Saturday, March 18, 2017

හැම බැඳීමක්ම වැදගත් මචං.....

ගැට ගැහීමක් කිව්වම ඔලුවට එන්නෙ නිදහසක් නැති වීමක්..එහෙම නේද..ඒත් හැම වෙලාවෙම එහෙම නෙමෙයි..සමහර වෙලාවට ගැට ගැහිලා බැඳිල ඉන්න තියෙන ආසාවට අපි නිදහස සීමා කරගන්න සූදානම්.. ඒක මිනිස්සුන්ගෙ හැටියක්..බැඳීම් අඩු වීම හුඟක් නිදහසක් වගේම නිදහසට වඩා සතුටක් දෙන බැඳීමුත් නැතිවම නෙමෙයි..
.
මේ කතාව මිනිස් බැඳීම් එහෙමත් නැත්තන් සමාජ සම්බන්ධතා ගැන...මේක දෙකකට කඩන්න පුලුවන්,
ඒ එකක් සැලසුම් සහගතව ඇති කරගන්න බැඳීම් සහ අනික සැලසුම් නොකරම අහම්බෙන් ඇති වන බැඳීම්...
ආයෙත් මේක දෙකකට කඩන්න පුලුවන් ගැටිල ඉන්න කැමති සහ ලෙහාගෙන යන්න කැමති හැටියට...
.
පැහැදිලි මදි වගේද..
ඔව් උදාහරණයකට ගමු තමන්ගෙම සමාන අදහස් දරණ කෙනෙක් මුණ ගැහීම සහ ඒ ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සාමාන්‍ය ජීවිතයේදී හරිම සොඳුරුයි...මිත්‍රයෙක්, පෙම්වතියක්/පෙම්වතෙක් හෝ බිරිඳක් සැමියෙක් වගේ මේ ගැට ගැහීම තියෙන්න පුලුවන්..කොයි ආකාරයට වුණත් ඒක තමන්ට පහසුවක් සුවයක් දෙන දෙයක්...
.
ඒ වගේම අනිත් එකට එමු, හදිසි කෝපය නිසා ඇතිවන රණ්ඩුවක් ගැන හිතමු...ඒ රණ්ඩුවට පසුවත් තරහව හිතේ තියාගෙන දිගින් දිගටම ඒක පවත්වාගෙන යන දෙපිරිසක් හිතමු..එයාල අතරත් තියෙන්නෙ බැඳීමක්නේ...ගැටගැහිල ඉන්නෙ...ඒත් ඒ ගැටේට අපි ආදරේ කරන්නෑ...කැමති වෙන්නෑ...ගැටේ එහා පැත්තෙ ඉන්නෙ තමන්ගෙ යාලුවෙක් වුණත්, පෙම්වතිය/ පෙම්වතා වුණත්, බිරිද/සැමියා වුණත් ඒ කාරණේ එහෙමමයි...
.
මේ හුඟක් බැඳීම් අපිටම පාලනය කරගෙන අපිට අවශ්‍ය පැත්තට හරවගෙන කැමති විදිහට පාවිච්චි කරගන්න පුලුවන් ඒවා...පොඩි දේවල් ටිකක් පුරුදු වෙන්න විතරයි තියෙන්නේ..ඇත්තෙන්ම වැඩි පුරම පොඩි පොඩි වචන ටිකක් විතරයි.. හරියට මේ වගේ..
" සමාවෙන්න " " ඔව් ඒක මගෙ වැරැද්ද " " ඔයාට කොහොමද/ ඔයා හොදින්ද " " ඒක සාමාන්‍යයි " වගේ දේවල් ටිකක්...
ඒ වගේම හිනාව, සහයෝගය දීම, වගේ ඉතාම සරල පුරුදු කිහිපයක් විතරයි...
.
මේ සාමාන්‍ය ජන ජීවිතයෙදි අපිට බැඳීම් රහිත වෙන්න බෑ..මිනිස්සු මත යැපෙන්න වෙනව, අපි මත යැපෙන අයත් එක්ක ගැටෙන්න වෙනව...ඉතිං ඒක හරියට කලමණාකරණය කර ගැනීම ඉතාම වැදගත්...
.
සටහන හුඟක් කල් ඉදන් ලියන්න හිටියත් මුලක් මැදක් අගක් තිබුණෙ නෑ...හදිසියේම මතු වුණ අය කිහිප දෙනෙක් ඒකට වස්තු බීජය සපයල දුන්න..හරියට අපි කියන්නෙ දේව දූතයෝ නැත්තන් ඒන්ජල්ස්ලා කියල..අන්න එයාලා...අහසෙන් වැටෙද්දි සමහරුන්ගෙ මූණු ටිකක් බිම ඇනිල තිබුණට එයාල දෙන අත්දැකීම් තමයි මේ ලිපියේ අන්තර්ගතය...
.
ඉතිං බැඳීම් නැති ලෝකයකට යනකන් හැම බැඳීමක්ම වැදගත් මචං කියල වැඩ කරමු..
.
.
.
.
.
නෝටී


No comments:

Post a Comment