හැම මලගෙදරකම දකින සාම්ප්‍රධායික දේ තමයි මල මිනිසා වෙනුවෙන් හැඬීම. මල මොහෙතේ පටන් විරාම සහිතව කරන මේ කාරණය මට ටිකක් පැහැදිලි මදියි.
මිනිසෙක් මැරුණම හැඬීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ දෙයක්ද..?
හැඟීම් පිට කරමින් සැහැල්ලු වීමක්ද..?
එහෙමත් නැතිනම් මල මිනිසා කෙරෙහි අපිට තිබුණ ලෙන්ගතුකම හිතවත්කම පෙන්වීමද..?
එහෙමත් නැත්නම් සමාජ සම්මතයට පිටු පෑමට බැරි කමටද..?
.
ඔව් හැඬීම මඟින් යම් පමණකට සිරකරන ලද හැඟීම් පිට කරන්න පුලුවන්..ඒත් මොන වගේ හැඟීමක්ද..?
මිය යාම අස්වාභාවික බවක් යන හැඟීමද..?
තමන් සතුව තිබූ සමාගමය අහිමි වීමේ හැඟීමද..?
මිය යාම සහ සමාගමය අහිමිවීම අස්වාභාවිකය යන හැඟීම උගන්වන කිසිඳු ඉගැන්වීමක් මිහිතලය මත නොමැති කාලයක එවැනි හැඟීම් ඇතිවීමම අස්වාභාවික නැතිද...?
සියලු මිහිපිට සිටින සත්ත්වයන්ට වඩා බුද්ධියකට හිමිකම් කියන මිනිසා කෙරෙන් එවැන්නක් ප්‍රකට වීමම දුර්වල කමක් නොවේද..?
.
ඕනෑම සජීවියෙකු ඕනෑම මොහොතක අජීවී යමක් බවට පත්වීම අතිශය ස්වභාවික සේම එය අවබෝධ කරගැනීමත් ස්වභාවික විය යුතුය...
ඒ අදාල ස්වභාවිකත්වයෙන් අපි මානුශිකත්වයට හැරෙමු...
මානුශිකව මානුශීය හැඟීම මත පදනම් වී මේ කාරණය දෙස බැලුවත් මිය යාම වෙනුවෙන් හෝ මිය ගිය පුද්ගලයා වෙනුවෙන් හඬා වැටීමේ අවශ්‍යතාවයක් තියෙනවද..?
කිසිසේත්ම නැහැ..
පුද්ගලයෙකු වෙනුවෙන් මානුශික විය යුත්තේ සජීවී අවධියේ මිස අජීවී අවධියක නොවෙයි..සජීවී මිනිසාට නොලැබුණු සමාගමයක් අජීවී මලකුණකට හැඬීමෙන් ලබා දිය හැකි යැයි සිතීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකියි..
ගෞරවය,සමාගමය,ආදරය වැනි වචනාර්ථ වලින් දක්වන ක්‍රියාවන් සජීවියෙකුට මිස අජීවියෙකුට නොතේරෙන බව සමාජය අවබෝධ කරගන්නා තාක්ම මේ පොලෝතලය මත සොහොන් කොත් වෙනුවෙන් ඉඩ කඩ වෙන් කෙරෙනු ඇති..
එසේ අවබෝධ කරගන්නා තාක් පිරිසිදු ගංගා ජලයට මිනී අලු එක් කෙරෙනු ඇති...
එසේ අවබොධකරගන්නා තාක් අපි සජීවී මිනිසුන් නොසලකා හරිමින් මල මිනිසුන් වෙනුවෙන් හඬා වැටෙනු ඇති...!
ඔව්, අපි සජීවී මිනිසුන් නොසලකා හරිමින් මල මිනිසුන් වෙනුවෙන් හඬා වැටෙනු ඇති.......!
.
.
.
.
.
නෝටී
No comments:
Post a Comment