Sunday, January 22, 2017

ශිෂ්ඨත්වයට යෑම කියන මාවතට හරිම නම ඒකද...?

බැරැක් ඔබාමා ධූර කාලය අවසන් වෙලා යනව...ට්‍රෙන්ඩ් එක තමයි ඒ මනුස්සය හිනා වෙලා යන හැටි සතුටෙන් යන හැටි ෆොටෝ ශෙයා කර කර යැවීම.
"බලන්න ලෝකෙ ලොකුම පුටුවේ ඉදලත් නිරහංකාරව යන හැටි."
වගේ එක එක කැප්ෂන්...
මිනිහෙක් රාජකාරීස්ථානයකින් හෝ තනතුරකින් පිටව යාම අසතුටින් කරනවා නම් ඒ එක්කෝ ඉන් ඉදිරියට මුනුණ දෙන වෙනස් ජීවීතය ගැණ චකිතයෙන්, නැතිනම් රාජකාරිය හරි හැටි සම්පූර්ණ නොවීමෙන් වෙන්නයි ඕනේ..ඒ හැර බල තණ්හවෙන් මිනිහෙක් එහෙම අවුලෙන් ඉන්නවනම් ඒක මිනිහෙක්ගෙ ගතියක් කියල අපි හදුන්වන්නෑ...
ඒත් දැන් මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස්..ඇයි..?
දැන් මිනිස්සුන්ගෙ ඩිෆෝල්ට් එක මෙන්න මේ වගේ ගතිගුන කියල වෙනස් කරගන්න සමාජයම පෙළඹිලා....
මන්ත්‍රී කෙනෙක් ගසා කෑවම, "ඔව් ඉතිං කොයි කවුරුත් ඔය වගේ තමයි" කියනව වගේ සාධාරණීකරණයකට අපි ඇවිල්ල...මිනිසුන් සතු ගුණ විදිහට තිබුණු ප්‍රාථමික සත්ත්ව හැසිරීම්, කණ්ඩායම් හැඟීම, වර්ගයා කෙරෙහි සානුකම්පිත වීම, වර්ගයාගෙ සහ සිය අවට ප්‍රශස්ථව පවත්වා ගැනීමේ කැක්කුම වගේ දේවල් මැජික් වෙන තරමටම මේ කාරණය දුර ගිහින්..
වැරදීමකින් හර් එහෙම මිනිහෙක් දැක්කම ඒක විශාල පුදුමයක් හිතට ගේන තරමටම අපි ඒවයින් ඈත්වෙලා...බලන්න මේ මනුස්සය මෙහෙමයි, අරෙහෙමයි, මෙන්න මිනිස්සු වගේ අපූර්ව කැප්ෂන් එක්ක ශෙයා වෙන්නෙ කාලයක් අපේම ඩිෆෝල්ට් ඉමේජ් එක කියන එක අපි දැන් කීයටවත් පිළිගන්නෑ...
.
ශිෂ්ඨත්වයට යෑම කියන මාවතට හරිම නම ඒකද කියල සැක හිතෙන තරමටම මේ කාරණා හරිම විශාලයි..හැම රටකම වගේ කොයි තරම පැරණි කොයි තරම් ආඩම්බරකාර සංස්කෘතීන් බුරුතු පිටින් තිබුණත් බහුතර සමාජවල කතන්දරය ඕකයි..අපිත් මේ පෘථිවියේ අනෙක් සතුන් සේම ජීවත් වන සතුන් වි\ශෙෂයක් කියන එක තේරුම් අරගන්නකන් මේ කතන්දරය දිගටම යාවී...ඒක තේරුම් කරවන්න පුලුවන් ක්‍රමවේදයක් කොතැනකින් හෝ ඉක්මනින් පටන් ගත යුතු බවයි මගේ විශ්වාසය...
.
.
එහෙම නොවෙන්න අපිට පෘථිවියට නැහීගෙන බෙහෙත් හොයන්න වෙන දිනේ වැඩි ඈතක නම් නෝවේවී....
.
.
.
.
.
නෝටී




Thursday, January 19, 2017

හැම මිනිහෙකුගේම කතාවක්...

එක එකට වෙනස් සිද්ධි මිනිස්සුන්ට තමන් ගැනම පෙන්වල දෙන කණ්ණාඩියක් වගේ..
ඒක හරියට ග්‍රහණය කරගන්න පුලුවන්නම් අපිට අපි ගැනම තක්සේරුවකට එන්න පුලුවන්.
ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙ හැඟීම් සහ අවට තියෙන අවස්ථා ගැනත් නිවැරදිව බලන්න පුලුවන් වේවී...
මටත් එහෙම අවස්ථා ඇති තරම් ලැබිල ඇති.
ඒත් ඊයේ පෙරේදා වෙච්ච පොඩි සිද්ධියක් වෙනකම්ම ඒ ගැන සටහනක් දාන්න හිතිල තිබුණෙ නෑ.
.
ලඟදි දවසක මම සේවා ස්ථානයේ වැඩකට කොස්ගොඩට ගිහින් එන ගමන් හිටියෙ..පොඩ්ඩක් වේගයෙන් ආවත් ඒක පාලනයෙන් තොර වෙන තරම් එකක් නෙමෙයි..හදිසියේම ඉස්සරහින් ආපු බස් එක පිටිපස්සෙ තිබුණ බස් එක ඒක ඉස්සර කරා...මට වාහනය අයින් කරගන්න පොඩී ඉඩක් විතරයි ඉතුරු වුණේ..වෙලාවට බ්‍රේක් එක නොගැහුවනම් අනිවාර්‍යයෙන්ම කුඩුපට්ටම් වෙනව...ලයිට් කණුවක ගෑවී නොගැවී තමයි යන්තන් බේර ගත්තෙ..
හිතට ආවේ පුදුම කේන්තියක්..මුන් මිනිස්සු මරන්න යනවද මන්දා..25000ක් නෙමෙයි 50000ක් දඩ ගැහුවත් කමක් නෑ මේ වගේ උන්ට කියල හිතුනා...ටිකක් කේන්තිය නිවෙද්දි මට මතක් වුණා බස් ගැන පිස්සුවක් තිබුණ මගේ පොඩි කාලෙ...පුදුම උණක් තිබුණෙ A2 ලයින් එකේ බස් ගැන...වැඩිමනත් බස් වල නම් අංක පවා කටපාඩමේ තිබුණා..
විනාඩි 35ට පානදුරේ ඉදන් ස්කූල් ටයිම් එකේ එන බස් කීපයයි තිබුණෙ..ඒ ඩ්‍රයිවර්ල මට දෙයියො වගේ පෙනුනෙ...මද්දුව, සිසිර අයිය, ජයතිලක අයිය හම්මේ පණ ඇරල මන්...උන් දාන වෙට්ටු,වංගු ගන්න ලස්සන...ගියර් එක මරු කරන ස්පීඩ් එක..හරියට වීරයො වගේ...
.
ඒ මන් බස් එක ඇතුලෙ හිටපු කාලේ..
එදා මන් බස් එකෙන් පිට...පිට ඉදන් බස් එක දිහා බලද්දි නරුමයෙක් වෙච්ච ඩ්‍රයිවර් ඇතුලෙන් බලද්දි වීරයෙක් වෙච්ච කාලයක් තිබුණා....
ඔව් හදවතින්ම වීරයෝ වෙච්ච කාලයක් තිබුණා...කොටින්ම කොච්චර්‍ර ඉගෙන ගත්තත් කමක් නෑ කවද හරි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීම පවා හිතේ තිබුණා...
.
හැම සිදුවීමකම ඇත්ත ඕකයි...සිද්ධිය අපේනම් ඒක පට්ට ආතල්, සිද්ධියෙන් අපි පිඅට නම් ඒක පජාතයි..කුජීතයි, නීති විරෝධියි...ඒක එහෙම නේද...ඔව් හුඟක් වෙලාවට එහෙමයි...සමාජයෙ කොටස් ගැටෙන්න ප්‍රධානම හේතුව මේකයි...
.
.
අපේනම්, ඔව් ඒක පට්ට....
උගේනම්, ඔව් ඒක ඊයා....
.
.
.
.
නොටී