Tuesday, December 19, 2017

අාසාදනය....


" අම්මේ හෝර්ලික්ස් ගේන්නකෝ..."
පොඩි එකෙක් කෑ ගහනවා...
පොඩි එවුන් චොකලට් ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා, තව වැඩිම වුනොත් මයිලෝ ඉල්ලනව, හෝර්ලික්ස් ඉල්ලනවා මේ අැහුනමයි....
කණ දාලා අහන් හිටියා....
.
" හෝර්ලික්ස්ම තමයි දෙන්නෙ කියන දේ අහන්නැතුවට..."
.
අම්ම ගේම ඉල්ලුවා....
.
" ඒක බිව්වම තමයි ලොකුවෙන්නෙ..."
.
මට අප්පටසිරි කියල කියවුනා.... හෝර්ලික්ස්වලින් ලොකු වෙනව කියල පොඩි එකාට කිව්වෙ කවුද... හිතුවත් වගේ වැඩේ හරි... ටීවී එකේ අැඩ් එකක් යනවා ඒ ගැන... ලමා වැඩසටහන් අස්සෙ, කාටූන් අස්සෙ මේ වගේ අැඩ් දාන එක තමයි පොඩි එවුන් බාගන්න තියෙන ලේසිම ක්‍රමය... සමාගම් වුනත් දන්නවා අම්මලට වඩා ලේසියෙන් පොඩි එවුන් අල්ලගන්න පුලුවන් කියල.... ඒ වගේම පොඩි එවුන් ඉල්ලන දේ අම්මලට හුගක් වෙලාවට දෙන්න සිද්ධ වෙනවා කියලත්... එක අතකට ලොකු අවුලකුත් නෑ... හැම කෑමක් බීමක්ම ක්ෂණික කෑම වෙච්ච කාලෙක, කෑමක් හදාගන්න තරම් වෙලාව නැති වෙන්නම කාර්යයබහුල වුන අම්මල තාත්තල ඉන්න කාලෙක මේ ක්ෂණික කෑම හුගක් වටිනවා...
.
පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාකාරකම් වෙනස් වෙනවා... ඉස්සරම අපි හවසට පැය බාගයක් කාටූන් බලද්දිත් අාච්චිල සීයල කිව්වෙ අපි ඔය වසයෙදි ඔව්ව බැලුවෙ නෑ ගමේ ගොඩේ දුවල පැනල සෙල්ලම් කරා, වැඩ කරා, අපේ වයසෙ දේවල් උඹලට නෑ කියල..... මට ඒ කාලේ හිනා ගියා... අාච්චිලගෙ කාලේ නෙමෙයි මේක කියල කියන්නත් හිතුනා...
.
දැන් කියලත් වෙනසක් නෑ... පොඩි එවුන් ගෙදර එන්නෙම ටීවී එක බලාගෙන... එකම දේ රිපීට් වෙන විකාර කාටූන්, එහෙමත් නැත්තන් සමෝසා කාලා ලෝකෙ බේරගන්න ෆැන්ටසි වීරයෝ එක්ක උන් පැය ගණන් රොබෝලා වගේ අැලිල ඉන්නවා.... මට අප්පිරියාවක් එනවා ඒක දකිද්දිත්....
.
ඉතින් කටට එනවා කියන්න... අපි අපේ වයසෙදි බලපු කාටූන් බලන්න උඹලට පින නෑ කියල... උඹල කරන ඔය විකාර වැඩේ වැරදියි කියල....
.
අායේ තත්පරෙන් මතක් වෙනවා මගේම උත්තරේ...මේක ඒ කාලේ නෙමෙයිනේ.... මේ කාලේ හැමදේම දුවන්නෙ වැඩිමනත් වාණිජ පදනමක් මත.... හැමදේම හදල තියෙන්නෙ හරි ඉක්මණට අාසාදනය කරන්න පුලුවන් විදිහට...
.
වාණිජත්වය සහ සංකීර්ණත්වය කියන දෙකම මේ කාලේ වෙනකොට ඉපදිලා යන්තන් ලෝකේ දකිද්දිම අාසාදනය කරනවා... නැත්තන් අපිම කරගන්නවා.....
.
.
.
.
නෝටී


No comments:

Post a Comment