කාලෙකට ඉහතදි මම අත්දැකපු සිද්දියක්..ඒ කාලෙම බුකියෙ ලිව්වට බ්ලොග් එකට දැම්මෙ නෑ...අද අහම්බෙන් මතක් වෙලා දාන්න හිතුනා..දැන් අවුරුද්දකට වැඩියි මං හිතන්නේ..සමහරවිට දෙකක්...අපි යාලුවො 5 දෙනෙක් විතර අනුරාධපුරේ ගියා..කොල්ලො විදිහට පොඩි ෆන් එකකුත් අරන් ඊලඟ දවසේ පූජාස්ථාන වදින්න ගියා...මටත් කැමරාව හම්බවුණ අලුත...අරූට දැලි පිහිය හම්බවුණා වගේ තමයි...හතර අතටම පොටෝ අල්ලන එක තමයි මගේ වැඩේ...ලස්සන චූටි කෙල්ලෙක් එනව පඩිපෙල දිගේ නැගගෙන...කැමරාව ඉලක්ක කරල අල්ලන් හිටියා මූන උස්සනකන්.උස්සපු තත්ත්පරේම ගැහුවා..ඩිස්ප්ලේ එක බලද්දියි දැකෙ ඊට ඉස්සරහින් හිටපු නැන්ද ශොට් එක මැද්දට ඇවිත් කියල..
මොනව කරන්නද...හිත හදාගෙන රුවන්මැලි සෑය ඇතුලට ගියා..මගෙ යාලුවො ටික වටේ යන ගමන් වදිනවා පිංකැටේට සල්ලි දානව..එන හැම කෙනාම එහෙමයි..මමත් ඒව බලාගෙන වටේ ගිහින් එලියට යන්න ආයෙත් පඩි පෙල ගාවට ආවා..අනිත් උන් ටික පරක්කු නිසා ටිකක් එතන හිටියා..
"පුතේ"
එක පාරට ඇහිච්ච සද්දෙට මම හැරුණා...නැන්ද කෙනෙක්...ෆයිල් එකක් අතේ...
"ඇයි නැන්දෙ" මම ඇහුවා...නැන්ද ෆයිල් එක මට දුන්නා..
"පුතේ මේ මගෙ දුව, මේ අහවල් තැන ඉගෙන ගන්නේ..එයාට උගන්නන්න තරම් සල්ලි අතේ නෑ, ඒකයි මේ ලැජ්ජාව පැත්තකට තියල මෙහෙම ඇවිත් සල්ලි ඉල්ලන්නෙ. මේ විස්තර බොරු නම් ඔය ආයතනයට කෝල් කරල අහන්න පුලුවන්.."
මට මොනව හරි කියන්න ඕනේ වුනා..අඩුම හිත හැදෙන්නවත්...ඒත් මොනවද..මොනව කියලද හිත හැදෙන්නෙ ඒ මනුස්සයගෙ...නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ගැනද..? සල්ලි ගෙවල ඉගෙන ගන්න බැරිනම් කෙල්ලව ගාමන්ට් යවන්න කියන්නද..? මන්ද..එක වචනයක් ඔලුවට ආවේ නෑ...වෙන ඕනෙම දේකට කටින් වචන 100ක් දෙසීයක් ඉබේම එලියට දාන මම ගොලුවෙක් වගේ බලන් හිටිය ටිකක් වෙලා...අන්තිමට සාක්කුවට අත දැම්ම..රු.100ක් තිබුණෑ...ඒක දුන්න...නැන්දා මට පිං දුන්න..මොනව කියල දුන්නද කියල මට ඇහුන්නෑ, හරියටම කිව්වොත් අහන් හිටියෙ නෑ..1000ක් එතනින් එලියට ආවනම් 10ක් ඒ මනුස්සයට කීය කීය හරි දෙන්නැති...හැබැයි 1000ක් එතනින් ඇතුලට ගියානම් 999ක්ම අර අජීවී පිංකැටේට සල්ලි දැම්ම..ඒක ගැරන්ටීඩ් පිනක් නිසා...එහෙම නැත්තන් ගැරන්ටීඩ් කියල අපිට පරම්පරා ගාණක් උගන්නල තිබුණ නිසා..
.
මගෙ රු.100න් ඒ කෙල්ලට වත් ඒ අම්මටවත් රජ සැප ලැබෙන්නෑ..හැබැයි ඒ මනුස්සයගෙ මූනෙ මැවිච්ච දුක පිරිච්ච හිනාව මට ලොකු සතුටක් ගෙනාවා..ලක්ෂයක් දැම්මත් හිනා නොවෙන පිං කැටේකට වඩා ඒ හිනාව මට හුඟක් වටිනව...
.
ලබන ආත්ම වෙනුවෙන් සතුට සේව් කරන අපි මේ මොහොතෙ ඇහේ වදින දේවල් ගසල දානව...ඊට පස්සෙ හිතන්ව අනේ මේ ආත්මෙ වගේ දුකක් ලබන ආත්මෙ ලැබෙන්නෙපා, ඒ වෙනුවෙන් මේ පින හේතු වේවා කියල...
.
ඇත්තටම කිව්වොත් මිනිස්සු මෝඩ නෑ, ලෝබයි....
.
.
හුඟාක් ලෝබයි...
.
.
.
.
නෝටී
ජීවිත තැනිතලාවේ අපි අපිම ඇක්ට් කරන අමුතුම චරිතවල පුංචි පුංචි කොටස් එකින් එක ලෙහා බැලීම....
Monday, March 6, 2017
Wednesday, March 1, 2017
අඬගසනතුරු ප්‍රථම ප්‍රේමය...
අඬගසනතුරු ප්‍රථම ප්‍රේමය...
.
.
.
ඒ මම අලුතින් ස්කෝලෙකට ගිය අලුතම වගේ..යන්තම් 4 වසරෙ..හරිම නිදහස්,හරිම විනෝදජනකයි..ඉගෙනීමෙ මහ අමාරුවක් නෑ,හවසට ටියුෂන් නෑ..කාටූන් එකක් බලන්න එහෙම නැත්තන් ලඟ ලඟ වයස් කාණ්ඩවල කෙල්ලො කොල්ලො ටික එකතු කරන් ක්‍රිකට් ගහන්න, වගේ පොඩි පොඩි දේවල් තමයි කරන්නෙ...ඒතරම් නිදහසක් ජීවිතේ කවමදාකවත් ආයේ ලැබේවි කියල හිතන්නවත් බෑ...
ඒත් අර කතාවට කියනව වගේ මිනිහෙක්ට දෙයක් වෙන්න මහ වෙලාවක් යන්නෑ..මොකක්දෝ හේතුවකට පංතියෙ ලඟින් වාඩිවෙලා හිටපු කෙල්ලට හිත ගියා...ඒ වයසට එහෙම වෙන්න පුලුවන්ද කියලත් දැන්නම් හිතෙනව..ඒත් එහෙම වුණා..ටික දවසක් හිතේ හිරකරන් හිටියා,ඒත් කාටම හරි මේක කියල නිදහස් කරගන්න ඕනේ...මගේම දවසෙ මට එහා ඇදේ ඉපදිච්ච නිවුන් සහෝදරය වගේ යාලුවයි මොට්ටසෝරියෙ ඉදන් ක්ලාස් කට් කරපු එකයි දෙන්නව අල්ලන් කතාව කිව්ව..
.
දැනුත් ප්‍රාර්ථනා කරන්නෙ උන්දෙන්න දීපු උත්තරේ නම් හතුරෙක්ටවත් හම්බවෙන්න එපා කියලයි..වෙන මුකුත් නෙමෙයි මුන් දෙන්නටත් මන් වගේම ඒ කෙල්ලටම හිත ගිහින්...දැන් මොකේද දන් වලඳන්නේ..අපි යාලුවෝ...ඒක එදා ඉදන්ම ස්තීරයි..ඉතිං තනියම ට්‍රයි කරන්වට වඩා ඉන්ෆොමේෂන් තුන්දෙනාම කරද්දි වැඩියි...තුන් දෙනාම බැස්ස ගේමට...කාට හරි එකෙක්ට මුලින්ම සෙට් වුණා නම් අනිත් උන්දෙන්න මුකුත් නොදන්න ගානට අයින් වෙන පොරොන්දුව පිට...
.
ඒක හරිම සුන්දර කාලයක්...අද වෙනකොට ඒ සිද්දියට අවුරුදු විස්සකට වැඩියි...මේ ලියන මොහොතෙත් මම හිතන්නෙ ඒ කෙල්ල දන්නෑ ඒ කතාව...ඒ කාලේ දැනගත්තනම් අපිව සෙන්ටිමීටරේ කෑලි වලට කපයි කියල ලොකු විස්වාසයක් මට තිබුණා...අවුරුද්දක් දෙකක් තියෙන්නැති ඒ කතන්දරේ..ශිෂ්‍යත්වෙ කියල මඟුලක් ආවා...මමයි තරිඳුවයි එක ලකුණකින් මිස් වෙලා කෙල්ල ගිය ස්කෝලෙ මිස් කරගත්තා, රුචිරයා මතුගම සෙන්ට්‍රල් එකට යද්දි අපි හිතේ කිසිම දුකක් නැතුව සුමංගලේට ගියා...කෙල්ල ධර්මාශෝකෙ කොල්ලෙක් එක්ක සෙට්වේවා කියලනම් අපි එකෙක්වත් විහිලුවටවත් ප්‍රාර්ථනා කරන්නැතුව ඇති..ඒත් ඒක නිකම්ම මඟ හැරිලා ගියා...සමහරවිට වයසත් එක්ක ආපු ආකර්ෂණයක් විතරක් වෙන්න ඇති...
.
ස්කෝල පිටින් ගිහින් කෙල්ලෙක් නිසා මරාගන්න සිදුවීම් දැක්කම මට මතක් වුණේ මේ කතාව..තුන් දෙනා කරට අතදාගෙන එකට කෙල්ලව බලන්න ගියේ, ඔව් අපි ලඟ යාලුකම තිබුණා, ආදරෙත් තිබුණා...සමහරවිට මිනිස්සුන්ට මේ පාලනය කරගන්න බැරි හැඟීම් එන්න හේතුව නිදහස නැති කමද කියලත් මට හිතෙනව..ඉගෙන ගන්න කාලේ ඉදන්ම කිසිම නිදහසක් නොවිදින පොඩි උන් දැක්කම මට ඇත්තටම හිතෙනව ඔව් මන් හුඟක් වාසනාවන්තයි කියල...ඒ වගේම කෙල්ලෙක් ගැන ආදරයක් ඔලුවට එනකම්ම මම අසීමිත නිදහසක් වින්ද කියලත්...
.
ඔව් අර චාමර කියන කතාව හරියට හරි...
.
" අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය සදා තරුණයි ජීවිතේ.."

Subscribe to:
Posts (Atom)