Monday, March 27, 2017

තමන්ගේම කෙනෙක් වුණත්....

අපි හැමෝටම පුරුදු තියෙනව, ඒ වගේම කරන්න වෙන එදිනෙදා වැඩ තියෙනව..මේ හැම ක්‍රියාවකම එක අනිවාර්‍යය කොටසක් එහෙමත් නැත්තන් වචනයක් තියෙනව.. ඒ තමයි සීමාව..හැම ක්‍රියාවකටම වගේ පොදු වෙච්ච මේ වචනේ මත හුඟක් දේවල් ඩිපෙන්ඩ් වෙනව..සමහරවිට සම්පූර්ණ ක්‍රියාවම එහෙම නැත්තන් අදාල ක්‍රියාවට හෝ තමන්ට සම්බන්ධ පුද්ගල ප්‍රතිරූප පවා...
.
බීමත් කම ගමු..ඒකෙත් යම් සීමාවක් තියෙනව...සීමාව පැන්නම පවුල් ප්‍රශ්න, සමාජයීය ප්‍රශන, අනතුරු හෝ අපරාධ වෙන්න පුලුවන්..
.
කෑම ගත්තත් එහෙමයි..සීමාවක් නැතිව කෑම ගැනීමෙන් උදරයේ අසහනයේ සිට මරණීය රෝග දකවා විහිදෙන්න පුලුවන්..
.
මේ විදිහට හැම ක්‍රියාවකටම සීමාවක් තියෙනව,,මේකේ පරාසය වෙනස් වෙනව ඒ ක්‍රියාවට සම්බන්ධ වෙන අය මත..
උදාහරණයකට අපි අපේ යාලුවෙක් එක්ක විහිලු කරන සීමාවේ අපේ ඉහල නිළධාරියෙක් හෝ ප්‍රධානියෙක් එක්ක විහිලු කරන්නෑ... එතනදි නිලය හෝ සමාජ තත්ත්වය මත සීමාව පැනවෙනව..එහෙම අත්දැකීම් නම් එමටයි..
පොතක් ලියන්න පුලුවන් තරමට...
.
ඒ විතරක් නෙමෙයි, උපදෙස් දීම පවා සීමාවක් සහිතයි..
හිතන්න 2 වසරෙ පොඩි එකෙක් ඉන්නව ලිඳට එබීගෙන..
පොඩි එකාට පේනව පතුල මහ ගැඹුරක් නෑ පැන්නත් ගිලෙන එක්ක නෑ කියල..
අනික මේක ගෙදර ලිඳනේ කියල..
ඉතින් තරමක දැනුම තියෙන වැඩිහිටියෙක් නම් දන්නව මේ පේන තරමට වඩා ටිකක් ලිඳ ගැඹුරයි කියල...
.
ඉතිං අර පොඩි එකාට එක පාරක් දෙපාරක් කියන්න පුලුවන් පුතේ පැන්නොත් ගිලේවී මේක පේනවට වඩා ගැඹුරයි කියල..පොඩි එකා පිලිගන්නවනම් හොදයි..
ඒත් නැත්තන්..එක්කෝ පොඩි එකාව බලෙන් අයින් කරන්න ඕනේ..
එහෙම අයින් කරන්න අයිතියක් නැත්තන්,
එකම දේ තමන්ගෙ සීමාව ඒක බව දැනගෙන ඒ සීමාවෙන් නැවතිලා බලන් ඉන්න ඕනේ...
.
හැම ක්‍රියාවකටම හැම බැඳීමකටම පොදු ටිකක් විතර මුහුණ දෙන්න අමාරු ඇත්තක් තමයි මේක..
ලෝකෙ කොහේවත් එක්කෙනෙක් වෙච්ච මිනිස්සු දෙන්නෙක් නෑ...
සහෝදරයෝ, නිවුන්නු, ආදරවන්තයෝ විතරක් නෙමෙයි විවාහකයෝ වුණත් මේ කතන්දරේ එහෙමම තමයි...
.
තමන්ගේම කෙනෙක් වුණත් පිට කෙනෙක් වුණත්, තමන් කරත් පිට කෙනෙක් කරත් ඒ හැම දේකම සීමාවක් තියෙනව..ඒක හැම වෙලාවෙම හරියට අදුරගන්න බැරි වුණත් පුලුවන් වෙන පලවෙනි තත්ත්පරේම එතනින් ඒ ක්‍රියාව නවත්තන්න...
.
සීමාව පැන්නීම කොහෙත්ම සුභදායක නැති නිසා....
.
.
.
.
.
නෝටී


No comments:

Post a Comment