Friday, March 24, 2017

ඌ නැතුව ඉන්සිඩන්ට් එක...

මිනිස් ගති පැවතුම් කියන්නේ හරිම කම්ප්ලිකේටඩ් දෙයක්..මිනිස්සු එකම උත්තේජයට එකම හෝ වෙනස් ප්‍රතිචාර දකවන අවස්ථා ඇති තරම් තියෙනව.. 
ඒවගේම වෙනස් උත්තේජයන්ට එකම ප්‍රතිචාරය දක්වන අවස්ථාත් ඇති තරම් තියෙනව..මේක මෙහෙමයි කියල අනාවැකි කියන්න බැරි තරම් සංකීර්ණ කතන්දරයක් වුණත් ටිකක් විමසිල්ලෙන් බලන් හිටියොත් මේ පැටර්න් එක ලාවට අල්ල ගන්න බැරි කමකුත් නෑ..
.
ඉතිං මේ හැඩ ගැහීමට අපි කියනව පෞද්ගලික රටාව කියල..මේක හරියට ඩී එන් ඒ වගේම එකිනෙකාට පොඩ්ඩක් හරි වෙනස් කතන්දරයක්..
හිතන්නකෝ මෙහෙම දෙයක්, මගෙ ඩී එන් ඒ තියෙන රටාව කැපිටල් "ඒ" කියල, තව කෙනෙක්ගෙ තියෙනව කැපිටල් "බී" කියල..දැන් මම හිතනව ඒ තමයි හොදයි මොකද ඒක මං ගාව තියෙන එක නිසා මම ඒ ගැන දන්න නිසා...බී මට ලඟින් යන එකක් නම් ආ බී හොදයි හැබැයි මෙන්න මෙහෙම මෙහෙම පොඩි පොඩි අවුල් තියෙනව මගේ ඒ එකේ නැති කියල මට හිතේවි ඒ වගේම ප්‍රකාශ කරාවී..
.
අපි හැම වෙලාවෙම මිනිහෙක් විනිශ්චය කරද්දි කරන්නෙ මේ ක්‍රමේට..එතකොට ඒ ක්‍රමේ හරිද..? හරි ඇති තමන්ගෙ කෝණයකින් ඒත් සාධාරණ කෝණයකදි මේක පට්ට වැරදියිනේ...ඉතිං මේක වෙනස් කරගන්න ක්‍රමයක් තියෙනවද..?
ඇත්තෙන්ම නැති තරම්...
මිනිහෙක් විසින් තව මිනිහෙක් මැනීම සාධාරණ  කෝණයක කරන්න කවමදාවත් බැරි වේවී...ඒකයි කියන්නේ "ඔබ මාව විනිශ්චය කරද්දී ඔබ ඇත්තෙන්ම කරන්නෙ ඔබව විනිශ්චය කිරීමයි" කියල... 
.
එහෙනම් කරන්න පුලුවන් මොකක්ද...?
ම්නිහෙක් වෙනුවට අදාල අවස්ථාව විනිශ්චය කරමු..අවස්ථාවේ හොද නරක, වාසි අවාසි ගැන කතා කරමු.. ඒක හරිම සරලයි, අදාල අවස්ථාව විශ්ලේෂණය කරා ඒ සිද්ධිය එතනින් ඉවරයි..එතනින් එහාට ඒකට අදාල මිනිස්සුන්ගෙ පෞද්ගලික පැටර්න් පට්ට ගහන්න කිසිම වුවමණාවක් වෙන්නෑ..
එතකොට ඊලඟ සිද්ධිය ඇරඹෙද්දිම අපි දන්නව මේකයි මේකේ ප්‍රථිපලය ඒක වල්ක්වන්න මේ මේ පිය්වර ගන්න පුලුවන් කියල...
පියවර ගන්න බැරි, ඒ වගේම දිගින් දිගටම සිදුවෙන යමක්නම්, ඒක වට පිටාවට හෝ තමන්ට අහිතකරනම් සරලවම සිද්ධියට අදාල පුද්ගලයන් නොසලකා හැරීම සාර්ථකම විසඳුම වේවී කියල මම හිතනව..මේක නීතිමය පැතිකඩ ගැන නෙමෙයි, ඒදිනෙදා අපේ පැවැත්මට ගෙනියන්න පුලුවන් සිද්ධාන්තයක් විතරයි..
.
අර කතාවට කියන්නෙ " කාගෙ කාගෙත් කිල්ලොටවල හුණු තියෙනව " කියල...
ඒක නිසා කිල්ලෝට අවුස්සන්නැතුව සිටීම හොද සෞඛ්‍යකට අනිවාර්‍යයෙන්ම හේතු වේවී..
.
.
.
.
.
නෝටී...


No comments:

Post a Comment