Sunday, January 22, 2017

ශිෂ්ඨත්වයට යෑම කියන මාවතට හරිම නම ඒකද...?

බැරැක් ඔබාමා ධූර කාලය අවසන් වෙලා යනව...ට්‍රෙන්ඩ් එක තමයි ඒ මනුස්සය හිනා වෙලා යන හැටි සතුටෙන් යන හැටි ෆොටෝ ශෙයා කර කර යැවීම.
"බලන්න ලෝකෙ ලොකුම පුටුවේ ඉදලත් නිරහංකාරව යන හැටි."
වගේ එක එක කැප්ෂන්...
මිනිහෙක් රාජකාරීස්ථානයකින් හෝ තනතුරකින් පිටව යාම අසතුටින් කරනවා නම් ඒ එක්කෝ ඉන් ඉදිරියට මුනුණ දෙන වෙනස් ජීවීතය ගැණ චකිතයෙන්, නැතිනම් රාජකාරිය හරි හැටි සම්පූර්ණ නොවීමෙන් වෙන්නයි ඕනේ..ඒ හැර බල තණ්හවෙන් මිනිහෙක් එහෙම අවුලෙන් ඉන්නවනම් ඒක මිනිහෙක්ගෙ ගතියක් කියල අපි හදුන්වන්නෑ...
ඒත් දැන් මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස්..ඇයි..?
දැන් මිනිස්සුන්ගෙ ඩිෆෝල්ට් එක මෙන්න මේ වගේ ගතිගුන කියල වෙනස් කරගන්න සමාජයම පෙළඹිලා....
මන්ත්‍රී කෙනෙක් ගසා කෑවම, "ඔව් ඉතිං කොයි කවුරුත් ඔය වගේ තමයි" කියනව වගේ සාධාරණීකරණයකට අපි ඇවිල්ල...මිනිසුන් සතු ගුණ විදිහට තිබුණු ප්‍රාථමික සත්ත්ව හැසිරීම්, කණ්ඩායම් හැඟීම, වර්ගයා කෙරෙහි සානුකම්පිත වීම, වර්ගයාගෙ සහ සිය අවට ප්‍රශස්ථව පවත්වා ගැනීමේ කැක්කුම වගේ දේවල් මැජික් වෙන තරමටම මේ කාරණය දුර ගිහින්..
වැරදීමකින් හර් එහෙම මිනිහෙක් දැක්කම ඒක විශාල පුදුමයක් හිතට ගේන තරමටම අපි ඒවයින් ඈත්වෙලා...බලන්න මේ මනුස්සය මෙහෙමයි, අරෙහෙමයි, මෙන්න මිනිස්සු වගේ අපූර්ව කැප්ෂන් එක්ක ශෙයා වෙන්නෙ කාලයක් අපේම ඩිෆෝල්ට් ඉමේජ් එක කියන එක අපි දැන් කීයටවත් පිළිගන්නෑ...
.
ශිෂ්ඨත්වයට යෑම කියන මාවතට හරිම නම ඒකද කියල සැක හිතෙන තරමටම මේ කාරණා හරිම විශාලයි..හැම රටකම වගේ කොයි තරම පැරණි කොයි තරම් ආඩම්බරකාර සංස්කෘතීන් බුරුතු පිටින් තිබුණත් බහුතර සමාජවල කතන්දරය ඕකයි..අපිත් මේ පෘථිවියේ අනෙක් සතුන් සේම ජීවත් වන සතුන් වි\ශෙෂයක් කියන එක තේරුම් අරගන්නකන් මේ කතන්දරය දිගටම යාවී...ඒක තේරුම් කරවන්න පුලුවන් ක්‍රමවේදයක් කොතැනකින් හෝ ඉක්මනින් පටන් ගත යුතු බවයි මගේ විශ්වාසය...
.
.
එහෙම නොවෙන්න අපිට පෘථිවියට නැහීගෙන බෙහෙත් හොයන්න වෙන දිනේ වැඩි ඈතක නම් නෝවේවී....
.
.
.
.
.
නෝටී




Thursday, January 19, 2017

හැම මිනිහෙකුගේම කතාවක්...

එක එකට වෙනස් සිද්ධි මිනිස්සුන්ට තමන් ගැනම පෙන්වල දෙන කණ්ණාඩියක් වගේ..
ඒක හරියට ග්‍රහණය කරගන්න පුලුවන්නම් අපිට අපි ගැනම තක්සේරුවකට එන්න පුලුවන්.
ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙ හැඟීම් සහ අවට තියෙන අවස්ථා ගැනත් නිවැරදිව බලන්න පුලුවන් වේවී...
මටත් එහෙම අවස්ථා ඇති තරම් ලැබිල ඇති.
ඒත් ඊයේ පෙරේදා වෙච්ච පොඩි සිද්ධියක් වෙනකම්ම ඒ ගැන සටහනක් දාන්න හිතිල තිබුණෙ නෑ.
.
ලඟදි දවසක මම සේවා ස්ථානයේ වැඩකට කොස්ගොඩට ගිහින් එන ගමන් හිටියෙ..පොඩ්ඩක් වේගයෙන් ආවත් ඒක පාලනයෙන් තොර වෙන තරම් එකක් නෙමෙයි..හදිසියේම ඉස්සරහින් ආපු බස් එක පිටිපස්සෙ තිබුණ බස් එක ඒක ඉස්සර කරා...මට වාහනය අයින් කරගන්න පොඩී ඉඩක් විතරයි ඉතුරු වුණේ..වෙලාවට බ්‍රේක් එක නොගැහුවනම් අනිවාර්‍යයෙන්ම කුඩුපට්ටම් වෙනව...ලයිට් කණුවක ගෑවී නොගැවී තමයි යන්තන් බේර ගත්තෙ..
හිතට ආවේ පුදුම කේන්තියක්..මුන් මිනිස්සු මරන්න යනවද මන්දා..25000ක් නෙමෙයි 50000ක් දඩ ගැහුවත් කමක් නෑ මේ වගේ උන්ට කියල හිතුනා...ටිකක් කේන්තිය නිවෙද්දි මට මතක් වුණා බස් ගැන පිස්සුවක් තිබුණ මගේ පොඩි කාලෙ...පුදුම උණක් තිබුණෙ A2 ලයින් එකේ බස් ගැන...වැඩිමනත් බස් වල නම් අංක පවා කටපාඩමේ තිබුණා..
විනාඩි 35ට පානදුරේ ඉදන් ස්කූල් ටයිම් එකේ එන බස් කීපයයි තිබුණෙ..ඒ ඩ්‍රයිවර්ල මට දෙයියො වගේ පෙනුනෙ...මද්දුව, සිසිර අයිය, ජයතිලක අයිය හම්මේ පණ ඇරල මන්...උන් දාන වෙට්ටු,වංගු ගන්න ලස්සන...ගියර් එක මරු කරන ස්පීඩ් එක..හරියට වීරයො වගේ...
.
ඒ මන් බස් එක ඇතුලෙ හිටපු කාලේ..
එදා මන් බස් එකෙන් පිට...පිට ඉදන් බස් එක දිහා බලද්දි නරුමයෙක් වෙච්ච ඩ්‍රයිවර් ඇතුලෙන් බලද්දි වීරයෙක් වෙච්ච කාලයක් තිබුණා....
ඔව් හදවතින්ම වීරයෝ වෙච්ච කාලයක් තිබුණා...කොටින්ම කොච්චර්‍ර ඉගෙන ගත්තත් කමක් නෑ කවද හරි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීම පවා හිතේ තිබුණා...
.
හැම සිදුවීමකම ඇත්ත ඕකයි...සිද්ධිය අපේනම් ඒක පට්ට ආතල්, සිද්ධියෙන් අපි පිඅට නම් ඒක පජාතයි..කුජීතයි, නීති විරෝධියි...ඒක එහෙම නේද...ඔව් හුඟක් වෙලාවට එහෙමයි...සමාජයෙ කොටස් ගැටෙන්න ප්‍රධානම හේතුව මේකයි...
.
.
අපේනම්, ඔව් ඒක පට්ට....
උගේනම්, ඔව් ඒක ඊයා....
.
.
.
.
නොටී




Friday, January 13, 2017

අපි සජීවී මිනිසුන් නොසලකා හරිමින් මල මිනිසුන් වෙනුවෙන් හඬා වැටෙනු ඇති.......!

හැම මලගෙදරකම දකින සාම්ප්‍රධායික දේ තමයි මල මිනිසා වෙනුවෙන් හැඬීම. මල මොහෙතේ පටන් විරාම සහිතව කරන මේ කාරණය මට ටිකක් පැහැදිලි මදියි.
මිනිසෙක් මැරුණම හැඬීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද..?
හැඟීම් පිට කරමින් සැහැල්ලු වීමක්ද..?
එහෙමත් නැතිනම් මල මිනිසා කෙරෙහි අපිට තිබුණ ලෙන්ගතුකම හිතවත්කම පෙන්වීමද..?
එහෙමත් නැත්නම් සමාජ සම්මතයට පිටු පෑමට බැරි කමටද..?
.
ඔව් හැඬීම මඟින් යම් පමණකට සිරකරන ලද හැඟීම් පිට කරන්න පුලුවන්..ඒත් මොන වගේ හැඟීමක්ද..?
මිය යාම අස්වාභාවික බවක් යන හැඟීමද..?
තමන් සතුව තිබූ සමාගමය අහිමි වීමේ හැඟීමද..?
මිය යාම සහ සමාගමය අහිමිවීම අස්වාභාවිකය යන හැඟීම උගන්වන කිසිඳු ඉගැන්වීමක් මිහිතලය මත නොමැති කාලයක එවැනි හැඟීම් ඇතිවීමම අස්වාභාවික නැතිද...?
සියලු මිහිපිට සිටින සත්ත්වයන්ට වඩා බුද්ධියකට හිමිකම් කියන මිනිසා කෙරෙන් එවැන්නක් ප්‍රකට වීමම දුර්වල කමක් නොවේද..?
.
ඕනෑම සජීවියෙකු ඕනෑම මොහොතක අජීවී යමක් බවට පත්වීම අතිශය ස්වභාවික සේම එය අවබෝධ කරගැනීමත් ස්වභාවික විය යුතුය...
ඒ අදාල ස්වභාවිකත්වයෙන් අපි මානුශිකත්වයට හැරෙමු...
මානුශිකව මානුශීය හැඟීම මත පදනම් වී මේ කාරණය දෙස බැලුවත් මිය යාම වෙනුවෙන් හෝ මිය ගිය පුද්ගලයා වෙනුවෙන් හඬා වැටීමේ අවශ්‍යතාවයක් තියෙනවද..?
කිසිසේත්ම නැහැ..
පුද්ගලයෙකු වෙනුවෙන් මානුශික විය යුත්තේ සජීවී අවධියේ මිස අජීවී අවධියක නොවෙයි..සජීවී මිනිසාට නොලැබුණු සමාගමයක් අජීවී මලකුණකට හැඬීමෙන් ලබා දිය හැකි යැයි සිතීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකියි..
ගෞරවය,සමාගමය,ආදරය වැනි වචනාර්ථ වලින් දක්වන ක්‍රියාවන් සජීවියෙකුට මිස අජීවියෙකුට නොතේරෙන බව සමාජය අවබෝධ කරගන්නා තාක්ම මේ පොලෝතලය මත සොහොන් කොත් වෙනුවෙන් ඉඩ කඩ වෙන් කෙරෙනු ඇති..
එසේ අවබෝධ කරගන්නා තාක් පිරිසිදු ගංගා ජලයට මිනී අලු එක් කෙරෙනු ඇති...
එසේ අවබොධකරගන්නා තාක් අපි සජීවී මිනිසුන් නොසලකා හරිමින් මල මිනිසුන් වෙනුවෙන් හඬා වැටෙනු ඇති...!
ඔව්, අපි සජීවී මිනිසුන් නොසලකා හරිමින් මල මිනිසුන් වෙනුවෙන් හඬා වැටෙනු ඇති.......!
.
.
.
.
.
නෝටී




Wednesday, January 11, 2017

වී ආ ස්පෙශීෂ් ඔෆ් ටැබ්ලට්ස්....

හෝටලය ට නිතර යන එන කෙනෙක්, මගෙත් යාලුවෙක් අද හෙම්බිරිස්සාව හදාගෙන...ඉන්හෙයලර් එකක් තියාගෙන උරනව...ඒ අතරේ මගෙ ඩිරෙක්ටර් කෙනෙක් ආවා ඒ හරියට..
"මොකක්ද එයාට වෙලා තියෙන්නෙ.."
" හෙම්බිරිස්සාව.." මම හිනා වෙලා කිව්ව..
" බෙහෙත් ගත්තද..?"
" ඔව්, " මිනිහ හිනාවෙලා කිව්ව..
" හෙම්බිරිස්සාව, කොලෙස්ට්‍රෝල්, සීනී සේරටම බෙහෙත් බොනව..? "
" ටැබ්ලට්ස් ඉවරයක් නෑ.."
ඩිරෙක්ටර් හිනාවක් දැම්ම....
.
.
අන්තිමට මෙහෙම කිව්ව..එයාගෙ වචනෙන්ම කියනවනම් මෙහෙම..
" යූ නෝ වට් ජනිත්, වී ආ ස්පෙශීෂ් ඔෆ් ටැබ්ලට්ස්...වී නීඩ් ටැබ්ලට්ස් ෆො දිස් ඇන් දැට් අන්ඩ් ඊවන් ෆොර් ජිගි ජිගි වී නීඩ් ඒ ටැබ්ලට්.."
.
මට හිනා ගියා...ඒ කතාව කොච්චර ගැඹුරුද..?
අපි හුඟ දෙනෙක්ට පෙත්තක් නැතුව ගෑනියෙක් එක්ක ඉන්න බැරි තරම් පහලට වැටිල..පෙති නැතුව ජීවත් වෙන්න බෑ...සදහටම අපිව ලෙඩ්ඩු කරල...අපි මහ ඉහලින් සිංහල ජාතියෙ ඉතිහාසය වමාරනව. ඒත් කෝ ඒ ආහාර රටාවල්..අපි පවත්වගෙන යනවද..? මුස්ලිම් මිනිහවත් දෙමල මිනිහවත් නෙමෙයි අපේ පරම හතුරො..අපිම කන කෑම බීම...මම හිතන්නේ තමන්ටම කියල ආහාර රටාවක් නැති එකම ජාතිය සිංහල වෙන්න ඇති...අවුරුද්දකට පාරක් විතරක් අපි අපේ කෑම හදාගෙන නටන විගඩම ඇරෙන්න එහෙම වුවමණාවක් අපිට ඇත්තටම නෑ...ජාතියක් විදිහට අපි කඩා වැටෙන්න ගන්නෙ හරියටම එතන ඉදන්...
උබලට ජාතිය නඟා හිටවන්න සිරාවටම කැක්කුවමක් තියෙනවනම් අද ඉදන් මේ රටට ගැලපෙන ආහාර රටාවකට අඩිතාලම දාපල්ල..අපේම කියල අන්න්‍යතාවයක් ජාත්‍යන්තරයට දෙන්න පුලුවන් විදිහේ...ලැජ්ජ නැතුව ඔව් මේ අපිට ගැලපෙන කෑමක් කියල කන්න පුලුවන් විදිහේ...
.
ඔව් ඒක ඖෂධ මාෆියාව අපිව කනෝ කියල කෑ ගහනවට වඩා ජොද විකල්පයක් වේවී...
.
.
.
.
.
නෝටී






Wednesday, January 4, 2017

පොඩි උන්ට පීඩියා ප්‍රෝ පොවල වැඩක් නෑ බං...

දන්න කියන ලමයෙක්ට වෙච්ච පොඩි සිද්ධියක් මට එක පාරටම මතක් කරේ පියුමිගෙ ෆොටෝ එකකට පොඩි එකෙක් දාපු කමෙන්ට් එකකට කට්ටිය ඇවිස්සිච්ච විදිහ...මේ දන්න කියන ලමය ඉස්සර වැඩි කතා බහක් නැති නියුට්‍රල් චරිත කෑල්ලක්...හැබැයි දැන් ටිකක් කටකාර වෙලා...ඉතිං මේක දැකපු මේ ලමයව කලින් ඉදන්ම දන්න කෙනෙක් මේ ගැන ටිකක් හිත් අමනාපෙන්..ඒ ලමයට එක එක ඒවා කියල ඒ හැසිරීම ගැන..මෙහෙම කරන්නෙපා අරෙහෙම කරන්නෙපා වගේ දේවල්..මේ ලමයට ඒකට ටිකක් තරහ ගිහින් හිටියේ..ඇයි තමන්ගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන වැඩක්නේ මේක..
ඒ වගේ තමයි අපි කවුරුත්..
අපේ ලබ්බවල් අතගාන්න කාටවත් අයිතියක් නෑ...ඒක තමයි කාටත් පොදු ඇත්ත...මම උඹ අපි කවුරුවත් අපේ පෞද්ගලිකත්වය හාරගෙන දඟලනවට කැමති නෑ..
.
පියුමිගෙ කතන්දරෙත් එහෙම එකක්...පියුමිගෙ ෆොටෝ එකට පොඩි එකෙක් කුණුහරුප කමෙන්ට් එකක් දාලා...දැන් මේ කතාවට දෙපැත්තක් තියෙනව...එක කොටසක් පියුමිව පට්ට ගහනව, අනිත් කොටස පොඩි එකාගෙ අම්මගෙ ඉදන් පට්ට ගහනවා ...එතකොට මේ සිද්ධියෙ වැරැද්ද මේ දෙපැත්තෙද...නැත්තන් වෙනමම පැත්තකද... පියුමිට එයාගෙම කියල ලීගල් ලයිෆ් ස්ටයිල් එකක් තියෙනව..තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එකේ ෆොටෝස් නීතියට පටහැනි නොවන ආකාරයට බෙදා ගන්නව..ඒකේ වැරැද්දක් නෑ..වැරැද්දක් වෙන්නෙ එක එක්කෙනාගෙ සංකෘතික රාමු වලදි විතරයි...තමන්ගෙ ජීවිතය තමන්ගෙ පෞද්ගලික දෙයක් නිසාම ඒකේ කිසිම වැරද්දක් නෑ...
.
එතකොට පොඩි එකා...පොඩි වයසෙදි අපි ඉගෙන ගන්නෙ වැඩිමනත් අපේ අවටින්, විශේෂයෙන් අපේ වැඩිහිටි පරපුරෙන්...ඉතින් වැඩිහිටි පරපුර පට්ට ගහන පියුමිව බාල පරපුරත් පට්ට ගැහීමේ අවුල මූලිකයන්ගෙ මිසක් නවකයන්ගෙ නෙමෙයි..
එතකොට ඇත්තටම වැරද්ද අපේම නෙමෙයිද...?
පියුමිව බඩුවක් කරන්නත්, ඒ හරහා ඒ මාන්සිකත්වය බාල පරම්පරාවට ලබා දෙන්නත් එකම පුරෝගාමියො අපිම නෙමෙයිද..?
.
ටිකක් තිත්තයි තමයි..ඒත් ඒක එක ඇත්තක්..සමජයට විස පිටසක්වලකින් එන්නෑ...අපිම දැම්මොත් මිසක්...වගකීම අපේ අතේමයි...
හපෝ, ඊයා, කක්කි කියල පට්ට ගහන ඒ සිද්ධි අපෙන්ම ජාතක වෙච්ච අපිම අවජාතක කරපු දරුවො...
.
ඔව් ඒ වගකීම මගේ, උබේ වගේම අපි හැමෝගෙම...ලෝකෙ ලස්සන කරන්න පොඩි උන්ට පීඩියා ප්‍රෝ පොවල වැඩක් නෑ බං...ආදර්ශ දෙන්නයි ඕනේ..ඒක අපෙනුයි පටන් ගන්න ඕනේ....
.
.
.
.
.
නෝටී.....