Tuesday, February 21, 2017

බයිට් එක....

බයිට් එක....
.
.
.
ඒ උගන්නන්න පටන් ගත්තුම කාලේ...මතක හැටියට 7 හෝ 8 වසර පංතියක උගන්නමින් හිටියේ...හවස් වරුවේ කෙල්ලො කොල්ලො ටිකක් එක්ක ඉන්නෙක හිතටත් හරි සනීපයි..උන්ගෙ විහිලු තහලු, දඩ්බ්බර කම්, ඉල්ලීම් එක්ක පැය දෙකක් ගෙවනව කියන එක දැනෙන්නෙවත් නෑ...එදා පාඩම ගණිතය...ගණන් වගයක් හදන්න දීලා මම ඉස්සරහ පේලියෙ හිටපු පොඩිම පන්තියකට මොනව හරි කියා දෙමින් හිටියේ...ට්ක වෙලාවකින් හැමෝම ගණන් ටික හදන් ආවා...ලමයි දෙන්නෙක් හදල නෑ...හරිම ලේසි ගණන් ටික, මේ කෙල්ලො දෙන්න කම්මැලි කමට කියව කියව ඉදල...ඔන්න ඉතිං අර හිනා මූණ පැත්තකින් තියල මම බනින්න ගත්ත..එක ලමයෙක්ගෙ උපදිනේ එද, අලුත් ගවුමක් එහෙම ඇදලා හරි ලස්සන හිනාවක් එහෙම මූනේ තියාගෙන සංතෝසෙන් හිටියෙ...ටික ටික මූණ කලු වෙන්න මහ වෙලාවක් ගියේ නෑ...
මොනව වුණත් උපන්දිනේ දවසනේ, බනින එක ඇති කියල මටම හිතුනා..පොත අරන් රතුපෑනෙන් ප්‍රශ්ණාර්ථයක් දාලා දුන්න..
" ගෙදර ගිහින් අම්මගෙන් අහගෙන හරි මේක හදන් එන්නොනේ "
මං ටිකක් තදින් කියල ආයෙත් කෞ ලෑල්ල දිහාට හැරුණා...
මෙන්න ටිකකින් බලද්දි මේ කෙල්ල හොටු පෙරාගෙන අඬනව...
මමත් බැලුව මොකද කියල..කවුරුවත් මුකුත් කියලද දන්නෑනේ...මම කතා කරා..කෝ මූණවත් උස්සන්නෑ...
සෑහෙන්න්න ලොකු ප්‍රශ්නයක් පාටයි...බැන්න කිව්වට මම තඩට බැන්නෙත් නැති එකේ මෙච්චර අඬන්න හේතුව මොකක්ද...ඔන්න  ඉන්ටවල් වෙලාවත් හරි...ඒ ලමයවත් එක්කන් කට්ටිය පහලට ගියා,එක ලමයෙක් විතරක් මගෙ ලඟට ආවා...
" අයිය කැත වැඩක්නේ කරේ, "
මම තුෂ්ණීම්භූත වුනා
" මොකක්ද "
" ඇයි අයිය දන්නෙම නැද්ද එයාගෙ අම්ම නෑ කියල "
ඒක නිකන් අකුණක්  ගැහුව වගේ කතාවක්..මට වචන ආවෙත් නෑ..පහලට බැහැල යන ඒ පොඩි කෙල්ල දිහා මට ඉබේම බැලුණා...මොනව හිතෙන්නැද්ද..පැය දෙක ගෙවිල ගිහින් පංතිය ඉවර වෙන වෙලාව ආවා...
" ඔන්න මෙයා ආයේ අයියගෙ පංතියට එන්නෑලු " එක ලමයෙක් කිව්ව..
මම කලු ලෑල්ල හෙමීට මකල ලඟට ගියා...
" එහෙම පුලුවන්නම් හොදයි " මමත් කිව්ව..
මම දන්නව පොඩි උන්ට ඕවා තත්ත්පරෙන් අමතක වෙන බව මං දන්නව.. ඒ වගේම ඒ ලමයි සේරම තව කාලයක් යනකන් පංතියට ආවා..ඒත් ඒ සිද්ධිය මගෙ මතකෙ මම තදටම කොටා ගත්තා...
අපි නොදැනුවත්ව කියන වචන මිනිස්සුනෙග් හිත් කොච්චර නම් රිද්දනවද..? කොච්චරනම් පසුබෑමකට ලක් කරනව ඇත්ද.?
.
සිය පාරක් සමාව ගත්තත් ඒ වෙච්ච දේ ආපස්සට හරවන්න බෑ කියල දන්න නිසාම මම සමව ගන්නව වෙනුවට ඉස්සරහට ඒ වැරැද්ද නොකරන්න හිතා ගත්තා...
සමහරවිට සයිබරයේ ඒ සිද්ධිය අත්දැකපු අය කීප දෙනෙක් ඇති, ඒක නිසා මම නම් ගම් නැතුව පලකරේ...
කවදාවත් මිනිස්සුන්ගෙ සංවේදී කාරණා බයිට් එකට ගන්නෙපා...නොදැනුවත්ව වුණානම් දැනගත්තු මොහොතෙ ඉදන් ඒක නවත්තල දාන්න...විහිලුව හොදයි ඒකෙන් ඇස් රතු නොවෙනකන්...
.
බයිට් එක බයිට් එකක්ම වෙන්නෙ බයිට් වෙන්නා සහ බයිට් කරන්නා යන දෙන්නම හිනාවෙනවන්ම් විතරයි කිඅයලයි මම විස්වාස කරන්නේ...

.
.
.
.
.
නෝටී...



No comments:

Post a Comment