Friday, April 28, 2017

හූනා බව් බව් කීම....

ඒ මං ඔ්ලෙවල් කරන කාලේ..දැන් අවුරුදු 13කට විතර කලින්නේ...
මට මතකයි විභාගෙට යද්දි ගෙදරින් එලිට බැහැල වමට හැරුනොත් අනිවාර්යෙන් මුන ගැහෙන මිනිහෙක් හිටියා..
උදේම කසිප්පු ටිකකින් සප්පායම් වෙලා නැංගුරමත් දාගෙන පාර මැදට වෙන්න ඉන්නවා...
ඒ දවස්වල අපෙ අම්ම නිතරම කියන කතාව තමයි ඒ පැත්තෙන් යන්නෙපා ඔය මනුස්සය මූණට මුලින්ම හම්බවෙලා කියල...
මං හා කියල එලියට බැහැල යන්නෙම ඒ පැත්තෙන්...හැමදාම මිනිහට හිනාවක් එහෙම දාලා මිනිහා අාපිට හිනා වුනොත් කොහොමද සීයෙ කියලත තමයි යන්නෙ...
.
මට බලන්න ඔ්නේ වුනා මම මිනිහා මූණට හම්බවීම නිසා ෆේල් වෙයිද කියල...කඩඉම් විභාගයකට මූණ දෙන්න යන අනිත් හුගක් ලමයි පන්සල් ගානේ දේවාල ගානේ බාරහාර බෝධි පූජා තියල විභාගෙට යද්දි මම ඒකම ඉස්සරහට දාලා පරීක්ෂාවක් කරන්න තරම් අාත්ම විස්වාසයක් තිබුන පොඩි එකෙක් වීම ගැන දැන්නම් තරමක අාඩම්බරයක් තියෙනවා...
.
මාස ගානකට පස්සෙ රිසාල්ට් අාවා...ෆේල් නැහැ..මම හිතුවට වඩා හොද රිසාල්ට් එකක් තිබුන...එතකොට ඉස්සරහට හම්බවුන මනුස්සය මගෙ ජීවිතේට බලපෑමක් කරල නෑ නේද කියල හිතුනා...මේ එක මේජර් ඉවෙන්ට් එකක් විතරයි..තව සියගානක් මෙහෙම දේවල් කරත් ප්‍රතිඵලය වෙනසක් වුනේම නැති තරම්...
.
අපි හිතනව කලු බලලෙක්, හිස් භාජනයක්, අපි නරකයි කියල හංවඩු ගහන මිනිහෙක් ඉස්සරහට හම්බවීම අතිශයින්ම අපේ එදිනෙදා වැඩවලට බලපානවා කියල...කොටින්ම හූනෙක්ගෙ කෑගැහීම පවා බලපාවී කියල හිතන්න තරම් අපි බොලද වෙලා තියෙනවා...
.
හුගක් දැනුම අතින් ඉදිරියට ගිය චරිත පවා මේ වගේ බාලාංශ කරුණු වල පැටලිලා නාස්ති කරගන්න කාලය සහ අැති කරගන්න හිත් රිදීම් බැලුවම හරිම දුකක් හිතට එනවා...
.
හූනෙක් චික් චික් ගාන්නෙ උෟට බව් බව් කියන්න බැරි නිසා....
ඒත් අපි...
උන්ට වඩා හුගක් ඉස්සරහ ඉන්නෙ...අපිට චික් චික්, බව් බව් විතරක් නෙමෙයි කැමතිනම් ඤාව් ඤාව් ගාන්නත් පුලවන් කම තියාගෙන අපි අැයි මේ වගේ දේවල් වලට යට වෙන්නෙ කියල හිතන්න කාලය අැවිත්...
.
තමන්ට වැඩිම බලපෑමක් කරන්නෙ තමන්ම මිසක් අනිත් අයවත් සතෙක්වත් නෙමෙයි...අපි අපි ගැම විස්වාසයක් තියාගන්න පුලුවන් නම් හූනගෙ හඩත් අපිට එක හඩක්ම විතරක්වෙයි....
.
.
.
.
.
.
නෝටී...



Saturday, April 22, 2017

හව් අයි ලොස්ට් මයි වර්ජිනිටි...

අපි හැමෝම ලග පොඩි පොඩි වගේම ලොකු ලොකු වැරදි පුරුදු, අාකල්ප එහෙම තියෙනවා..
මටත් තිබුනා දෙකක් තුනක්...
.
ලොකුම එක තමයි ලොකු ඊගෝ එකක් තිබුනා..ලොකු කමක් කියල කියමු..මොකකින් හරි මාව රිජෙක්ට් වුනානම් අායේ ඒක පලාතක් නොබලන නැත්තන් ඊට වඩා දශමෙකින් හරි උඩට යන්න දගලන ගතියක් තිබුනා..සමහර වෙලාවකට මේකේ හොදකුත් තිබුනා..මගේ රස්සාවේ මේතරම් හරි දුරක් අාවනම් අාවේ ඒ ඊගෝ එකට තැන්කියු වෙන්න...
ඒත් හිතන්න මම ගොඩ නගන සමාජ සම්බන්ධතාවයක් ගැන..පොඩි සිද්ධියකින් මං සදහටම අත් හැරලා දාපූ මිනිස්සු හුගක් අැති..සමහර වෙලාවට නිකම්ම සොරි කියල ශේප් වෙන්න තිබුන අවස්ථා..
.
මේ අාකල්පයේ හොද නරක දැන දැනම මං ඒක මේන්ටේන් කරා...තදින්ම මේන්ටේන් කරා...හරියට කන්‍යාභාවය දේවත්වයෙන් රකින සාම්ප්‍රදායික කෙල්ලෙක් වගේ...
කවුරු වෙනුවෙන්වත් ඒක කෙලෙසා ගන්නෑ කියන දැඩි මතයෙ මං හිටියා...
.
ඒ වගේම තමයි අනිත් අාකල්පය..වැරැද්දක් කරහම සමාවෙන්න කියන්නෙපා..ඒකේ තේරුමක් නෑ මොකද වැරැද්ද කරල ඉවර නිසා කියල..ඒත් හිතන්න ඒ වගේ දෙයකින් මම නැති කරන්න අැති කියල හිතෙන මිනිස්සු ගාන...
.
මේක අැත්තටම කන්‍යාභාවයක්ම තමයි..අැයි දන්නවද...ඒක දෙන්න ඔ්නේ කියල හිතෙන, කන්‍යාභාවයට වඩා වටිනව කියල හිතෙන මිනිස්සු ඉස්සරහ ඉබේම අපි නිරුවත් වෙනවා...
.
ගෑණු ලමයෙක් තමන් රැකගත්තු ඒ දේවල් තමන් හුගක්ම අාදරේ කරන මිනිහෙක්ට දෙනව වගේම අපිටත් සමහර වෙලාවල් එනවා එහෙම දෙන්න වෙන...මටත් වුනා...මටත් හම්බවුනා එහෙම හුගක් අාදරණීය චරිත...වැරැද්දක් වුනත් අත් අැරලා දාන්න බැරි...උන් ඉස්සරහ මං මගේම කන්‍යාභාවය විසි කරල දැම්ම...
.
ඔව් උඹල අතින් මං මිනිහෙක් වුනා...කන්‍යාභාවය තවදුරටත් පොඩි උන්ට මිසක් පරිණත මිනිහෙක්ට වැඩක් නෑ කියල මට තේරුම් කරේ උඹලා..හැම මිනිහෙක්ටම සමාව දෙන්න හැම දේකදිම තව ටිකක් ඉවසන්න,හැම ප්‍රතික්ෂේප වීමකදිම හිනාවකින් පිලිතුරු දෙන්න පුලුවන් මිනිහෙක්ට විතරයි..
.
ලමයෙක්ට නෙමෙයි....
.
.
.
.
.
නෝටී



Tuesday, April 18, 2017

හැගීම් තියෙනවද....

මිනිස් හැගීම් කියන්නෙ ඉතාම විශාල පරාසයක පැතිරුන කතාවක්..එක හැගීමක් ගත්තම ඒක අවස්ථානුකූලව, හැගීම් මූලය අනුව, හැගීමට යටත්වන්නා අනුව, සංස්කෘතිකව, වගේම සමහර වෙලාවට ජීවවිද්‍යාත්මකවත් කියන විවිධ කෝණ වලින් දකින්න පුලුවන්..
උදාහරණයකට ගමු කෝපය..නැත්තන් කේන්තිය...
මේක අවස්ථානුකූලව වෙනස් නෙවෙනවද..වෙනවා...කාර්යය බහුල අවස්ථවක සහ නිදහස් වෙලාවක කෝපය දෙවිදිහක්..සීමාවන් වෙනස්...ඒ වගේම හැගීම් මූලය අනුව වෙනස් නැද්ද...අදාල හැගීමට මුල්වන කාරණය අනුව..වෙනස් වෙනව...සංස්කෘතියට අනුවත් එහෙමයි.ජීවවිද්‍යාත්මක කරුනු අනුවත් වෙනස් වෙනවා...
.
මේ වගේ හැම හැගීමක් අස්සෙම අපි නොදකින හුගාක් පැතිකඩවල් තියෙන්න පුලුවන්..හැගීමක් ගැන විනිශ්චයක් දෙන්න කලින් අපි ඒගැන සහමුලින්ම දැනුවත්ද කියන එක සිතීම හරිම වැදගත්..එහෙම නොදන්නවානම් ඒගැන අධ්‍යයනය කරලා නිගමනයකට ඒම ඉතාම වැදගත්..විශේෂයෙන් වැදගත් වෙන්නෙ සමාජ සම්බන්ධතාවලදි...
.
ඒ වගේම මේ හැගීම්වලට අදාල එක එක චරිත ලක්ෂණත් තියෙනවා...
හැම හැගීමකම තියෙන ලක්ෂණ ප්‍රශස්ථ නොවුනත් අපිට වෙන්කරගන්න පුලුවන් ප්‍රශස්ථ ලක්ෂණ තියෙනවා..මේකෙ අදහස හැගීමක වචනාර්ථයට වඩාත්ම ගැලපෙන එහෙම නැත්තන් හැගීම ඉදිරියට වඩාත් හොදින් පවත්වාගෙන යන්න උදව් වෙන ලක්ෂණ කියන එකයි..
.
උදාහරණයකට අපි ගමු අාදරය...සංවේදීම හැගීමක්ලුනේ...මොනවගේ චරිත ලක්ෂණ දකිනවද..සීයක් දෙසීයක් අැති...කැටි කරල මම මෙහෙම කිව්වොත් මේ හැගීම එක්ක එනවා ලක්ෂණ දෙකක් මේක ප්‍රශස්ථව පවත්වගෙන යන්න කියල...මොනවද ඒ දෙක...
මූලිකවම බෙදාගැනීම සහ රැකබලාගැනීම...අපි සිංහලෙන් කෙයාරින් අැන් ශෙයාරින් කියන්නෙ අන්න ඒක...
මෙතන බෙදාගැනීම කිව්වම හැම දේම අදාලයි..තමන්ගේ අාදායම,වියදම,අාහාර,නවාතැන් වගේම ලිංගිකත්වය පවා..
.
මේ කරුනු අඩු වැඩි විදිහට හැම අාදරයක් එක්කම නැද්ද..අාදරයක් ඉදිරියට යන්න මේ ලක්ෂණ දෙක ඉතාම වැදගත් නැද්ද...
.
මේ විදිහට හැම හැගීමක් එක්කම ලක්ෂණ තියෙනවා...අපි හරියට අදුනගෙන පාවිච්චි කරනවානම් හැගීමට දීර්ඝ කාලීනව පවත්වගෙන යන්න පුලුවන්...වඩාත් සුමටව...
.
.
.
.
.
නෝටී


Sunday, April 9, 2017

කතෘ මත වෙනස් වේවී...

මටත් ඉන්නව බොහොම ලගින් අාස්සරේ කරන ගෑල්ලමයෙක්...මගේ වෙන්න ප්‍රියම්භිකාව කියමුකො...ඉතින් දවසක් අපි නිදහස ගැන කතා කරද්දි කියපු දෙයක් තමයි ලව් එෆෙයාර් එකක් අැතුලේ තියෙන නිදහස...එකෙක් අනෙකාට ලබා දෙන නිදහස..
.
එතනදි ගෙනාපු තර්කය තමන්ගෙ එක්ස් ප්‍රේමවන්තයා තමන්ට ලබාදීපු නිදහස මගෙන් නොලැබෙනවා ඒ වගේ නිදහසක් තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ කියන එක...හුගක් සංවේදී ඉන්සිඩන්ට් එකක මේ ප්‍රශ්නය විසදන්න මට ක්‍රම දෙකක් තිබුනා..
.
එක ඒක නිදහස නෙමෙයි ඔ්නේ මගුලක් කර ගනින් කියල අත් හැර දැමීමක් විදිහට පෙන්නල දීලා පට්ට කුහකයෙක් වගේ පරණ ඉඩ වහල දැමීම....
.
දෙක මගේ පැත්තෙන් නිදහස සීමා කිරීමේ හේතු නිදහසට කාරනා පෙන්නලා සුදනා වීම....
.
මේ දෙකම අස්සෙ මට මතක් වුනා මටම හම්බවුන අත්දැකීමක්...
.
අපේ මහ ගෙදර බල්ලෙක් හිටියා...නම බෘෘනා...හරියට මං වගේම එක විදිහකට ඉන්න බැරි බල්ලෙක්..වටිනා කියන ජාතියක එකෙක්නම් නෙමෙයි...උෟව නාවන්න ගෙදර එක්කෙනෙක්ටවත් බෑ..මං නාවනවනම් නාවල ඉවරවෙනකන් හැල හොල්මනක් නැතුව ඉන්නවා...ඉවරයි කියල තේරිච්ච පලවෙනි තත්පරේම උෟ අැග ගසල මාව නාවනවා...
.
රෑට මේකව පිටිපස්සෙ ගැට ගහල තියෙන්නෙ පාරේ යන රංචුවට වැටිල යයි කියන බයට...මොකද සමහර වෙලාවට බීච් එකේ කෑම වලට වහ දානවා..මීටර් 25ක දුරකින් වගේ රේල් පාර...මහ පාරත් මහ දුරක නෑ..මාස ගානයි වයස...ඉතින් ඒක නිසාම ගැට ගහල තිබුනේ..
.
දවස් ගානක් තිස්සෙ මේකා හරි දුක හිතෙන තාලෙකට බුරනවා..දම්වැල කඩා ගන්නම හදනවා..
බලන් ඉදලා බැරිම තැන දවසක් රෑ මම ලෙහුවා...
උඹට ඔ්නේ නිදහසනේ...ඔන්න අරගනින් කියලා..
.
ඒ තමයි මම උෟව පනපිටින් දැකපු අන්තිම මොහොත...නිදහස් වුනා..මට උෟව අත්අැරලා දාන්න ඔ්නේ වුනේ නෑ..ඒත් උෟට උෟවත් නොදන්න නිදහසක් ඔ්නේ වුනා... මම දෙන අාරක්ෂාව වදයක් වෙන්නැති..ඒ තමයි හැටි...
.
මිනිස්සු තමන් ලගින්ම තියාගන්න අයට නිදහස දෙන්නෙ අාදරේටම නෙමෙයි...සමහර වෙලාවට නිදහස ඉල්ලා හිටින නිසා...නැත්තන් අාදරයක් හැගීමක් නැති නිසා...
.
ඒක අපිට සම්පූර්ණයෙන්ම දන්නෙ කතෘ...එහෙම නැත්තන් නිදහස ලබාදෙන්නා...ක්‍රියාව කරන්නා....
.
කතෘ උත්තම පුරුස නම්, නිදහස වඩාත් ඵලදායී වේවී...
.
.
.
.
නෝටී



Saturday, April 8, 2017

වටිනාකම අඩුද...

වටිනාකම කියන්නෙ මොකක්ද..මේක සරලව ගත්තම එන්නෙ අගයක් වගේ හැගීමක්...මේ අගය වටිනාකම ඩිපෙන්ඩ් වෙන්නෙ මොනව මතද..
සරලවම අපේ උත්තරේ වෙන්නෙ අදාල භාණ්ඩයේ ගුණාත්මක බව මත කියන එක නේද...නෑ ඒක එහෙම නෙමෙයි..අැත්තෙන්ම බොහෝවිට ඒක එහෙම නෙමෙයි...
ගුණාත්මක භාවය මත වටිනාකම තීරණය වෙන්නෙ බොහෝවිට අපි අදාල භාණ්ඩය ගැන එක්ස්පර්ට් කෙනෙක්නම් විතරයි..
.
එහෙනම් මොනව මතද මේක ඩිපෙන්ඩ් වෙන්නෙ..
කාරණා කිහිපයක් මූලිකවම ගන්න පුලුවන්...
භාණ්ඩයේ නිමාව මුලටම බලපානවා.ඊළගට අදාල භාණ්ඩය සතුව පවතින අතිරේක වාසි. ප්‍රධානම කාරණේ භාණ්ඩය මාකටින් කිරීමේ ක්‍රමය. අවසානයේදි ඊට පෙර භාවිතා කල භාණ්ඩයේ ස්වභාවය සහ ඒක මාකට් කල අාකාරය...හිතන්න ගුණාත්මක බවින් අඩු භාණ්ඩයක් වුනත් හරියට හිතට අල්ලන්න මාකට් කරානම් ඒ භාණ්ඩය මගදි කැඩුනා කියල...ඒත් අපි හිතන්නෙ අැත්තටම අපි භාවිතා කල ක්‍රමය වැරදි අැති වගේ හැගීමකින්..අැයි ඒතරම් රහට මාකට් කරලනේ..එතනින් එහාට මෙන විධිහක භාණ්ඩයක් වෙලද පොලට අාවත් මේක තමයි එක්සලන්ට් කියල හිතෙන වෙලාවල් අපිට තියෙන්නෙ මේ ක්‍රමය නිසා...
.
ඉතින් කවද හරි හිතිලා තියෙනවද එයාට මාව වටින්නෑ,නැත්තන් එයාලට මාව වටින්නෑ කියල...
අායේ අාපස්සට ගිහින් බලන්න මගේ මාකටින් වල අවුලක්ද නැත්තන් කලින් කියපු කොයිම හරි කරුණක අවුලක්ද කියල....
.
අපි අැති තරම් පාරම් බානව අැති අපි පරම පවිත්‍ර සුවදවත් චරිත විදිහට ඒත් ජීවිතේ එක පාරක් හරි මේ විදිහට තුප්පහි මාකටින් ක්‍රමයක් අපි හැමෝම යොදාගෙන අැති..
.
අැත්තටම නිරුවත් චරිතයක් වෙන්න ඔ්නෙද...
.
එහෙනම් කවදාවත් කියන්නෙපා එයාට හෝ එයාලට මාව වටින්නෑ කියල....
.
හැම චරිතයකටම හැම භාණ්ඩයකටම අයිති තැනක් මේ පෘථිවිය මත තියෙනවා මාකට් කලත් නැතත්..ඒක රජ මාලාගාවක තේ මේසෙ ඉදන් කුනු ගොඩක පතුල වෙන්නත් පුලුවන්...ඒත් තැනක් තියෙනවා...
.
බොහොම සැහැල්ලුවෙන් ඒ ලැබුන තැන බාරගන්න පුලුවන් මිනිහෙක් නම් උඹත්,
.
එක්කෝ උඹ මාකටින් කරල නෑ....
.
නැත්තන් මාකටින් දන්නෑ....
.
.
.
.
.
.
.
නෝටී