Tuesday, February 21, 2017

බයිට් එක....

බයිට් එක....
.
.
.
ඒ උගන්නන්න පටන් ගත්තුම කාලේ...මතක හැටියට 7 හෝ 8 වසර පංතියක උගන්නමින් හිටියේ...හවස් වරුවේ කෙල්ලො කොල්ලො ටිකක් එක්ක ඉන්නෙක හිතටත් හරි සනීපයි..උන්ගෙ විහිලු තහලු, දඩ්බ්බර කම්, ඉල්ලීම් එක්ක පැය දෙකක් ගෙවනව කියන එක දැනෙන්නෙවත් නෑ...එදා පාඩම ගණිතය...ගණන් වගයක් හදන්න දීලා මම ඉස්සරහ පේලියෙ හිටපු පොඩිම පන්තියකට මොනව හරි කියා දෙමින් හිටියේ...ට්ක වෙලාවකින් හැමෝම ගණන් ටික හදන් ආවා...ලමයි දෙන්නෙක් හදල නෑ...හරිම ලේසි ගණන් ටික, මේ කෙල්ලො දෙන්න කම්මැලි කමට කියව කියව ඉදල...ඔන්න ඉතිං අර හිනා මූණ පැත්තකින් තියල මම බනින්න ගත්ත..එක ලමයෙක්ගෙ උපදිනේ එද, අලුත් ගවුමක් එහෙම ඇදලා හරි ලස්සන හිනාවක් එහෙම මූනේ තියාගෙන සංතෝසෙන් හිටියෙ...ටික ටික මූණ කලු වෙන්න මහ වෙලාවක් ගියේ නෑ...
මොනව වුණත් උපන්දිනේ දවසනේ, බනින එක ඇති කියල මටම හිතුනා..පොත අරන් රතුපෑනෙන් ප්‍රශ්ණාර්ථයක් දාලා දුන්න..
" ගෙදර ගිහින් අම්මගෙන් අහගෙන හරි මේක හදන් එන්නොනේ "
මං ටිකක් තදින් කියල ආයෙත් කෞ ලෑල්ල දිහාට හැරුණා...
මෙන්න ටිකකින් බලද්දි මේ කෙල්ල හොටු පෙරාගෙන අඬනව...
මමත් බැලුව මොකද කියල..කවුරුවත් මුකුත් කියලද දන්නෑනේ...මම කතා කරා..කෝ මූණවත් උස්සන්නෑ...
සෑහෙන්න්න ලොකු ප්‍රශ්නයක් පාටයි...බැන්න කිව්වට මම තඩට බැන්නෙත් නැති එකේ මෙච්චර අඬන්න හේතුව මොකක්ද...ඔන්න  ඉන්ටවල් වෙලාවත් හරි...ඒ ලමයවත් එක්කන් කට්ටිය පහලට ගියා,එක ලමයෙක් විතරක් මගෙ ලඟට ආවා...
" අයිය කැත වැඩක්නේ කරේ, "
මම තුෂ්ණීම්භූත වුනා
" මොකක්ද "
" ඇයි අයිය දන්නෙම නැද්ද එයාගෙ අම්ම නෑ කියල "
ඒක නිකන් අකුණක්  ගැහුව වගේ කතාවක්..මට වචන ආවෙත් නෑ..පහලට බැහැල යන ඒ පොඩි කෙල්ල දිහා මට ඉබේම බැලුණා...මොනව හිතෙන්නැද්ද..පැය දෙක ගෙවිල ගිහින් පංතිය ඉවර වෙන වෙලාව ආවා...
" ඔන්න මෙයා ආයේ අයියගෙ පංතියට එන්නෑලු " එක ලමයෙක් කිව්ව..
මම කලු ලෑල්ල හෙමීට මකල ලඟට ගියා...
" එහෙම පුලුවන්නම් හොදයි " මමත් කිව්ව..
මම දන්නව පොඩි උන්ට ඕවා තත්ත්පරෙන් අමතක වෙන බව මං දන්නව.. ඒ වගේම ඒ ලමයි සේරම තව කාලයක් යනකන් පංතියට ආවා..ඒත් ඒ සිද්ධිය මගෙ මතකෙ මම තදටම කොටා ගත්තා...
අපි නොදැනුවත්ව කියන වචන මිනිස්සුනෙග් හිත් කොච්චර නම් රිද්දනවද..? කොච්චරනම් පසුබෑමකට ලක් කරනව ඇත්ද.?
.
සිය පාරක් සමාව ගත්තත් ඒ වෙච්ච දේ ආපස්සට හරවන්න බෑ කියල දන්න නිසාම මම සමව ගන්නව වෙනුවට ඉස්සරහට ඒ වැරැද්ද නොකරන්න හිතා ගත්තා...
සමහරවිට සයිබරයේ ඒ සිද්ධිය අත්දැකපු අය කීප දෙනෙක් ඇති, ඒක නිසා මම නම් ගම් නැතුව පලකරේ...
කවදාවත් මිනිස්සුන්ගෙ සංවේදී කාරණා බයිට් එකට ගන්නෙපා...නොදැනුවත්ව වුණානම් දැනගත්තු මොහොතෙ ඉදන් ඒක නවත්තල දාන්න...විහිලුව හොදයි ඒකෙන් ඇස් රතු නොවෙනකන්...
.
බයිට් එක බයිට් එකක්ම වෙන්නෙ බයිට් වෙන්නා සහ බයිට් කරන්නා යන දෙන්නම හිනාවෙනවන්ම් විතරයි කිඅයලයි මම විස්වාස කරන්නේ...

.
.
.
.
.
නෝටී...



Wednesday, February 15, 2017

දඩි බිඩිස් උඹ රිටයර් වෙයන්...

පොඩි දවස්වල අටපට්ටමට හරි ආසයි..ඇයි හරි පුදුම හිතෙන දේවල්නේ දඩිබිඩිස් පෙන්නන්නේ...කට ඇරන් බලන් ඉන්නෙ...ඒත් දැන් ඒ කික් එක ටිකක් අඩු වෙලා..
දඩි බිඩිස් එක්කො වයස වැඩියි නැත්තන් දැන් දැකල වැඩියි...
එහෙමත් නැත්තන් දැන් පුදුම දේවල් ටොන් ගනන් අපි වටේට තියෙන නිසා ඒක ඩිමාන්ඩ් එකක් නැති දෙයක් වෙලා...
.
මේ කතාවත් ටිකක් ඒ වගේ...
දන්න කියන බැඳපු ගෑනු ලමයෙක්..බැඳල කිව්වට පොඩි වයසක ලමයෙක්...යන්තන් වැඩිහිටියෙක් වෙන්න වයස සම්පූර්ණ කරපු වගේ..මේ ලමයගෙ හස්බන්ඩ් තරමක් සැර පරුෂ චරිතයක්...මේ ලමය තමන්ගෙ මනුස්සයට හරිම බයයි...වෙලාවකට ඒ ලමයම ඒක අර්ථ දක්වන්නේ මං එයාට හරී ආදරෙයි කියල..ඒත් සමහර වෙලාවට ඒ ආදරේ ගැනම විවෘත වෙනව බය හැටියට අර්ථ දක්වගෙන..
"අය්යට හොරෙන් මං මුකුත්ම කරන්නෑ, එයා එහෙම දෙයක් දැනගත්තොත් මාව අනිවාර්‍යයෙන්ම මරල දාවි" "ඔව් එයා ඒ තරම්ම නපුරුයි.."
.
ඒ බය වචන වල විතරක් නෙමෙයි කටහඬෙන් පවා පේනවා...ඒත් ඒ ලෝකෙට පේන කසාද බැඳපු හරිම කියුට් කපල් එකක්..තාම පොඩි වයසෙ කුරුලු කූඩුවක්..එතකොට ඒ කෙල්ල, තමන්ගෙ මනුස්සයට හරිම ආදරේ, වැරදීමකින්වත් වැරැද්දක් නොකරන ගුණ යහපත් කෙල්ලෙක්...
එහෙම නෙමෙයිද..?
.
බය, ආදරය, ගෞරවය එකට තියල තෝරගන්න කිව්වොත් මම පැනල තෝරගන්නෙ ආදරය...ඒත් මිනිස්සු හරි පුදුමයි.. මිනිස්සු බය හරි ගෞරවය හරි තෝරගෙන ඒක ආදරය විදිහට මනසින් කන්වර්ට් කරගන්නව...ඒක හරියටම නලින් ප්‍රොෆෙසර්ගෙ මනස ගැන විග්‍රහය වගේ මට කොහෙත්ම පැහැදිලි නැති අපබ්‍රංසයක්...
.
සමහරවිට කසාද බඳින්න කලින් පෙන්නපු ආදරේ පස්සෙ කොල්ලගෙ පැත්තෙන් බයකට හැරවුණාද දන්නෑ..ඒහ් එහෙමයි කියල බැඳගත්ත බෙරේ ලෙහන්න බෑනේ..මොකද ඒකට නීතිය අවසර දුන්නත් නීතියට උඩින් ඉන්න ( කියල හිතාගෙන ඉන්න ) වටපිටාවේ පට්ට විචාරකයෝ කීයටවත් ඉඩක් දෙන්නෑ..ඉඩක් දෙනවනම් ඒ උන්ටත් මොනව ටිකක් සලකන්නම වෙනව...( එව්වට කියන්නෙ ලිංගික අල්ලස් නෙමෙයි ඇති තැනින් බෙදාගෙන කෑම කියලලු )
.
ඒකත් එක අතකට බ්‍රෝකර් රස්සාවක් වගේ..ගනුදෙනුව වෙන දෙන්නෙක්ගේ, පිට කොහේවත් ඉන්න එකෙක් හොට දාලා ලාබෙන් කොටහක් බෙදාගන්නව..එහෙම ලාබෙ නොලැබුන අය ඉන්නව නේද උන් අර ලාබය බෙදා නොදුන්නු කෙල්ලට ඔන්න විවේචන දෙනව...හැබැයි කවදාවත් අර බ්‍රෝකර් කාරයව පටලන්නෑ.මොකද ඌත් කරන්නෙ මුන්ගෙ රස්සාවනේ...
.
.
දැකලම මහන්සියි බං..මිනිහෙක් ගෑනියෙක් හරි මිනිස්සුම දෙන්නෙක් හරි ගෑනුම දෙන්නෙක් හරි නිදිවදින්න ඕනේ උන්ගෙ හෝමෝන පෙරමෝන වලට අවනත වෙලා නෙමෙයි, මේ කොහෙවත් යන බ්‍රෝකර් පරයන්ට ඕනේ විදිහට...
.
හරිම කාලකණ්ණි ලෝකයක් බං..වටපිටාවේ හැම එකාම තමනුත් හිරවෙලා අනුන්වත් හිරකරල තියන්නයි දඟලන්නෙ...වැරදිලාවත් ඩයිවර්ට් වුණ එකෙක් දැක්කොත් ඌව පට්ට ගහනකන්, උන්ගෙම කියල උන්ම අටවගත්තු මනෝ රාජ්‍යයකින් ඌව එලවල දාල හුරේ දානකන් උන්ට කවදාවත් නින්ද යන්නෑ...වෙනස් විදිහකට ලෝකේ දකිනවනම් ඒ උඩ කියපු විචාරකයන් අනුමත කරන කෝණෙකින් විතරයි...වෙන සෙල්ලම් බෑ..
.
.
මේ දේවල් හරි පුදුමයි බං..අපි නොදැනම අපිම කෘතිම බුද්ධියක් තියෙන රොබෝලා වෙලාද කියල මට හිතෙනව...
.
.
.
ඔව් දඩි බිඩිස් උඹ රිටයර් වෙයන්...ඕක මට දීපන්...උඹ ලොවෙත් නොදන්න පුදුම මගෙ වටේම පිරිල බං...ඔව් පිරිල...
.
.
.
.
.
.
නෝටී...


Wednesday, February 8, 2017

බැඳපු කෑල්ල...

අපි සම්බන්ධතා හදාගන්නෙ හරිම ඉක්මනට..
බොහොම පොඩි වෙලාවකට අහම්බෙන් මුන ගැහෙන මිනිස්සු පවා සමහර වෙලාවට ජීවිතකාලයේ වැඩිම බරක් ඇති සම්බන්ධතාවයේ හිමිකරුවන් වෙන්නෙ හරිම ලේසියෙන්..ඒ සම්බන්ධතා අතර ටිකක් අමුතුයි කියල හිතෙන සමහර වෙලාවට සම්මතයට පටහැනියි කියල හිතෙන සම්බන්ධතා තියෙනව..
නිතර නිතර ඇහෙන එහෙම කතාවක් නිසා මේ සටාහන කොටන්න හිතුවා...
.
ඒ තමයි නෛතික රාමුවක අඹුසැමියන් වුණු එහෙත් ඉන් පරිබාහිර පුද්ගලයකු සමඟ ඒ හා සමානවම කායික මානසික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අය ගැන... සරලව අපේ උන්ගෙ බාසාවෙන් කිව්වොත් බැඳපු කෑල්ලක් රන් කරන කොල්ලෙක්/ මිනිහෙක් හෝ බැඳපු මිනිහෙක් එක්ක ඉන්න කෙල්ලෙක්/ ගැහැනියක්.
.
ඒක අපේ සංස්කෘතියෙන් තරමක් ඈත කාරණයක්.සරලව කිව්වොත් සංස්කෘතිය මායිම් දැමූ හැසිරීමක්...මේකට හේතුව මොකක්ද...? බොහෝම සංස්කෘතියට ලැදි අය පවා මෙවැනි හැසිරීම් පෙනවන්නෙ එතන මොකාක් හරි අවුලක් තියෙන නිසාම නෙමෙයිද..?
.
.
ඔව් එක අවුලක් නෙමෙයි, මට හිතෙන්නෙ ඒක අවුල් ජාලයක්... මිනිස්සු කසාද බඳින්නෙ මේ සංස්කෘතියෙදි තමන්ට හරියටම කායිකව ගැලපෙන මිනිහෙක්/ ගෑනියෙක්ම නෙමෙයි...හුඟක් දුරට අපි ගලපන්නෙ තත්ත්වය නැත්ත්නම් පෙනුම හෝ හැසිරීම්..ඒත් බැඳම ඒ සියල්ලම එක්ක කායික හැසිරීමකුත් එනව..එතනදි පැනනගින ගැටලු අවබෝධයකින් විසඳගන්නෙ අපි බොහෝම ටික දෙනයි...මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙකට උත්තර හොයන්න උදව් වෙනවට වඩා ඒක විවේච්නය කරල අනිත් පැත්තට හේත්තු වීමේ සහජ ගතිය නිසාමද මන්ද අපි හුඟක් වෙලාවට කරන්නෙ තමන්ගෙ පුරුෂයා හෝ ස්ත්‍රියට හොරා වෙනත් ඇසුරක් පවත්වාගෙන යාම...ඒකට හොර රහසේ කරන්න හේතුව තන්ගෙම සංස්කෘතිය හෝ වෙනයම් හේතුවක් වෙන්න පුලුවන්...බොහෝ වෙලාවට කායිකව ප්‍රශනයක් නොතිබුණත් එකට හිඳීමේ කාලය මදිකම හෝ කාර්‍යබහුලත්වය මතත් මේ ගැටලුවම පැන නගිනව...මේ වගේ සිද්ධි දිහා විවෘත ඇහැකින් බැලුවම හුඟක් වෙලාවට පේන්නේ මේ හුඟක් සම්බන්ධකම් වල අවුල වෙන්නෙ ඒක පවත්වාගෙන යාමේ නෙමෙයි ඒක සමාජයට විවෘත වීමෙ කියලයි...
.
.
අවුල හුඟක් වෙලාවට සම්බන්ධයේ හෝ පවත්වගෙන යන්නන්ගේ නෙමෙයි ඇරියස් කවර් කරගන්න බලන් ඉන්න මිනිස්සුන්ගේ..
.
.
.
.
.
නෝටී