කාලෙකට ඉහතදි මම අත්දැකපු සිද්දියක්..ඒ කාලෙම බුකියෙ ලිව්වට බ්ලොග් එකට දැම්මෙ නෑ...අද අහම්බෙන් මතක් වෙලා දාන්න හිතුනා..දැන් අවුරුද්දකට වැඩියි මං හිතන්නේ..සමහරවිට දෙකක්...අපි යාලුවො 5 දෙනෙක් විතර අනුරාධපුරේ ගියා..කොල්ලො විදිහට පොඩි ෆන් එකකුත් අරන් ඊලඟ දවසේ පූජාස්ථාන වදින්න ගියා...මටත් කැමරාව හම්බවුණ අලුත...අරූට දැලි පිහිය හම්බවුණා වගේ තමයි...හතර අතටම පොටෝ අල්ලන එක තමයි මගේ වැඩේ...ලස්සන චූටි කෙල්ලෙක් එනව පඩිපෙල දිගේ නැගගෙන...කැමරාව ඉලක්ක කරල අල්ලන් හිටියා මූන උස්සනකන්.උස්සපු තත්ත්පරේම ගැහුවා..ඩිස්ප්ලේ එක බලද්දියි දැකෙ ඊට ඉස්සරහින් හිටපු නැන්ද ශොට් එක මැද්දට ඇවිත් කියල..
මොනව කරන්නද...හිත හදාගෙන රුවන්මැලි සෑය ඇතුලට ගියා..මගෙ යාලුවො ටික වටේ යන ගමන් වදිනවා පිංකැටේට සල්ලි දානව..එන හැම කෙනාම එහෙමයි..මමත් ඒව බලාගෙන වටේ ගිහින් එලියට යන්න ආයෙත් පඩි පෙල ගාවට ආවා..අනිත් උන් ටික පරක්කු නිසා ටිකක් එතන හිටියා..
"පුතේ"
එක පාරට ඇහිච්ච සද්දෙට මම හැරුණා...නැන්ද කෙනෙක්...ෆයිල් එකක් අතේ...
"ඇයි නැන්දෙ" මම ඇහුවා...නැන්ද ෆයිල් එක මට දුන්නා..
"පුතේ මේ මගෙ දුව, මේ අහවල් තැන ඉගෙන ගන්නේ..එයාට උගන්නන්න තරම් සල්ලි අතේ නෑ, ඒකයි මේ ලැජ්ජාව පැත්තකට තියල මෙහෙම ඇවිත් සල්ලි ඉල්ලන්නෙ. මේ විස්තර බොරු නම් ඔය ආයතනයට කෝල් කරල අහන්න පුලුවන්.."
මට මොනව හරි කියන්න ඕනේ වුනා..අඩුම හිත හැදෙන්නවත්...ඒත් මොනවද..මොනව කියලද හිත හැදෙන්නෙ ඒ මනුස්සයගෙ...නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ගැනද..? සල්ලි ගෙවල ඉගෙන ගන්න බැරිනම් කෙල්ලව ගාමන්ට් යවන්න කියන්නද..? මන්ද..එක වචනයක් ඔලුවට ආවේ නෑ...වෙන ඕනෙම දේකට කටින් වචන 100ක් දෙසීයක් ඉබේම එලියට දාන මම ගොලුවෙක් වගේ බලන් හිටිය ටිකක් වෙලා...අන්තිමට සාක්කුවට අත දැම්ම..රු.100ක් තිබුණෑ...ඒක දුන්න...නැන්දා මට පිං දුන්න..මොනව කියල දුන්නද කියල මට ඇහුන්නෑ, හරියටම කිව්වොත් අහන් හිටියෙ නෑ..1000ක් එතනින් එලියට ආවනම් 10ක් ඒ මනුස්සයට කීය කීය හරි දෙන්නැති...හැබැයි 1000ක් එතනින් ඇතුලට ගියානම් 999ක්ම අර අජීවී පිංකැටේට සල්ලි දැම්ම..ඒක ගැරන්ටීඩ් පිනක් නිසා...එහෙම නැත්තන් ගැරන්ටීඩ් කියල අපිට පරම්පරා ගාණක් උගන්නල තිබුණ නිසා..
.
මගෙ රු.100න් ඒ කෙල්ලට වත් ඒ අම්මටවත් රජ සැප ලැබෙන්නෑ..හැබැයි ඒ මනුස්සයගෙ මූනෙ මැවිච්ච දුක පිරිච්ච හිනාව මට ලොකු සතුටක් ගෙනාවා..ලක්ෂයක් දැම්මත් හිනා නොවෙන පිං කැටේකට වඩා ඒ හිනාව මට හුඟක් වටිනව...
.
ලබන ආත්ම වෙනුවෙන් සතුට සේව් කරන අපි මේ මොහොතෙ ඇහේ වදින දේවල් ගසල දානව...ඊට පස්සෙ හිතන්ව අනේ මේ ආත්මෙ වගේ දුකක් ලබන ආත්මෙ ලැබෙන්නෙපා, ඒ වෙනුවෙන් මේ පින හේතු වේවා කියල...
.
ඇත්තටම කිව්වොත් මිනිස්සු මෝඩ නෑ, ලෝබයි....
.
.
හුඟාක් ලෝබයි...
.
.
.
.
නෝටී
No comments:
Post a Comment