Thursday, June 1, 2017

ෆර්ෆෙක්ට් රෙලේෂන්ශිප්....

අංග සම්පූර්ණ සබඳතා තියෙනවද..?
මේක හුඟක් වෙලාවට තරුන වයසේ ආදරේ කරන අයට තියෙන ප්‍රශ්නයක්.. එයා මට හරියට ගැලපෙන්නෑ..එහෙම නැත්තන් එයා කොත්තු කන්න කැමති නෑ මං කැමතියි...එයා මං කොච්චර කිව්වත් දිගට අදින්න කැමති නෑ...එයා අර කොල්ල කෙල්ල එක්ක කඩේකට වෙලා කෝපී බීලා, මං ඒකට කැමති නෑ..
මේ වගේ ප්‍රශ්න කොච්චර නම් අපිටත් එදිනෙදා ජීවිතයෙදි එනවද.. එයා මගේ, එයා ඉන්න ඕනේ මං එක්ක විතරයි... යාලුවො එක්ක ඉන්න ඕනේ නෑ එයාට මම ඉදිද්දි..මේ වගේ අදහස් සිය දහස් ගාණක් දවසකට අපිට මුණ ගැහෙනවා...
.
මේක ඇත්තටම එහෙමද...? සබඳතාවයක් කියන්නෙ කොටු වීමක්මද..? එහෙම කොටු වෙන්න පුලුවන් එක අංගසම්පූර්ණ සබඳතා තියෙනවද..? තියෙන්න පුලුවන්ද..?
.
ටිකක් බැරැරුම් කතාවක්..හැම මිනිහෙක්ටම විශේෂිත ගතිගුණ තියෙනව...ඒ ඒ ගති ගුණ අතරේ ඉස්මතු වෙන දේවල්...
උදාහරණෙකට අපි ගමනක් යන්න තෝරගන්න එහෙමත් නැත්තන් ගමනකට සුදුසුම තමන් දන්න පුද්ගලයා තම්න්ගෙ පෞද්ගලික දෙයක් කියන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්...
නැත්තම් තමන්ට දෙයක් ඉගෙන ගන්න ඉන්න සුදුසුම පුද්ගලයා විස්වාසය තියන්න නුසුදුස්සෙක් වෙන්න පුලුවන්...
අඩියක් ගහන්න සුදුසුම පුද්ගලයා වාහනේ යතුර අතට දෙන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්...කෝපි එකක් බොන්න සුදුසුම පුද්ගලයා කිස් එකකට සුදුසුම නොවෙන්න පුලුවන්...
ලස්සනට වාදනය කරන ගායනය කරන පුද්ගලයා ආදරය කරන්න නුසුදුස්සෙක් වෙන්න පුලුවන්....
මේ වගේ එක එක විශේෂිත ක්‍රියාවන් වලට විශේෂ පුද්ගලයන් අපිට කොච්චරවත් මුණ ගැහෙනව ඇති...ඒ විශේෂිත දේවල් වලින් එකක් වුන ආදර සම්බඳතාවයක් හෝ කසාදය කියල ගමු, ඒකටත් විශේෂ පුද්ගලයෙක් ඉන්න පුලුවන්... තමන්ට ගැලපෙනම විදිහට ආදරේ කරන..සමහරවිට එයා නිදහසෙ කෝපි එකක් බොන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්....මොකක්ද ඒකේ ඇති වෙනස...ආදරය හෝ කසාදය බේස් වෙන්නෙ කෝපි එකකද..? නැත්තන් කෑම පිඟනකද..? ඒ අදාල සම්බඳතාවයට බේස් වෙන කරුණු වලට කෙනෙක් පර්ෆෙක්ට් නම් එයාව ඒ අදාල සම්බඳතාවය වෙනුවෙන් විතරක් පාවිච්චි කරන්න...යොදාගන්න..ඒ වගේම හැම සම්බඳතාවයකම ගති ලක්ෂණ එකම මිනිහෙක්ගෙන බලාපොරොත්තු වෙන එක නවත්තන්න..අඩුම අංගසම්පූර්ණව බලාපොරොත්තු වීම නවත්තන්න...
.
සබඳතා ෆර්ෆෙක්ට් විදිහට තියාගන්න නම් මේ කාරණේ තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් වෙයි කියල මට හිතෙනව..තමන්ට තියෙන විභවය තේරුම් ගන්න වෙනව මුලින්ම..මම ඇත්තෙන්ම කොයි වගේද කියන එක දන්නවනම් තම්න් එක්ක සහයකයා හෝ සහායිකාවගේ ක්‍රියාකාරකම් ගැන වදවෙන්න එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ...
මොකද අපි හැම තිස්සෙම තෝරගන්න ඕනේ ජීවන සහකාරියක්/ සහකරුවෙක් මිසක් වාල් වෙච්ච සේවකයෙක් නෙමෙයි නිසා...
එහෙම නොවෙන තැනදි තමයි අපිට සිද්ධ වෙන්නේ බලාපොරොත්තු කඩවීම්, විස්වාසය කඩවීම් වලට මුහුණ දෙන්න...
.
ඒ නිසා සබඳතාවයකදී කල්පැවැත්ම අවශ්‍යය නම් තමන්ගේම පොටෙන්ෂල් එක තමන් තේරුම් ගැනීමත් ඒක අනිකාට ඒත්තු ගැන්වීමත් වගේම ඉන් පරිභාහිර දේවල් සඳහා තමන්ගෙන් නිදහස් කිරීමත් කියන දේ අත්‍යාවශ්‍ය වේවී...
.
.
.
.
.
නෝටී...



No comments:

Post a Comment