Tuesday, April 18, 2017

හැගීම් තියෙනවද....

මිනිස් හැගීම් කියන්නෙ ඉතාම විශාල පරාසයක පැතිරුන කතාවක්..එක හැගීමක් ගත්තම ඒක අවස්ථානුකූලව, හැගීම් මූලය අනුව, හැගීමට යටත්වන්නා අනුව, සංස්කෘතිකව, වගේම සමහර වෙලාවට ජීවවිද්‍යාත්මකවත් කියන විවිධ කෝණ වලින් දකින්න පුලුවන්..
උදාහරණයකට ගමු කෝපය..නැත්තන් කේන්තිය...
මේක අවස්ථානුකූලව වෙනස් නෙවෙනවද..වෙනවා...කාර්යය බහුල අවස්ථවක සහ නිදහස් වෙලාවක කෝපය දෙවිදිහක්..සීමාවන් වෙනස්...ඒ වගේම හැගීම් මූලය අනුව වෙනස් නැද්ද...අදාල හැගීමට මුල්වන කාරණය අනුව..වෙනස් වෙනව...සංස්කෘතියට අනුවත් එහෙමයි.ජීවවිද්‍යාත්මක කරුනු අනුවත් වෙනස් වෙනවා...
.
මේ වගේ හැම හැගීමක් අස්සෙම අපි නොදකින හුගාක් පැතිකඩවල් තියෙන්න පුලුවන්..හැගීමක් ගැන විනිශ්චයක් දෙන්න කලින් අපි ඒගැන සහමුලින්ම දැනුවත්ද කියන එක සිතීම හරිම වැදගත්..එහෙම නොදන්නවානම් ඒගැන අධ්‍යයනය කරලා නිගමනයකට ඒම ඉතාම වැදගත්..විශේෂයෙන් වැදගත් වෙන්නෙ සමාජ සම්බන්ධතාවලදි...
.
ඒ වගේම මේ හැගීම්වලට අදාල එක එක චරිත ලක්ෂණත් තියෙනවා...
හැම හැගීමකම තියෙන ලක්ෂණ ප්‍රශස්ථ නොවුනත් අපිට වෙන්කරගන්න පුලුවන් ප්‍රශස්ථ ලක්ෂණ තියෙනවා..මේකෙ අදහස හැගීමක වචනාර්ථයට වඩාත්ම ගැලපෙන එහෙම නැත්තන් හැගීම ඉදිරියට වඩාත් හොදින් පවත්වාගෙන යන්න උදව් වෙන ලක්ෂණ කියන එකයි..
.
උදාහරණයකට අපි ගමු අාදරය...සංවේදීම හැගීමක්ලුනේ...මොනවගේ චරිත ලක්ෂණ දකිනවද..සීයක් දෙසීයක් අැති...කැටි කරල මම මෙහෙම කිව්වොත් මේ හැගීම එක්ක එනවා ලක්ෂණ දෙකක් මේක ප්‍රශස්ථව පවත්වගෙන යන්න කියල...මොනවද ඒ දෙක...
මූලිකවම බෙදාගැනීම සහ රැකබලාගැනීම...අපි සිංහලෙන් කෙයාරින් අැන් ශෙයාරින් කියන්නෙ අන්න ඒක...
මෙතන බෙදාගැනීම කිව්වම හැම දේම අදාලයි..තමන්ගේ අාදායම,වියදම,අාහාර,නවාතැන් වගේම ලිංගිකත්වය පවා..
.
මේ කරුනු අඩු වැඩි විදිහට හැම අාදරයක් එක්කම නැද්ද..අාදරයක් ඉදිරියට යන්න මේ ලක්ෂණ දෙක ඉතාම වැදගත් නැද්ද...
.
මේ විදිහට හැම හැගීමක් එක්කම ලක්ෂණ තියෙනවා...අපි හරියට අදුනගෙන පාවිච්චි කරනවානම් හැගීමට දීර්ඝ කාලීනව පවත්වගෙන යන්න පුලුවන්...වඩාත් සුමටව...
.
.
.
.
.
නෝටී


No comments:

Post a Comment