ම අදාල පුද්ගලයාට මරණය පවා ලඟා කල හැකි අන්දමේම...
.
.
ඉතින් හැකිතාක් මේ වගේ සංසිද්ධි ගැන දැනුවත් වෙමු..දැනුම හැම අංශයකින්ම හැකි තරම් ලැබා ගැනීමයි වැදගත්...හැම විටම අප අවටින් 60%ක්වත් මේ පිළිබඳව දැනුවත් වී තිබීම වැදගත්...සමහර විට වෛද්‍යවරු පවා මේ දේවල් නොදන්න අවස්ථා අනන්තවත් තියෙනව...
වාසනාවට මට ඉන්නව එකෙක් ඕනේ වෙලාවක ඒ ගැන දැනුවත් වෙන්න පුලුවන්...ඒක විශාල සමාජ සේවයක් වගේම ඔවුන් සමාජ සම්පතක්...
.
.
.
.
.
නෝටී

Sunday, December 4, 2016

ෆකින් 100....

බ්ලොග් එකට මාසයක් නෑ...පිටු 14ක් විතර ලිව්වා...ඔව් වෙන මොකකටවත් නෙමෙයි, අත්දැකීම් බෙදාගන්න ලොකු උණක් තියෙනවනේ..ඒකයි...ඒ හැම පිටුවකටම වීව්ස් එනවනේ..අඩුම එකක් දෙකක් හරි..බ්ලොග් එකේ පැත්තක බොත්තම් කීපයක් තියෙනව..ඒවයෙන් පුලුවන් බ්ලොග් එක ගැන විශ්ලේෂනය කරන්න..වැඩියෙන්ම වීව්ස් තියෙන්නෙ කොයි ඒවටද, දවස ගානේ තියෙන වීව්ස් කොහොමද වගේ දේවල්...නිකමට වගේ මමත් ඕව බැලුව...ඔව් පිටු දෙකකට තියෙනවනේ 100 පන්නල වීව්ස්..අනිත් හැම එකටම වගේ ඒකෙන් බාගයයි වැඩිම වුණොත්...
.
ලොකු වෙනසක් නෑ..හැම එකකම තියෙන්නෙ අත්දැකීම්නේ..ඇයි එහෙම වෙන්නෙ..අඩුම එකයි වැඩිම ඒවයි අඟලෙන් අඟලට කම්පෙයා කරා..වැඩි දුර යන්න ඕනේ නෑ..මාතෘකාවෙන්ම පෙනුනා වෙනස.. අඩුම එකේ මාතෘකාව "ඉගෙනීම" කියල පටන් ගනිද්දි වැඩිම දෙකෙන් එකක් "නිරුවත" අනික "ෆකින්" කියලත් ස්ටාර්ට් කරල තිබුණෙ..
.
ඔව් ඕනෙම දෙයක් ඇතුලාන්තය තීරණය කරන්නෙ මාතෘකාවනේ..වැඩියෙන් මාකට් වෙන්නෙ එතකොට කුනුහරුප සහ නිරුවතද..?
.
එහෙම වෙන්න ඕනේ..හරය මොක වුණත් කවරෙට හිත යනවනම් ඕන මගුලක් මේ සමාජෙ මාකට් කරතෑකී...පිට ඔපේට රැවටෙන එක අපේ ජානගත පුරුද්දක් වෙලා..කලාතුරකින් තමයි ඇතුලාන්තෙට අපි ආදරේ කරන්නෙ..ඒ ගැන හොයල බලන්නෙ..ඔව් අපේ දෘෂ්ටිය හරි පටුයි..සිද්ධියක් නියම විශාලත්වයෙන් දකිනවට වඩා අපි හුඟක් වෙලාවට හරිම කැමතියි පොඩි පොඩි කොටස් දකින්න...සංකීර්ණ ජීවිතවල පුහු සරලත්වය ඕකයි...සරල කරගන්න ඕන ජීවිත සංකීර්ණ කරගෙන සංකීර්න කරගන්න ඕන දැක්ම අපි පුලුවන් තරම් සරල කරගන්නව....
.
ඔව් මේ පිටුවටත් ඒ වගේම මාතෘකාවක් තමයි හරියන්නේ...
.
.
දවසෙන් දෙකෙන් මේකත් වීව්ස් රෙකෝඩ් එකක් තියාවී...ඒත් ඒක සතුටට නෙමෙයි අපි ගැනම දුක හිතෙන කාරණයක් වේවී...
.
.
.
.
.
නෝටී

Saturday, December 3, 2016

වෙයාස් මයි ෆකින් ටවල්.........

"අයුබෝවන් ගෙස්ට් රිලේෂන් හව් මේ අයි ඇසිස්ට් යූ"
පිළිගැනීමේ අංශයේ දුරකතනයට පිළිතුරු දෙන්නෙ එහෙම...ඒ කටහඬ මගේ..
" යා දිස් ඊස් රූම් වන් ෆෝ ටූ, වී ඩෝන්ට් හෑව් දැට් බිග් ටවල්ස් ඉන් හියර්..."
පිරිමි කටහඬක්...ශ්‍රී ලංකාවේ අමුත්තෙක්....
" සොරි ෆොර් ද ඉන්කන්වීනියන්ස් සර්, වීල් සෙන්ඩ් ඒසැප්.."
ඔව් හරි නම් කාමරය විකුණන්න කලින්ම ඒ දේවල් කාමරයේ තියෙන්න ඕනේ...ඇයි නැත්තෙ එහෙනම්...ඊලඟට ෆෝන් කෝල් එක මගෙන් සුපවයිසර්ට...
" විජිතයෝ,142 දැන් කතා කරා.. කෝ බං ටවල්.."
" ලොන්ඩ්‍රි මැෂින් එකක් බ්‍රේක් ඩවුන් බන්..." "03 පහු වෙයි ටවල් රෙඩි වෙද්දි.."
මදැයි...ආයෙත් කෝල් එකක් ඒ කාමරෙන්ම....ඒ පාරනම් ටිකක් සැරයි කතාව..ආයෙත් ගත්ත කෝල් එකක් සුප්පට...
" විජිත,අරයිවල් රූම් එකකට දාපු එකක්වත් අරන් දාපන් බං ඉක්මනට.."
.
විනාඩියයි ගියෙ...ආයෙත් රින්ග්ස් යනව.. " වෙයාස් මයි ෆකින් ටවල් මෙන්..."
" ඉට්ස් ඔන් ද වේ සර්." දඩාස් ගාලා සද්දයක් ඇහුනා..මම හිතන්නෙ මිනිහා ෆෝන් එක පොලවේ ගැහුවා...
පෞද්ගලික ජීවිතේදී එහෙම වුණානම් මරාගෙන මැරෙන්න හිතෙන තත්ත්වයක්...ඒත් මේක රස්සාව..ලෝකේ මිනිහෙක්ට කරන්න තියෙන අමාරුම රස්සාවල් වලින් එකක් තමයි මේක...ඒ මිනිස්සු එක්ක ගණුදෙන කරන එක...ඒකත් සේවය ලබාගන්නා සෑම විටම හරියි කියන ගෝල්ඩන් රූල් එකකුත් එක්ක...ලොකු විනයක් නැතුව, ඉවසීමක් නැතුව කරන්න බැරි වැඩක්...ඉස්සරනම් හොටෙල් එකක වැඩ කිව්වම මටත් හිතුනෙ සමාජෙන් දීපු ආකල්පෙමයි..අපෝ බාල රස්සවක්නේ...අන්තිමේදී මමම එතනට ආවම පෙනුන, නෑ රජයේ සේවකයෙක්ට වඩා වැදගත් අපහසු කාර්‍යයභාරයක් මේ මිනිස්සු කරනවනේ කියල...රෑ දවල් නොබලන ශිෆ්ට් එක ගැන තැකීමක් නොකරන, සේවය ලබාගන්නාට උපරීම සැලකීමක් දෙන, ජොබ් එකට අදාල රාජකාරිය පමණක් කරනව කියන මුග්ධ අහංකාරකම කරපින්නා නොගත්තු මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක් වුණා...
ඇත්තෙන්ම මට විනය පුරුදු කරේ පාසල පන්සල නෙමෙයි රස්සාව සහ හෝටල් පාසල...
.
එක එක මිනිස්සු, එක එක අවශ්‍යතාවයන්..ඒ හැමදේටම ඔරොත්තු දෙන වගේම කලමණාකරණය කරගන්න පුලුවන් මිනිස්සුන්ගෙන් හැදිච්ච ස්ටාෆ් එකක්...ඒක හරිම සුන්දර පරිසරයක්...ඒකාකාරී නෑ..පොඩ්ඩක්වත් නෑ..හැමදාම අලුත් අත්දැකීමක්,අලුත් සිද්ධියක්....අදත් ඒ වගේ...
.
කාලයක් බදු දීල තිබිල බාරගත්තු හෝටලයක පිළිගැනීමේ අංශ කලමණාකරු වෙච්ච මට තියෙන වගකීමක් තමයි පහුගිය කාලයේම අමුත්තන් අන්තර්ජාලයට එක් කරල තියෙන අඩු ලකුණු සහිත ඇදහස් වෙනුවට අලුතින් වැඩි ලකුණු එක් කර ගැනීම...පලවෙනි මාසෙ අගදි 6.6 ඉදල 6.7 වෙනකන් උස්සගත්ත...ඊයේ හවස වෙද්දි ඒක 6.8 වෙනකන් ආවා...ඔව් ඒක ලොකු ජයග්‍රහණයක්...ඒත් අද උදේ ඒක ආයේ 6.7 වෙලා...හිත පොඩ්ඩක් ගැස්සුනා..ලකුණු 2.5ක අදහස් දැක්වීමක්..කොහෙත්ම සාධාරණ නොවෙන විදිහේ දැක්වීමක්..ඒත් එපා කියන්නද...අයින් කරන්නද...බැහැ..අලුතින් ආයෙ මහන්සි වෙනව මිසක් ඒ වෙනුවෙන් වෙන ක්‍රියාමාර්ගයක් නෑ...
.
හුස්මක් ගත්ත...ඒක එහම වුණාවේ..ඉදිරිය ගැන බලමු...
.
මේක සංකීර්ණ රස්සාවක්, රැයක් දවාලක් නැති, කාලයක් වෙලාවක් සතියෙ දවස් ගැන පවා හැඟීමක් නැති අමුතුම රස්සාවක්..ඒත් මම ඒකට ආදරෙයි..එක දෙයක් ස්තීරයි..හුඟක් රස්සාවල්වල තියෙන බෝරිං ගතිය මට නැහ...
හැමදාම අලුත් දෙයක්..ඔව් මම ආස කරන ක්‍රමය ඒක...
.
.
.
.
නෝටී

Tuesday, November 29, 2016

සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....

ඊයේ රෑ ගෙදර ගියේ මාසෙකින් වගේ...එක දිගටම මාසයක් වැඩ කරා කියන එක එච්චර ගානක් වුණේ නැති වුණාට ගම කියන එක මතු කරන්නෙ වෙනමම හැඟීමක්...විස්තර කරගන්න බැරි අමුතු නිදහසක් ඔලුවට දෙන්න, හිනාවක් මූණට දෙන්න, සැහැල්ලුවක් ඇඟටම දෙන්න පුලුවන් එකම තැන ගම...
වේලිච්ච දෙසැම්බර් හුළඟ ඇඟට ගේන්නෙ තෙහෙට්ටුවක් නම් නෙමෙයි...නොවැම්බර් ඉවර වෙන්නත් කලින්ම ආවේ ආදරේටද, තරහටද කියන්න බැරි වුණාට ඒ සීතලට හිත යටින් මම ආස කරා...
ගෙදරදි තමයි මතක් වුණේ වැදගත්ම ඊමේල් වගයක් තියෙනව නේද යවන්න කියල...උදේ නැගිටල ආයෙත් ආවා...එන ගමන් පුරුදු තේ කඩේ ගාව වීල් එක නවතින්නෙ ඉබේටම...කොණකට වෙන්න වීල් එක නවත්තද්දිම කජු, කඩල විකුණන වයසක මාමා කෙනෙකුත් ආවා..කජු කඩල මල්ල අයිනකින් තියල කොලේකින් වහපු මාමා කඩේ පිටි පස්සට ගියා...තත්පර ගාණයි ගියේ මෙන්න මිනිහා තැන තැන වැටිච්ච කොල අතුගානව ඉදලත් අරන්...
.
මම දන්නව කඩේ මිනිස්සු කවදාවත් ඕක කරන්න ඒ මනුස්සයට කිව්වෙ නෑ කියල..ඒත් ඒ මනුස්සය කිසි හාවක් හූවක් නෑ දිගට වැඩ...
මිනිස්සු කොයි තරම් නම් සුන්දරයිද...?
.
අපේ තියෙන වැරැද්ද සිද්ධියක් දැක්කම ඒකත් එක්ක බැදිච්ච දාහක් දේවල් ඔලුවට තත්පරේට ගලාගෙන එන එක...මමයි කියල වෙනසක් නෑනේ..හිත ගියේ ඒ ලෙවල් ලාස්ට් ඉයර් එකට...ස්කෝලෙ නොගියත් කෙල්ලව බලල කතා බහ කරගන්න මම 1.30 වෙද්දි පානදුර බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකට නගින එක වරදින්නෑ...
එදත් පුරුදු විදිහටම මිද්දෙනිය බස් එකේ ආවා...අලුත්ගමින් පුරුදු විදිහටම කජු කඩල විකුණන අය කීප දෙනෙක් නැග්ග...මම ඊලඟ එකෙන් බහින්න ඕනේ නිසා ෆුට් බෝඩ් එකට බැස්ස...බෙන්තර පාලම කිට්ටු වෙද්දි වයසක කඩල කාරයෙක් මට උඩට එන්නලු..මම කිව්ව මම බහින්න ඉන්නෙ තව ටිකකින් ආයේ උඩට එන්න දෙයක් නෑ කියල...මේ යකා මට පාරකුත් ගහගෙන එක පාරටම පාලම් දෙක මැද්දෙ බස් එක ස්ලෝ වෙද්දි පැන්න...මට පුදුම කේන්තියක් ආවේ...ඒ වෙලාවෙ අහු උනානම් ඕකව ගඟට දානව කියල මම කොන්ද එක්කත් කිව්ව...කේන්තිය හිතේ හුඟක් වෙලා තියෙන්නෑ..ඒක අමතක වුණා....දැන් අවුරුදු 09ක් වෙනව...අදටත් ඒ මනුස්සය කජු කඩල විකුණනාව...
ඔව් ඒ මම එදා වෛර කරපු මිනිහ...අද මම සොඳුරු මිනිහෙක් විදිහට දකින මිනිහ.. දෙන්නෙක් නෙමෙයි...ඒ එක්කෙනෙක්....
.
හැම කලු පසුබිමකම පොඩි හරි සුදු තිතක් හරි තියෙනවමයි....හැම මිනිහෙක් ලඟම හොඳ නරක දෙකම තියෙනව...මේ දෙක කලමණාකරණය කරගන්න විදිහටයි අපිව සමාජයෙන් හංවඩු ගහන්නෙ...
.
.
අන්තිමට මටම හිනාවක් ගියා...ෆිල්ටරේටම පත්තු වෙච්ච ඩන්හිල් එක අයිනට දාලා පාගල මම වීල් එක ස්ටාර්ට් කරගත්ත...
.
ඔව්....කාලයක් මම වෛර කරපු මිනිස්සුම මම ආදරේ කරන වුන් වෙලා...මම ආදරේ කරපු උන්,....
උන්ට සමහර වෙලාවට මම උන්නද මලාද මතකත් නෑ...
.
ආදරේ කරන මිනිස් ගොඩ අඩු කරගන්නෙක හරි නෑ...වෛර කරපු උන්ගෙ හොද හොයන්න මම හිතා ගත්තා...ඒ හොදට ආදරේ කරල ආදරේ ගොඩ වැඩි කරගන්න ඕනේ...
.
ලෝකෙටම ආදරේ කරන එක එතකොට මහ දෙයක් නෙමෙයි...
.
.
සේකර නේද කිව්වෙ.. " ලෝකය තනි යායක්" කියල.....
.

.
.
.
.
.
.
නෝටී

විඳින්න...ඔව් පුලුවන්...

උදේම වැඩට බැහැල උදේ 10ට විතර බැල්කනියට ගියේ ටිකක් රිලැක්ස් වෙන්න..පාර දිහා බලන් ඉන්නෙක ටිකක් ඒකාකාරී වුණාට දිගටම වැඩ කරනවට වඩා ඒක සහනයක්...ටිකක් වෙලා ඉදිද්දි සමනලයෙක් ඇවිත් ටී ශර්ට් එකේ වැහුවා...ඇඳන් හිටපු ස්කූල් ගෙට් එකේ ගත්තු ටී ශර්ට් එක තිබුණ බැච් එකට තමයි සමනලය ඇදිලා ආවේ...නිල් පසුබිමේ තියෙන කහ පැහැයට තමයි සමනලය ඇඳිල අවේ...මම හෙලවෙන්නැතුව බලන් හිටිය...ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගන්න ඕනේ වුණත් මට ඊට වඩා ඒ දිහා බලන් ඉන්න එක වටිනව කියල හිතුනා...තත්ත්පර ගාණකින් ඌ ඉගිලිල ගියා...ඒ තත්පර ගානම වෙන මුකුත් මට තිබුන්නෑ...මට ලෝකෙම අමතක වුණා කිව්වොත් හරියටම හරි....මම විනාඩි ගාණක් බලන් හිටියත් ඌ ආයේ ආවේ නෑ... මොහොතකට මම සතුටක් වින්දා...ලොකු ගාණක් වියදම් උනේ හෝ ලොකු ප්ලෑන් එකක් ගහන්න ඕන වුණේ නෑ...විමසිල්ලෙන් බලන් ඉන්න විතරයි තිබුනේ...
.
අපේ ජීවිත ඒ වගේ..විඳින්න දේවල් අපේ අවට අනන්තවත් තියෙනව..එහෙම තියෙද්දිත් අපි ජීවිතේ ඈත තියෙන ඒව දිහා බලාගෙන හූල්ලනව..
ඇයි..?
මිනිස්සුන්ගෙ පුදුමාකාර ගතියක් තියෙනව ඒකයි ඒ..
මොකක්ද ඒ ගතිය...? ඒ තමයි නොලැබෙන හෝ නොලැබුණ ඒව අපිම හයිලයිට් කරගන්නව...ඒ දේවල් තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියල හිතාගෙන ඉන්නව..ජීවිතේ අපිට මිස් වුණ අවස්ථා හෝ දේවල් ලැබුණානම් කියල අපි වොරි වෙනව..හරියට කඩල අහුර අතට ගත්තු වඳුර වගේ..බිම වැටිච්ච එක ඇටයක් වෙනුවෙන් අපි අතේ තියෙන අහුරම පැත්තකට දාලා වද වෙවී ඒකම හොයනව..ඒ මත්තෙම මැරෙනව..ඒ වෙනුවෙන් ජීවිත කාලෙම වැය කරන්න වුණත් ලෑස්තියි හැබැයි ඇහේ වදින ටොකු ඇනල වට පිටාවෙන් අපිට දෙන සරල දේවල් ගැන අපිටම තැකීමක් නෑ...වදවීමක් නෑ...
හිනාවෙන්න හේතු දාහක් ඇස් ඉස්සරහ තියෙද්දි අපි කඳුලුම මාකට් කරනව...ඇයි, ඒකේ සංවේදී ගතියක් පෙන්නන නිසා වෙන්න ඕනේ..නැත්තන් දුක් වීම හිනා වෙනවට වඩා ඇඟට දැනෙන නිසා වෙන්න ඕනේ...
.
.
ජීවිතේ හරිම සරලයි...උපදින්න වගේ මැරෙන්න වගේ අමාරුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි...ඒත් අපි විසින්ම ඒක සංකීරිණ අපහසු දෙයක් බවට පත් කරගන්නව...
වට පිටාව දිහා ඇස් ඇරැල බලන්න., මම කියන මේ කූඩුවෙන් එලියට පනින්න තරම් හයියක් හෝ වුවමණාවක් අපිට නෑ..
.
ඒකෙන් එළියට පනින්න පුලුවන් මිනිස්සු ලෝකේ ලස්සනට දකිනව...එහෙම නොදකින මිනිස්සුන්ට අනුකම්පා කරනව...ඔව් ගමේ බාසාවෙන් කියනවනම් "අපි පව්"...
.
අපි අපිවම පහල ඇදල දාන ගමන් වටපිටාවට දොස් කියනව...
ඇයි මටම..? හැම තිස්සෙම අහන ප්‍රශ්නෙ වෙනස් කරමු...
මට මේ ඇති, කියන තැනට එමු.....
.
.
ජීවිතේ සරලයි, මැරෙනවට උපදිනවට වඩා ඒ දෙක මැද්දෙ ජීවත් වීම හුඟාක් ලේසියි...බලෙන් ජීවිත සංකීර්ණ කර නොගන්නවා
නම්...
.
.
.
.
නෝටී

Saturday, November 26, 2016

" පුංචි මහත්තය කෑවද "

මිනිස්සු ගෞරවය බලාපොරොත්තුවෙන්නෙ ඇයි කියන එක මට දැනුම් තේරුම් තිබුණ කාලේ ඉදන්ම ලොකු ප්‍රශ්නයක් වුණ දෙයක්...තව කෙනෙක් තමන්ට සර් කියන්න,යටහත් පහත් වෙන්න, වැඳුම් පිදුම් කරන්න ඕනේ කියන මනසිකත්වය එන්නෙ මොන වගේ දෙයක් නිසාද කියන එක මට ටිකක් ප්‍රශ්නයක්...
මම විස්වාස කරන්නේ ගෞරවය තමන්ට අවශ්‍ය නම් උපයා ගැනීමේ ( ප්‍රශ්ස්ථව ) වැරැද්දක් මම දකින්නෙ නෑ....එහෙම නැතුව ගෞරවය බලහත්කාරයෙන් ලබා ගැනීම සමස්ත ප්‍රජාවටම කරන සදාචාරාත්මක වැරැද්දක් විදිහට මම දකිනව...
ගෞරවය බලාපොරොත්තු වන්නා වගේම ගෞරවය ලබාදෙන්නත් අතරෙත් විවිධ ප්‍රභේද තියෙනව...ඒ ප්‍රභේද අස්සෙ ඉන්නව යටටම වෙලා තැලුන පොඩි වුණ කොටසක්..එයාල හිතනව තමන් ජීවත් වෙන්නෙ අනුන්ට යටහත් පහත්ව ජීවිතය ගෙවන්න කියල...
කුල ක්‍රම සමාජයෙන් ඉවත්වෙලා ඩිජිටලීකරණය වගේ සංකල්ප වලට ඔලුව දමමින් ඉන්න කාලයක වුණත් අපේ අවට මේ දේවල් හිඟ නෑ...
මගෙ පලවෙනි රැකියා ස්ථානයෙදි මට හම්බ වුණා එහෙම කෙනෙක්...උද්‍යාන කටයුතුවලට යොමු කරල තිබුණ ඒ මනුස්සය කියන ඕනෙම වැඩක් නෑ බෑ නොකිය කරල දැම්ම කෙනෙක්..ඒ වගේම තමන්ගෙ ජීවන තත්ත්වය ගැන අනිත් හැමෝගෙම උසුලු විසුලු වලට ලක්වුණ කෙනෙක්...කවුරු මොනව කිව්ව්වත් හිනාවෙලා ආයේ විහිලුවක් කරන පුරුද්දක් ඒ මනුස්සය ගාව තිබුණ...
.
හැමදාම මාව දැක්කම ආ පුංචි මහත්තයා කියල මිනිහා කියන්නෙ ඇයි කියල මට තේරුණා..දෙතුන් පාරක් මම කිව්වත් මම ටයි එක දාගෙන හිටියට විධායක ශ්‍රේණියෙ නෙමෙයි කියල මිනිහ නෙමෙයි තෙරුම් ගන්නෙ....අන්තිමේදී මම ඒකට හුරු වුණා..පුංචි මහත්තය කියන්නෙ මට තියෙන ආදරේටද, නැත්තන් මගෙ ටයි පොල්ලට ගෞරව කරන්න ඕනේ කියන හැඟීමටද කියන එක ඒ මනුස්සයවත් දන්නවද කියන එක මට සැකයි...
.
සමාජයෙන් එන පීඩනය එක්ක තමන්ට ඉහලින් ඉන්න ඕනෙම මිනිහෙක්ට යටහත් පහත්ව සලකන්න ඕනේ කියන අනිච්චානුග හැඟීම ඒ වගේ ම්නිස්සුන්ව වෙලාගෙන ඉවරයි..ඒක හරියට ඇබ්බැහියක් වගේ.. අයින් කරන්නම බැරි තරමට ඇබ්බැහිවුණ...
.
ඒ අයව එතනින් එලියට ගන්න එක එහෙම නැත්තනම් ඒ මානසිකත්වයෙන් මුදවන එක ලේසියෙන් ඉක්මනින් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි..ඒක හරියට අඩි ගාණක් ගැඹුරෙ ගිලිල ඉන්න මිනිහෙක්ව එක පාර උඩට අදිනව වගේ වේවී..ඒකෙන් ඒ මනුස්සය පීඩන වෙනසට ඔරොත්තු නොදී මැරිල යන්න පුලුවන්..අපි එක්කො හෙමීට පියවරෙන් පියවර ගන්න ඕනේ..නැත්තන් එතනම ඉන්න තියල ඔක්සිජන් දෙන්න ඕනේ...
.
උඩට ගන්න තරම් වැය කරන්න කාලයක් මට නැත්තන් මම කරන්නෙ ඒ මිනිස්සුන්ට අවශ්‍ය ඔක්සිජන් දෙන එක...කතා බහ කරල පවුලෙ විතර ජීවීතෙ ගැන විස්තර අහල ඉහිල් වෙන්න අවස්තාවක් හදල දෙන එක...ඒක ඒ මිනිස්සුන්ට මහමෙරක් වගේ, අපිට ඕන්නම් විනාඩියක් දෙකක් යයි....
.
මෙ හතර වටේම ඉන්නෙ අපි වගේම අහඹුවකින් ලෝකෙට ඉපදිච්ච අපේම වර්ගයේ උන්...ශිෂ්ටත්වයේ හැව නිසා අපි අපේම වර්ගයා එක්ක තරගයක වැටිලා.... ලගාකරගන්න පුලුවන් කියල හිතන හෝ හිතෙන නමුත් රියැලියෙදි බැරි අසීමිත සතුටක් හොයනව...
.
විස්වාස කරන්න ඒක පවතින යමක් නෙමෙයි...සතුට තියෙන්නෙ මේ මොහොත ඇතුලෙ..ඒක හොදින් වියදම් කරොත් ගෞරව වගේම සතුටත් ඉබේම එනව...
.
.
" පුංචි මහත්තය කෑවද " ඒ වචන මට මතක් කරන්නෙම ඒක....
.
.
.
.
නෝටී..

Friday, November 25, 2016

අහසයි යාලුවොයි විස්වාස කරන්නෙපා

පවුලක් කිව්වම අපේ ඔලුවට එන්නෙ මොකක්ද...? අම්ම තාත්තා ඇතුලු පිරිසක් ඉන්න මිනිස් සමූහයක් නේද..? පවුලක් කියන්නෙ එහෙම එකක්ද..?
මම නෑ කිව්වොත් පිළිගන්නවද..? බලමු මම ඒත්තු ගන්වන්නම්...
.
අම්ම තාත්ත ඇතුලි ඒ පිරිසට එහෙම නැත්නම් ජානගතව බැඳුනු ඒ පිරිසට අපි කියන්නෙ ජීව විද්‍යාත්මක පවුලක් කියල...ඒ හැරෙන්න අපි එදිනෙදා ජීවිතයේ පවුලෙ අය වගේම ඒ කිවේ ජානගතව බැඳුන අය වගේම හෝ ඊටත් එහා ගිය තරම් බැඳිච්ච මිනිස්සු ඉන්නව..සමහර වෙලාවට පවුලෙ අයටත් වඩා සමීප හිතවත් අය...සමහර වෙලාවට පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින අය වෙන්නත් පුලුවන්...බොහොම කලාතුරකින් ලැබෙන තාලේ අමිහිරි අත්දැකීමක් ලැබීම නිසාම මේ සටහන කොටන්න හිතුවා..මතකයට ගන්න පවා අකමැති මූලාශ්‍රයක් වුණත් මේක සයිබරයේ කෙටෙන්නම ඕනේ කියල හිතුනා...ඒක නිසාම අමිහිරි පැතිකඩ වෙනුවට මම එක මිහිරි මතකයක් තෝරගන්නම්...
.
ආසන්න වශයෙන් මීට අවුරුදු දෙකකට විතර උඩදි මම එච්චරම ඇදුනුම් කමක් නොතිබුණ ගෙදරකට ගොඩ වදින්නෙ අහම්බෙන් වගේ යාලුවෙක් මාර්ගයෙන්...ගෙදර ගෘහ මූලිකය මගේ ආයතනයේම සේවකයෙක් වුණාට මම කලින් නොගිය තැනක්...ඒ වෙලාවෙ අදාල පුද්ගලයා මගෙන් ඉල්ලීමක් කලා තමන්ගෙ පුතා උසස්පෙළින් පස්සෙ ගෙදර ඉන්න නිසා ඒ ආයතනයේම රැකියාවකට ඇතුල් කරන්න පුලුවන්ද බලන්න කියල...
මම ඊට පහුවෙනිදම කලමාණාකාරතුමා හරහා ඒ මල්ලිව සම්මුක පරීක්ෂණයකට යොමුකලා... සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණ ළමය මගේම දෙපාර්ථ්මේන්තුවේ තමයි වැඩ කරේ..අදාල දෙපාර්ථ්මේන්තුවේ හැමදේම මුල ඉදල පැහැදිලිව කියා දුන්න...කොල්ලත් ඉක්මනට අල්ලගත්ත වගේම අපි ඉක්මනටම හොද යාලුවො වුණා..හේතුව දෙන්නම එක වගේ ලගින් යන මෝල් ගති  ලක්ෂණ දැරීම වෙන්න ඇති...
කාලෙත් එක්ක මිනිහ අවස්ථා හොයාගෙන ගියා. ඒවගෙම අවස්ථා හම්බ වුණා.. හෝටලයක සහය කලමණාකාරවරයෙක් විදිහටත් එතනින් ඉස්සරහටත් ගියා...
ඒත් වෙනසක් නෑ..අදටත් උගන්නපු තැන මතකයි..ඒ මිනිහව මතකයි..ඒ ගෞරවය, මිත්‍රකම ඇතුලාන්තෙන්ම තියෙනව...එක දවසක් මට හරි ලස්සන කතාවක් කිව්ව.. "ජනිය මම ගෙදර ඉදිද්දි මාව ජොබ් එකට දාලා උඩට යන්න ඉඩක් හැදුවෙ උබ...කවද හරි උබ වැටුනොත් මම උබවත් ඒ විදිහටම ඇදල ගන්නව මචං " කිව්ව..ආයෙ ඒ කතාවෙ හෝදන්න දෙයක් නෑ...ඌ කරනව...
.
ඒ වගේ බොහෝම කලාතුරකින් මුණ ගැහෙන සොදුරු මිනිස්සු කිහිප දෙනෙක් අස්සෙ ඉදල හිටල දිය රෙද්දෙන් වුණැත් බෙල්ල කපන්න පුලුවන් විදිහේ ලාමක පොරවල් ඉන්නව...එහෙම මිනිහෙක් මට හම්බ වුනාම මට හැමදාම මතක් වෙන්නෙ තාත්ත කියන කතාව..
.
" ජනිත්, අහසයි යාලුවොයි විස්වාස කරන්නෙපා "...
.
තාත්තගෙ කතාවකින්ම මම මේ වියමන ඉවර කරන්නම්....
.
"මුලු ලෝකෙටම කොන්දේසි විරහිතව ආදරේ කරන්න පුලුවන් මිනිස්සු හරි ටිකයි ඉන්නෙ...අන්න ඒ වගේ උන් ආස්සරේ කරපං..."
.
.
.
.
.
නෝටී.......


Thursday, November 24, 2016

ඉගෙනීම කියන්නෙ

මිනිස්සු ජීවිත කාලෙම ඉගෙන ගන්නව කියල මට මුලින්ම කියල දුන්නෙ තාත්ත..ඒ වෙනකොට මම දැනන් හිටපු එකම ඉගෙනීම ස්කෝලෙට ගිහින් පැය ගාණක් අහන් ඉදල ගන්න දැනුම......
පොඩිම දවස්වල මට සෙල්ලම් බඩු ගෝනිගනන් තිබුණෙ නෑ..කොටින්ම එකක් දෙකක්වත් නොතිබුණ කාලයක් තිබුණා..ඒත් ඒක ලොකු ගැටලුවක් නොවුණෙ මට ඕනේ කරන විදිහේ සෙල්ලම් බඩු කඩේ නැති බව මම දැනන් හිටපු නිසා ඒවා මමම මට ඕනේ විදිහට හදාගත්තු නිසා...ගිනිපෙට්ටි වලින් ඩබල් කැබ් එකක් හදාගන්න, වැලි ගොඩේ තියෙන පාට දෙක් තුනක තිරුවානා කැටවලින් හමුදාවල් වගේම ඒවයේ අණ දෙන අයව හදාගන්න මට ගියේ විනාඩි ගාණයි...හිස් ෆිලමන්ට් බල්බ් පෙට්ටි කීපයක් බිල්ඩින්වලට අරගත්තම ඒව මට පෙනුනේ කොලඹ වෙළද මධ්‍යස්ථානේ නිවුන් බිල්ඩින් වගේමයි...යුද්ධේ ඉවර වෙලා සමහර වෙලාවට ඒවා ගිණි ගත්තේ යුද්ධෙ අතුරු ඵල විදිහට....ඒ දේවල් මගේ බුද්ධිමට්ටම තීරණය කරන්න බලපාන්න ඇති කියල මම දැනගන්නේ තරමක් වයස ආවහමයි..ඇඟිලි ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩිපුර කිරීම මඟින් පොඩි ළමයින්ගේ මොලයේ වර්ධනය වේගවත් වෙනවලු....
.
එතනින් එහාට පොතේ තියරියෙන් විතරක් දෙයක් කරන්න බෑ කියල මම තේරුම් ගත්තෙ ජොබ් එකට ආවහම...මට මතක් වුණේ ආයෙත් තාත්ත නිතරම කියන කතාව...
.
" පුතේ අධ්‍යාපනය කියන්නේ භාවිතාව.."
.
ඔව් ඒක ඇත්ත...අපි පොතෙන් පතෙන් එකතු කරගන්නෙ දැනුමක් විතරයි..ඒක අධ්‍යාපනය වෙන්න නම් අත්දැකීම් එකතු වෙන්න ඕනේ...
1 වසරෙ ඉදන්ම කොල එකතු කරල ස්ටෙප්ලර් කරල තිබුණත් ඒක වඩාත් කාර්‍යක්ෂම වෙන්නෙ අංශක 45ක කෝණෙකට ගැහුමවයි කියල මම ඉගෙන ගත්තෙ අවුරුදු 25දි මගේ කලමණාකාරවරිය කියාදුන්නම...ඒක මගේ කිසිම පොතක තිබුණෙ නෑ...
අමුත්තෙකුට තමන්ගෙ ණය පතෙන් හෝ සල්ලි වලින් යන දෙකෙන් ගෙවීමේ පහසුකම් තිබිය යුතුයි කියල මම පොතෙන් ඉගෙන ගත්තට දෙකෙන්ම කොටස කොට්ස ගෙවන්න ආවොත් මොකද කරන්නෙ කියල මම් ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්.....
අමුත්තෙක්ගෙ ප්‍රශ්නයක් විසඳන්න පියවර පහක් තියෙනව කියල පොතෙන් ඉගෙන ගත්තට ඒ 5 එක එක ජාතීන්ගෙන් ජාතීන්ට වෙනස් කරන්න ඕනේ කියල මම ඉගෙන ගත්තෙ අත්දැකීම් වලින්...
.
ඔව් වඩාත් නිවැරදිව කිව්වොත් අත්දැකීම් නැත්නම් මට පැවැත්මක් නැතිවෙන්න තිබුණා..
.
ඉගෙනීම කියන්නෙ සරලවම භාවිතාව...
.
හොදම ගුරුවරය මට කියා දුන්න ඒ වචන අද මට අදහන්න පුලුවන් තරමෙ දෙයක්...
.
.
.
.
නෝටී

අපි සත්තු, සත්තු විදිහට ජීවත් වෙනව මිසක් රොබෝල වෙන්න තවම බෑ...

හැම මිනිහෙක්ගෙම ජීවිත වල බේසික් අවධීන් තියෙනව..හරියට ඉගෙනීම, රැකියාවට පිවිසීම, විවාහය වගේ කීපයක් සමස්ථයටම පොදු ඒවා...ඉගෙනීම සහ රැකියාව සමාජ විද්‍යාත්මක සංඝටක වෙද්දි විවාහය ටිකක් කම්පිලිකේටඩ් කතාවක් වෙනව..ඇයි..? විවාහය ජීවවිද්‍යාත්මකද..? නැත්තන් සමාජවිද්‍යාත්මකද එහෙමත් නැත්තන් මේ දෙකටම නැති එකක්ද..?
ජීවීන් දෙදෙනෙක් එක්වීමෙන් සරු ජනිතයෙක් බිහි කිරීම කියන ප්‍රාථමික කාරණය ශිෂ්ඨාචාරගත වීමේදී විවිධ ඇඹරීම් වලට ලක් වෙලා අද තියෙන විවාහය කියන ක්‍රම කීපය ලෝකයට ලැබිල තියෙනව.......
අද වෙන කොට වර්ගයා බිහි කිරිම සහ ඒ සදහා සහකාරියක් /  සහකරුවෙක් සොයාගැනීම මේ අපි ඉන්න සමාජයේදි සම්පූර්ණයෙන්ම වාගේ සමාජවිද්‍යාත්මකයි...සමාජයේ තියෙන සංකල්ප හෝ ආකල්ප වලට යටහත්ව ඉතාම කැමැත්තෙන් ඒවට කොටුවෙලා තමන්ගේ සහකාරිය හෝ සහකරු ගලපා ගැනීමක් තමයි වෙන්නෙ... ඒ ගලපා ගැනීමට පස්සෙ හරියටම විවාහය කියන නෛතික කතන්දරයෙ පිටු සහ සමජයේ ඉල්ලීම් සඵල කරාට පස්සෙ උදාවෙන රාත්‍රියේ පටන් විවාහයට එකතුවෙනව අලුත් විද්‍යාවක්, ඒ ජීවවිද්‍යාත්මක පැතිකඩ..මෙතන කිසිම රාමුවක්, කොටුකිරීමක් නැති සම්පූර්ණ ප්‍රාථමික කතාවක් දිග හැරෙන්නෙ... හෝමෝන, පෙරමෝන එක්ක කෙරෙන සම්පූර්ණ නිරුවත් ගනුදෙනුවක්...කලින් කියපු සමාජවිද්‍යාත්මක හෝ නෛතික කතන්දර වලින් වට කරල අන්දපු මිනිස්සු තමන්ගේ ඒ හැව ගලවල දාන්නෙ මෙතනදි...වර්ගයා බෝ කිරීම ජීවවිද්‍යාත්මකයි කියන කාරණය අමතක කිරීම සදහා විශාල දායකත්වයක් සපයන අපේම සංස්කෘතික රාමු මේ වගේ තත්ත්වයකදි අපිම කඩාගෙන එලියට පැනීම ස්වභාවධර්මය කරන හරි අපූරූ විහිලුවක් වගේ කියලත් හිතෙනව....
.
.
බිලියන ගාණක ජීවීන් අස්සෙ අපිත් ඒ කොටසටම අයිති එක කෑල්ලක් කියන එක අමතක කරල අපේම උන්ගෙන ගැලවිලා උඩට යන්න දැගලුවට ඒක ලේසි දෙයක් නම් නෙමෙයි...තව අවුරුදු ගාණකට අයින් කරගන්න බැරි තරම් ප්‍රාථමික ජීවී සහජාස වගේම ජෛවවිද්‍යාත්මක ක්‍රමවේද අපි ළඟ තාමත් තියෙනව...
හුඟක් ඔස්තාර්ලා තේරුම් නොගන්න මේ සරල යථාර්තය සමාජයේ හැම සම්බන්ධතාවයකටම වගේ බලපානව කියල මට හිතෙනව...
.
අපි තාමත් බිලියන ගාණක් වුණ ජීවී විශෙෂ අස්සෙ ඉන්න එක විශේෂයක් මිසක් වෙන විසේසයක් නෑ....
.
.
අපි සත්තු, 
සත්තු විදිහට ජීවත් වෙනව මිසක් රොබෝල වෙන්න තවම බෑ....
.
.
.
.
.
නෝටී

අරක්කු වැරදි කරන්නෑ, අපි කෙරුවොත් මිසක්...

අද එච්චර කාර්‍යබහුල නොවුණු සරල දවසක්...රෑ 9 වගේ වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ...සේරම අමුත්තෝ කාල ඉවරවුණහම මම කෑම කන්න වාඩි වුණා...කෑම එක ඉවර කලා විතරයි පොඩි සද්දයක් එනව ගේට්ටුව පැත්තෙන්...ඩෙසර්ට් එක පැත්තකින් තියල ගියා බලන්න...බීපු මනුස්සයෙක්...අයියේ කිය කිය ගේට්ටුවෙන් ඇතුලට එන්න හදනව...සිකියුරිටි ගේට්ටුව වහල දැම්මම මිනිහා සේවකයනට පිට වෙන්න තියෙන පොඩි ගේට්ටුවෙන් එල්ලිල කෑගහන්න ගත්ත...කොච්චර කිව්වත් අඩු නොවෙන පාර මම වසමට අදාල පොලීසියට කතා කරල කිව්ව...පැය බාගයක් විතර ගියත් ජංගම පොලිස් පරීක්ෂාව ආවේ නෑ..ඒ පාර ආයේ කතාකරන්න හැදුවත් අංකය කාර්‍යය බහුලයි..ඒ ගමන 119 ට උත්සාහ කරා..වාර 4කින් 5කින් පස්සෙ යන්තන් සම්බන්ධ වුණා...ඊලඟට එයාලා පණිවිඩයක් දෙන්නම් කියලත් වෙලාව ගියා මිසක් එන පාටක් නෑ...අන්තිමට මගෙ ලඟ තිබුණු අපරාධ විමර්ෂණ භාර ස්ථානාධිපතිවරයගෙ ජංගම දුරකතන අංකයට කතා කරන්න සිද්ධ වුණා...එතුමා නිවාඩු ගිහින් හිටියත් විනාඩි ගණනකින් කෙනෙක් එවන්න තරම් කාරුණික වුණා...ආවහම පොලීසියටත් දුක හිතෙන්නැති මිනිහ ඉන්න විදිහට...
හැබැයි පොලිසියෙ දෙන්න මිනිහගෙ නම ගම අහපු ගමන් අදුරගත්ත....පස්සෙ මට කතාව කිව්වෙ.. ඒමනුස්සයට තමන්ගෙ ගෑනිව සැකයිලු..ඒ නිසා හැමදාම ගෑනිට ගහනවලු බීගෙන ඇවිත්...ඒකට පොලීසියෙ ලියවෙච්ච පැමිණිල්ල විසදන්න පොලිසියෙන් ගිහින් ඉදිද්දි තමයි අපි කතා කරල මේ පැමිණිල්ල දාල තියෙන්නෙ...අද ගෑනි මිනිහට දීලා ඇහැට උඩින් තුවාල වෙන්නම...ඒකට හොද වැඩේ කියන්න තරම් නරුමයෙක් වෙන්න මට බැරි වුණත් මිනිස්සු තම්න්ගෙ සීමාවල් නොදැනීමේ ප්‍රතිවිපාකය නම් මගෙ ඇස් පනාපිටම ටිබුණා....
.
.
කසාදය හරිම සියුම් දෙයක්...මිනිස්සු තමන් කසාද බඳින කෙනාව තෝරගන්නෙ කොයි තරම් පටු විදිහටද කියල පේන්නෙ කසාදෙන් ටික දවසක් යන්න කලින්ම එන මේ වගේ ඝට්ඨන වගේම පිරිමියා හෝ ගැහැනිය පිට පාරේ ගිහින් සතුට හොයන අනන්තවත් අවස්ථා දැක්කමයි...
බීම කලාවක් මිස ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණය නොවෙන බව මිනිස්සු ඉගෙන ගන්නකන් මේ වගේ කරදර සමාජයේ තියේවි..
.
එක අතකට බැලුවම බේබදුකම කියන්නෙ මත්පැන් වල අවුලක් නෙමෙයි...
ඒක මිනිස්සුන්ගෙ අවුලක්...
.
අන්තිමේදී පොලිසියෙ මහත්තුරු දෙන්න අර මනුස්සයව බයික් එකේ මැද තියාගෙන ගෙදරට ගිහින් දන්න ගෙනිච්චෙ මට මෙහෙම කියාගෙන...
" මේ මිනිහට ගහල වැඩක් නෑ මහත්තයෝ, මොනව වුණත් මිනිහෙක්නෙ" කියාගෙන......
.
.
බීපල්ල ක්‍රමේකට..දෙපැත්තෙ ඉන්න උන් දෙන්නටවත් කරදරයක් නොවෙන්න..මොකද අරක්කු වැරදි කරන්නෑ, අපි කෙරුවොත් මිසක්...
.
.
.
.
.
නෝටී....

Wednesday, November 23, 2016

" මුගෙ අම්මට... "

රස්සාවෙන් අස්වෙලා නිදහසේ ගෙදර ඉන්න දවසක උදේම යොදාගත්තු වැඩක් තිබුණා...උදේම නැගිටල නාලා කරල ඇඳුමක් එහෙම දාගෙන පාරට බැස්ස...වීල් එකේ එන්ජින් ට්‍රබල් එකක් නිසා පයින්ම හංදියට අදින්න හිතාගෙන පාර දිගෙ යනව...කලින් දවසේ ටිකක් වැස්ස තිබුණ නිසා පාරේ වතුර වලවල්..සෙරෙප්පු දෙකෙන් උඩට වතුර වීසී වෙන එක නවත්වන්න සෑහෙම ගේමක් දෙන්න ඕනේ...අමුතුම ගමනක් තමයි එන්නෙ එහෙම යද්දි...හරියට බොරු කකුල් කාරයෙක් ඇවිදිනව වගේ...
ටික දුරක් ඔහොම යනකොට වතුර වලක් ලඟදි අමරුවෙන් පාරෙ අයිනෙන් යන්න වුණා...
එකපාරටම කොහෙද ඉදල ආපු පුට් බයිසිකල් ටිකක් මඩ වල උඩින් ගියේ විදුලි වේගෙන්...වෙන මුකුත් නෑ, කෙලින්ම කටට ආවේ එකම වචනෙ " මුගෙ අම්මට... "
.
වතුර මට වැදුනෙ නෑ, ඒත් කේන්ති ගියා තත්ත්පරේට...ඊළ්ඟ තත්ත්පරේදී මට මගේම ඒ වයස මතක් වුණා..
.
ඕලෙවල් කාලේ..පුදුම බයිසිකල් උණක් තිබුණෙ..බයික් එකට නොදෙන වදයක් නෑ...ස්පෝක් වලට බීම බට ගහලා, අමුතු අමුතු හෝන් ගහගෙන වැඩ කෑලි ගොඩයි...අපි තුන්දෙනෙක් හිටියා ඒ කාලේ බයිසිකල් ගෲප් එකට...මොබයිල් ෆෝන් නොතිබුණ නිසා එකෙක් අනිකට මැසේජ් එක දෙන්නෙ මිස් කෝල් වලින්...ලඟ ලඟ ගහන මිස් කෝල් ගාණෙන් කියවෙනව ඌ එනවද නැද්ද කියන එක....
උන් දෙන්න ගාව තිබුණා කැසට් පටි දාන්න පුලුවන් වෝක්මන් දෙකක්...ඒ දෙකත් අරන් තමයි එන්නෙ...අයි පොඩ් නොතිබිච්ච ඒ කාලේ වෝක්මන් එක මාර වටිනව..ඕකත් ඉනේ ගහගෙන සින්දුත් දාගෙන කඟ වේන්නු වගේ යන එක තමයි අපේ හවස් වරුවෙ ජොබ් එක...අනන්තවත් මිනිස්සු බනිනවා ඇති.. කවුද ගනන් ගන්නේ. අපිට ඇහෙන එකක්යැයි...
.
ආයෙත් මම වර්තමානෙට ආවා...ඔව් උන්ගෙ වැරැද්දක් නෑ...උන් ඉන්නෙ ඒ වයසේ...මම හිටිය වගේම...මටම පොඩි හිනාවක් ගියා...
.
" සොරි මචන්" මම හිතෙන් උන්ට කිව්ව...
.
.
.
.
.
නෝටී

Tuesday, November 22, 2016

මගේ නොවන මගේම මතක....

අපි හැමෝටම මතක තියෙනව, සමහර ඒවා ටික කාලෙකින් අමතක වෙන... තවත් සමහරක් ජීවිත කාලයටම අමතක කරන බැරි...ඒවත් එක එක විදිහට වර්ග කරන්න පුලුවන් විදිහෙ...හුඟක් වෙලාවට අපිට තියෙන්නෙ අපේ සමීපතමයන්ගෙ මතක, එහෙමත් නැත්තන් අපි ආදරේ කරපු මිනිස්සු එක්ක තියෙන මතක..එක්කෝ විරසක වීම් එහෙමත් නැත්නම් එක්වීම්...අපි බහුතරයක්ගේ කතාව ඕකයි...ඒකට හේතුව අපි වැඩිපුර සංවේදී වෙන්නෙ අපේ දේවල් වෙනුවෙන් නිසා...කලාතුරකින් තමයි අපිට අපේ කියන දම්වැලෙන් ගැට නොගැහුණු මතක තදින් කාවදින්නෙ....
ඔව්, මටත් තියෙනව ඒ වගේ මගේ කියල ගැට නොගහපු නමුත් මගේම වුණ අමතක නොවෙන මතක කීපයක්.. මේ ඒ වගේ කතාවක්..
.
හුඟක් වෙලාවට පානදුර ටවුමෙන් බැහැල නයි පෙනේ ගාවට වෙනකන් වත් ස්කෝලෙ ගියේ කලාතුරකින්, ඒ තමයි ඒ ලෙවල් කාලේ හැටි...එක්කෝ බේරුවලින්ම බැහැල වීරෙගෙ ගෙදරට ගිහින් පාඩම් කරනව කියල මොකක් හරි මගෝඩි වැඩක්, නැත්තන් පානදුර ස්ටේෂමෙන් බැහැල ඊලඟ කෝච්චියෙ ගෙදර එනව..ඒකත් නැත්තන් ටවුමෙන් හැරිල පුංචිලගෙ ගෙදර ගිහින් කට කපල නිදාගන්නව..ඕක තමයි වැඩි පුරම ඒ ලෙවල් වලට කරේ...
.
.
එදා යාලුවො එකෙක්වත් නෑ...මම තනියම...ඒ නිසාම ස්කෝලෙ ගියා ඉතිං..1.30ට බෙල් එක වදිනකන් ඉන්නව කියන එක ඇඟ කහනව වගේ වැඩක්...ඒකත් කුප්ප කතාවක් කියන්න එකෙක් නැතුව...කල්ප දෙක තුනකට පස්සෙ ඔන්න 1.30 වෙලා.ගේට්ටුවෙන් එළියට පැන්නෙ හරියට හතරමහ නිධානෙ හම්බ වුණා වගේ කියල හිතාගෙන...පයින්ම ටවුමට ආවා...නයි පෙනේ ඉස්සරහ හිටගෙන ටිකක් කල්පනා කරා...ගෙදර යන්න පුරුදු වෙච්ච බස් තුනක් තිබුණා..එක්කෝ තංගල්ල චන්දිමාල් එක, නැත්තන් මිද්දෙනිය විජිත, එහෙමත් නැත්තන් ජයතිලක අය්ය ඩ්‍රයිව් කරන දර්ශන එක....ඒව එන්න වෙලා තියෙනවනෙ...ඒ නිසා මෙතන ටිකක් ඉන්නව කියල හිතුවා...
" මහත්තයා" එක පාරට ඇහිච්ච සද්දෙට මම බැලුවේ අපෙ අම්මටත් වඩා ආදරෙන් මට කතා කරේ කවුද කියල...
" මහත්තයා, මල්ලිටයි නංගිටයි බඩගිනියි, කීයක් හරි දෙනවද.. "
මට ඉබේම බැලුනෙ පොඩි උන් දෙන්න දිහා..අවුරුදු 12ක විතර පොඩි කෙල්ලෙක්, තව පොඩීම කෙල්ලෙක්වත් වඩාගෙන,අනිත් පොඩි එකා අතින් අල්ලන්....සාක්කුවට අත ගියේ ඉබේටම..එක රු.20යි තිබුණෙ...ඒක දුන්නොත් බස් එකේ යන්න වෙන්නෑ...දන්න බස් එකක නම් කියල යතෑකි,ඒත් දන්න එකක් නාවොත්...?
" අද අතේ සල්ලි නෑ නංගියො" කියල මම අමාරුවෙන් කිව්ව...
කෙල්ලත් මුකුත් නොකියා ඊඟ මනුස්සය පැත්තට ගියා...
එච්චරයි...මම ආපු බස් එකක ගෙදර අවා..
.
ඊඟ දවසෙත් පුරුදු විදිහටම කෝච්චියෙන් බැහැල ස්කෝලෙ පැත්ත වෙනුවට මම පුංචිලහට යන්න පානදුර බාලිකාව පැත්තට හැරුණා...බාලිකාව ඉස්සරහ ටිකක් පලල කාණුවක් තියෙන්නෙ ඇවිදන් යන ගමන් නිකමට කාණුව ඇතුල බැලුව...
කාණුව හරහට දාපු බැනර් එකක් යට අර පොඩි උන් දෙන්න නිදි..ඒ රූපෙ මට කවදාවත් හිතෙන් අයින් කරන්න බැරි තරමට හිතේ වැදුනා...මට රු.20දීලා කෝච්චියෙ හොරෙන් හරි යන්න තිබුණා...ඒකට තව පැයයි ඉන්න තිබුනේ ටවුමෙ..ඒත් මම එහෙම කරේනෑ කියන එක මට හිතට වද දුන්නා....හිඟා කන හැම කෙනාම කරන්න දෙයක් නැතිකමටම කරනව නෙමෙයි කියල මම ඉගෙන ගත්තේ ශ්‍රීලංකාවේ යාචකයෝ පොත කියෙව්වම..
ඒත් අර පොඩි උන් දෙන්න....?
උන් දෙන්න මොනව දන්නවද... නෙට් එක නැතුව අවුරුදු 18ක මට නිදාගන්න බැරි එකේ ඒ පොඩි උන් දෙන්න කොහොම කාණුවක නිදියනවද..? මේ වගේ ප්‍රශ්න දිගටම හිතට වද දුන්න...
මගෙ රු.20න් ඒ ළමයි සැප ජීවිත ගත කරන්නෑ, ඒත් ඒ වෙලාවෙ නුදුන්න එක වරැද්දක් කියන හැඟීම කවදාවත් මගෙන් අයින් වුණේ නෑ..දැන් අවුරුදු 10ක් වෙනව...සමහරවිට ඒ ලමයි හොද තැනක ඇති..සමහරවිට ජීවත් නොවෙනවත් ඇති...ඒක ලෝකේ ස්වභාවය...
.
උන් තුන්දෙනා ජීවත් වෙලා ඉන්නවනම් කවද හරි මුණ ගැහුවොත් මට උන්ට කියන්න ඕනේ
" මට සමාවෙයන් කියල "
.
එච්චරයි...
.
.
.
.
නෝටී..



නිරුවත් හිතුවිල්ල....

ටිකක් රෑවෙලා හදිස්සියෙ ආපු අරාබි මහත්තයෙක් කාමර අහනව..
"ඔව් අපි ලඟ කාමර තියෙනව"
ඒ මගේ උත්තරේ.. " කීයක් වෙනවද එක රෑකට.."
" අන්තිම මිනිත්තුවේ ආපු එකක් නිසා අපිට ඩොලර් 85 කට දෙන්න පුලුවන් මහත්මයා"
" හරි, ම්ම රාත්‍රී දෙකකට ගන්නම් එක කාමරයක්.."
.
එදා දවස ගෙවිල ගිහින් ඊලඟ දවසෙ උදේ පොඩි පොඩි ලමයි තුන්දෙනෙක් එක්ක මහත්තයයි නෝනයි ලොබ්බිය හරියෙ ඇවිදිනව..ඒ අතරේ මහත්තය පිළිගැනීමේ කවුන්ටරය ගාව තමන්ගෙ බිල පරීක්ෂා කරනව...එතනම පඩි පේලියට එහා පැත්තෙ පොඩි ලමයි තුන්දෙනා හිටියා...ඒ මැද තියෙන තරමක මාලු පොකුණට පොඩි උන් හරි ආසයි..අඩි අටක් විතර ගැඹුරු මේකේ ලොකු මාලු කීප දෙනෙක්ම ඉන්නව...පොඩි අය හරියටම වයස 2,4,6 කාණ්ඩවල..
මේ තුන්දෙනාම පොකුණ වටේ තියෙන ගල් කැට අරන් මාලුන්ට ගහන බව මට කාර්‍යාල කාමරයට පෙනුනා..මම පිළිගැනීමේ කවුන්ටරයට ඇමතුමක් ගත්තේ ඒක එපා කියන්න කියල කියන්න..ඒක ඉවර කරන්න හම්බවුණෙ නෑ පොඩිම දරුව පොකුණට වැටෙනව මම දැක්ක..එක තත්ත්පරේට මට ඔලුවට ආවේ ගැඹුර ගැන..පුලුවන් උපරිම වේගෙන් එතනට දුවන එක සිද්ධ වුණේ ඉබේම වගේ..කිමිදිල හරි පොඩි එකාව ගන්න ඕනේ කියන එක විතරයි ඔලුවට ආවේ...එතනට යන කොටත් පොඩි එකා එක පාරක් යටට ගිහින් මුනින් අතට උඩට ආවා..ඒ එක්කම මම ඇඳුමෙන් අල්ලල උඩට උස්සල ගත්තා.. වතුර පෙවිල නොතිබුණත් පොඩි එකා හොදටම බය වෙලා..ඒ වෙලාවෙ තමයි ළමයගෙ තාත්ත අනිත් පොඩි අයගෙ කෑ ගැහිල්ලට එතනට ආවේ..අම්මත් ටිකක් ඈත ඉදන් එතනට ආවා...තත්ත මුලින්ම කරේ අම්මට අත පුරවල පාරක් ගහපු එක..ගෑනු මනුස්සයත් නිකන් හිටියෙ නෑ, දීලා ඇරියා පාරක්..මම පොඩි එකාව පෙන්නල " මහත්මයා මේ ලමය බය වෙලා " කියල නොකියන්න ලොබිය මැද්දේ ලොකු වලියක් බලාගන්න තිබුණා...
ඒ වෙලාවෙ පොඩි කෙල්ලගෙ ජ'ර්සි එක ගලවල තුවායකින් ඔතල මම තාත්තට බාර දුන්න.. උඩ කාමරය ලගට යනකම්ම ජෝඩුව හුඟක් තදින් බැනගන්නවනම් මට ඇහුණා...
.
ඒ වෙනකොටත් මගෙ පපුව ටිකක් වේගෙන ගැහුන වුණත් පොඩි සන්තෝසයක් හිතේ තිබුණා...මිනීහෙක්ගෙ ජීවිතයක්නෙ බේරුවේ කියල...පොඩි එකා ගිලෙනව දැක්කම මට මතක් වුණෙ ඒ ළමයව බේරගන්න ඕනේ කියන අනිච්ඡානුග සිතුවිල්ල විතරයි...ජාතිය, ආගමට වඩා හැම වෙලාවෙම ඉස්සරහට එන ඒ නිරුවත් මනුස්ස ගතියට මම ආදරෙයි...ඒක හැම මිනිහෙක් ගාවම නිරන්තරයෙන්ම තියෙන්න ඕනේ කියල මම විස්වාස කරනව...
ඒ වගේම තමන්ගෙ දරුවන්ගෙ වගකීම හරිහැටි ගැනීම සහ නියමිත වයස් පරතරයක් එක්ක ලමයි ලෝකෙට බිහිකරන්නත් අඹුසැමියෝ මතක තියාගන්නවනම් හොදයි කියලත් මට හිතුනා..
.
එහෙම බැරිනම් මගේ සයිබරයේ මිත්‍රයෙක් කියනව වගේ ජනන විරෝධියෙක් වෙන එක වඩා හොදයි කියලත් හිතුනා...
.
.
.
නෝටී

Sunday, November 20, 2016

පඩියට එහා ගිය යමක් රස්සාවක් ඇතුලෙ තියෙනව

රස්සාව කරන එකත් හරි ලස්සන වැඩක්..මිනිස්සු හුඟක් වෙලාවට තෝරගන්නෙ සල්ලි හම්බකරන්න රස්සාවක් මිසක් සංතෝසවෙන්න පුලුවන් රස්සාවක් නෙමෙයි...ඒ අතින් මගේ රස්සාවේ තියෙන්නෙ හරි අමුතු අතීතයක්..ඉස්සරෝම මට පුදුම ආසාවක් තිබුණා රහස් පරීක්ෂකයෙක් වෙන්න..චන්දන මෙන්ඩිස්ට පිංසිද්ද වෙන්න 6,7 වසර වෙද්දි ඊට වඩා ලොකු රස්සාවක් මට තිබුණෙ නෑ..අඩුම පොලීසියට හරි යනව කියල හිතා ගත්තා..පොඩි පොඩි සිද්ධි හෝම්ස් වගේ දඟ දාලා විශ්ලේෂණය කරන්න පුදුම අමාරුවක් තිබුණෙ..ඒත් හරිගිය දවසක්නම් මතකයෙ නෑ..ඔහොම කාලෙ යද්දි මටම කියල හරියන යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වුණෑ...අපි තුන් හතර දෙනාටම තිබුනෙ බස් කෝච්චි පිස්සුවක්...වාහනයක එන්ජිම වැඩ කරන්නෙ කොහොමද, ගියර් මොකට්ද, ඒවා වැටෙන්නෙ කොහොමද වගේ දාහක් ප්‍රශ්න මට තිබුණා...කොහොම හරි ඉගෙන ගත්තා ටික ටික...අන්තර් ජංජාලය නොතිබිච්ච ඒ කාලේ පුස්තකාලෙටයි යාලුවන්ගෙන් ගත්තු දැනුමටයි පිංසිද්ද වෙන්න ඒ දේවල් ඉගෙන ගත්තා..යූ ටියුබ් එකේ 3ඩී වීඩියෝ නැතුවට පොතේ පතේ ත්‍රිමාණ රූප වලින් වීඩියෝ එක මවාගන්න එච්චර අමාරු වුණේ නෑ...
ඕලෙවල් කරන කාලේ වෙනකොට මට ඕනේ උනේ ඔටෝ මොබයිල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න...පස්සෙ ඒකත් හිතේ තියාගෙනම ඒ ලෙවල් කරා...ඒ කරද්දි හිතුනා එක්කෝ ජීව විද්‍යාවට හරි මානව සම්පත් පැත්තට හරි තමයි ජොබ් එකට යන්නෙ කියල...
.
මානව සම්පත් පැත්තට යන්න හේතුවක් වුනේ මගේ ඒ කාලේ ඉදන් ප්‍රියටහම විනෝදාංශය වෙච්ච මිනිස්සු අධ්‍යයනය කරන්න ඒක පහසුවක් වෙයි කියල හිතුන නිසා..මන් හිතුවේ ඒකට හොදම ජොබ් එක තමයි මානව සම්පත් කලමනා කාරවරයෙක් වෙන එක කියල...ඒ ලෙවල් වලින් පස්සෙ හරිම අහම්බෙකින් මට ඉන්ටර්වීව් එකකට යන්න වුණා පිලිගැනීමේ අංශ නිළධාරියෙක් විදිහට...එදා මාව ඉන්ටවීව් කරපු මහත්මයා මට කිව්වෙ පුතේ ඔයා හොටෙල් ස්කූල් එකකට යන්න. ගිහින් ඉගෙන ගෙන එන්න.එතකොට ඔයාට දුරගමනක් තියේවි කියල...
ඔන්න මම දරාගන්න අමාරු මට්ටමේ ගාණක් ගෙවල පෞද්ගලික හෝටල් පාසලක ඉගෙන ගත්ත... ආහාර පාන අංශයේ පළවෙනිය වෙච්ච මට ඕනේ වුණේ ඒ අංශයෙන් ඉස්සරහට යන්න...
ඒත් ප්‍රින්සිපල් මට කතා කරල එක පාරටම ඇහුවා පුතා කැමතිද ෆ්‍රන්ට් ලයින් වැඩ කරන්න කියල..මට ඒ කතාව විස්වාස කරන්න බැරි වුණා.මොකද ඒ සර්ගෙ සබ්ජෙක්ට් එක..ඒ ලඟින් යන තැනකටවත් කෙනෙක්ව රෙකමන්ඩ් කරන්නෙ සර්ට හොදටම විස්වාසනම් විතරයි..කොහොම හරි මම ඒ ජොබ් එකට ගියා.. ඒ අංශයේ පලවෙනි අවුරුද්දෙන්ම ඉහලට පැන ගන්න හම්බුණා වගේම මිනිස්සු ලොරියක් අදුරගන්නත් එයාලගෙ අත්දැකීම් බෙදාගන්නත් පුලුවන් වුණා....
.
අද මම ඒ අදාල අංශ කලමණාකරුවෙක්..එදා මාව ඉන්ටවීව් කරපු විදිහට මමත් අද කරනව..ඒ විතරක් නෙමෙයි මගෙ එක හීනයක් වෙච්ච මානව සම්පත් පැත්ත..ඔව් ඒකට මීට වඩා හොද රස්සාවක් වෙන කොහෙද...ලෝකෙම ඉන්න හැම ජාතියකම මිනිස්සු එක්ක මුහු වෙන්න මීට වඩා තැනක් නෑ..රස්සාව අහම්බෙන් හම්බවෙලා ජීවිතේම වුණා වගේ...
.
මේ සටහන ලියන්නේ මගේම කාර්‍යාල කාමරයේ ඉදන්, මේ වෙනකොට දවසකට පැය 16 ගානේ දවස් 20ක් එක දිගට වැඩ කරල තියෙනව..ඒත් ඒක ඇඟටවත් හිතටවත් බරක් නෙමෙයි..ඒ රස්සාව මම විඳින නිසා...
පඩියට එහා ගිය යමක් රස්සාවක් ඇතුලෙ තියෙනව, අපි හරියට ඒක හොයාගන්නවනම්..
.
.
.
.
නෝටී

ගුරු ගෝල

ඒ කාලේ යන්තම් වයස 22ක් ඇති..ඒ ලෙවල් දෙවෙනි පාර ලියන්න සූදානම් වෙන ගමන් හිටියේ...පංසලේ තිබුණ හාමුදුරුවෝ විදේශික ආධාරත් එක්ක කරගෙන යන නොමිලේ උගන්වන පංතියක්..6වසරේ ඉදන් 11වසර වෙනකන් ලමයි ඉගෙන ගන්නව...විද්‍යාව උගන්නපු අක්ක එතනින් අයින් වුණ නිසා මට එන්න කිව්ව උගන්නන්න...මුලින්ම බාර වුණේ 9,10 පංති දෙක...ඉගැන්වීම ගැණ මෙලෝ හසරක් නොදන්න නිසාම මුලින් මුලින් මගේ ක්‍රම ලමයින්ට හුඟක් බර වුණාද මන්දා කියල හිතුනා...පස්සෙ පස්සෙ මම ඒකට හුරු වුණා..6 ඉදන් ළමයින්ට ගණන් විද්‍යාව දෙකම උගන්නන්න සිද්ධ වුණේ ඔය අතරේ...පංති තුනක හතරක ලමයි එකපාර බංකු වල වාඩිවෙලා...පාලනය කිරීම ටිකක් අමාරු උණත් ඒකේ අමුතු රහක් තිබුණා...පොඩි උන් නොදන්න දේවල් ආදරෙන් කියල දෙනවනම් කොයිතරම් හොදින් අහන් ඉන්නවද කියන එක මම දැක්ක...කෝටුවට බැරිවුණ හුඟක් දේවල් මට ඔලුව අතගාල කියා දෙන්න පුලුවන් වුණා...
මේ කතාවේ පාදක චරිතය වුණේ එක පොඩි ගෑනු ලමයෙක්..එතකොට 7 වසරෙ හිටපු ඒ ලමය ටිකක් නාහෙට අහන්නෑ..කොයි වෙලෙත් කාගෙන් හරි ගුරුවරයෙක්ගෙන් බැනුම් අහන්න ගුටිකන්න බලාගෙනම හිටිය වගේ...අඩුවෙන්ම බැනුම් ගුටි දීපූ මගේ පංතියට ඒ ලමය හැමදාම වගේ ඇවිත් වාඩි වුණා...හාමුදුරුවො ඒ ලමයව සාක්ෂරතාවය ඉගෙන ගන්න පංතියට යොමු කරෙත් ඒ තරම්ම ඉගෙනීමට දුර්වල තා දක්වපු නිසා වෙන්න ඕනේ...දවසක් මම 7 පන්තියට ගණිතය උගන්නනව..වීජීය සමීකරණ ගැන පාඩමක්...ළමයි හැමෝටම වගේ ටිකක් අමාරුයි වගේ පෙනුන නිසා දෙපාරක්ම කියා දෙන්න වුණා...කියල දීලා මම හදන්න ගනන් වගයකුත් දුන්න...
" ජනිත් අයියේ මේක බලනවද..? "
" මොකක්ද සයුරි..? "
" මම ගණන් ටික හැදුවා.."
මටම පුදුම හිතුනා..කෝකටත් කියල මම පොත අරන් බැලුව..ඔව් ගණන් ටික හරි...එකක් දෙකක පොඩි අඩුපාඩු තිබුණත් එච්චර අවුලක් නෑ...මම තරුවක් දාලා අත්සන් කරා... ඒ මූණේ හරි ලස්සන හිනාවක් මැවුණා...ඔව් ඒ මම ආසම හිනාව..මිනිහෙක්ගෙ ආධ්‍යාරයෙන්ම එන හිනාව...එතනින් එහාට මට ඒ ළමය හම්බ වුණේ ටික දවසයි..මම උසස්පෙළට නතර වුණා..
.
අවුරුද ගාණකට පස්සෙ ගමට කිට්ටුව කණිෂ්ඨ විද්‍යාලයක උත්සවයකට ශබධ උපකරණවගයක් බාන්න යන්න වුණා යාලුවෙක් එක්ක..එතන ඉදිද්දි පොඩි කෙල්ලෙක් දුවගෙන ආවා..ශිෂ්‍ය නායිකාවක්...
" අයිය ජනිත් නේද..? "
"ඔව්.."
"අයියට මාව අදුරගන්න බැරි වුණාට මට පුලුවන් වුණා දැක්කද..? "
" මට සයුරිව අදුරගන්න පුලුවන්.." මම අදුරගත්ත තත්ත්පරේම කිව්ව...
.
.
මට ඉබේම හිනාවක් ගියා..
.
ඔව් නංගියේ උබ ජීවිතේ දිනල...ඇයි දන්නවද..උබට අකුරක් හරි කියා දීපූ මිනිහව මතක තිබුණා...
ඉගෙන ගන්න බෑ කියල පැත්තකට දාපු ඒ කෙල්ල ශිෂ්‍ය නායිකාවක්...මිනිස්සුන්ගෙ අනාගතය තීරණය කරන්න එදිනෙදා හම්බවෙන මිනිස්සු කොච්චරනම් බලපෑමක් කරනවද කියල මට හිතුනා..
.
.
නෝටී


Saturday, November 19, 2016

ඩයරිය.....

පුංචි කාලේ ඉදන්ම ලියන්න ලොකු උණක් තිබුණා..ඒ වගේම කියවන්නත්..පත්තරයක් අතට ගත්තම ඒකේ අන්තිම පිටුවේ අසුවල් මුද්‍රණාලයේ මුද්‍රණය කරවා බෙදා හරින ලදී කියන තැනට වෙනකම්ම කියවන තරමෙ උණක්..පොතක් ගත්තම පැය දෙක තුනක් වුණත් කෝපි කෝප්පයක් දෙකක් එහෙම නැත්තන් තේ කෝප්පයක් දෙකක් හිස් කරන ගමන් එක දිගට කියවන අමුතු පුරුද්දක් තිබුණා...පස්සෙ මේක ලිවීමේ උණකට පෙරලෙන්නෙ ගැටයා කාලේ..උසස්පෙළ ලියන්න පටන් ගනිද්දි අමාරුඑන් අමාරුවෙන් වගේ කුලුදුල් ප්‍රේමයට ලියපු නිදහස් කවි කීපයක් මේසේ කොලේ යට හංගල තිබුණා.. ඒ විතරක් නෙමෙයි කවදාවත් කැමතියි නොකියපු ඒත් හැමදාම මගේ පුල්ස්කැප් පිටු දාසයේ දාහතේ ලියුම් කියපු ඒ කෙල්ලටම ලියපු ලියුම් කීපෙකුත් තිබුණා...එක හුස්මට ලිඅයල කොලේ පැත්තකට දාලා ටිකක නිදහසේ ඉන්න ඕනේ..ඊට පස්සේ ආයේ දෙතුන් පාරක් ඒ ලියමන කියවන්න ඕනේ..වැරදි තියෙනවද බලන්නෙ එහෙම..ගැම්මට ලියපු ලියමනේ වැරදි දාහක් ඒ වෙලාවට අහුවෙනව..අදටත් ඒ පුරුද්ද ගිහින් නෑ...ලියද්දි කියවද්දි වගේම එක හුස්මට වේගෙන් කරන්න ඕනේ..අදහස් එන වේගෙට ලියන්න බැරි වුණාම ඒ අදහස් තත්ත්පරෙන් හිතෙන් ඈතට යනව..එතකොට ඒ ලියමන කොච්චර ලස්සන වුණත් හිතට අල්ලන්නෑ...
.
ඒ ඒ කාලේ...දැන් කඩාදාසියෙ ලියුම් ගන්න කෙල්ලො නෑ..ඒක එහෙමයි කියල ඒ පරම්පරාවට වඩා මේ පරම්පරාව හොදයි කියල කියන්න තරම් කුහකයෙක් වෙන්නත් බෑ.. හැම මිනිහෙක්ටම තමන්ගේම කියල කාලයට සාපේක්ෂ සොඳුරු මතක තියෙනව..කාලයට විතරක් නෙමෙයි, වටපිටාවට, පවුල් පසුබිමටත් සාපේක්ෂව..මටත් තියෙනව..දවස ගානේ මුන ගැහෙන හිතෙන් ගලවන්න බැරි අමුතුම මතක ගෝනියක්...
කාලෙත් එක්ක ඒ මතක පරණ විදිහට ම්නිස්සු අතරට යවන්න බෑ..ඉතිං බොත්තම් කීපයක් ඔබල හදාගන්න පුලුවන් බ්ලොග් එකක කොටන්න හිතුවා.. මොකද අපි හැමෝම පරිණත වෙන්නෙ අත්දැකීම් එක්ක..ඒවා තමන්ගෙම හෝ වෙන කෙනෙක්ගෙන් අතමාරුවට ඉල්ලගත්තුව වෙන්නත් පුලුවන්...මේ ඒ වගේ දෙයක්...මගේ මතක එක්ක තියෙන අත්දැකීම් අතමාරුවට දෙනව.. බෙදාගන්න..
ඇත්තටම දිනපොතට වඩා බ්ලොග් පිටුවක් හොදයි කියල හිතුනා..එච්චරයි..
.
.
.
.
නෝටී