Saturday, August 19, 2017

තක්කඩියාගේ හෘදසාක්ෂිය....

කන් බිහිරි වෙන සද්දයක්...අෑතින් අැහුනත් පපුවත් එක්ක ගැස්සෙන්නෙ..කන්ඩලම පැත්තට වෙන්න අලි වෙඩිල්ලක්...
හ්ම්... මං හුස්මක් ගත්තා... වෙලාව යන්තන් රෑ 10 පැන්න විතරයි...කෑම හොයනව අැති.... 
.
"තුන්පත් රෑනක් මේ ටිකේම අහල පහල ඉන්නවා...තනි එකෙක් ඉන්නව උෟ තමයි දරුණු...ටෝච් එක ගහපු ගමන් උෟ එලවගෙන එන්නෙ...යක්සය වගේ මහත්තයා..." 
කැලේ අයියා කියන්නෙ තමන් එකතු කරගත්තු අත්දැකීම් එක්ක... කොයි තරම් කෙට්ටු ශරීරයක් තිබුනත් කාෂ්ඨක අව්වෙ ඔට්ටු වෙන එක මිනිහට හරි සාමාන්‍ය වැඩක්... කාමරේ ඉදන් ඔෆිස් එකට එන මීටර් දහය මම දුවන්නේ කකුල් වලට වැටෙන ඉර අව්ව නිසා කකුල් පුපුරු ගහන නිසා... ඔෆිස් එකේ වාඩිවෙලා ජනේලේ අැරියම මට පේන්නේ ඒ කාෂ්ඨකේ අක්කරයක් උදලු ගාන අවුරුදු පණහකට කිට්ටු කෙසග සරීරේ...
පොලව එක්ක, ඉර එලිය එක්ක දවල්ට ඔට්ටු වෙලා රෑට අලි එක්ක ඔට්ටු වෙන්න සිද්ධවෙලා... 
" මේ ජීවිත ඔහොම තමයි මහත්තයා.." 
බුලත් කහට බැදිච්ච දත් ටික අස්සෙන් පේන්නෙ හිනාවක්මද, නැත්තන් හිනාවෙන් ඔතපු අනන්ත දුකද කියල මටම හිතාගන්න බෑ...
ඒ අැත්තම හිනාවක් නෙමෙයි... දුකයි කියල කියාගන්න බැරි කමට අැඩෙයි කියල බයට හිනාවෙනව වගේ... 
මමත් හිනා නොවුනොත් මිනිහ හිතයි මට ඒක තේරුනා කියල... මමත් හිනාවක් දානවා... ඒ හිනාව යට තියෙන්නෙත් ස්වභාවධර්මයට එරෙහිව යන ශිෂ්ඨාචාරයක අඩි සටහන් ගැන මහා කලකිරීමක්...මහා කාලකණ්ණි හැගීමක්... උන්ට අයිති කැලෑව...අක්කර ගනන් කපලා, වවල, ගෙවල් හදල බලහත්කාරයෙන් උන්ව ඒ කැලේට කොටු කරනවා... 
ප්‍රශ්නෙ දෙපැත්තෙ ඉන්නෙ මේ මනුස්සයයි අලියයි... කවුද වැරදි...?
ශිෂ්ඨාචාරය කියන වචනේ ලියාගන්න තියා කියාගන්නවත් බැරි මේ මනුස්සයද...?
නැත්තන් ශිෂ්ඨාචාරය තියා භාෂාව ගැනවත් අබමල් රේණුවක තරම් දැනීමක් නැති අර සද්ධන්තයද...? 
.
උන් දෙන්නම එකිනෙකා එක්ක තරහක් නෑ...ඒත් දෙන්නටම එකට ඉන්න බෑ... ඒක වෙෙරයද...? නෑ... ප්‍රවර්ථනය... නොනැසී පැවතීම... තරහක් නැතත් එකිනෙකා එක්ක තරගකරන්න, සටන් කරන්න වෙලා... ඒක ස්වභාවධර්මයේ නීතිය... අපි ඒකට ටිකක් පගාව දීලා එච්චරයි වෙනස...
.
ඩෝං.....!!!
.
මගෙ තාප්පෙ ලගින්ම පුපුරපු රතිඤ්ඤාවක්... ඒ එක්කම අර වයසක මනුස්සයගේ කටහඩ...හෝ...හෝ...හෝ.... 
වෙලාව යන්තන් පාන්දර 12.30යි...
.
මං ලැප් එක වහල දැම්ම...නිදියන්න ඔ්න මිනිහා අැහැරගෙන අලි එලවද්දි මම අැස් පියාගත්ත...
.
උඹ වෙනුවෙන් හෙට බුකියේ කොටනව අැර මට වෙන කරන්න දෙයක් නෑ මාමේ... 
.
උඹ ජීවිතේ කරගහන රියල් වීරයෙක්....
.
මම උඹ ගැන කොටන කීබෝඩ් වීරයෙක්...
.
ඉතින් මම වගේ තක්කඩි උඹ වගේ මිනිස්සු ගැන නොලියා ඉන්නවනම් අඩුම ඒ තක්කඩිකම හෘද සාක්ෂියවත් සාධාරණීකරණය කරන එකක් නෑ...
.
.
.
නෝටී
.