Monday, March 13, 2017

ආගම සහ අත්හැරීම...

ආගම, දන්න දවසෙ ඉදන් හොද නරක කියල දෙන්න තිබුණ යාන්ත්‍රණය...මේක කරොත් මෙහෙම වේවී, අරක කරොත් අරෙහෙම වේවී වගේ ඵල විපාක ගැනත් හොද ලෙසට සම්මත දේවල් කරොත් ලැබෙන සංතෝසම් ගැනත් උගන්නන්නේ ආගම, හයක් හතරක් නොතේරෙන වයසට ටිකක් බර වැඩි වුණත් අපි හැමෝම වගේ ගැට ගහගෙන ඒ දේවල් ෆලෝ කරන්නෙ එක්කො අර විපාකයට බයේ නැත්තන් වැඩිහිටියන්ට බයේ..වයසත් එක්ක කාලයක් එනව ඒ දේවල් හරියටම ප්‍රශ්න කරන්න පුලුවන්, හරියට විශ්ලේෂණය කරන්න පුලුවන්...ඒ වයස ආවහම විශ්ලේෂනය කරල සමහරු තීරණය කරනව ඔව් මේක ඉතාම හොදයි,ප්‍රායෝගිකයි ඒ නිසා ඉදිරියටත් මේකම ෆලෝ කරනව මොකද මේක නැති වුණොත් මට හොද නරක වෙන් කරගන්න ක්‍රමයක් නෑ කියල...
ඒ වගේම තවත් සුලු කොටසක් තීරණය කරනව නෑ මේක නැතුව මටම තීරණය කරල හොද නරක වෙන් කරගන්න පුලුවන් ඒ නිසා මම මේක අත් හැරලා මගේම ක්‍රමවේදයකට යනව කියල...හරියටම කිව්වොත් කොටසක් පැවතුන කල්ලිය තමන්ගෙ ඉදිරි ගමනටත් යොදාගනිද්දි කොටසක් කල්ලියෙන් ස්වාධීන වෙන්න තීරණය කරනව...මේ ස්වාධීනත්වය සිරාවටම ප්‍රායෝගිකද... ඔව්, ඉතාම හොද අවබෝධයකින් කරනව නම් ප්‍රායෝගිකයි...කොයි වගේ දෙයක්ද මේ ස්වාධීන වීම කියන්නෙ...
මේ ස්වාධීන වීම කියන්නේ ආගමික කල්ලියෙන් නිදහස් වීම විතරක් නෙමෙයි, එතනින් එහාට තමන්ගෙනුත් නිදහස් වීමක්...තවදුරටත් කල්ලි ගැහීමේ සහජ ආසාවෙන්ම නිදහස් වීමක්...අදහස් අතින් ස්වාධීන වීමක්...ගැඹුරු වගේම විශාල විස්ථාපන පථයක් කරා ( ප්‍රශ්නයක විශාලත්වය දැකීමේ හැකියාව ) ගමන් කිරීමක්...
.
කෙනෙක් තමන් ආගම අත්හැරිය බව ප්‍රකාශ කරමින් තවත් එවැනිම අය සමඟ කල්ලි ගැහෙනවානම්, එවැනි කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කොටසක් අනුකරණය කරනවානම්, ගුරු කොට ගන්නවානම් ඒක සැබෑ නිදහස භුක්ති විදීමක් නෙමෙයි...කල්ලි ගැහීමෙන් ස්වායක්ත වීමක් නෙමෙයි...ඒ වගේම ඒ නිදහස නිසා මට අවශ්‍ය ඕනෑම යමක් කරන්න පුලුවන් කියන මුග්ධ අදහසට එනවනම් ඒකත් නිදහසක් නෙමෙයි...නිරාගමිකයෙක් සැබෑ නිදහසක් අත විඳින්නෙ සියල්ල සමඟ ජීවත් වෙමින් සියල්ල අත්හැරීමට හැකියාව ලැබූ තැන ඉදන්...මරණයට ශෝක වීමේ පටන් සියල්ල කෙරෙහි මධ්‍යස්ථ දැක්මක සිටීම සරලවම සමාජයීය නිදහසේ අග්‍රඵලය කියල හැඳින්වීමේ වැරැද්දක් මම දකින්නෙ නෑ...
.
මේ නිදහස ආසන්නයට හෝ පැමිණෙන්නන් අතර තමයි ඉතාම සුන්දර මිනිසුන් ජීවත් වන්නෙ...හරියට ආගමක ප්‍රොටෝකෝල් වලින් නිදහස් වුණ සොදුරු ආගමිකයෙක් වගේ...ඔවුන් අතර ලොකු වෙනසක් නැහැ...ඔවුන් දෙදෙනාම එකම සමාන අවසානයක් සහිත පාරවල් දෙකක ගමන් කරන්නන් වගේ..
.
ආගම සමාජයේදී කල්ලියක්, ඒ කල්ලියෙන් නිදහස් වීම නිරාගමික වීම හෝ ආගමික අග්‍රඵලයට ආසන්න වීමක් වීමක් ලෙස දක්වන්න පුලුවන්...
.
පහුගිය දවස් දෙක තුනක අත්දැකීම් එක්ක අපේ සමාජ බුද්ධි මට්ටම එක්ක 01% ක්වත් නිරාගාමික සංකල්පයේ හරියාකාරව ගමන් කරන්න සුදුස්සන්ද කියන ප්‍රශ්නය මට ආවා...නිරාගමිකත්වය කිසිසේත්ම ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි...මේක නිදහසක්, ඇත්තෙන්ම භයානක අවියකට හරවගන්න හැකි නිදහසක්...බාල පරම්පරාවට ආගම දීමෙදි පරිස්සම් වෙනවාට වඩා ඉන් ගලවා ගැනීමේදී වඩාත් පරිස්සම් විය යුතුයි කියන මතයට මම එන්න තරම් සාධාරණ සිදුවීම් මටම අහන්න දකින්න ලැබෙද්දි මේ සටහන තබන්නේ ඒක යුතුකමක් විදිහට දකින නිසා...ආගම ලෝකය විනාශය කරා ගෙන යා හැකිවාක් මෙන්ම ඊට ලබා දෙන එන්නතද වැරදි ස්ථනයකට එන්නත් වීමේන් ලෝකය විනාශ විය හැකි බවද අපිම වටහා ගත යුතු බව අද මම විස්වාස කරනවා...
.
.
.
.
නෝටි



No comments:

Post a Comment