Monday, May 15, 2017

ගෞරවය රෙද්දපල්ලෙන් බේරීම...

වෘත්තීමය ගෞරවය අද කාලේ හුඟක් කතා බහට ලක්වෙන ටොපික් එකක් වෙලා.. දොස්තරලා, නීතීඥයෝ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම වගේ මේ කතාව තියෙනව..තමන්ගේ වෘතීයට හරියන විදිහට ඉන්නෙ කොහොමද..? ඒක තමයි ප්‍රශ්නය මේ වෙන කොට තියෙන..
ඒත් ඇත්තම ප්‍රශ්නය ඒකද...? මම හිතන්නේ නැහැ...වෘත්තීයට හරියන විදිහට වෘත්තීය කරන කාලය තුල ඉන්නේ කොහොමද කියන එකයි ඇත්තම ප්‍රශනය විය යුත්තේ...වෘත්තීයෙන් පිට සිවිල් සමාජයේදී ප්‍රශ්නය විය යුත්තේ පුරවැසියෙක් හෝ සිවිල් පුද්ගලයෙකු විදිහට ඉන්නෙ කොහොමද කියන එකයි...
එක එක වෘත්තීන්ට අදාලව ගොඩ නැගුනු ආචාර ධර්ම විධි තියෙනව..වෘත්තීය කාල සීමාව තුල ඒ ආචාර ධර්ම අනුගමනය කිරීමේ ගැටලුවක් නෑ...උදාහරණයකට වෘත්තීය කාල සීමාව තුල මත්පැන් පානය සුදුසු නොවන වෙලාවකදි එසේ නොකිරීම අදාල ආචාර ධර්ම කඩ නොකිරීමක්...ඒ වගේම වෘත්තීය සීමාවෙන් පිටතදී මත්පැන් පානය කිරීමෙන් අදාල වෘත්තියේ ගෞරවය කෙලෙසීමක් සිදු වෙන්නෙත් නැහැ...
.
මේ කාරණා අස්සෙ මට මතක් වුණේ දන්න අදුරන සූපවේදියෙක්ව...තරමක් වයසක මනුස්සයෙක් වුණ අදාල පුද්ගලයට ආයතන ප්‍රධානියා සමග පොඩි පොඩි හිත් අමනාපකම් තිබුනා..බොහෝමයක් ඒවා වැරදි වැටහීම් මත ඇතිවුණ ඒවා...
මේ අදාල පුද්ගලයා අවසානයට තීරණය කරන්නේ ආයතනය ප්‍රධානියාගෙ කෑම වේලට ඔහුට හානිදායක දේවල් එකතු කරන්න...ඒත් අනික් අයගෙ මැදිහත් වීම් නිසා මේ කාරණය ඉෂඨ කරගන්න බැරි වුණත් මේ උත්සාහයම තමන්ගෙ වෘත්තීය ගෞරව කෙලිසීමක් විදිහටයි මම දකින්නේ...සූප වේදියෙක් විදිහට කාලන්තරයක් පුහුනුවක් ලබන මිනිහෙක් කෑම වේලක් පිලියෙල කරන්නේ හරියට දේව භක්තිකයෙක් දේව පූජාවක් පිලියෙල කරන තරම් හැඟීමකින්...ඒක තම්න්ගේ ආහාර වේල රසවිඳින ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් එහෙමයි... එතනින් අදහස් කරන්නෙ සූප වේදියා අවධානය යොමු කරන්න ඕනේ පිලියෙල කිරීමේ ක්‍රම වේදයට මිස භුක්ති විඳින්නා පිලිබඳව නොවෙයි නොවෙයි කියන එකයි...ඉතිං හිතන්න මේ දාල පුද්ගලයා තමන්ගෙ වෘත්තීමය ගෞරවය විතරක් නෙමෙයි මානුශිකතවය පවා අනික් සේවකයන් ඉදිරියේ කඩා බිඳ දාගන්නව නෙමෙයිද...මේ අත්දැකීම මම මගේ වෘත්තීමය ජීවිතේ අත්දැකපු අමිහිරිම මතකයක්...
.
මිනිස්සු තමන්ගේ සැප වෙනුවෙන්, තමන්ගේ පීඩනය නිදහස් කරගැනීම වෙනුවෙන්, තමන්ට ලඟා කරගත නොහැකි අභිමතාර්ථ වෙනුවෙන් කොයි තරම්නම් තම්න්ගේම සමාජ ආචාර ධර්ම පාවා දෙනවද..?
කොයි තරම් නම් විනාස කරනවද...?
මේක ඇත්තටම වෘත්තීමය වශයෙන් නෙමෙයි සමාජයීය වශයෙන් අරගෙන කතාකල යුතු පැතිකඩක්...
වෘත්තීයට එන්නට පෙර සිටම තමන්ම තෝරාගන්න ලද ආකල්ප ප්‍රවාහය මත සිදුවන්නක් විදිහටයි මම දකින්නෙ...
.
මේ ආකල්ප ප්‍රවාහයේ මූලික වගකීම මුල් ගුරුවරු, අධ්‍යාපන ආයතන, ආගමික සංස්ථා සහ සමාජයක් විදිහට අපි යන සියල්ල භාරගත යුතුයි කියල මම විස්වාස කරනව...
.
මේ සිද්ධි අපිට උගනවන ලොකුම පාඩා තමයි සමාජයේ අපි දකින බොහෝමයක් වැදගත් යැයි සම්මත පුද්ගලයන්ගේ හෝ සංස්ථාවල වැඩිමනත් තියෙන්නේ සරුවපිත්තල දිස්නයක් විතරයි කියන එකයි...
.
වැදගත්කම රෙද්ද පල්ලෙන් බේරෙන්නට කලින් අපි එකිනෙකා ඒ වැදගත්කම ගෞරවය අපි තුලින් හදාගන්නවනම් පොඩි පොඩි කොටස් එක්තු කරල හදපු ලස්සන චිත්‍රයක් විදිහට සමාජයම තියේවී...
.
අපි අපිව අමතක කරල අනිකාව හදන කුහක මානසිකත්වයක ඉන්නවනම් මේ ගෞරවය හෝ වැදගත්කම කවදාවත් අපිට ලඟාකරගන්න බැරි පම්පෝරී ගහන තවත් එක මාතෘකාවක්ම වේවී
.
.
.
.
.
නෝටී



No comments:

Post a Comment