Friday, April 28, 2017

හූනා බව් බව් කීම....

ඒ මං ඔ්ලෙවල් කරන කාලේ..දැන් අවුරුදු 13කට විතර කලින්නේ...
මට මතකයි විභාගෙට යද්දි ගෙදරින් එලිට බැහැල වමට හැරුනොත් අනිවාර්යෙන් මුන ගැහෙන මිනිහෙක් හිටියා..
උදේම කසිප්පු ටිකකින් සප්පායම් වෙලා නැංගුරමත් දාගෙන පාර මැදට වෙන්න ඉන්නවා...
ඒ දවස්වල අපෙ අම්ම නිතරම කියන කතාව තමයි ඒ පැත්තෙන් යන්නෙපා ඔය මනුස්සය මූණට මුලින්ම හම්බවෙලා කියල...
මං හා කියල එලියට බැහැල යන්නෙම ඒ පැත්තෙන්...හැමදාම මිනිහට හිනාවක් එහෙම දාලා මිනිහා අාපිට හිනා වුනොත් කොහොමද සීයෙ කියලත තමයි යන්නෙ...
.
මට බලන්න ඔ්නේ වුනා මම මිනිහා මූණට හම්බවීම නිසා ෆේල් වෙයිද කියල...කඩඉම් විභාගයකට මූණ දෙන්න යන අනිත් හුගක් ලමයි පන්සල් ගානේ දේවාල ගානේ බාරහාර බෝධි පූජා තියල විභාගෙට යද්දි මම ඒකම ඉස්සරහට දාලා පරීක්ෂාවක් කරන්න තරම් අාත්ම විස්වාසයක් තිබුන පොඩි එකෙක් වීම ගැන දැන්නම් තරමක අාඩම්බරයක් තියෙනවා...
.
මාස ගානකට පස්සෙ රිසාල්ට් අාවා...ෆේල් නැහැ..මම හිතුවට වඩා හොද රිසාල්ට් එකක් තිබුන...එතකොට ඉස්සරහට හම්බවුන මනුස්සය මගෙ ජීවිතේට බලපෑමක් කරල නෑ නේද කියල හිතුනා...මේ එක මේජර් ඉවෙන්ට් එකක් විතරයි..තව සියගානක් මෙහෙම දේවල් කරත් ප්‍රතිඵලය වෙනසක් වුනේම නැති තරම්...
.
අපි හිතනව කලු බලලෙක්, හිස් භාජනයක්, අපි නරකයි කියල හංවඩු ගහන මිනිහෙක් ඉස්සරහට හම්බවීම අතිශයින්ම අපේ එදිනෙදා වැඩවලට බලපානවා කියල...කොටින්ම හූනෙක්ගෙ කෑගැහීම පවා බලපාවී කියල හිතන්න තරම් අපි බොලද වෙලා තියෙනවා...
.
හුගක් දැනුම අතින් ඉදිරියට ගිය චරිත පවා මේ වගේ බාලාංශ කරුණු වල පැටලිලා නාස්ති කරගන්න කාලය සහ අැති කරගන්න හිත් රිදීම් බැලුවම හරිම දුකක් හිතට එනවා...
.
හූනෙක් චික් චික් ගාන්නෙ උෟට බව් බව් කියන්න බැරි නිසා....
ඒත් අපි...
උන්ට වඩා හුගක් ඉස්සරහ ඉන්නෙ...අපිට චික් චික්, බව් බව් විතරක් නෙමෙයි කැමතිනම් ඤාව් ඤාව් ගාන්නත් පුලවන් කම තියාගෙන අපි අැයි මේ වගේ දේවල් වලට යට වෙන්නෙ කියල හිතන්න කාලය අැවිත්...
.
තමන්ට වැඩිම බලපෑමක් කරන්නෙ තමන්ම මිසක් අනිත් අයවත් සතෙක්වත් නෙමෙයි...අපි අපි ගැම විස්වාසයක් තියාගන්න පුලුවන් නම් හූනගෙ හඩත් අපිට එක හඩක්ම විතරක්වෙයි....
.
.
.
.
.
.
නෝටී...



No comments:

Post a Comment