Friday, November 10, 2017

අෑ සහ කැරපොත්තා...

මම සේවය කරපු එක්තරා අායතනයක අපි කාලයකට පස්සෙ සම්පූර්ණ පිරිසිදු කිරීමකට (Detail clean) සූදානම් වුනා..සේවකයෝ සියල්ලම එකවගේ දැන් අතුගාන්න, හෝදන්න අස්පස් කරන්න වගේ වැඩවල... ඒ අස්සෙ කබඩ් අස්සෙ හිටපු කැරපොත්තෝ රංචු පිටින් එලියට පැනල දුවනව... ඩයිනසෝර් කෙනෙක් එක්ක එක කූඩුවේ හිටියත් මට කැරපොත්තො පත්තෑයෝ පේන්න බෑ... අමුතුම හිරිකිත ගතියක් තියෙන්නෙ උන් අැගේ දුවද්දි...වදෙන් පොරෙන් එක්කෙනෙක් ගිහින් මෝටීන් ස්ප්‍රේ එකක් ගෙනාවා...හතරවටේටම ඔ්ක ගහල දැන් අායේ වැඩ...
.
තැන තැන වැටිච්ච කැරපොත්තෝ සමහරු මැරිල සමහරු පණ අදිනවා... ඔය අතරේ අායතනය අයිතිකාර මහත්මයා තමන්ගෙ දුව මොන්ටිසෝරියේ ඉදල අරගෙන අාවා... ඒ මහත්තයගේ බිරිදත් අපිත් එක්ක වැඩවල හිටියේ...
.
පොඩි කෙල්ල ටික වෙලාවක් එහෙ මෙහෙ දුවද්දි කැරපොත්තෙක් දැකල...
.
" අම්මේ මේ, කරපොත්තෙක්, එයාට පණ තියෙනවා...."
පොඩි එකී කෑ ගහනවා... අම්ම ලගට අැවිත් බලනකම්ම පොඩි කෙල්ල නෙමෙයි නැවැත්තුවේ...
" එයාට බෙහෙත් ගහල තියෙන්නෙ..."
.
අම්ම කියල අයින් වුනා... පොඩි එකී බලන් ඉන්නවා....
.
" අම්මේ එයාට සීතලයි...බලන්නකෝ"
පොඩි එකී කියන්නෙ කැරපොත්ත ගැහෙන දිහා බලාගෙන...
මෝටීන් එකෙන් කැරපොත්තට ලැබෙන බලපෑම ගැන පොඩි එකා දන්නෑ...අැයි කැරපොත්ත මරන්න ඔ්න කියල අවබෝධෙකුත් එයාට නෑ...
ඒත් සතෙක්, ජීවත් වෙන සතෙක් කියන අවබෝධය මිසක් වෙන දෙයක් පොඩි එකා ලග තිබුනෙ නෑ... පොඩි වයසෙ ලොකු අපේ තියෙන විනාසකාරී අදහස් නැතිම තරම්... ඒක වෙන්න ඔ්න පුංචි අපි මල් වගේ කියන්නෙ... පස්සෙ ලොකු අපි තමයි අපේ විදිහෙ නරුම අදහස් ඒ පුංචි හිත්වලට කවන්නෙ... තව කෙනෙක් පරද්දන්න, ගහන්න, තලන්න, මරන්න, වංචා කරන්න මේ සේරම එයාල ඉගෙන ගන්නෙ ලොකු අපෙන්....
.
එතකම්ම පුංචි උන් මේ ලොකෙත් එක්ක හරිම සාමෙන්, සතුටින් ජීවත්වෙනවා....
.
අායෙත් පොඩි එකා කෑ ගහනවා...
.
" අම්මේ බලන්නකෝ...එයාට සීතලයි...."
.
.
.
.
.
නෝටී

No comments:

Post a Comment