Tuesday, July 4, 2017

මිනිස්සු අඩුයි...

වයස 23ක් වගේ වෙනකනුත් මම ජීවිතයේ කරේ අාස හිතෙන හිතෙන දේ ඉගෙන ගන්න එක විතරයි...ඒවා හරහා ජොබ් එකක් කරනව වෙනුවට අාසාවට ඉගෙන ගන්න එක මගේ විනෝදාංශයක් වගේ වුනා... ග්‍රැෆික් ඩිසයින්, සයිකොලොජි, ඔටෝ මොබයිල් මේ කිසි දෙයක් හරහා ජොබකට යන්න වුවමණාවක් නොතිබුන තරම්...ඔය කාලෙ ගෙවිල යද්දි මට හිතුනා මොකක් හරි ජොබ් එකක් කරන්න වෙනව කියල...අඩුම ඉගෙනීමට අවශ්‍ය ගානවත් හොයාගන්න...ඉතින් ලගම තිබුන හොටෙල් එකේ වේකන්සි තිබුන නිසා ගියා...ඉන්ටව් කරපු මැනේජර් මට කිව්වෙ හරි අමුතු කතාවක්...පුතා බයෝ කරල නිකම්ම පොඩි පඩියකට මේ ජොබ් එකට එන්නෙ අැයි...යන්න හොටෙල් ස්කූල්...ගිහින් එන්න..ඔයාට දිග ගමනක් තියේවී...
.
මං කොග්ගල එකටත් මරදාන ස්විස් ලංකා එකටත් අැප්ලයි කරා...දෙකෙන්ම එකම දවසේ ලියුම් අැවිත් තිබුනේ...කොග්ගල ගියොත් අවුරුදු ගානක් අදින්න වෙනවා...ස්විස් ලංකා ගියොත් අවුරුද්දෙන් වැඩේ ඉවරයි...මං මරදාන තෝරගත්තා...මුල් දවසෙම හොයාගෙන යද්දි පරක්කු වෙලා...රිෂෙප්ෂන් එකෙන් දීපු ටයි පොල්ල අතට ගත්තා, කවද දාපු ටයිද...ඒකත් රෝල් කරගෙන පංතියට ගියා...පටන් අරන්...අැතුලට එන්න සංඥාව ලැබුනම ගිහින් වාඩි වුනා...ටික වෙලාවයි ගියේ මේ මනුස්සය දැක්ක ටයි එක නෑකියල..මාව දැම්ම පංතියෙන් එලියට..දාගෙන මිසක් එන්නෙපා කියල...වෙලාවට එක්කෙනෙක් කියා දුන්නා දාන්න..එදා ඉදන් හරියටම ටයි එක දාන්න ඉගෙන ගත්තා...
.
ඔය අතරේ ක්ලාස් එකේ හිටියා මටම හරියන කාඩ චරිතයක්...මූ කොයි වෙලෙත් පිස්සුමයි කෙලින්නෙ...කුකරි උණක් තිබුනේ...හැමදාම ප්‍රින්සිපල්ගෙන් යූ බ්ලඩි ෆකර් කියල අහගත්තෙ නැත්තන් නින්ද යන්නැති කොල්ලෙක්....
.
දවසක් උදේම අපි මීල් රූම් එකේ බත් කනව...ප්‍රින්සිපල් අනිත් පංතියට යනවා ලෙක්චර් එකට...මේකා පුටුවේ කකුල් තියාගෙන අැන්දෙ වාඩිවෙලා කනවා....ප්‍රින්සිපල් අාපහු අාවා...
"බැහැපිය පරයා බිමට"
"යූ බ්ලඩි බාස්ටර්ඩ්" රතු වෙච්ච මූනකුත් එක්ක බැනුම් කෝටියක්...අපි පතුරු යන්න බය වෙලා...බැනල බැනල ප්‍රින්සිපල් ගියා...
.
මූ මගෙ පැත්ත හැරුනා...
"ඒ බාස්ටර්ඩ් කියන එකේ තේරුම මට අද බං තේරුනේ" කිව්ව...බැනුම් අහපුවා අමතක කරලා අපි හයියෙන් හිනාවුනා...දන්නෙම නැතුව කාලේ ගෙවිල ගියා...එක්සෑම් ඉවරයි...රිසාල්ට් එන්න කලින්ම මං ප්‍රින්සිපල්ගෙන් ඉල්ලුව මාව Food & Beverage දාන්න කියල..මොකද ෆ්‍රන්ට් ඔෆිස් කාවවත් දාන්නෑ ප්‍රින්සිපල්...යන එකා මොකක් හරි අවුලක් කරගත්තොත් එයාගෙ රෙපියුටේෂන් එකටනේ ප්‍රශ්නේ....
.
රිසාල්ට් අාවා...ඩී 10 ගත්තු එකයි හිටියේ..ඒ බාස්ටර්ඩ් කොලුවා...උෟ මගෙ ලගට අාවා..ඒ මං හිතුවේ උඹ බැඡ් ටොප් කියල බං...කිව්වා...රිසාල්ට් එකකට මැරීගෙන වැඩ කරන උන් අස්සෙ උෟ හරිම නිදහසේ හිටියේ...හැබැයි අාසාවෙන් අහන් හිටියා....
.
ඒ අස්සෙ ප්‍රින්සිපල් මට උඩට කතා කරා...
"පුතා කැමතිද ෆ්‍රන්ට් ඔෆීස් යන්න.."
මට අදහාගන්න බැරි වුනා...කාවවත් ඒ පැත්තට දාන්නෑ කියපු මනුස්සයමද මේ අහන්නෙ කියල..
" සර් හිතනවනම් මම ඒකට සුදුසුයි කියල මං කැමතියි"
"හිතන්න දෙයක් නෑ.ඔයාට පුලුවන්.."
.
ඊට සතියකට පස්සෙ මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා...මග පෙනවපු රොහාන් තෙන්නකෝන් කියන ශ්‍රේෂ්ඨ මනුස්සයගේ නම තියන්න පුලුවන් තරම් උඩින් තියන්න හැම වෙලාවෙම වග බලාගත්තා..අදටත්,මට වෘත්තීය ජීවිතේ පිලිවෙලක් කියල දෙයක් තියෙනවනම් ඒ මගේ විදුහල්පති නිසා...
.
මේ කතා දෙකම මම කිව්වෙ එක හේතුවකට..දමියත්, ප්‍රින්සිපලුත් සමාජයේ අන්ත දෙකක්...ඒත් ඒ දෙකම මගේ හිතේ අඩියටම තැම්පත් වුනා... මිනිස්සුන්ගෙ ගෞරවය උපයගන්න සමාජ තත්ත්වය, ඩීසන්ට් ගතිය බලපාන්නෙ හරිම අඩුවෙන් කියල මම ඉගෙන ගත්තෙ එතනින්...අනන්තවත් වී අයි පීලා, මැනේජර්ලා, හොටෙලියර්ස්ලා මට හම්බවෙලා අැති...ඒත් ෆීල්ඩ් එකේදි මිනිස්සු හම්බවෙන්නෙ හරිම අඩුවෙන්...හොස්පිටැලිටි කියන්නෙ ජොබ් එකක් විතරක්ම නෙමෙයි කියන එක මට උගන්නපු ප්‍රින්සිපල් වගේම මට වඩා උඹ ස්කෝර් කරයි කියල මම බලාපොරොත්තු වුනා කියල අවංකවම කියපු දමියත් ඒ මිනිස්සු අතරේ උඩින්ම ඉන්නවා...
.
.
.
.
.
නෝටී...



No comments:

Post a Comment