Tuesday, December 5, 2017

තනිවීම......

ලගම යාලුවෙකුත් එයාගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකුත් එක්ක මගෙ මිත්‍රයාට අයිති ඉඩමක් බලන්න ගියේ ඉදිරි අනාගතයේ එතැන කුඩා හෝටලයක් ඉදිකරන්න අදාල මිත්‍රයාට අදහසක් තියෙනව කියපු නිසාමයි...
.
වැවට මායිම්ව අැල බිමක තියෙන තරමක ඉඩම හරිම ලස්සනක් තිබුනෙ... මුහුද අයිනට වඩා වැවේ ඉහලින් ඉර බහිද්දි හරිම  ලස්සන තැඹිලි පාටකට හැරෙනවා....
වැව අතගාගෙන එන හුලග ඊටත් සනීපයි....
ඒ වෙලාවේ තමයි මෝටර් සයිකලයකින් කෙනෙක් පාන් ගෙඩියකුත් අරන් අාවේ...මේ මනුස්සය මගෙ යහලුවත් එක්ක ටිකක් කතා කරල වැව දිහාට බැහැල ගිහින් අර පාන් ගෙඩියම කඩල කෑලි කෑලි වතුරට දාන්න ගත්තා...
.
" මාලු අල්ලන්න වෙන්න අැති..."
මට හිතුනා...කෝකටත් මං යාලුවගෙන් විස්තර අැහුවා....
.
" මිනිහා හැම ඉරිදම එනව බං... අැවිත් මාලුන්ට පාන්ගෙඩියක් දානවා..."
.
හරි පුදුම කතාවක්නෙ.... හැම ඉරිදම අැවිත් පාන් ගෙඩියක් මාලුන්ට දාන්න මොකක්ද හේතුව...
මට අාපු ප්‍රශ්නෙම අපේ ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයාටත් තිබුනා... මටත් කලින් මිනිහා වැව කිට්ටුවට අැවිත් අැහුවා අැයි පාන් දාන්නෙ කියල...
.
අවු.26 වගේ වයසකදි මිය ගිය තමන්ගෙ බිරිද වෙනුවෙන් පිං දෙන්න ඒ කාර්යය කරනව කියල ඔහු කියද්දි මටත් පුදුම හිතුනා...තවමත් අවු.30ක් නොඉක්මවපු තරුණයෙක්ට තමන්ගෙ බිරිදගෙ හැරයාම කොහොම සිද්ධියක් වෙන්න අැතිද...?
ඒ වෙනුවෙන් ලක්ෂ ගනන්වලට දින ගැනල දාන මාන දෙනවට වඩා හවසක වැව අයිනේ ඉන්න මාලුන්ට පාන් කෑල්ලක් දාන එකෙන් ඒ මනුස්සය වැඩි සතුටක් වැඩි සැහැල්ලුවක් විදින බව මට පෙනුන...
සමහරවිට මාලු පිං අනුමෝදන් නොකරාවි, ඒත් හිතේ සතුට ඒ ගාථා පාඨ, චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා පොඩි පාන් ගෙඩියක, හවසක, වැවක මාලු ටිකක් අතර නැද්ද කියල මට හිතුනා....
.
මගේ ඔස්ට්‍රියානු මිත්‍රයාට ඔහු විශේෂයෙන් යමක් කිව්ව...
" මම කර්මය විස්වාස කරන බෞද්ධයෙක්, ඉතිං මේ දේවල් අැයට හොද උපතකට, හොද ජීවිතයකට මග පෙන්වාවි කියල මම විස්වාස කරනවා..."
.
අාගමික අැදහීම් නැත්තෙකු වුන ඔස්ට්‍රියානු මිත්‍රයා පිටට තට්ටුවක් දාලා
" ඔව් මම ඔබේ ක්‍රියාව අගය කරනවා "
කිව්ව....
.
ඒ සිද්ධිය හුගක් තදට හිතේ රැදුනා... දැනුත් ඒ මනුස්සය වැව් බැම්මෙ හිටගෙන පාන් විසි කරන හැටි මවාගන්න පුලුවන් තරමටම හිතේ රැදුනා....
.
කසාදය කොලයකට, නීතියකට සීමා නොකරපු ඒ වගේ මිනිස්සු හරි දුර්ලභයි වගේම ස්වභාවධර්මය ඒ වගේ මනුස්සයෙක්ටවත් තමන්ගෙ ප්‍රියම්භිකාව ලග තියාගන්න හුගක් කල් දීලත් නෑ කියල දැනෙද්දි පොඩි හරි දුකක් හිතට අාවා....
.
.
.
.
නෝටී



No comments:

Post a Comment