Sunday, March 12, 2017

" අපිට ආඩම්බරයි තේරුමක් නැතුව"

හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් යෞවන සමාජ ක්‍රීඩා උත්සවයට අපි අද යොදාගෙන තිබුණෙ...ජාතික පාසල් ක්‍රීඩා පිට්ටනිය තමයි තැන.ඊයේ බිග්මැච් එක නිසා පිට්ටනිය මඩ වෙලා ඇති කියල බයෙන් තමයි උදේම පිට්ටනියට ගියෙත්..කොඩි කණු හිටවල ටෙන්ට්ස් ගහල පටන් ගන්න...
.
පිට්ටනියට ඇතුල් වුණ ගමන්ම හරිම කලකිරීමක් ආවේ...තරඟය නරඹපු හැම තැනකම කොල, බෝතල්, ඉටි කොල, මෝර්ටීන් කෑන් පිරිල..පැයක් විතර අමතර වැය කරල අපිට සිද්ධ වුණා පිට්ටනිය අස් පස් කරන්න.කුණු සේරම අයින් කරා..
.
තරඟයට පේරඩ් ගිහින්, හුරේ දාලා අයි ලව් යූ මයි ස්කූල් කියල පොර ටෝක් ශෙයා කරල දාපු කොල්ලො කෙල්ලො ඕනේ තරම් එතන ඉන්නැති...පාසලේ ගුරුවරු වගේම ආදිශිෂ්‍ය සංගමය පවා එතන හිට්යා..ඒත් ඒ හැම කෙනෙක්ම ගෙදර ගියේ තරඟයේ ජයග්‍රහණය අරගෙන වගේම ස්වකීය අධ්‍යාතම පරාජය අපිට දකින ඉතුරු කරල.අපි තුන්දෙනෙක් පැයෙන් කරපු ඒ වැඩේම ඒ හිටපු සෙනගට විනාඩි දහයෙන් කරන්න තිබුණා...
.
ඒ විතරක් නෙමෙයි ප්‍රභූ ආරාධිතයන් පවා හිටපු කූඩාරම් වලත් එකම තත්ත්වය...රටේ මිනිස්සුන්ගෙ විනය පෙනෙන්නේ මේ වගේ සරල කාරනයකින්...තමන්ගෙ අවට පිරිසිදු කරගන්න බැරි ජාතියක් එක්ක අපි ජීවත් වෙන්නේ..
හැබැයි බය වෙන්නෙපා අපිට ආඩම්බර වෙන්න අපේ මුතුන් මිත්තො කරපුව තියෙනවනේ...එයාලගෙ අවුරුදු දහස් ගාණක සංස්කෘතිය තියෙනව...ඒ ඇති...මේක තමයි යථාර්තය...අපි අඩියක්වත් විනය අතින් ඉස්සරහට යන්නෑ,හැබැයි එහෙම ගිය අපේ අදී වාසීන්ව රැයක් දවාලක් නැතුව විකුණගෙන කාලා ඒ අපේ නිරුවත වහගන්නව...ඒක අපි හරිම ආඩම්බරයෙන් පෙන්නන දෙයක්...
අපි තරම් අපි නොකරපු අපිට කවදාවත්ම කරන්න තරම් උවමණාවක් හෝ හයියක් නැති දේවල් ගැන පට්ට ආඩම්බරෙන් ජීවත් වෙන ජාතියක් තවත් නැතුව ඇති...
.
.
ඔව් බන්දු උඹ හරි... " අපිට ආඩම්බරයි තේරුමක් නැතුව"
.
.
.
.
නෝටී


No comments:

Post a Comment