Tuesday, December 19, 2017

අාසාදනය....


" අම්මේ හෝර්ලික්ස් ගේන්නකෝ..."
පොඩි එකෙක් කෑ ගහනවා...
පොඩි එවුන් චොකලට් ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා, තව වැඩිම වුනොත් මයිලෝ ඉල්ලනව, හෝර්ලික්ස් ඉල්ලනවා මේ අැහුනමයි....
කණ දාලා අහන් හිටියා....
.
" හෝර්ලික්ස්ම තමයි දෙන්නෙ කියන දේ අහන්නැතුවට..."
.
අම්ම ගේම ඉල්ලුවා....
.
" ඒක බිව්වම තමයි ලොකුවෙන්නෙ..."
.
මට අප්පටසිරි කියල කියවුනා.... හෝර්ලික්ස්වලින් ලොකු වෙනව කියල පොඩි එකාට කිව්වෙ කවුද... හිතුවත් වගේ වැඩේ හරි... ටීවී එකේ අැඩ් එකක් යනවා ඒ ගැන... ලමා වැඩසටහන් අස්සෙ, කාටූන් අස්සෙ මේ වගේ අැඩ් දාන එක තමයි පොඩි එවුන් බාගන්න තියෙන ලේසිම ක්‍රමය... සමාගම් වුනත් දන්නවා අම්මලට වඩා ලේසියෙන් පොඩි එවුන් අල්ලගන්න පුලුවන් කියල.... ඒ වගේම පොඩි එවුන් ඉල්ලන දේ අම්මලට හුගක් වෙලාවට දෙන්න සිද්ධ වෙනවා කියලත්... එක අතකට ලොකු අවුලකුත් නෑ... හැම කෑමක් බීමක්ම ක්ෂණික කෑම වෙච්ච කාලෙක, කෑමක් හදාගන්න තරම් වෙලාව නැති වෙන්නම කාර්යයබහුල වුන අම්මල තාත්තල ඉන්න කාලෙක මේ ක්ෂණික කෑම හුගක් වටිනවා...
.
පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාකාරකම් වෙනස් වෙනවා... ඉස්සරම අපි හවසට පැය බාගයක් කාටූන් බලද්දිත් අාච්චිල සීයල කිව්වෙ අපි ඔය වසයෙදි ඔව්ව බැලුවෙ නෑ ගමේ ගොඩේ දුවල පැනල සෙල්ලම් කරා, වැඩ කරා, අපේ වයසෙ දේවල් උඹලට නෑ කියල..... මට ඒ කාලේ හිනා ගියා... අාච්චිලගෙ කාලේ නෙමෙයි මේක කියල කියන්නත් හිතුනා...
.
දැන් කියලත් වෙනසක් නෑ... පොඩි එවුන් ගෙදර එන්නෙම ටීවී එක බලාගෙන... එකම දේ රිපීට් වෙන විකාර කාටූන්, එහෙමත් නැත්තන් සමෝසා කාලා ලෝකෙ බේරගන්න ෆැන්ටසි වීරයෝ එක්ක උන් පැය ගණන් රොබෝලා වගේ අැලිල ඉන්නවා.... මට අප්පිරියාවක් එනවා ඒක දකිද්දිත්....
.
ඉතින් කටට එනවා කියන්න... අපි අපේ වයසෙදි බලපු කාටූන් බලන්න උඹලට පින නෑ කියල... උඹල කරන ඔය විකාර වැඩේ වැරදියි කියල....
.
අායේ තත්පරෙන් මතක් වෙනවා මගේම උත්තරේ...මේක ඒ කාලේ නෙමෙයිනේ.... මේ කාලේ හැමදේම දුවන්නෙ වැඩිමනත් වාණිජ පදනමක් මත.... හැමදේම හදල තියෙන්නෙ හරි ඉක්මණට අාසාදනය කරන්න පුලුවන් විදිහට...
.
වාණිජත්වය සහ සංකීර්ණත්වය කියන දෙකම මේ කාලේ වෙනකොට ඉපදිලා යන්තන් ලෝකේ දකිද්දිම අාසාදනය කරනවා... නැත්තන් අපිම කරගන්නවා.....
.
.
.
.
නෝටී


Friday, December 15, 2017

ගණිකා බිරිය....


මීට අවුරුද්දකට පෙර පමණ මුහුණ පෑ සිද්දියක් සටහන් කිරීමට අවශ්‍යව තිබුනත් ඊට ඉඩක් මෙච්චරකල් තිබුනෙ නෑ...අවුරුද්දකට විතර උඩදි... මම වැඩකට ඉහලම මාලයට ගිහින් හිටියෙ... එතන තමයි ස්ටාෆ් එකමඩේෂන් එක තිබුනෙ... හදිසියේම පහල කවුන්ටරයෙන් කෝල් එකක් අාවා... පොලීසියේ මහත්තුරු වගයක් මාව මුන ගැහෙන්න අැවිත් තියෙනවා කියල.... අාසන්නම පොලිස් ස්ථානයේ මිතුරෙකුත් සිටි නිසාම ඒක එච්චර පුදුමයට කාරණයක් වුනේ නෑ... මං ඉක්මණින් පහලට අාවා... සාමාන්‍ය අැදුමින් සැරසුනු නිලධාරීන් කිහප දෙනෙකුත්, පොලිස් නිල අැදුමින් සැරසුනු එක් අයෙකුත් තවත් කාන්තාවන් දෙදෙනෙකුත් සිටියා....
.
මං ලගට ගිහින් අවශ්‍යතාවය අැහුවම එක්කෙනෙක් තමන්ගෙ අයිඩෙන්ටි කාඩ් එක දික් කලා... 
.
" අපි සී අයි ඩී එකෙන්...හෝටලයේ ඉදල ගිය අය ගැන තොරතුරු ටිකක් ගන්න පුලුවන් කාගෙන්ද..."
.
හුගක් අාචාරශීලීව අැහුවෙ... 
මමත් වාඩිවෙන්න කියල බොන්න යමක් හදන්න පණිවිඩෙත් දීලා රිෂවේෂන් ඩයරියත් අරන් එතනින්ම වාඩිවුනා...
.
මුලින්ම කාන්තාවන් දෙදෙනා මට එයාලව හදුන්වල දුන්න... පස්සෙ ප්‍රින්ට් කරපු පිංතූරයක් මට දුන්න බලන්න..රුසියානු සම්භවයක් අැති සුදු තරුණියන් කිහිපයක් එතන හිටියා.... 
.
ඔවුන්ගෙ නම් එක්ක විස්තරයක් මට කියල අැහුවා මතකද කියල... මාස තුනකට විතර උඩදි අාපු අයව මෙහෙම එක පාරට පිංතූරයකින් අදුන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි... අනික ඒකත් නිවාඩු දවසක් වුනානනම් තවත් අමාරුයි...
මං ස්ටාෆ් එකේ හුග දෙනෙක්ගෙන් අැහුවත් කාටවත් අදුරගන්න නම් පුලුවන් කමක් තිබුනෙ නෑ...
අන්තිමට යාම් ඊම් ලේඛණ පවා පරීක්ෂා කලත් අදාල නම නම් හොයාගන්න බැරිවුනා...
.
අන්තිමට තමයි මම හේතුව අැහුවෙ... මේ ගෑනු ලමයි තුන්දෙනා ගණිකා වෘත්තියේ යෙදෙන අය..යෙදෙන කිව්වට ලංකාවේ කෙනෙක් යොදවනවා...
ඒක අපි දන්න සාමාන්‍ය ක්‍රමයට නෙමෙයි... 
එතනදි අදාල විදේශිකයෙකුට ගණිකාවෘත්තිකාවක් ලබා දෙන්නෙ ඔහුගේ මුලු සංචාරය කරන කාලයටමයි.. සති දෙකක්, තුනක්, මාසයක් නෙමෙයි මාස කිහිපයක් පවා ඔවුන්ව ලබා ගන්න පුලුවන්... 
ඒකත් ලක්ෂ ගාණකට අලෙවි වෙන්නෙ.... ඉතින් කිසිම විදිහකින් ඔවුන් ගණිකාවන් බව සැකයක් අැති වෙන්නෑ.. සංචාරය පටන් ගත් වෙලාවේ පටන් ඔවුන් එකටම සැරිසරන නිසා අවධානම අඩුයි.... දකින ඔ්නෑම කෙනෙක් පෙලෙඹන්නෙ ඔවුන් අඹු සැමියන් කියල හිතන්න.... 
.
ඒ කතාව අැහුවම හැම රැකියාවක්ම අැතුලෙ උස් පහත් කම් තියෙනව නේද කියල මට හිතුනා.... 
වීථී ගණිකාවක් සහ මේ ගණිකා බිරිදක් අදාල සේවාව ලබාගන්නාගෙන් විදින සැප පහසුකම් පවා එකිනෙකට වෙනස්.. ලබන මුදලේ පවා තියෙන්නෙ ලොකු වෙනසක්...
සංචාරක කර්මාන්තයට මේ වෘත්තීය සමහර රටවල බෙහෙවින් යොදාගත්තත් අපි තවමත් ඉන්නෙ මේ වෘත්තීය නීතියෙන් තහනම් රටක... ඉතින් නීතියට ගරු කිරීමක් සහ උදව් වීමක් විදිහට දිය හැකි සියලූම විස්තර ලබා දීලා ඔවුන්ට සහය වුනා.....
.
සමහර රැකියාවල් කොයි තරම් මුදල් ලබා දුන්නත් අතිශය කටුකයි... ගණිකා වෘත්තිය ඒ අතින් ඉදිරියෙන්ම අැති කියල මම විස්වාස කරනවා.....
.
.
.
නෝටී 



Monday, December 11, 2017

ජනකයා...


අහම්බෙන් වගේ එක තැනකදි හරි අපූරූ දුරකතන සංවාදයකට කන්දෙන්න වුනා.... මුලදි නිකම්ම කණට වැටුනත් වචන දෙකතුනක් යද්දි ඔ්න කමින්ම කන් දෙන්න හිතුනා...
.
බොහොම පොඩි වයසක ගෑණු ලමයෙක් අම්ම තාත්ත එහාට මෙහාට වෙනකම් ඉදල තමන්ගෙ යාලුවගෙ ගෙදරට කෝල් එකක් අරන්... දැන් දෙන්න කතාව...
.
" මට නම් ගෙදර එපා වෙලා ඉන්නෙ දැන් නම්..."
" මල කරදරේ... "
" මට යන්න හිතිල තියෙන්නෙ..."
.
මේ වගේ වචන ටිකක් තමයි දෙන්න අතර හුවමාරු වෙන්නේ... අහම්බෙන් වගේ අම්ම එනව දැකපු ලමයා ක්ෂණිකයෙන් මාතෘකාව මාරු කරා...
හෙට ගේන්න කිව්වෙ මොනවද, අර වැඩේ කරන්න කිව්වද වගේ සාමාන්‍ය කතා බහකින් සංවාදය ඉවර වුනා....
පුංචි ලමයෙක්ට එහෙම වචන එන්න නම් එතන මොකක්ම හරි අවුලක් තියෙන්න ඔ්න....
හුගක් වෙලාවට එක්කො ලමයට ලැබෙන අධ්‍යයාපන පීඩනය නිසා වෙන්න ඔ්න....
එහෙමත් නැත්තන් අම්ම තාත්තගෙ කාර්යයබහුලත්වය එක්ක ලමයට අවධානය දෙන්න බැරිවෙලා තියෙනවා...
.
පැටවු ගැහිල්ලයි ලමයි හැදිල්ලයි දෙකක් වෙන්නෙ මේ කාරණය නිසා...සංකීර්ණ සමාජ වටපිටාවක ප්‍රජනනයෙන් ජනිතයන් අැති කරනවාට වඩා වැඩි වගකීමක් ජනකයන්ට නිරායාසයෙන්ම ලැබෙනවා....
.
පූර්ව ප්‍රසව අවධියේ ඉදලම ලමයෙක්ගෙ මානසික සෞඛ්‍ය ගැන වගකීම ගන්න අම්මල තාත්තල සූදානම් නැත්තන් ලමයි ලෝකෙට බිහි නොකරන එක වඩා හොදයි....
.
ගොඩ වැඩි කරගැනීම හෝ අනාගතයේ තමන් බලාකියා ගැනීමට ලමයි බිහි කිරීමේ ඵලවිපාක පසුකාලීනව විදින්නෙ මුලු සමාජයමයි...
.
ඒ නිසා මවක් පියෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් තමන් ඒකට හොදින් සූදානම්ද කියන එක ගැන දෙතුන් පාරක් නෙමෙයි සිය දහස්පාරක් වුනත් හිතුවට කමක්නෑ...
.
එහෙම නැත්තන් එතෙක් අර හදුන්වා දීපු වෙන්ඩින් මැෂිම වඩාත් හොද විකල්පයක් වේවී...
.
.
.
නෝටී...


Tuesday, December 5, 2017

තනිවීම......

ලගම යාලුවෙකුත් එයාගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකුත් එක්ක මගෙ මිත්‍රයාට අයිති ඉඩමක් බලන්න ගියේ ඉදිරි අනාගතයේ එතැන කුඩා හෝටලයක් ඉදිකරන්න අදාල මිත්‍රයාට අදහසක් තියෙනව කියපු නිසාමයි...
.
වැවට මායිම්ව අැල බිමක තියෙන තරමක ඉඩම හරිම ලස්සනක් තිබුනෙ... මුහුද අයිනට වඩා වැවේ ඉහලින් ඉර බහිද්දි හරිම  ලස්සන තැඹිලි පාටකට හැරෙනවා....
වැව අතගාගෙන එන හුලග ඊටත් සනීපයි....
ඒ වෙලාවේ තමයි මෝටර් සයිකලයකින් කෙනෙක් පාන් ගෙඩියකුත් අරන් අාවේ...මේ මනුස්සය මගෙ යහලුවත් එක්ක ටිකක් කතා කරල වැව දිහාට බැහැල ගිහින් අර පාන් ගෙඩියම කඩල කෑලි කෑලි වතුරට දාන්න ගත්තා...
.
" මාලු අල්ලන්න වෙන්න අැති..."
මට හිතුනා...කෝකටත් මං යාලුවගෙන් විස්තර අැහුවා....
.
" මිනිහා හැම ඉරිදම එනව බං... අැවිත් මාලුන්ට පාන්ගෙඩියක් දානවා..."
.
හරි පුදුම කතාවක්නෙ.... හැම ඉරිදම අැවිත් පාන් ගෙඩියක් මාලුන්ට දාන්න මොකක්ද හේතුව...
මට අාපු ප්‍රශ්නෙම අපේ ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයාටත් තිබුනා... මටත් කලින් මිනිහා වැව කිට්ටුවට අැවිත් අැහුවා අැයි පාන් දාන්නෙ කියල...
.
අවු.26 වගේ වයසකදි මිය ගිය තමන්ගෙ බිරිද වෙනුවෙන් පිං දෙන්න ඒ කාර්යය කරනව කියල ඔහු කියද්දි මටත් පුදුම හිතුනා...තවමත් අවු.30ක් නොඉක්මවපු තරුණයෙක්ට තමන්ගෙ බිරිදගෙ හැරයාම කොහොම සිද්ධියක් වෙන්න අැතිද...?
ඒ වෙනුවෙන් ලක්ෂ ගනන්වලට දින ගැනල දාන මාන දෙනවට වඩා හවසක වැව අයිනේ ඉන්න මාලුන්ට පාන් කෑල්ලක් දාන එකෙන් ඒ මනුස්සය වැඩි සතුටක් වැඩි සැහැල්ලුවක් විදින බව මට පෙනුන...
සමහරවිට මාලු පිං අනුමෝදන් නොකරාවි, ඒත් හිතේ සතුට ඒ ගාථා පාඨ, චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා පොඩි පාන් ගෙඩියක, හවසක, වැවක මාලු ටිකක් අතර නැද්ද කියල මට හිතුනා....
.
මගේ ඔස්ට්‍රියානු මිත්‍රයාට ඔහු විශේෂයෙන් යමක් කිව්ව...
" මම කර්මය විස්වාස කරන බෞද්ධයෙක්, ඉතිං මේ දේවල් අැයට හොද උපතකට, හොද ජීවිතයකට මග පෙන්වාවි කියල මම විස්වාස කරනවා..."
.
අාගමික අැදහීම් නැත්තෙකු වුන ඔස්ට්‍රියානු මිත්‍රයා පිටට තට්ටුවක් දාලා
" ඔව් මම ඔබේ ක්‍රියාව අගය කරනවා "
කිව්ව....
.
ඒ සිද්ධිය හුගක් තදට හිතේ රැදුනා... දැනුත් ඒ මනුස්සය වැව් බැම්මෙ හිටගෙන පාන් විසි කරන හැටි මවාගන්න පුලුවන් තරමටම හිතේ රැදුනා....
.
කසාදය කොලයකට, නීතියකට සීමා නොකරපු ඒ වගේ මිනිස්සු හරි දුර්ලභයි වගේම ස්වභාවධර්මය ඒ වගේ මනුස්සයෙක්ටවත් තමන්ගෙ ප්‍රියම්භිකාව ලග තියාගන්න හුගක් කල් දීලත් නෑ කියල දැනෙද්දි පොඩි හරි දුකක් හිතට අාවා....
.
.
.
.
නෝටී



Sunday, November 19, 2017

සුභ උපන්දිනයක්.....

විනෝදාංශ අපි හැමෝටම තියෙනවා..පුංචිකාලෙනම් අපිට පොවල කාවද්දල තිබුන විනෝදාංශ සෙට් එකක් තිබුනා...මතකද...?
" ටීච මං මුද්දර එකතු කරනවා"
" මං පොත් කියවනවා.."
" මං පරණ කාසී එකතු කරනවා.."
.
හරියට අර ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල අහනව වගේ... මමත් යන්තන් 7 වසරෙදි පංතියක අැහුවනේ ඔය ප්‍රශ්නෙ... මගෙ වෙලාවටම අැහුවේ පිටරටක මනුස්සයෙක්...ඉතින් මං දැන් ඔලුව විකාර කරගෙන කල්පනා කරනවා රහස් පරීක්ෂකයෙක්ට ඉංග්‍රිසියෙන් කියන එක.... දොස්තරල, ඉංජිනේරුවො, ගුරුවරු පහු කරගෙන මං ගාවට අාවම මං මගේ හීනේ ටිකක් ඩවුන්ග්‍රේඩ් කරල පොලිස්මෑන් කියල කිව්ව...
.
එදා තමයි මම දැනගත්තෙ හීන තිබුනට කෝටියක් ඉංග්‍රිසී නැතුව කියාගන්න බැරි වෙන්නත් පුලුවන් කියල...
.
ඉතින් ටිකක් දැනුම් තේරුම් තියන වයසට එද්දි මටම කියල විශේෂ විනෝදාංශයක් තිබුනා... මං ඒකට කිව්වෙ මිනිස්සු අධ්‍යයනය කිරීමකියල... අැත්තටම මං කරේ මිනිස්සුන්ගේ පැටර්න් තේරුම් ගන්න උත්සාහ කරපු එක...
.
දහම්පාසලේ ගුරුවරු අඩු වෙලාවක උගන්නන්න පංතියක් දුන්නම මම කරේ ටිකක් උගන්නල කොලයක් එක එක්කෙනා අතට දීලා මං දෙන ප්‍රශ්නවලට තමන්ගෙ පෞද්ගලික උත්තර ලියන්න කියන එක... ඒ උත්තර එක්ක ලමයින්ගෙ හැසිරීම් මතක තියාගන්නත් මං ටිකක් මහන්සි වුනා...
.
එතනින් එහාට හම්බවෙන හැම මනුස්සයෙක්ගෙම වචන එක්ක හැසිරීම් මතක තියාගන්න උත්සාහ කරා...අවුරුදු 13ක් මං අදටත් නොකඩවාම ඒක කරනවා...
.
ඒ එක්කම ඒ වෙනුවෙන් මං මගේ අත්දැකීම් මිනිස්සු එක්ක බෙදාගන්නවා...ඒකෙන් මට අමතර අවස්ථාවක් ලැබෙනවා මගේ අධ්‍යයන්ට...
.
සත්‍ය සමාජයට වඩා සත්‍යාසන්න සමාජජාල වල මේ කතන්දරය හුගක්ම ලේසියි...
.
මිනිස්සු සත්‍ය සමාජයට වඩා සමාජ ජාලයකදි විවෘත වෙන ප්‍රමාණය වැඩියි...ඉතින් උකහා ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉහලයි...
.
මුලින්ම මම බ්ලොග් එකක් ලියනව කියල පටන් ගත්තෙ ඒ අදහසෙන් වුනත් ඒ තොරතුරු ලබාගන්න එක එච්චර සරල නෑ කියන එකත් ඒවා මුහුණට මුහුන කෙරෙන සංවාද තරම් විශ්වසනීය නෑ කියන එකත් මට තේරුනා... එතනින් එහාට මං බ්ලොග් එකක් පවත්වගෙන ගියේ අත්දැකීම් බෙදාගන්නම විතරයි....
.
අදට ඒ බ්ලොග් එකට අවුරුද්දක්... වෘත්තීය බ්ලොග් ලියන්නෙක් නොවෙනව වගේම එහෙම වෙන්න බලාපොරොත්තුවකුත් නෑ... ලග තියෙන නොමිලේ දෙන්න පුලුවන් දේවල් දෙකක් මිනිස්සුන්ට තියෙනව කියල මං විස්වාස කරනවා...
.
ඒ හිනාව සහ අත්දැකීම්...
.
ඒ දෙකම කාට වුනත් දෙන්න මං කිසිම විදිහකින් දෙපාරක් හිතන්නෑ...
.
ලෝකය වඩාත් හොද තැනක් වෙනවනම් ඒ හිනාව සහ අත්දැකීම් බෙදාගැනීම නිසා කියල මං විස්වාස කරනවා...
.
ඒක නිසාම මං " නෝටිගේ මතක "  බ්ලොග් එකට හුගක් අාදරෙයි...
.
සුබ උපන්දිනයක් නෝටිගේ මතකවලට...
.
.
.
.
නෝටී...







Friday, November 10, 2017

අෑ සහ කැරපොත්තා...

මම සේවය කරපු එක්තරා අායතනයක අපි කාලයකට පස්සෙ සම්පූර්ණ පිරිසිදු කිරීමකට (Detail clean) සූදානම් වුනා..සේවකයෝ සියල්ලම එකවගේ දැන් අතුගාන්න, හෝදන්න අස්පස් කරන්න වගේ වැඩවල... ඒ අස්සෙ කබඩ් අස්සෙ හිටපු කැරපොත්තෝ රංචු පිටින් එලියට පැනල දුවනව... ඩයිනසෝර් කෙනෙක් එක්ක එක කූඩුවේ හිටියත් මට කැරපොත්තො පත්තෑයෝ පේන්න බෑ... අමුතුම හිරිකිත ගතියක් තියෙන්නෙ උන් අැගේ දුවද්දි...වදෙන් පොරෙන් එක්කෙනෙක් ගිහින් මෝටීන් ස්ප්‍රේ එකක් ගෙනාවා...හතරවටේටම ඔ්ක ගහල දැන් අායේ වැඩ...
.
තැන තැන වැටිච්ච කැරපොත්තෝ සමහරු මැරිල සමහරු පණ අදිනවා... ඔය අතරේ අායතනය අයිතිකාර මහත්මයා තමන්ගෙ දුව මොන්ටිසෝරියේ ඉදල අරගෙන අාවා... ඒ මහත්තයගේ බිරිදත් අපිත් එක්ක වැඩවල හිටියේ...
.
පොඩි කෙල්ල ටික වෙලාවක් එහෙ මෙහෙ දුවද්දි කැරපොත්තෙක් දැකල...
.
" අම්මේ මේ, කරපොත්තෙක්, එයාට පණ තියෙනවා...."
පොඩි එකී කෑ ගහනවා... අම්ම ලගට අැවිත් බලනකම්ම පොඩි කෙල්ල නෙමෙයි නැවැත්තුවේ...
" එයාට බෙහෙත් ගහල තියෙන්නෙ..."
.
අම්ම කියල අයින් වුනා... පොඩි එකී බලන් ඉන්නවා....
.
" අම්මේ එයාට සීතලයි...බලන්නකෝ"
පොඩි එකී කියන්නෙ කැරපොත්ත ගැහෙන දිහා බලාගෙන...
මෝටීන් එකෙන් කැරපොත්තට ලැබෙන බලපෑම ගැන පොඩි එකා දන්නෑ...අැයි කැරපොත්ත මරන්න ඔ්න කියල අවබෝධෙකුත් එයාට නෑ...
ඒත් සතෙක්, ජීවත් වෙන සතෙක් කියන අවබෝධය මිසක් වෙන දෙයක් පොඩි එකා ලග තිබුනෙ නෑ... පොඩි වයසෙ ලොකු අපේ තියෙන විනාසකාරී අදහස් නැතිම තරම්... ඒක වෙන්න ඔ්න පුංචි අපි මල් වගේ කියන්නෙ... පස්සෙ ලොකු අපි තමයි අපේ විදිහෙ නරුම අදහස් ඒ පුංචි හිත්වලට කවන්නෙ... තව කෙනෙක් පරද්දන්න, ගහන්න, තලන්න, මරන්න, වංචා කරන්න මේ සේරම එයාල ඉගෙන ගන්නෙ ලොකු අපෙන්....
.
එතකම්ම පුංචි උන් මේ ලොකෙත් එක්ක හරිම සාමෙන්, සතුටින් ජීවත්වෙනවා....
.
අායෙත් පොඩි එකා කෑ ගහනවා...
.
" අම්මේ බලන්නකෝ...එයාට සීතලයි...."
.
.
.
.
.
නෝටී

Saturday, October 21, 2017

එච්චරයි තියෙන්නේ......

පුංචි කාලේ පුරුද්දක් තිබුණා ඉරටු අරන් හෙල්ල වගේ විසි කරන්න...ඒවා උඩින් ගිහින් පොලෙවෙ ඇනෙද්දි හරිම ආතල්.. පොලව ටිකක් බුරුල් හරියක තමයි සෙල්ලම කරන්න පුලුවන් හොදටම..
ඒ කාලේ ඉඳලම මට ඉරටු එක්ක පුදුම සම්බන්ධයක් තිබුණේ... මගේ ගල් කැට ආමි එකේ තුවක්කු වුණේ සුද්ද කරපු වේලිච්ච ඉරටු කෑලී...මමම හදාගත්තු ගිණි පෙට්ටි කැබ් වල නැගලා එන ආමි පාට තිරුවාන සෝල්ජර්ස්ලා දුඹුරු පාට ත්‍රස්ථවාදියෝ එක්ක වෙඩි තියාගත්ත හැටි මාර පුදුමයි...
සමහර වෙලාවට ෆිලමන්ට් බල්බ් කවර වලින් හැදුන රවුම් බිල්ඩින් ගිණි අරගෙන පොලවට සමතලා වෙලා ගියා...
ඔව්ව තමයි මගේ ආතල් එක ඒ කාලේ...
.
සමහර වෙලාවට මම පොලට ඉරටු ගහනව දැකපු සීයා හරි ආච්චි හරි ඇවිත් මට දෙන එකම අවවාදේ
" ඔය කෝටු පොලවට ගහන්න එපා..ප්‍රයොහ්ජනයක් නැතුව.."
කියන එක...
මට මේක මාර ප්‍රෙහේලිකාවක්.. ඇයි පොලවට ඉටරු ගැහුවම මොකද වෙන්නේ..
" ඇයි එපා කියන්නේ "
පොඩි උන්ට ස්වභාවයෙන්ම එන කුතුහලය එක්ක මම ඇහුවා....
.
" පොලවට ඉරටු ගැහුවම පොලවට රිදෙනව.."
ඒ තමයි මට හම්බ වුණ උතුතරය...
කොයිතරම් ආගමික සංස්කෘතික කඹ වලින් ගැට ගහල තිබුණත් පණක් නැති පස් ගොඩක් වෙච්ච පොලවට රිදෙනව කියන එක මම විස්වාස කරේම නෑ...
.
ඔව් එහෙම වෙන්න බෑනේ...පොලව අජීවී දෙයක්... ඉතිං රිදෙන්නෙ කොහොමද...
.
" එතකොට ඔය වලවල් කපද්දි, ලොකු ලොකු බිල්ඩින් හදද්දි රිදෙන්නැද්ද.."
මම ආපහු ගේම ඉල්ලන්නේ ඒක උප්පතියෙන්ම ආපු ගතියක් නිසා වෙන්න ඇති...
.
" රිදෙනව..ඒත් ඒව නොකර බෑනේ... අවශ්‍යම දේකට විතරක් කරන්න කිව්වේ ඒකයි.."
.
ඒ දවස්වල මට ඒක පිලිගන්න පුලුවන් කමක් තිබුණෙම නැතත් වැඩිහිටියන්ට තිබුණ බයටම මම කාටවත් පේන්න පොලවට ඉරටු ගැහුවෙ නෑ...
.
*************************************************
ඒ කාලේ ගෙවිල ගිහින් මම තරුණයෙක් වැඩිහිටියෙක් විදිහට සමාජ ගත වෙද්දි තමයි කණ වැටෙන්නෙ විල්පත්තුව කපනව කියල... මේ පොලව විනාස කරල උඹලට මට මොනවද හම්බ වෙන්නේ..
.
පොළවට ආදරේ කරපල්ල, එතකොට පොලවත් ආදරේ කරයි...
.
ඒ වචන එක්ක මට මතක් වුණේ ඉරටුව...පොළවට රිදෙනව... ඇත්ත... පොළවට රිදෙනව... ඒ කාලේ තේරුම් ගන්න බැරිවුණ ඒ කතාව අද ඕනෙවටත් වඩා හොදට තේරෙනව...
අත්‍යාවශ්‍ය නොවෙන දේකට පොළවට රිද්දන්න එපා බං... මෙච්චරයි උඹට මට අපි හැමෝටම එකා වගේ ප්‍රවුඩ් ටු බී වෙන්න තියෙන්නේ...
ඒක ආරක්ෂා කරගන්නයි ඕනේ.. ගස් නොකප ඉන්නම විදිහක් නෑ... කපමු... ඒ වගේම කපන තරමටම වවමු...
කෑලෑවක හෙවන, සිහිල අබාන්ස් එකෙන් සිංගර් එකෙන් දවසට 150ක් ගෙවල ගෙදර ගෙනියන්න බෑ බං....
.
ඒකට කැලෑවක්ම ඕනේ... කැලෑවක්ම ඕනේ...
.
.
.
.
නෝටී


Tuesday, September 26, 2017

ඒක වෙනමම ආතල් එකක්....

ඉරාජ් අලුතින් මියුසික් වීඩියෝ එකක් කරල... ඒකේ පාදක චරිතය වෙලා තියෙන්නේ විශිෂ්ඨ සංගීතවේදියෙක් වෙච්ච වික්ටර් කියන චරිතය කියලයි හුඟක් අයගෙ අදහස.. බැලු බැල්මටනම් ඒ වගේ තමයි...
ඒත් මට හිතුනා ඒ පාදක වෙලා තියෙන්නේ චරිතය නෙමෙයි අදාල සිද්ධියයි කියල...
වයසක මනුස්සයෙක් තරුණ ගෑනු දරුවෙක් කසාද බැඳපු පලවෙනි අවස්ථාව මේකවත් ඒ ගැන කවි කතා ගීත ලියවුණු පලවෙනි අවස්ථාව මේකවත් නෙමෙයි....ඒ වගේම ඔය කියන සිද්ධිය මාධ්‍ය හරහා පට්ට ගහපු තරමට ඒ මාධ්‍ය ආයතන මේ වෙද්දි මිනිස්සුන්ට එපා වෙලා වැහිල තියෙන්න ඕනේ....
ඒත් ඒ කිසි එකකට වඩා විරෝධතාවයක් මේකට එල්ල වෙන්නෙ ඉරාජ් පහුගිය කාලේ ගොඩ නගපු රැල්ල නිසා කියලයි මට හිතුනේ....ඉරාජ් රිලීස් කරන මොක වුණත් වැඩිහිටියන්ට පමණයි...., රිපෝර්ට් වෙන්න කලින් ඒක බලල පට්ට විචාරයක් ලියල සුද්ධවන්තයෙක් වගේ රඟපාන්න ඕනේ කියන ආශාව මිනිස්සුන්ගෙ හිත්වල යටටම කාවද්දල වගේ කියල මට හිතුනා...
ඒ අතින් ඉරාජ් තමන්ගෙ පබ්ලිසිටිය ගනිද්දි අපි සුද්දෝ ඕයී ඉරාජ් අයිය කක්කි කියල අපේ මහත්තුරුත් වෙනමම ආතල් එකක් ගන්නව...
සිරාවට ඒක වෙනමම ආතල් එකක්... විවේචන තියෙන්න ඕනේ, ඒ අදාල ක්ෂේත්‍රයට අනුකූලව... මියුසික් වීඩියෝ එකක් නම්, ගීතයේ ගුණාත්මක බව, රූප රචනයේ ගුණාත්මක බව වගේ දේවල් ගැණ විවේචන සුදුස්සන් මගින් එනවනම් අවුලක් නෑ...
.
මේකේ එහෙම එකක් නෑ.. මේක වෙනමම ආතල් එකක්...
ඔහොම කට්ටිය ඔය ආතල් එක ගන්න අස්සෙ මටත් මතක් වුණා ඔය කියන සත්‍ය සිදුවීම වෙච්ච කාලේ බුකියේ ශෙයා වුණ කතන්දර... කී දාහක් නම් වික්ටර් රත්නායක්ගේ පෞද්ගලික වෙඩිම යොදාගෙන ස්වයං ආතල් එකක් ගත්තද...
.
මම වුණත් එක පාරක් දැම්ම " නංගි වික්ටර් කෑල්ල නැතුවට මමත් රත්නායක තමයි කියල..."
.
ඉතින් ඇත්තටම ඉරාජ් ඒ චරිතෙටම මඩක් ගැහුව වුණත් ඉරාජ් බනින්න කලින් මගෙ කිල්ලොටෙත් හුණු නේද කියල මට හිතන්න වුණා...
.
කොච්චර වුණත් නොයන තක්කඩිකම නිසා මම ඒ වගේම හුණු තියෙන සුවාසූදාසක් මිනිස්සු නිරුවත් කරන්න මෙහෙම කුපාඩි කතාවක් ලිව්ව...
.
ඔව් වික්ටර් බැන්දා.. ඒ වෙඩිමෙන් ඉරාජ්ට වගේම උබලටත් ඇති මඟුලක් නෑ බං...වෙඩිම උගේ, ගෑනිත් උගේ, අපේ මුකුත් එතන නෑ....
අපේ මුකුත්ම නෑ....
.
.
.
.
නෝටී...


Saturday, August 19, 2017

තක්කඩියාගේ හෘදසාක්ෂිය....

කන් බිහිරි වෙන සද්දයක්...අෑතින් අැහුනත් පපුවත් එක්ක ගැස්සෙන්නෙ..කන්ඩලම පැත්තට වෙන්න අලි වෙඩිල්ලක්...
හ්ම්... මං හුස්මක් ගත්තා... වෙලාව යන්තන් රෑ 10 පැන්න විතරයි...කෑම හොයනව අැති.... 
.
"තුන්පත් රෑනක් මේ ටිකේම අහල පහල ඉන්නවා...තනි එකෙක් ඉන්නව උෟ තමයි දරුණු...ටෝච් එක ගහපු ගමන් උෟ එලවගෙන එන්නෙ...යක්සය වගේ මහත්තයා..." 
කැලේ අයියා කියන්නෙ තමන් එකතු කරගත්තු අත්දැකීම් එක්ක... කොයි තරම් කෙට්ටු ශරීරයක් තිබුනත් කාෂ්ඨක අව්වෙ ඔට්ටු වෙන එක මිනිහට හරි සාමාන්‍ය වැඩක්... කාමරේ ඉදන් ඔෆිස් එකට එන මීටර් දහය මම දුවන්නේ කකුල් වලට වැටෙන ඉර අව්ව නිසා කකුල් පුපුරු ගහන නිසා... ඔෆිස් එකේ වාඩිවෙලා ජනේලේ අැරියම මට පේන්නේ ඒ කාෂ්ඨකේ අක්කරයක් උදලු ගාන අවුරුදු පණහකට කිට්ටු කෙසග සරීරේ...
පොලව එක්ක, ඉර එලිය එක්ක දවල්ට ඔට්ටු වෙලා රෑට අලි එක්ක ඔට්ටු වෙන්න සිද්ධවෙලා... 
" මේ ජීවිත ඔහොම තමයි මහත්තයා.." 
බුලත් කහට බැදිච්ච දත් ටික අස්සෙන් පේන්නෙ හිනාවක්මද, නැත්තන් හිනාවෙන් ඔතපු අනන්ත දුකද කියල මටම හිතාගන්න බෑ...
ඒ අැත්තම හිනාවක් නෙමෙයි... දුකයි කියල කියාගන්න බැරි කමට අැඩෙයි කියල බයට හිනාවෙනව වගේ... 
මමත් හිනා නොවුනොත් මිනිහ හිතයි මට ඒක තේරුනා කියල... මමත් හිනාවක් දානවා... ඒ හිනාව යට තියෙන්නෙත් ස්වභාවධර්මයට එරෙහිව යන ශිෂ්ඨාචාරයක අඩි සටහන් ගැන මහා කලකිරීමක්...මහා කාලකණ්ණි හැගීමක්... උන්ට අයිති කැලෑව...අක්කර ගනන් කපලා, වවල, ගෙවල් හදල බලහත්කාරයෙන් උන්ව ඒ කැලේට කොටු කරනවා... 
ප්‍රශ්නෙ දෙපැත්තෙ ඉන්නෙ මේ මනුස්සයයි අලියයි... කවුද වැරදි...?
ශිෂ්ඨාචාරය කියන වචනේ ලියාගන්න තියා කියාගන්නවත් බැරි මේ මනුස්සයද...?
නැත්තන් ශිෂ්ඨාචාරය තියා භාෂාව ගැනවත් අබමල් රේණුවක තරම් දැනීමක් නැති අර සද්ධන්තයද...? 
.
උන් දෙන්නම එකිනෙකා එක්ක තරහක් නෑ...ඒත් දෙන්නටම එකට ඉන්න බෑ... ඒක වෙෙරයද...? නෑ... ප්‍රවර්ථනය... නොනැසී පැවතීම... තරහක් නැතත් එකිනෙකා එක්ක තරගකරන්න, සටන් කරන්න වෙලා... ඒක ස්වභාවධර්මයේ නීතිය... අපි ඒකට ටිකක් පගාව දීලා එච්චරයි වෙනස...
.
ඩෝං.....!!!
.
මගෙ තාප්පෙ ලගින්ම පුපුරපු රතිඤ්ඤාවක්... ඒ එක්කම අර වයසක මනුස්සයගේ කටහඩ...හෝ...හෝ...හෝ.... 
වෙලාව යන්තන් පාන්දර 12.30යි...
.
මං ලැප් එක වහල දැම්ම...නිදියන්න ඔ්න මිනිහා අැහැරගෙන අලි එලවද්දි මම අැස් පියාගත්ත...
.
උඹ වෙනුවෙන් හෙට බුකියේ කොටනව අැර මට වෙන කරන්න දෙයක් නෑ මාමේ... 
.
උඹ ජීවිතේ කරගහන රියල් වීරයෙක්....
.
මම උඹ ගැන කොටන කීබෝඩ් වීරයෙක්...
.
ඉතින් මම වගේ තක්කඩි උඹ වගේ මිනිස්සු ගැන නොලියා ඉන්නවනම් අඩුම ඒ තක්කඩිකම හෘද සාක්ෂියවත් සාධාරණීකරණය කරන එකක් නෑ...
.
.
.
නෝටී
.

Tuesday, July 4, 2017

මිනිස්සු අඩුයි...

වයස 23ක් වගේ වෙනකනුත් මම ජීවිතයේ කරේ අාස හිතෙන හිතෙන දේ ඉගෙන ගන්න එක විතරයි...ඒවා හරහා ජොබ් එකක් කරනව වෙනුවට අාසාවට ඉගෙන ගන්න එක මගේ විනෝදාංශයක් වගේ වුනා... ග්‍රැෆික් ඩිසයින්, සයිකොලොජි, ඔටෝ මොබයිල් මේ කිසි දෙයක් හරහා ජොබකට යන්න වුවමණාවක් නොතිබුන තරම්...ඔය කාලෙ ගෙවිල යද්දි මට හිතුනා මොකක් හරි ජොබ් එකක් කරන්න වෙනව කියල...අඩුම ඉගෙනීමට අවශ්‍ය ගානවත් හොයාගන්න...ඉතින් ලගම තිබුන හොටෙල් එකේ වේකන්සි තිබුන නිසා ගියා...ඉන්ටව් කරපු මැනේජර් මට කිව්වෙ හරි අමුතු කතාවක්...පුතා බයෝ කරල නිකම්ම පොඩි පඩියකට මේ ජොබ් එකට එන්නෙ අැයි...යන්න හොටෙල් ස්කූල්...ගිහින් එන්න..ඔයාට දිග ගමනක් තියේවී...
.
මං කොග්ගල එකටත් මරදාන ස්විස් ලංකා එකටත් අැප්ලයි කරා...දෙකෙන්ම එකම දවසේ ලියුම් අැවිත් තිබුනේ...කොග්ගල ගියොත් අවුරුදු ගානක් අදින්න වෙනවා...ස්විස් ලංකා ගියොත් අවුරුද්දෙන් වැඩේ ඉවරයි...මං මරදාන තෝරගත්තා...මුල් දවසෙම හොයාගෙන යද්දි පරක්කු වෙලා...රිෂෙප්ෂන් එකෙන් දීපු ටයි පොල්ල අතට ගත්තා, කවද දාපු ටයිද...ඒකත් රෝල් කරගෙන පංතියට ගියා...පටන් අරන්...අැතුලට එන්න සංඥාව ලැබුනම ගිහින් වාඩි වුනා...ටික වෙලාවයි ගියේ මේ මනුස්සය දැක්ක ටයි එක නෑකියල..මාව දැම්ම පංතියෙන් එලියට..දාගෙන මිසක් එන්නෙපා කියල...වෙලාවට එක්කෙනෙක් කියා දුන්නා දාන්න..එදා ඉදන් හරියටම ටයි එක දාන්න ඉගෙන ගත්තා...
.
ඔය අතරේ ක්ලාස් එකේ හිටියා මටම හරියන කාඩ චරිතයක්...මූ කොයි වෙලෙත් පිස්සුමයි කෙලින්නෙ...කුකරි උණක් තිබුනේ...හැමදාම ප්‍රින්සිපල්ගෙන් යූ බ්ලඩි ෆකර් කියල අහගත්තෙ නැත්තන් නින්ද යන්නැති කොල්ලෙක්....
.
දවසක් උදේම අපි මීල් රූම් එකේ බත් කනව...ප්‍රින්සිපල් අනිත් පංතියට යනවා ලෙක්චර් එකට...මේකා පුටුවේ කකුල් තියාගෙන අැන්දෙ වාඩිවෙලා කනවා....ප්‍රින්සිපල් අාපහු අාවා...
"බැහැපිය පරයා බිමට"
"යූ බ්ලඩි බාස්ටර්ඩ්" රතු වෙච්ච මූනකුත් එක්ක බැනුම් කෝටියක්...අපි පතුරු යන්න බය වෙලා...බැනල බැනල ප්‍රින්සිපල් ගියා...
.
මූ මගෙ පැත්ත හැරුනා...
"ඒ බාස්ටර්ඩ් කියන එකේ තේරුම මට අද බං තේරුනේ" කිව්ව...බැනුම් අහපුවා අමතක කරලා අපි හයියෙන් හිනාවුනා...දන්නෙම නැතුව කාලේ ගෙවිල ගියා...එක්සෑම් ඉවරයි...රිසාල්ට් එන්න කලින්ම මං ප්‍රින්සිපල්ගෙන් ඉල්ලුව මාව Food & Beverage දාන්න කියල..මොකද ෆ්‍රන්ට් ඔෆිස් කාවවත් දාන්නෑ ප්‍රින්සිපල්...යන එකා මොකක් හරි අවුලක් කරගත්තොත් එයාගෙ රෙපියුටේෂන් එකටනේ ප්‍රශ්නේ....
.
රිසාල්ට් අාවා...ඩී 10 ගත්තු එකයි හිටියේ..ඒ බාස්ටර්ඩ් කොලුවා...උෟ මගෙ ලගට අාවා..ඒ මං හිතුවේ උඹ බැඡ් ටොප් කියල බං...කිව්වා...රිසාල්ට් එකකට මැරීගෙන වැඩ කරන උන් අස්සෙ උෟ හරිම නිදහසේ හිටියේ...හැබැයි අාසාවෙන් අහන් හිටියා....
.
ඒ අස්සෙ ප්‍රින්සිපල් මට උඩට කතා කරා...
"පුතා කැමතිද ෆ්‍රන්ට් ඔෆීස් යන්න.."
මට අදහාගන්න බැරි වුනා...කාවවත් ඒ පැත්තට දාන්නෑ කියපු මනුස්සයමද මේ අහන්නෙ කියල..
" සර් හිතනවනම් මම ඒකට සුදුසුයි කියල මං කැමතියි"
"හිතන්න දෙයක් නෑ.ඔයාට පුලුවන්.."
.
ඊට සතියකට පස්සෙ මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා...මග පෙනවපු රොහාන් තෙන්නකෝන් කියන ශ්‍රේෂ්ඨ මනුස්සයගේ නම තියන්න පුලුවන් තරම් උඩින් තියන්න හැම වෙලාවෙම වග බලාගත්තා..අදටත්,මට වෘත්තීය ජීවිතේ පිලිවෙලක් කියල දෙයක් තියෙනවනම් ඒ මගේ විදුහල්පති නිසා...
.
මේ කතා දෙකම මම කිව්වෙ එක හේතුවකට..දමියත්, ප්‍රින්සිපලුත් සමාජයේ අන්ත දෙකක්...ඒත් ඒ දෙකම මගේ හිතේ අඩියටම තැම්පත් වුනා... මිනිස්සුන්ගෙ ගෞරවය උපයගන්න සමාජ තත්ත්වය, ඩීසන්ට් ගතිය බලපාන්නෙ හරිම අඩුවෙන් කියල මම ඉගෙන ගත්තෙ එතනින්...අනන්තවත් වී අයි පීලා, මැනේජර්ලා, හොටෙලියර්ස්ලා මට හම්බවෙලා අැති...ඒත් ෆීල්ඩ් එකේදි මිනිස්සු හම්බවෙන්නෙ හරිම අඩුවෙන්...හොස්පිටැලිටි කියන්නෙ ජොබ් එකක් විතරක්ම නෙමෙයි කියන එක මට උගන්නපු ප්‍රින්සිපල් වගේම මට වඩා උඹ ස්කෝර් කරයි කියල මම බලාපොරොත්තු වුනා කියල අවංකවම කියපු දමියත් ඒ මිනිස්සු අතරේ උඩින්ම ඉන්නවා...
.
.
.
.
.
නෝටී...



Tuesday, June 27, 2017

හරියට යිංග් යෑංග් වගේ...

කාලෙකට කලින් මගේ ප්‍රියම්භිකාව එක්ක වෙච්ච පොඩි කතා බහක් මතක් වුනා හදිස්සියෙම...කතන්දරේ මට කියපු විදිහට මෙහෙමයි...එයාගෙ යාලුවෙක් හෝ දෙන්නෙක් ඉන්නවලු දිය යටින් ගින්දර ගෙනියන...ඒ කිව්වෙ යාලුවෝ සේරම එකම දෙයක් කරන්න උත්සාහ කරද්දි තමනුත් උදව් කරනව කියල පෙන්නල බාල්දි පෙරලන...ඉතින් තරමක් කේන්තියක් මිශ්‍ර කලකිරීමකින් තමයි මට මේ සිද්ධි කිව්වෙ...මිනිස්සු එහෙම කරනවනේ...ඒක එච්චර ලොකු දෙයක් නොවුනත් ලගින් කෙනෙක් කරන එක ටිකක් දරාගන්න අමාරු තත්ත්වයක්...ඒ වෙලාවේ බොහොම සුලු විසදුම් කිහිපයක් සාකච්ඡා කරල අපි කතාව නැවැත්තුවා...
.
ටික දවසකට පස්සෙ බොහොම පොඩි දේකට මේ කියන යාලුවා හෝ දෙතුන් දෙනා උදව් කරල...ඒ තරම් ලොකු දේවල් නොවුනත් උදව්නේ...
ඉතින් මගෙත් එක්ක මේ කතාව කියනව...
"මොනව වුවත් පව් කියලත් හිතෙනව අයියෙ" කියල කිව්වා...
අැත්ත...මිනිස්සු අවස්ථානුකූලව ගන්න තීරණ වලින් අපිට සමස්ථ මනුශ්‍යා ගැනම චිත්‍රයක් මවන්න අමාරුයි...ඒ එකිනෙකා තමන්ගෙ පැවැත්මට පවත්වගෙන යන රටාව...කෙනෙක් ජීවත් වෙන්න දැඩි අාත්මාර්ථකාමියෙක් වෙද්දි,තවත් කෙනෙක් ඒකෙම අනිත් අන්තයේ ඉන්න පුලුවන්...එකිනෙකාගේ සමාජගත දැනුම (අපි කියන්නෙ භාවිතාව කියල ) වගේම බුද්ධි මට්ටම මතත් වෙනස් වෙන්න පුලුවන්....සරල උදාහණයකට ගන්න සර්පයෙක්...උෟ තනිකරම ප්‍රාථමික සහජාස මත ජීවත් වෙන්නෙ...තමන්ට හානියක් කියල හිතෙන ඔ්නෙම දේකට පහර දෙන්න හෝ පලායන්න උෟ සූදානම්...
ඊළගට මගේ මට්ටමේ මිනිහෙක්ට එමු, දකින සර්පයන්ගෙන් මම හරියටම විෂ නෑ කියල දන්න උන් අැරෙන්න අනිත් එකාව මරන්න පසුබට වෙන්නෑ...ඊළගට ගමු මටත් වඩා සර්පයන් පිලිබද අත්දැකීම් තියෙන කෙනෙක් හෝ අවංක පරිසර වේදියෙක්...එයා මොනම සර්පයෙක්වත් මරන එකක් නෑ...
දැන් මේකෙන් ගම්‍ය වෙනවද මමත් සර්පයත් අර අවසන් කෙනා වගේම වෙන්න ඔ්න කියල...නෑ...එහෙම වෙන්න බෑ...වුනොත් ඒක හරිම බෝරින් ලෝකයක් වෙයි...අැත්ත ලෝකේ හොදයැයි සම්මත පැත්තට වැඩිපුර නැමිල තියෙන්න ඔ්නා...ඒත් ඒ ශ්‍රිතයේ අගට ගිහින් තියෙන්නත් හොද නෑ....ඒක සමතුලිත තාවයටත් බරක් වගේම හරිම කම්මැලි තත්ත්වයක්...සේරම එක වගේ වෙන එක කම්මැලි නැද්ද...
.
ඒ වගේ තමයි...මං මගේ ප්‍රියම්භිකාවට කිව්ව වගේම මිනිස්සු හොදම අය කියල කොටසක් නෑ...නරකම අය කියල කොටසකුත් නෑ...අඩු වැඩි වුන මිශ්‍රණ තියෙන්නෙ...මේ මිශ්‍රණයෙන් අදාල කෙනාගේ අදාල ටික විතරක් පරිස්සමට ප්‍රයෝජනයට ගන්නයි තියෙන්නෙ....ලේසි වැඩක් නෙමෙයි...පුරුදු වුනාම අමාරු වැඩකුත් නෙමෙයි....ටීම් වර්ක් එකක් කරනවනම් මේක හුගක්ම වැදගත් පොයින්ට් එකක් වේවී...
ඒ කිව්වෙ සුදු අස්සෙ කලු ටිකකුත් කලු අස්සෙ සුදු ටිකකුත් තියෙනව කියන එක...
හරියට යිංග් යෑංග් වගේ...
.
.
.
.
.
.
නෝටී...


Sunday, June 11, 2017

ඇන්ටික් ලව් vs. ස්මාර්ට් ලව්

අපි හැම තිස්සෙම කරන්නෙ බාල පරම්පරාවට බනින එකනේ...
උඹලට වඩා ආතල් අපි ගත්තා...උඹලට වඩා ඒ අතින් අපි වාසනාවන්තයි කියන එකනේ...ඒත් සමහර තැන් තියෙනව අපි උන් තරම වාසනාවන්ත නොවුණ...
උන් තරම් නිදහස් නොවුණ...
.
පොඩි කාලේ...ඒ කිව්වේ 18, 20 කාලේ..කෙල්ලෙක් එහෙම ලාවට යාලු කරගෙන කප්පරක් පෙම් වදන් ලියාගෙන, නිදි නැතුව අනාගතේ ගැන ප්ලෑන් ගහන කාලේ...
අපි බඳින්නෙ මොන වයසෙන්ද...?
අපි ලමයි කීයක් හදන්වද..?
ගෙදරින් බර බරේ දැම්මොත් පැනල යනවද නැත්තන් එයාලගෙ බොක්ක උණු වෙන්න ටෝක් එකක් දීලා කැමැත්ත ගන්නවද..?
මේ වගේ දාහක් ප්‍රශන තියෙනව...
.
ඉතිං ඒ හිතෙන ඒවා පුල්ස්කැප් කොලයක් අරන් ලියනව...
උඩ කොණෙන් දකුණේ...පුරුදු විදිහටම "අහස යට "
පටන් ගැන්මෙ සුදු නෝනා...ඊට පස්සෙ පැය දෙක තුනක් එක දිගට හිතෙන එව්ව ලියනව...අන්තිමට ලියුම පුල්ස්කැප් 6කට 7කට අඩු වුණොත් ඒක ලොකු පුදුමයක්....
සතියකට මෙයින් කීපයක් හුවමාරු වීම සාමාන්‍යයි...ඒත් හිටි හැටියේ දවසක් මෙහෙම කිව්ව...
"අයියේ අපි ට්‍රිප් එකක් යනව...දවස් හතරක්..මට දිග ලියුමක් ඕනේ ඒ ටිකේම කියවන්න..මං ගෙදරට අහු කරගන්නෑ, ප්‍රොමිස්.."
.
ඉතිං මොකේද දන් වළඳන්නේ...
ලියල දුන්න...ගිහින් ආවා..ඊළඟ දවසෙ හම්බවුණාට වැඩි කතා බහක් නෑ..අන්තිමට ලියුම් කෑල්ලක් දීලා බැහැල ගියා..මම ගෙදර ගිහින් මුලින්ම කරන්නෙ ඒක කියවන එක....
ඔලුව අවුල් වුණා වගේ වුණා...
ලියුම අහුවෙලා ඇතිවෙන්න ගුටි කාලා...අන්තිමට තිබුණා අදම එක්කෝ අරන් යන්න නැත්තන් මං මැරිල ඉඳීවී කියල....හරිම අසරණ වෙන වෙලාවක්...අද වගේ සෙල් ෆෝන් නැති, ෆේස් බුක් නැති අඩුම යාලුවෙක්ට පණිවිඩයක් කියන්න යන්න ෆුට් සයිකලයක් නැති වෙලාවක් තිබුණා...
දවස් ගාණකට පස්සෙ හම්බ වෙද්දි මොකක්දෝ දෙයක් බීලා ඉස්පිරිතාලෙත් ගිහින් ගොඩ ඇවිත් තිබුණා...ඒ තරම් බය වෙල තිබුන, ඒ තරම් අසරණ වෙච්ච වෙලාවක් ඒ වෙනකම් ජීවිතේ තිබුණේ නෑ....
.
ඒ අතින් අද පරම්පරාව කොච්චර වාසනාවන්තද..?
උඹලට කොහොම කතාක්‍රල තමන්ගෙ ප්‍රශන විසඳ ගන්න බැරිද...
ස්මාර්ට් ලෝකෙක ස්මාර්ට් විදිහට ආදරේ කරන්න වාසනාවක් අපිට තිබුන්නෑ..
ඒකෙන් ප්‍රයෝජන ගනිල්ල...
කෙල්ලගෙ අරක මේක වීඩියෝ කරගන්න කලින් ඕකේ තියෙන දේවල් පාවිච්චි කරල තම තමන්ගෙ අදහස් බෙදා ගනිල්ල, ඒ අදහස් නොගැලපෙන තැන්වලදි ෆ්ලෙක්සිබල් වෙලා සීරූ මාරූ කරගනිල්ල...
දවසෙම මල් කඩනව කියන්නේ ඒකට..අපිට සතියක් ගිහින් කතාකරගනන් බැරිවුණ ප්‍රශ්න උඹලට දවසෙන් කරගන්න පුලුවන්...
තාක්ෂනේ වාසිය ජීවිතෙ ලස්සන කරගන්න තියගමු...
නාස්තිකරගන්න නැතුව..
.
.
.
.
.
නෝටී


Monday, June 5, 2017

මං ආදරේ මේ පොළවට....

වවන්නත් උණක් තියෙන්න ඕනේ...
කාලෙකට පස්සෙ පැල දිගට හරහට පැල කරන් යද්දි මතක් වුණා කාලෙකට ඉස්සර උණ සැරටම තිබ්බ කාලේ ගැන...ඒ ලෙවල් ඉවර වෙලා හැම එකාම ටයි දාපු ජොබ් හොයද්දි මමත් තව එකෙකුත් හිටිය ඒකට විරුද්ධ පැත්තෙ...
ඒ කාලේ මට මතක තිබුණා අපිට බයොලොජි කරපු ආචාර්‍යය නිශ්ශංකද සිල්වා (දැන් මහාචාර්‍යය ) සර් කියපු කතාවක්...
එක කොල්ලෙක් හිටියලු බයෝ කරපු..ඒ ලෙවල් වලට උගන්නපු මත්ස්‍ය පාලනය ගැන හිත වැටිච්ච මිනිහ ඒ ගැන තව විස්තර ටිකකුත් හොයාගෙන වත්තෙ ටැංකි ගහල පටං ගත්ත මත්ස්‍ය පාලනය..මේක සුරතල් මසුන් නෙමෙයි ආහාරය සඳහා වවන මිරිදිය මත්ස්‍ය වගාවක්...හොද ගානක් හොයන සාර්ථක වියාපාරයක් විදිහට මිනිහ ඒක කරන් ගියා කියලයි කිව්වෙ...
මේ කතාව හරි තදට මගේ හිතේ තිබුණා..ඒකටම හරියන එකෙක් මොන්ටිසෝරියෙ ඉදන්ම මට හිටපු නිසා වැඩේ ලේසි වුණා...ඉගෙන ග්ත්තු දෙයින් වැඩක් ගන්න ඩිග්‍රි ගහන්නම ඕනේ නෑ කියන තේමා ගීතය එක්ක අපි වවන්න දෙයක් ගැන හිතුවා...
දෙන්නටම කියල පර්චස් දහයක් නොතිබුණා වුණත් තිබුණ උණ නම් බැස්සෙම නෑ...
එක පාරටම තරිඳුවා, නැත්තන් මේ කතාවේ අනිත් චරිතෙ ආරංචියක් ගෙනාවා ලංකාවට ඩ්‍රැගන් ෆෲට් හදුන්වාදුන්නු මේජර් මනෝජ් බුලත්සිංහල වත්තක් කරනව කියල...දෙපාරක් හිතුවේ නෑ..බයික් ගත්ත ගියා..බයික් කිව්වට ෆුට් බයික්...කි.මී 47ක් වගේ දුරක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක නැවතිලා එහෙම ඊලඟ දවසේ වතුයාය හොයාගෙන ගියා...
අක්කර 35ක් තනිකර ඩ්‍රැගන් ෆෲට් වගාවක්..ඒ විතරක්ද තව පලතුරු වර්ග ගොඩක්..අපි ගිහින් ආපු අනිත් කට්ටියත් එක්ක වාඩි වුණා...ඩ්‍රැගන් ෆෲට් කෑල්ලක් එහෙම රස බලල කතාව අහන් හිටියා...ඉඳලා අන්තිමට තනියම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා..අපේ උනන්දුව දැකලද මන්දා මේජර් කැමති වුණා ලක්ෂ 4ක් පැල ආදායමෙන් කපා ගන්න අපිට දෙන්න...ඉඩම සහ පොහොර ගැනත් උපදෙස් දුන්න...
.
අපි ගෙදර ආවා..සඳුන් මල්ලිවත් වැඩේට කතකරගත්තා...දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුවට අල්ලපු වැටෙන් යාලුවෙක්ගේ (චරියගේ ) ඉඩමෙන් අක්කරයක් ඉල්ල ගත්තා..තනිකර දියපර කැලයක්...සතිගාණක් තිස්සේ කැලේ එක්ක ඔට්ටු වුණා...උදේ 7ට බෙන්තරින් පුටාර් එකේ යනව..ආයේ 2ට එනව හවස පන්තියට උගන්නන්න...ඒ ආවම රටහුණු කෑල්ල අල්ලන්න බැරි තරම් ඇඟිලි රිදෙනව..ඒත් හරි සතුටුයි..ඒක වේදනාවකට වඩා සොඳුරු  රිදුමක් වගේ....
.
උගන්නන ගමන් ලමයි එකක්ත් කියනව ඒ බෑවුමේ තියෙන දේවල් ගැන....උඩහට වෙන්න තියෙන ගල්කුළු ගැන....කාලේ ගෙවිල අපි අක්කරේම සුද්ද කරල ඉවරයි...කොන්ක්‍රීට් කණු 25ක් ගහන්න ඕනේ...එකකට වියදම 1000ක් 1500ක් වත් විතර...හතර අතේ හෙව්වත් ඒ ගාන හම්බ වුණේ නෑ..බැංකු අපි වගේ යන්තන් අවුරුදු 19ක 20ක කොල්ලො දෙන්නෙක් විස්වාස කරල ණය දුන්නෙ නෑ....අන්තිමට අත් ඇරලා දාන්න වුණා.....හිතේ වෙච්ච මහන්සිය ගැන දුකක් තිබුණෙ නෑ...ඒව මතක...හරි ලස්සන මතක...
.
අදටත් අපිට ඒ හීනේ එහෙමම තියෙනව...ටිකක් වැඩි දියුණු වෙලා...නිකම්ම වවන්න නෙමෙයි..තාක්ෂණය එක්ක පොර බඳන්න...
ටිෂූ කල්චර් ෆාම් එකක් දාන්න...
අක්කර ගාණක වවන්න...
ඒ සීතල විඳින්න අදටත් අපි දෙන්නම ආසයි...
.
ඒක උණක්...හරි ආදරෙන් වැළඳ ගත්තු උණක්...ටයි කෝට්, උපාධි ලෝගු, බෙන්ස් බී එම් නැතුවත් ජීවිතේ විඳින්න පුලුවන් සල්ලි හොයන්න පුලුවන් අවස්ථා වැහි වැහැල තියෙන රටක ඉන්නෙ අපි...ඒකයි මට කවුරු හරි කිව්වම මචං පලයන්කො ඩුබායි, පලයන්කො මාලේ කියල හිනාවක් දාලා ශේප් වෙන්නෙ..මං ආදරේ මේ පොලවට, ඒකෙම ජීවත් වෙලා ඉස්සරහට යන්න පුලුවන් කියල ලොකු විස්වාසයක් අදටත් තියෙනව...
.
ඉස්සරහටත් තියේවී...
.
.
.
.
නෝටී



Thursday, June 1, 2017

ෆර්ෆෙක්ට් රෙලේෂන්ශිප්....

අංග සම්පූර්ණ සබඳතා තියෙනවද..?
මේක හුඟක් වෙලාවට තරුන වයසේ ආදරේ කරන අයට තියෙන ප්‍රශ්නයක්.. එයා මට හරියට ගැලපෙන්නෑ..එහෙම නැත්තන් එයා කොත්තු කන්න කැමති නෑ මං කැමතියි...එයා මං කොච්චර කිව්වත් දිගට අදින්න කැමති නෑ...එයා අර කොල්ල කෙල්ල එක්ක කඩේකට වෙලා කෝපී බීලා, මං ඒකට කැමති නෑ..
මේ වගේ ප්‍රශ්න කොච්චර නම් අපිටත් එදිනෙදා ජීවිතයෙදි එනවද.. එයා මගේ, එයා ඉන්න ඕනේ මං එක්ක විතරයි... යාලුවො එක්ක ඉන්න ඕනේ නෑ එයාට මම ඉදිද්දි..මේ වගේ අදහස් සිය දහස් ගාණක් දවසකට අපිට මුණ ගැහෙනවා...
.
මේක ඇත්තටම එහෙමද...? සබඳතාවයක් කියන්නෙ කොටු වීමක්මද..? එහෙම කොටු වෙන්න පුලුවන් එක අංගසම්පූර්ණ සබඳතා තියෙනවද..? තියෙන්න පුලුවන්ද..?
.
ටිකක් බැරැරුම් කතාවක්..හැම මිනිහෙක්ටම විශේෂිත ගතිගුණ තියෙනව...ඒ ඒ ගති ගුණ අතරේ ඉස්මතු වෙන දේවල්...
උදාහරණෙකට අපි ගමනක් යන්න තෝරගන්න එහෙමත් නැත්තන් ගමනකට සුදුසුම තමන් දන්න පුද්ගලයා තම්න්ගෙ පෞද්ගලික දෙයක් කියන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්...
නැත්තම් තමන්ට දෙයක් ඉගෙන ගන්න ඉන්න සුදුසුම පුද්ගලයා විස්වාසය තියන්න නුසුදුස්සෙක් වෙන්න පුලුවන්...
අඩියක් ගහන්න සුදුසුම පුද්ගලයා වාහනේ යතුර අතට දෙන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්...කෝපි එකක් බොන්න සුදුසුම පුද්ගලයා කිස් එකකට සුදුසුම නොවෙන්න පුලුවන්...
ලස්සනට වාදනය කරන ගායනය කරන පුද්ගලයා ආදරය කරන්න නුසුදුස්සෙක් වෙන්න පුලුවන්....
මේ වගේ එක එක විශේෂිත ක්‍රියාවන් වලට විශේෂ පුද්ගලයන් අපිට කොච්චරවත් මුණ ගැහෙනව ඇති...ඒ විශේෂිත දේවල් වලින් එකක් වුන ආදර සම්බඳතාවයක් හෝ කසාදය කියල ගමු, ඒකටත් විශේෂ පුද්ගලයෙක් ඉන්න පුලුවන්... තමන්ට ගැලපෙනම විදිහට ආදරේ කරන..සමහරවිට එයා නිදහසෙ කෝපි එකක් බොන්න සුදුසුම කෙනා නොවෙන්න පුලුවන්....මොකක්ද ඒකේ ඇති වෙනස...ආදරය හෝ කසාදය බේස් වෙන්නෙ කෝපි එකකද..? නැත්තන් කෑම පිඟනකද..? ඒ අදාල සම්බඳතාවයට බේස් වෙන කරුණු වලට කෙනෙක් පර්ෆෙක්ට් නම් එයාව ඒ අදාල සම්බඳතාවය වෙනුවෙන් විතරක් පාවිච්චි කරන්න...යොදාගන්න..ඒ වගේම හැම සම්බඳතාවයකම ගති ලක්ෂණ එකම මිනිහෙක්ගෙන බලාපොරොත්තු වෙන එක නවත්තන්න..අඩුම අංගසම්පූර්ණව බලාපොරොත්තු වීම නවත්තන්න...
.
සබඳතා ෆර්ෆෙක්ට් විදිහට තියාගන්න නම් මේ කාරණේ තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් වෙයි කියල මට හිතෙනව..තමන්ට තියෙන විභවය තේරුම් ගන්න වෙනව මුලින්ම..මම ඇත්තෙන්ම කොයි වගේද කියන එක දන්නවනම් තම්න් එක්ක සහයකයා හෝ සහායිකාවගේ ක්‍රියාකාරකම් ගැන වදවෙන්න එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ...
මොකද අපි හැම තිස්සෙම තෝරගන්න ඕනේ ජීවන සහකාරියක්/ සහකරුවෙක් මිසක් වාල් වෙච්ච සේවකයෙක් නෙමෙයි නිසා...
එහෙම නොවෙන තැනදි තමයි අපිට සිද්ධ වෙන්නේ බලාපොරොත්තු කඩවීම්, විස්වාසය කඩවීම් වලට මුහුණ දෙන්න...
.
ඒ නිසා සබඳතාවයකදී කල්පැවැත්ම අවශ්‍යය නම් තමන්ගේම පොටෙන්ෂල් එක තමන් තේරුම් ගැනීමත් ඒක අනිකාට ඒත්තු ගැන්වීමත් වගේම ඉන් පරිභාහිර දේවල් සඳහා තමන්ගෙන් නිදහස් කිරීමත් කියන දේ අත්‍යාවශ්‍ය වේවී...
.
.
.
.
.
නෝටී...



Monday, May 15, 2017

ගෞරවය රෙද්දපල්ලෙන් බේරීම...

වෘත්තීමය ගෞරවය අද කාලේ හුඟක් කතා බහට ලක්වෙන ටොපික් එකක් වෙලා.. දොස්තරලා, නීතීඥයෝ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම වගේ මේ කතාව තියෙනව..තමන්ගේ වෘතීයට හරියන විදිහට ඉන්නෙ කොහොමද..? ඒක තමයි ප්‍රශ්නය මේ වෙන කොට තියෙන..
ඒත් ඇත්තම ප්‍රශ්නය ඒකද...? මම හිතන්නේ නැහැ...වෘත්තීයට හරියන විදිහට වෘත්තීය කරන කාලය තුල ඉන්නේ කොහොමද කියන එකයි ඇත්තම ප්‍රශනය විය යුත්තේ...වෘත්තීයෙන් පිට සිවිල් සමාජයේදී ප්‍රශ්නය විය යුත්තේ පුරවැසියෙක් හෝ සිවිල් පුද්ගලයෙකු විදිහට ඉන්නෙ කොහොමද කියන එකයි...
එක එක වෘත්තීන්ට අදාලව ගොඩ නැගුනු ආචාර ධර්ම විධි තියෙනව..වෘත්තීය කාල සීමාව තුල ඒ ආචාර ධර්ම අනුගමනය කිරීමේ ගැටලුවක් නෑ...උදාහරණයකට වෘත්තීය කාල සීමාව තුල මත්පැන් පානය සුදුසු නොවන වෙලාවකදි එසේ නොකිරීම අදාල ආචාර ධර්ම කඩ නොකිරීමක්...ඒ වගේම වෘත්තීය සීමාවෙන් පිටතදී මත්පැන් පානය කිරීමෙන් අදාල වෘත්තියේ ගෞරවය කෙලෙසීමක් සිදු වෙන්නෙත් නැහැ...
.
මේ කාරණා අස්සෙ මට මතක් වුණේ දන්න අදුරන සූපවේදියෙක්ව...තරමක් වයසක මනුස්සයෙක් වුණ අදාල පුද්ගලයට ආයතන ප්‍රධානියා සමග පොඩි පොඩි හිත් අමනාපකම් තිබුනා..බොහෝමයක් ඒවා වැරදි වැටහීම් මත ඇතිවුණ ඒවා...
මේ අදාල පුද්ගලයා අවසානයට තීරණය කරන්නේ ආයතනය ප්‍රධානියාගෙ කෑම වේලට ඔහුට හානිදායක දේවල් එකතු කරන්න...ඒත් අනික් අයගෙ මැදිහත් වීම් නිසා මේ කාරණය ඉෂඨ කරගන්න බැරි වුණත් මේ උත්සාහයම තමන්ගෙ වෘත්තීය ගෞරව කෙලිසීමක් විදිහටයි මම දකින්නේ...සූප වේදියෙක් විදිහට කාලන්තරයක් පුහුනුවක් ලබන මිනිහෙක් කෑම වේලක් පිලියෙල කරන්නේ හරියට දේව භක්තිකයෙක් දේව පූජාවක් පිලියෙල කරන තරම් හැඟීමකින්...ඒක තම්න්ගේ ආහාර වේල රසවිඳින ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් එහෙමයි... එතනින් අදහස් කරන්නෙ සූප වේදියා අවධානය යොමු කරන්න ඕනේ පිලියෙල කිරීමේ ක්‍රම වේදයට මිස භුක්ති විඳින්නා පිලිබඳව නොවෙයි නොවෙයි කියන එකයි...ඉතිං හිතන්න මේ දාල පුද්ගලයා තමන්ගෙ වෘත්තීමය ගෞරවය විතරක් නෙමෙයි මානුශිකතවය පවා අනික් සේවකයන් ඉදිරියේ කඩා බිඳ දාගන්නව නෙමෙයිද...මේ අත්දැකීම මම මගේ වෘත්තීමය ජීවිතේ අත්දැකපු අමිහිරිම මතකයක්...
.
මිනිස්සු තමන්ගේ සැප වෙනුවෙන්, තමන්ගේ පීඩනය නිදහස් කරගැනීම වෙනුවෙන්, තමන්ට ලඟා කරගත නොහැකි අභිමතාර්ථ වෙනුවෙන් කොයි තරම්නම් තම්න්ගේම සමාජ ආචාර ධර්ම පාවා දෙනවද..?
කොයි තරම් නම් විනාස කරනවද...?
මේක ඇත්තටම වෘත්තීමය වශයෙන් නෙමෙයි සමාජයීය වශයෙන් අරගෙන කතාකල යුතු පැතිකඩක්...
වෘත්තීයට එන්නට පෙර සිටම තමන්ම තෝරාගන්න ලද ආකල්ප ප්‍රවාහය මත සිදුවන්නක් විදිහටයි මම දකින්නෙ...
.
මේ ආකල්ප ප්‍රවාහයේ මූලික වගකීම මුල් ගුරුවරු, අධ්‍යාපන ආයතන, ආගමික සංස්ථා සහ සමාජයක් විදිහට අපි යන සියල්ල භාරගත යුතුයි කියල මම විස්වාස කරනව...
.
මේ සිද්ධි අපිට උගනවන ලොකුම පාඩා තමයි සමාජයේ අපි දකින බොහෝමයක් වැදගත් යැයි සම්මත පුද්ගලයන්ගේ හෝ සංස්ථාවල වැඩිමනත් තියෙන්නේ සරුවපිත්තල දිස්නයක් විතරයි කියන එකයි...
.
වැදගත්කම රෙද්ද පල්ලෙන් බේරෙන්නට කලින් අපි එකිනෙකා ඒ වැදගත්කම ගෞරවය අපි තුලින් හදාගන්නවනම් පොඩි පොඩි කොටස් එක්තු කරල හදපු ලස්සන චිත්‍රයක් විදිහට සමාජයම තියේවී...
.
අපි අපිව අමතක කරල අනිකාව හදන කුහක මානසිකත්වයක ඉන්නවනම් මේ ගෞරවය හෝ වැදගත්කම කවදාවත් අපිට ලඟාකරගන්න බැරි පම්පෝරී ගහන තවත් එක මාතෘකාවක්ම වේවී
.
.
.
.
.
නෝටී



Monday, May 8, 2017

කැලෑවෙදි මිනිහෙක් නෙමෙයි සතෙක් වෙයන්...

ගිය මාසේ මුල..මං අලුත් රස්සාවට ගිය අලුතම...පෑවිල්ල කාලේ..සීගිරි ගල පුපුරු ගහන තාලේ කිලෝමීටර් පහක් මෙහාට අැහෙනව කියල මට හිතුනා...සේරම තණකොල වේලිලා ගිහින්...හරියට කාන්තාරයක් වගේ..පොඩි ගස් සේරම හරියට බයවෙලා බිමට නැමුනා වගේ...
ජීවිතේ හොදම කාලෙදි වයසට ගිය මිනිස්සු වගේ උන් මං දිහා බලන් හිටියෙ...
දරුවෙක් මැරෙන්න යද්දි වගේ දුකක් අාවා දැක්කම...
"දැන් මං අාවනේ..සේරම හරියයි.."
මං හිතෙන් කිව්වෙ උන්ට අැහෙයි කියල හිතාගෙන...දවසක් දෙකක් ගිහින් හවස් වරුවෙ නිදහස් වෙලාවක පැල වලට විතරක් වතුර දදා හිටපු ලමයගෙන් හෝස් එක ඉල්ලගෙන මම තණකොල වලටත් අැල්ලුවා...ටිකක් තෙත් වෙන්නම...වතුර වැටෙද්දි එන පස් කලවම් සුවද හරි අමුතු හැගීමක් ගේනවා...
.
කම්පැණියේ සී.ඊ.ඔ් හිටියෙත් හොටෙල් එකේමයි...රෑ මට අැහෙනවා තණකොලවලට වතුර දාපු එකට මිනිහා පොඩ්ඩක් නෝක්කාඩුව දානවා...
"තණකොලවලට මොකට දානවද..අපරාදේ වතුර ටික...පිස්සු"
මං අහගෙන හිටියා...අැයි මේ මිනිස්සු මෙච්චර ගහ කොල එක්ක තරහ...කෑලෑ කපල හොටෙල් හදනවනම් අඩුම එතන පවතින ගහ කොලටවත් අාදරේ කරන්න බැරිද...ඒකත් එකෝ ෆ්‍රෙන්ඩ්ලි කන්සෙප්ට් එකක් අැතුලේ...එකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන්නෙ ඔ්පන් බාත් රූම්, පොල් අතු වහලවල් මැටි ගාපු සෝබන බිත්ති නෙමෙයි ස්වභාවධර්මයට මිතුරු, සමීප කියන එකයි කියන කාරණේ මේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෑ...සංචාරක කර්මාන්තය අන්තනේමතික විදිහට යොදාගැනීමේ ඵල විපාක අද මාසයකට පස්සෙ මට පේනවා...ගස් කොලන් වැස්ස එද්දි මැලවෙලා මැරිලා ගිහින්...ඔ්න අාප්පයක් සත පණහයි කියල චෙයාමන්ට කතා කරල අවසර අරන් සී අයි සී එකට ගිහින් ගෙනාවා කොම්පෝස්ට් පොහොර, වියලි ගොම, කොහුබත් එක්ක අැල්බර්ට් සොලූෂන් පැකට් එකක්...හවස් වරුවම වැව්වා...තව ගස් ටිකක් පස්සෙ ගේනත් වවන්න තැනුත් බලාගත්තා....
.
අැත්තටම සංචාරක මණ්ඩලය මේවට නීතී සම්පාදනය කරගන්න ඔ්නා...
එකෝ ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක ලොකු පුටුවකට ඉන්ටවීව් කරද්දි බොට්නිකල් ඩිග්‍රියක් නැතත් නේචර් ලවර්ස්ලා ගන්න විදිහට...අපි කැලෑ වැදුනනම් ඒ කැලෑවට අනුගත වෙන්න ඔ්නා...අපි ඒකේ කොටසක්...අපි හරියට පැවතුනේ නැත්තනම් සමස්ථයම විනාස වෙනවා.....
.
ටවුන් එකේදි ටයි කෝට් දාපු මහත්තයෙක් වගේම කැලේදි කැලෑ සතෙක් වෙන්නත් මිනිහෙක්ට හැකියාව තියෙන්න ඔ්නා...සතෙක් විදිහට සත්තු එක්ක ඉන්න...පලතුරු ගස් ටිකකින් කුරුලු ලෑලි කිහිපයකින් හුගක් දුරට සර්පයෝ කෘමියෝ ජෙෙව පලිබෝධනාශනය කරන්න පුලුවන් කියන වගේ බේසික් දේවල්වත් අපි දැනන් ඉන්න ඔ්නා....
.
අැත්තටම අපි පරිසරය ප්‍රශස්තව රැකීමේදී පට්ට ෆේල්....
.
බිංදුවෙ ඉන්නෙ...බිංදුවෙ...
.
.
.
.
.
නෝටී


Friday, April 28, 2017

හූනා බව් බව් කීම....

ඒ මං ඔ්ලෙවල් කරන කාලේ..දැන් අවුරුදු 13කට විතර කලින්නේ...
මට මතකයි විභාගෙට යද්දි ගෙදරින් එලිට බැහැල වමට හැරුනොත් අනිවාර්යෙන් මුන ගැහෙන මිනිහෙක් හිටියා..
උදේම කසිප්පු ටිකකින් සප්පායම් වෙලා නැංගුරමත් දාගෙන පාර මැදට වෙන්න ඉන්නවා...
ඒ දවස්වල අපෙ අම්ම නිතරම කියන කතාව තමයි ඒ පැත්තෙන් යන්නෙපා ඔය මනුස්සය මූණට මුලින්ම හම්බවෙලා කියල...
මං හා කියල එලියට බැහැල යන්නෙම ඒ පැත්තෙන්...හැමදාම මිනිහට හිනාවක් එහෙම දාලා මිනිහා අාපිට හිනා වුනොත් කොහොමද සීයෙ කියලත තමයි යන්නෙ...
.
මට බලන්න ඔ්නේ වුනා මම මිනිහා මූණට හම්බවීම නිසා ෆේල් වෙයිද කියල...කඩඉම් විභාගයකට මූණ දෙන්න යන අනිත් හුගක් ලමයි පන්සල් ගානේ දේවාල ගානේ බාරහාර බෝධි පූජා තියල විභාගෙට යද්දි මම ඒකම ඉස්සරහට දාලා පරීක්ෂාවක් කරන්න තරම් අාත්ම විස්වාසයක් තිබුන පොඩි එකෙක් වීම ගැන දැන්නම් තරමක අාඩම්බරයක් තියෙනවා...
.
මාස ගානකට පස්සෙ රිසාල්ට් අාවා...ෆේල් නැහැ..මම හිතුවට වඩා හොද රිසාල්ට් එකක් තිබුන...එතකොට ඉස්සරහට හම්බවුන මනුස්සය මගෙ ජීවිතේට බලපෑමක් කරල නෑ නේද කියල හිතුනා...මේ එක මේජර් ඉවෙන්ට් එකක් විතරයි..තව සියගානක් මෙහෙම දේවල් කරත් ප්‍රතිඵලය වෙනසක් වුනේම නැති තරම්...
.
අපි හිතනව කලු බලලෙක්, හිස් භාජනයක්, අපි නරකයි කියල හංවඩු ගහන මිනිහෙක් ඉස්සරහට හම්බවීම අතිශයින්ම අපේ එදිනෙදා වැඩවලට බලපානවා කියල...කොටින්ම හූනෙක්ගෙ කෑගැහීම පවා බලපාවී කියල හිතන්න තරම් අපි බොලද වෙලා තියෙනවා...
.
හුගක් දැනුම අතින් ඉදිරියට ගිය චරිත පවා මේ වගේ බාලාංශ කරුණු වල පැටලිලා නාස්ති කරගන්න කාලය සහ අැති කරගන්න හිත් රිදීම් බැලුවම හරිම දුකක් හිතට එනවා...
.
හූනෙක් චික් චික් ගාන්නෙ උෟට බව් බව් කියන්න බැරි නිසා....
ඒත් අපි...
උන්ට වඩා හුගක් ඉස්සරහ ඉන්නෙ...අපිට චික් චික්, බව් බව් විතරක් නෙමෙයි කැමතිනම් ඤාව් ඤාව් ගාන්නත් පුලවන් කම තියාගෙන අපි අැයි මේ වගේ දේවල් වලට යට වෙන්නෙ කියල හිතන්න කාලය අැවිත්...
.
තමන්ට වැඩිම බලපෑමක් කරන්නෙ තමන්ම මිසක් අනිත් අයවත් සතෙක්වත් නෙමෙයි...අපි අපි ගැම විස්වාසයක් තියාගන්න පුලුවන් නම් හූනගෙ හඩත් අපිට එක හඩක්ම විතරක්වෙයි....
.
.
.
.
.
.
නෝටී...



Saturday, April 22, 2017

හව් අයි ලොස්ට් මයි වර්ජිනිටි...

අපි හැමෝම ලග පොඩි පොඩි වගේම ලොකු ලොකු වැරදි පුරුදු, අාකල්ප එහෙම තියෙනවා..
මටත් තිබුනා දෙකක් තුනක්...
.
ලොකුම එක තමයි ලොකු ඊගෝ එකක් තිබුනා..ලොකු කමක් කියල කියමු..මොකකින් හරි මාව රිජෙක්ට් වුනානම් අායේ ඒක පලාතක් නොබලන නැත්තන් ඊට වඩා දශමෙකින් හරි උඩට යන්න දගලන ගතියක් තිබුනා..සමහර වෙලාවකට මේකේ හොදකුත් තිබුනා..මගේ රස්සාවේ මේතරම් හරි දුරක් අාවනම් අාවේ ඒ ඊගෝ එකට තැන්කියු වෙන්න...
ඒත් හිතන්න මම ගොඩ නගන සමාජ සම්බන්ධතාවයක් ගැන..පොඩි සිද්ධියකින් මං සදහටම අත් හැරලා දාපූ මිනිස්සු හුගක් අැති..සමහර වෙලාවට නිකම්ම සොරි කියල ශේප් වෙන්න තිබුන අවස්ථා..
.
මේ අාකල්පයේ හොද නරක දැන දැනම මං ඒක මේන්ටේන් කරා...තදින්ම මේන්ටේන් කරා...හරියට කන්‍යාභාවය දේවත්වයෙන් රකින සාම්ප්‍රදායික කෙල්ලෙක් වගේ...
කවුරු වෙනුවෙන්වත් ඒක කෙලෙසා ගන්නෑ කියන දැඩි මතයෙ මං හිටියා...
.
ඒ වගේම තමයි අනිත් අාකල්පය..වැරැද්දක් කරහම සමාවෙන්න කියන්නෙපා..ඒකේ තේරුමක් නෑ මොකද වැරැද්ද කරල ඉවර නිසා කියල..ඒත් හිතන්න ඒ වගේ දෙයකින් මම නැති කරන්න අැති කියල හිතෙන මිනිස්සු ගාන...
.
මේක අැත්තටම කන්‍යාභාවයක්ම තමයි..අැයි දන්නවද...ඒක දෙන්න ඔ්නේ කියල හිතෙන, කන්‍යාභාවයට වඩා වටිනව කියල හිතෙන මිනිස්සු ඉස්සරහ ඉබේම අපි නිරුවත් වෙනවා...
.
ගෑණු ලමයෙක් තමන් රැකගත්තු ඒ දේවල් තමන් හුගක්ම අාදරේ කරන මිනිහෙක්ට දෙනව වගේම අපිටත් සමහර වෙලාවල් එනවා එහෙම දෙන්න වෙන...මටත් වුනා...මටත් හම්බවුනා එහෙම හුගක් අාදරණීය චරිත...වැරැද්දක් වුනත් අත් අැරලා දාන්න බැරි...උන් ඉස්සරහ මං මගේම කන්‍යාභාවය විසි කරල දැම්ම...
.
ඔව් උඹල අතින් මං මිනිහෙක් වුනා...කන්‍යාභාවය තවදුරටත් පොඩි උන්ට මිසක් පරිණත මිනිහෙක්ට වැඩක් නෑ කියල මට තේරුම් කරේ උඹලා..හැම මිනිහෙක්ටම සමාව දෙන්න හැම දේකදිම තව ටිකක් ඉවසන්න,හැම ප්‍රතික්ෂේප වීමකදිම හිනාවකින් පිලිතුරු දෙන්න පුලුවන් මිනිහෙක්ට විතරයි..
.
ලමයෙක්ට නෙමෙයි....
.
.
.
.
.
නෝටී



Tuesday, April 18, 2017

හැගීම් තියෙනවද....

මිනිස් හැගීම් කියන්නෙ ඉතාම විශාල පරාසයක පැතිරුන කතාවක්..එක හැගීමක් ගත්තම ඒක අවස්ථානුකූලව, හැගීම් මූලය අනුව, හැගීමට යටත්වන්නා අනුව, සංස්කෘතිකව, වගේම සමහර වෙලාවට ජීවවිද්‍යාත්මකවත් කියන විවිධ කෝණ වලින් දකින්න පුලුවන්..
උදාහරණයකට ගමු කෝපය..නැත්තන් කේන්තිය...
මේක අවස්ථානුකූලව වෙනස් නෙවෙනවද..වෙනවා...කාර්යය බහුල අවස්ථවක සහ නිදහස් වෙලාවක කෝපය දෙවිදිහක්..සීමාවන් වෙනස්...ඒ වගේම හැගීම් මූලය අනුව වෙනස් නැද්ද...අදාල හැගීමට මුල්වන කාරණය අනුව..වෙනස් වෙනව...සංස්කෘතියට අනුවත් එහෙමයි.ජීවවිද්‍යාත්මක කරුනු අනුවත් වෙනස් වෙනවා...
.
මේ වගේ හැම හැගීමක් අස්සෙම අපි නොදකින හුගාක් පැතිකඩවල් තියෙන්න පුලුවන්..හැගීමක් ගැන විනිශ්චයක් දෙන්න කලින් අපි ඒගැන සහමුලින්ම දැනුවත්ද කියන එක සිතීම හරිම වැදගත්..එහෙම නොදන්නවානම් ඒගැන අධ්‍යයනය කරලා නිගමනයකට ඒම ඉතාම වැදගත්..විශේෂයෙන් වැදගත් වෙන්නෙ සමාජ සම්බන්ධතාවලදි...
.
ඒ වගේම මේ හැගීම්වලට අදාල එක එක චරිත ලක්ෂණත් තියෙනවා...
හැම හැගීමකම තියෙන ලක්ෂණ ප්‍රශස්ථ නොවුනත් අපිට වෙන්කරගන්න පුලුවන් ප්‍රශස්ථ ලක්ෂණ තියෙනවා..මේකෙ අදහස හැගීමක වචනාර්ථයට වඩාත්ම ගැලපෙන එහෙම නැත්තන් හැගීම ඉදිරියට වඩාත් හොදින් පවත්වාගෙන යන්න උදව් වෙන ලක්ෂණ කියන එකයි..
.
උදාහරණයකට අපි ගමු අාදරය...සංවේදීම හැගීමක්ලුනේ...මොනවගේ චරිත ලක්ෂණ දකිනවද..සීයක් දෙසීයක් අැති...කැටි කරල මම මෙහෙම කිව්වොත් මේ හැගීම එක්ක එනවා ලක්ෂණ දෙකක් මේක ප්‍රශස්ථව පවත්වගෙන යන්න කියල...මොනවද ඒ දෙක...
මූලිකවම බෙදාගැනීම සහ රැකබලාගැනීම...අපි සිංහලෙන් කෙයාරින් අැන් ශෙයාරින් කියන්නෙ අන්න ඒක...
මෙතන බෙදාගැනීම කිව්වම හැම දේම අදාලයි..තමන්ගේ අාදායම,වියදම,අාහාර,නවාතැන් වගේම ලිංගිකත්වය පවා..
.
මේ කරුනු අඩු වැඩි විදිහට හැම අාදරයක් එක්කම නැද්ද..අාදරයක් ඉදිරියට යන්න මේ ලක්ෂණ දෙක ඉතාම වැදගත් නැද්ද...
.
මේ විදිහට හැම හැගීමක් එක්කම ලක්ෂණ තියෙනවා...අපි හරියට අදුනගෙන පාවිච්චි කරනවානම් හැගීමට දීර්ඝ කාලීනව පවත්වගෙන යන්න පුලුවන්...වඩාත් සුමටව...
.
.
.
.
.
නෝටී


Sunday, April 9, 2017

කතෘ මත වෙනස් වේවී...

මටත් ඉන්නව බොහොම ලගින් අාස්සරේ කරන ගෑල්ලමයෙක්...මගේ වෙන්න ප්‍රියම්භිකාව කියමුකො...ඉතින් දවසක් අපි නිදහස ගැන කතා කරද්දි කියපු දෙයක් තමයි ලව් එෆෙයාර් එකක් අැතුලේ තියෙන නිදහස...එකෙක් අනෙකාට ලබා දෙන නිදහස..
.
එතනදි ගෙනාපු තර්කය තමන්ගෙ එක්ස් ප්‍රේමවන්තයා තමන්ට ලබාදීපු නිදහස මගෙන් නොලැබෙනවා ඒ වගේ නිදහසක් තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ කියන එක...හුගක් සංවේදී ඉන්සිඩන්ට් එකක මේ ප්‍රශ්නය විසදන්න මට ක්‍රම දෙකක් තිබුනා..
.
එක ඒක නිදහස නෙමෙයි ඔ්නේ මගුලක් කර ගනින් කියල අත් හැර දැමීමක් විදිහට පෙන්නල දීලා පට්ට කුහකයෙක් වගේ පරණ ඉඩ වහල දැමීම....
.
දෙක මගේ පැත්තෙන් නිදහස සීමා කිරීමේ හේතු නිදහසට කාරනා පෙන්නලා සුදනා වීම....
.
මේ දෙකම අස්සෙ මට මතක් වුනා මටම හම්බවුන අත්දැකීමක්...
.
අපේ මහ ගෙදර බල්ලෙක් හිටියා...නම බෘෘනා...හරියට මං වගේම එක විදිහකට ඉන්න බැරි බල්ලෙක්..වටිනා කියන ජාතියක එකෙක්නම් නෙමෙයි...උෟව නාවන්න ගෙදර එක්කෙනෙක්ටවත් බෑ..මං නාවනවනම් නාවල ඉවරවෙනකන් හැල හොල්මනක් නැතුව ඉන්නවා...ඉවරයි කියල තේරිච්ච පලවෙනි තත්පරේම උෟ අැග ගසල මාව නාවනවා...
.
රෑට මේකව පිටිපස්සෙ ගැට ගහල තියෙන්නෙ පාරේ යන රංචුවට වැටිල යයි කියන බයට...මොකද සමහර වෙලාවට බීච් එකේ කෑම වලට වහ දානවා..මීටර් 25ක දුරකින් වගේ රේල් පාර...මහ පාරත් මහ දුරක නෑ..මාස ගානයි වයස...ඉතින් ඒක නිසාම ගැට ගහල තිබුනේ..
.
දවස් ගානක් තිස්සෙ මේකා හරි දුක හිතෙන තාලෙකට බුරනවා..දම්වැල කඩා ගන්නම හදනවා..
බලන් ඉදලා බැරිම තැන දවසක් රෑ මම ලෙහුවා...
උඹට ඔ්නේ නිදහසනේ...ඔන්න අරගනින් කියලා..
.
ඒ තමයි මම උෟව පනපිටින් දැකපු අන්තිම මොහොත...නිදහස් වුනා..මට උෟව අත්අැරලා දාන්න ඔ්නේ වුනේ නෑ..ඒත් උෟට උෟවත් නොදන්න නිදහසක් ඔ්නේ වුනා... මම දෙන අාරක්ෂාව වදයක් වෙන්නැති..ඒ තමයි හැටි...
.
මිනිස්සු තමන් ලගින්ම තියාගන්න අයට නිදහස දෙන්නෙ අාදරේටම නෙමෙයි...සමහර වෙලාවට නිදහස ඉල්ලා හිටින නිසා...නැත්තන් අාදරයක් හැගීමක් නැති නිසා...
.
ඒක අපිට සම්පූර්ණයෙන්ම දන්නෙ කතෘ...එහෙම නැත්තන් නිදහස ලබාදෙන්නා...ක්‍රියාව කරන්නා....
.
කතෘ උත්තම පුරුස නම්, නිදහස වඩාත් ඵලදායී වේවී...
.
.
.
.
නෝටී



Saturday, April 8, 2017

වටිනාකම අඩුද...

වටිනාකම කියන්නෙ මොකක්ද..මේක සරලව ගත්තම එන්නෙ අගයක් වගේ හැගීමක්...මේ අගය වටිනාකම ඩිපෙන්ඩ් වෙන්නෙ මොනව මතද..
සරලවම අපේ උත්තරේ වෙන්නෙ අදාල භාණ්ඩයේ ගුණාත්මක බව මත කියන එක නේද...නෑ ඒක එහෙම නෙමෙයි..අැත්තෙන්ම බොහෝවිට ඒක එහෙම නෙමෙයි...
ගුණාත්මක භාවය මත වටිනාකම තීරණය වෙන්නෙ බොහෝවිට අපි අදාල භාණ්ඩය ගැන එක්ස්පර්ට් කෙනෙක්නම් විතරයි..
.
එහෙනම් මොනව මතද මේක ඩිපෙන්ඩ් වෙන්නෙ..
කාරණා කිහිපයක් මූලිකවම ගන්න පුලුවන්...
භාණ්ඩයේ නිමාව මුලටම බලපානවා.ඊළගට අදාල භාණ්ඩය සතුව පවතින අතිරේක වාසි. ප්‍රධානම කාරණේ භාණ්ඩය මාකටින් කිරීමේ ක්‍රමය. අවසානයේදි ඊට පෙර භාවිතා කල භාණ්ඩයේ ස්වභාවය සහ ඒක මාකට් කල අාකාරය...හිතන්න ගුණාත්මක බවින් අඩු භාණ්ඩයක් වුනත් හරියට හිතට අල්ලන්න මාකට් කරානම් ඒ භාණ්ඩය මගදි කැඩුනා කියල...ඒත් අපි හිතන්නෙ අැත්තටම අපි භාවිතා කල ක්‍රමය වැරදි අැති වගේ හැගීමකින්..අැයි ඒතරම් රහට මාකට් කරලනේ..එතනින් එහාට මෙන විධිහක භාණ්ඩයක් වෙලද පොලට අාවත් මේක තමයි එක්සලන්ට් කියල හිතෙන වෙලාවල් අපිට තියෙන්නෙ මේ ක්‍රමය නිසා...
.
ඉතින් කවද හරි හිතිලා තියෙනවද එයාට මාව වටින්නෑ,නැත්තන් එයාලට මාව වටින්නෑ කියල...
අායේ අාපස්සට ගිහින් බලන්න මගේ මාකටින් වල අවුලක්ද නැත්තන් කලින් කියපු කොයිම හරි කරුණක අවුලක්ද කියල....
.
අපි අැති තරම් පාරම් බානව අැති අපි පරම පවිත්‍ර සුවදවත් චරිත විදිහට ඒත් ජීවිතේ එක පාරක් හරි මේ විදිහට තුප්පහි මාකටින් ක්‍රමයක් අපි හැමෝම යොදාගෙන අැති..
.
අැත්තටම නිරුවත් චරිතයක් වෙන්න ඔ්නෙද...
.
එහෙනම් කවදාවත් කියන්නෙපා එයාට හෝ එයාලට මාව වටින්නෑ කියල....
.
හැම චරිතයකටම හැම භාණ්ඩයකටම අයිති තැනක් මේ පෘථිවිය මත තියෙනවා මාකට් කලත් නැතත්..ඒක රජ මාලාගාවක තේ මේසෙ ඉදන් කුනු ගොඩක පතුල වෙන්නත් පුලුවන්...ඒත් තැනක් තියෙනවා...
.
බොහොම සැහැල්ලුවෙන් ඒ ලැබුන තැන බාරගන්න පුලුවන් මිනිහෙක් නම් උඹත්,
.
එක්කෝ උඹ මාකටින් කරල නෑ....
.
නැත්තන් මාකටින් දන්නෑ....
.
.
.
.
.
.
.
නෝටී



Thursday, March 30, 2017

කිසිම විදිහකින් ඒක විහිලුවක් වෙන්නෑ...කිසිම විදිහකින්...

ඒ ඒලෙවල් කාලේ..බයෝ ක්ලාස් එකට අලුතින් ආපු කොල්ලො ටිකක් හිටියා...දැන් ඉතිං ආපු උන්ව පිළිගන්නත් එපැයි...හැබැයි වෙලාවට වගේ අපේ උන්ට අර උගත් යැයි සම්මත ෆට්ට විස්ස විජජාල උප සඟිස්කුරුතිය ඇඟට ඇවිත් තිබ්බෙ නෑ..ඉතිං උන්ගෙනුයි අපෙනුයි දෙගොල්ලොන්ගෙන්ම දාලා පොඩි පාටියක් දැම්ම..
දාල අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් එක පංතියෙ හිටියා..එකටම පිස්සුත් කෙලියා...උන්ව ඩෙස් උඩ නග්ගල කුණුහරුප නොකියෙව්ව කියල උන්ට අපිවත් අපිට උන්වවත් දෙගොල්ලොන්ටම ස්කෝලෙවත් අමතක වෙලා නෑ...
.
කාර්‍යබහුලත්වය, ජීවන රටාව එක්ක වෙන මඟ හැරීම් නොවෙන්න ඒ එකෙක්වත් සෙට් එකෙන් පිට වෙන එකකුත් නෑ..
.
රැග් එක එහෙමත් නැත්තන් පට්ට සුචරිතවාදීන්ගෙ සොඳුරු වදය, කියන ආකාරයටම මිනිස් සම්බන්ධතාවයකට මේ රැග් එකේ තියෙන අත්‍යාවශ්‍යභාවය මොකක්ද...
දියුණුම කියන ප්‍රයිමේටාවො පවා තමන්ගෙ ඉදිරියට හමු වෙන වර්ගයේ උන් එක්ක මරා ගැනීම වෙනුවට තෑගී හුවමාරු කරගනිද්දි අපේ උගත්තු රැග් එකකින් බලාපොරොත්තු වෙන උසස් බැඳීම ගැන මට තියෙන්නෙ ප්‍රශ්නයක්..
තව මිනිහෙක්ට වදයක් දීල, බයිට් එකට අරගෙන ඇති කරගන්න පුලුවන් සහජීවනයක් නෙමෙයි, යටහත් පහත් බවක් විතරමයි...
අඩෝ උඹලා අලුතෙන් ආවේ, අපිට ඕනේ විදිහට අපි කියන විදිහට හිටහල්ල කියන පණිවිඩයට එහා ගිය බක්කක් මට පේන්නෑ...
.
සියල්ලන්ම එකම තලයකට ගන්න, පට්ට ෆිට් එකක් ඇති කරන්න වගේ අමුතු ෆවුන්ඩේෂන් ලයින් උඩ තමයි මේක දුවන්නෙ...ලෝකෙ කොහේවත් මිනිස්සු එකම තලයකට ඇවිත් නැහැ, එහෙම එන පාටක් පේන්නත් නැහැ...එහෙම එනව කියන්න තරම් ප්‍රායෝගික හෝ න්‍යායාත්මක කාරණා රැග් කරන උන් ගාව ඇත්තෙත් නෑ...
.
ඒ මොක නැතත් මේක දිගින් දිගටම කෙරෙනව..හරියට ආගම අන්ධයො වගේ බදාගත්තු මිනිස්සු වගේම..එයාලත් හිතන්නෙ මේක නැතුව ජීවිතයක් නෑ කියලනේ.. ඒ විදිහටම කොච්චර උගත්තු වුණත් රැග් එක නැතුව කැම්පස් ලයිෆ් එකක් නෑ කියන ගොබ්බ මානසිකත්වයේ මේ මිනිස්සු ඇලිල ඉන්නව...
.
අවාසනාවන්තම කාරනේ ක්‍රමය කොච්චර වැරදි වුණත් කොච්චර මරි මෝඩ වුණත් ඒක සාධාරණීකරණය කරන්න ( හැමෝටම නැතත් මේ තර්ක වලට ඇන්දෙන අයට ) පුලුවන් විදිහේ සමාජ තත්ත්වයක් ඔවුන්ට තිබීම...
.
මොන තරම් ලෝකෙ ඉහලට ගිය මිනිහෙක් වුණත් තව මිනිහෙක් පිළිගැනීමෙදී ඒ මනුස්සය අපහසුතාවයට පත් කෙරෙන ක්‍රම හිතා මතාම යොදාගන්නවනම් ඒක අපරාධයක්...පැහැදිලිවම මනුශ්‍ය වර්ගයාට කරන අපරාධයක්...
.
කිසිම විදිහකින් ඒක විහිලුවක් වෙන්නෑ...කිසිම විදිහකින්...
.
.
.
.
.
.
නෝටී


Tuesday, March 28, 2017

ඉන්සිඩන්ට් එකක් මොඩිෆයි කරගන්න දන්නවද..?

ඉන්සිඩන්ට් එකක් මොඩිෆයි කරගන්න දන්නවද..?
.
ඈ...? ඒ මොන හරුපයක්ද..සිද්ධියක් කොහොමද මොඩ්ෆයි කරන්නෙ...වෙන්න තියෙන එකක් නම් ටිකක් හරි කමක් නෑ කියමු, වෙමින් පවතින එකක් ඊටත් අමාරුයි, වෙච්ච දෙයක්...කොහෙත්ම බෑනේ.....
.
.
කවුද කියන්නේ..බැරි නැහැ..පුලුවන්..
.
මීට මාසෙකට විතර උඩදි දවසක් ඒක..රෑ එකොලහටත් කිට්ටු වෙන්න තියල අන්තිම පැමිණීම ආවේ...රුසියන් අම්මෙකුයි දුවෙකුයි..දුවෙක් කිව්වට පොඩි බබෙක් නෙමෙයි අවුරුදු 25ක විතර තරුණියක්...හරි සේරම හරි ගස්සල කාමරේට දැම්ම..දාලා ටික වෙලාවක් ගියා...මෙන්න දෙන්න එනව ආයේ...
.
" අපේ කාමරේ පොඩි ශීතකරණය වැඩ නොකර ගියා "
.
ගිහින් බැලුව..ඇත්ත...කාමර සේරම පිරිල තියෙද්දි කොහෙන්ද ෆ්‍රිජ් එකක් දෙන්නෙ...බොහෝම යාප්පුවෙන් කිව්ව හෙට කරල දෙන්නම්, අද රාත්‍රිය සඳහා ඩිස්කවුන්ට් එකකුත් දෙන්නම් කියල..හුඟක්ම කේන්තිය එන ගමනෙදි එක්කගෙන ආපු රියදුරා එක්ක වෙච්ච බහින් බස් වීමක්...ඒක යන්නෙ අපේ පිටින්...මොනව කරන්නද ඕනේ ඉටි ගෙඩියක් ශත විසිපහයි කියල යැව්ව ඉතිං කාමරේට...සතියක් ඉන්න ආපු දෙන්නෙක්නේ...හරි මමත් ගියා නිදාගන්න...
රෑ දොලහ හමාරට ආයේ සික්ක දොර කඩන්න හදනව...
.
" මොකෝ බං.."
.
" අර කෙල්ල උණු වතුර නෑ කියල මැරෙන්න හදනව මහත්තය.."
.
කාපිය මුගුණු වැන්න කිව්වලු..මම නාද්දිත් හොදට තිබුණ හොට් වෝටර් එකට මොකද වුණේ...ගිහින් බැලුව ෆියුස් ගිහින්වත්ද...නෑ හීටරේම පිච්චිල...දැන් මොකේද දන් වලදන්නෙ...
.
ආයේ ආවා...බොහෝම යාප්පුවෙන් ඉතිං තේරුම් කරා...කොහෙද මේ කෙල්ල යක්ෂණියෙක් වගේ...මිනිස්සු නැති තැනක සෙට් වුණා නම් සෙන්ටිමීටරේ කෑලි වලට මාව කපල ශුවර්...
.
" අපිට හෙට උදේම යන්න ඕනේ...අපේ ගෙවීම අපහු හරවන්න ඕනේ " තදින්ම කිව්ව..
.
තාක්ෂණික දෝෂයක් වුණත් වැරැද්ද අපේනේ..ඉතිං හරි කිව්ව...
රෑ එළි වුණාම වෙන දේ මම දන්නවා..බැල්කනියෙන් මුහුද දැක්කම මේක දාලා යන්නෑ කීයටවත්, ඒත් කමෙන්ට් එකක් වැටෙනව සිද්ධිය ගැන සහතිකේටම...
හිතුවත් වගේම දෙන්න 10ට විතර ආවා...
.
"අපි නවතින්න හිතුවා.."
.
මට කට කොණකින් හිනාවක් ගියා...
.
" ඒක හොද ආරංචියක්, මගෙන් මොනවද වෙන්න ඕනේ.."
.
මමත් ඇහුවා...ඊයේ රෑ මගෙ කෑලි කපන්න කේන්තියෙන් හිටිය කෙල්ල මෙන්න මාරම හිනාවක් දාලා කියනව
.
" ෆ්‍රිජ් එකයි උණු වතුරයි තිබුණම අති " කියල...
.
හැබැයි අපි මේ කතාව ඉන්ටර් නෙට් එකේ දානව කිව්ව.."
.
හිත හූරගෙන ගියත් හරි ඒකට ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනව කියල ආයේ හිනාවක් දැම්ම...
සතිය ගෙවිල ගියා...සිද්ධිය අතීතෙට ගියා..දකින හැම වෙලේම හොයාගෙන ගිහින් හිනාවෙලා විස්තර අහන්න මමත් අමතක කරේම නෑ...
.
යන දවස ආවා..
.
වාහනේ ටිකක් පරක්කුයි..දෙන්න ඉන්නව දවල්ටත් නොකා ලොබියෙ..
.
රෙස්ටුරන්ට් එකට කතා කරල ටී පොට් එකක් යැව්ව...
.
ඕනෙ තැනක දිවුරන්න පුලුවන් මං යාලුවෙච්ච කෙල්ලෙක්වත් ඒ තරම් ලස්සන පැණි හිනාවක්නම් දාලා නෑ ඒ කෙල්ල තේ එක අරන් දැම්ම වගේ...
.
දවස් කීපයකින් කමෙන්ට් එක තිබුණා 9.2/10 ක්... අතීතෙට ගිය සිද්ධිය වෙනස් වුණා..
.
මේ එකක් විතරයි..එදිනෙදා මෙහෙම සිද්ධි දහස් ගාණක් අපි හොද පැත්තට ගන්න පුලුවන් කම තියෙද්දි අපතේ යවනව ඇති..සිද්ධි සිද්ධ වෙන්නෙ අහඹු විදිහට..ඒ ජාතක වෙච්ච සිද්ධි මොඩිෆයි කරගන්න අපිටම පුලුවන්..පොඩි මහන්සියක් විතරයි වෙන්න තියෙන්නේ...
.
එහෙම වුණාම ඕල් ඊස් වෙල් ම තමයි.....
.
.
.
.
.
නෝටී



Monday, March 27, 2017

තමන්ගේම කෙනෙක් වුණත්....

අපි හැමෝටම පුරුදු තියෙනව, ඒ වගේම කරන්න වෙන එදිනෙදා වැඩ තියෙනව..මේ හැම ක්‍රියාවකම එක අනිවාර්‍යය කොටසක් එහෙමත් නැත්තන් වචනයක් තියෙනව.. ඒ තමයි සීමාව..හැම ක්‍රියාවකටම වගේ පොදු වෙච්ච මේ වචනේ මත හුඟක් දේවල් ඩිපෙන්ඩ් වෙනව..සමහරවිට සම්පූර්ණ ක්‍රියාවම එහෙම නැත්තන් අදාල ක්‍රියාවට හෝ තමන්ට සම්බන්ධ පුද්ගල ප්‍රතිරූප පවා...
.
බීමත් කම ගමු..ඒකෙත් යම් සීමාවක් තියෙනව...සීමාව පැන්නම පවුල් ප්‍රශ්න, සමාජයීය ප්‍රශන, අනතුරු හෝ අපරාධ වෙන්න පුලුවන්..
.
කෑම ගත්තත් එහෙමයි..සීමාවක් නැතිව කෑම ගැනීමෙන් උදරයේ අසහනයේ සිට මරණීය රෝග දකවා විහිදෙන්න පුලුවන්..
.
මේ විදිහට හැම ක්‍රියාවකටම සීමාවක් තියෙනව,,මේකේ පරාසය වෙනස් වෙනව ඒ ක්‍රියාවට සම්බන්ධ වෙන අය මත..
උදාහරණයකට අපි අපේ යාලුවෙක් එක්ක විහිලු කරන සීමාවේ අපේ ඉහල නිළධාරියෙක් හෝ ප්‍රධානියෙක් එක්ක විහිලු කරන්නෑ... එතනදි නිලය හෝ සමාජ තත්ත්වය මත සීමාව පැනවෙනව..එහෙම අත්දැකීම් නම් එමටයි..
පොතක් ලියන්න පුලුවන් තරමට...
.
ඒ විතරක් නෙමෙයි, උපදෙස් දීම පවා සීමාවක් සහිතයි..
හිතන්න 2 වසරෙ පොඩි එකෙක් ඉන්නව ලිඳට එබීගෙන..
පොඩි එකාට පේනව පතුල මහ ගැඹුරක් නෑ පැන්නත් ගිලෙන එක්ක නෑ කියල..
අනික මේක ගෙදර ලිඳනේ කියල..
ඉතින් තරමක දැනුම තියෙන වැඩිහිටියෙක් නම් දන්නව මේ පේන තරමට වඩා ටිකක් ලිඳ ගැඹුරයි කියල...
.
ඉතිං අර පොඩි එකාට එක පාරක් දෙපාරක් කියන්න පුලුවන් පුතේ පැන්නොත් ගිලේවී මේක පේනවට වඩා ගැඹුරයි කියල..පොඩි එකා පිලිගන්නවනම් හොදයි..
ඒත් නැත්තන්..එක්කෝ පොඩි එකාව බලෙන් අයින් කරන්න ඕනේ..
එහෙම අයින් කරන්න අයිතියක් නැත්තන්,
එකම දේ තමන්ගෙ සීමාව ඒක බව දැනගෙන ඒ සීමාවෙන් නැවතිලා බලන් ඉන්න ඕනේ...
.
හැම ක්‍රියාවකටම හැම බැඳීමකටම පොදු ටිකක් විතර මුහුණ දෙන්න අමාරු ඇත්තක් තමයි මේක..
ලෝකෙ කොහේවත් එක්කෙනෙක් වෙච්ච මිනිස්සු දෙන්නෙක් නෑ...
සහෝදරයෝ, නිවුන්නු, ආදරවන්තයෝ විතරක් නෙමෙයි විවාහකයෝ වුණත් මේ කතන්දරේ එහෙමම තමයි...
.
තමන්ගේම කෙනෙක් වුණත් පිට කෙනෙක් වුණත්, තමන් කරත් පිට කෙනෙක් කරත් ඒ හැම දේකම සීමාවක් තියෙනව..ඒක හැම වෙලාවෙම හරියට අදුරගන්න බැරි වුණත් පුලුවන් වෙන පලවෙනි තත්ත්පරේම එතනින් ඒ ක්‍රියාව නවත්තන්න...
.
සීමාව පැන්නීම කොහෙත්ම සුභදායක නැති නිසා....
.
.
.
.
.
නෝටී


Saturday, March 25, 2017

මම ඒකටත් අකමැතියි...එතකොට උඹ..?

පරණ මතක වගේම අලුත් දේවලුත් දාන්න වෙන වෙලාවල් තියෙනව. සමහර අලුත් මතක මුලු සමාජයටම වැදගත් වෙන වෙලාවක් ඒක දාන එක යුතුකමක්...
දවස් කීපයකට උඩදි අල්ලපු ටවුමෙ ඒඩ්ස් රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හදුනාගෙන..ඒ අතරට පාසල් යන වයසෙ ලමයිනුත් ඉන්නව කියලයි ආරංචිය...යම් පුද්ගලයෙක් හරහා බෝවුණා කියල තමයි ආරංචිය පැතිරෙන්නේ...
ඔව් ඉතිං ඒඩ්ස් කිව්ව ගමන් අපිට ඔලුවට එන්නෙ දෙන්නෙක් නිදි වැදීමනේ...ඒකට හොදම උදාහරණේ මම මේ නිධාන කතාවම සුළුවෙන් දැම්මම බුකියට...
එක කියවන්නෙක් දීපු උත්තරේ...
පන්සිල් රැකහන් එතකොට ඒඩ්ස් හැදෙන්නෑ කියල...
මේ මිනිස්සු හිතන්නෙ කාමේසුමිච්ඡාචාරා කියන සිල් පදේ කැඩුවේ නැත්තන් ඒඩ්ස් වැළදෙන්නෑ කියල...
පන්සිල් රැක්කම බෝ නොවේවි කියල එයා විස්වාස කරනව, හරි මමත් කරනව කියමු, හැබැයි එච් අයි වෛරස් එක ඕක විස්වාස කරනවද කවුද දන්නේ..
ඉතිං හොදම වැඩේ ඒක ඇතුලු වෙන ක්‍රම වසා දැමීම මිස ආගමික බුල්ෂිට් නෙමෙයි...
.
පන්සිල් රැකීමෙ අවුලක් නෑ, හැබැයි ඒඩ්ස් වලට රැකීමේ ලොකු අවුලක් තියෙනව...
.
ඊයේ මේ කතාව මගෙ විදේශීය අධ්‍යක්ෂක මහත්තය මාත් එක්ක කතා කරා...15 දෙනෙකුට බෝවෙන්න තරම් දුර දිග ගියේ ඇයි මේක කියල එයාට ප්‍රශ්නයක්..
මේ මිනිස්සු අඩුම කොණ්ඩම් ගැන අහලවත් නද්ද කියල එයා මගෙන් අහනව..මම කිව්ව ඊට පස්සෙ ස්කෝලෙ ලමයි දෙන්නෙකුටත් බෝවෙලා කියල...
ඒ මනුස්සය ඔලුවෙ අත ගහගත්තා....
ටිකක් වෙලා ඉදලා හරි ලස්සන කතාවක් මගෙන් ඇහුවා..
.
" ජනිත් උඹ අවුරුදු 16 දි කරපුව උඹට මතකද.."
.
මම ඔව් කිව්ව...
.
" එතකොට උඹ හිතනවද ඒ දේවල් උඹ කියා නොදුන්නොත් ඊලඟ පරම්පරාව නොකරාවී කියල"
.
මට හිනා ගියා..ඇත්ත..ගහේ කටු උල් කරන්නෙ මොකටද..? උන් එව්ව කොහෙන් හරි ඉගෙන ගන්නව...මම ඔලුව වැනුවා..
.
" ඉතිං තනියම කරන්න ගිහින් මේ තියෙන අමාරුවක වැටෙන්න කලින් ඒවා කියා දෙන එක විවෘතව කතාකරන එක හොද නැද්ද.."
.
ඔව් ඒක තමයි වෙන්න ඕනේ...අපෙන් තමයි බාල පරම්පරාව හැම දේම ගන්නෙ.උන්ට එක පොඩි වැරදි දෙයක් දුන්නොත් ඒක ජීවිත කාලයම පුරාවට වර්ධනය වෙලා යාවී...සමහර විට ඒකේ අතුරු ඵල නිසා දරාගන්න බැරුව මැරිලා යාවී..
.
හරියට ඒඩ්ස් වලින් මිනිස්සු මැරෙන්නෑ, මිනිස්සු මැරෙන්නෙ ඒඩ්ස් තියෙද්දි හැදෙන පොඩි ලෙඩකින් වගේ...
.
පොඩි උන් අපේ වැරදි නිසා මැරෙන්නෑ..හැබැයි අපේ වැරදි පෙන්වීම තියෙන අස්සෙ ලැබෙන පොඩි අවස්ථාවලින් උන් මැරිල යාවී...
.
මිනිස්සු මැරෙනව තමයි....
.
ඒත් ඒ ඒඩ්ස් වලින් වීම මම අකමැති වැඩක්...
.
ඒ වගේම මිනිස්සු වැරදි කරනව තමයි..
.
ඒත් ඒ අපේ මග පෙන්වීමෙන් නම් මම ඒකටත් අකමැතියි...එතකොට උඹ..?
.
.
.
.
.
.
නෝටී


Friday, March 24, 2017

ඌ නැතුව ඉන්සිඩන්ට් එක...

මිනිස් ගති පැවතුම් කියන්නේ හරිම කම්ප්ලිකේටඩ් දෙයක්..මිනිස්සු එකම උත්තේජයට එකම හෝ වෙනස් ප්‍රතිචාර දකවන අවස්ථා ඇති තරම් තියෙනව.. 
ඒවගේම වෙනස් උත්තේජයන්ට එකම ප්‍රතිචාරය දක්වන අවස්ථාත් ඇති තරම් තියෙනව..මේක මෙහෙමයි කියල අනාවැකි කියන්න බැරි තරම් සංකීර්ණ කතන්දරයක් වුණත් ටිකක් විමසිල්ලෙන් බලන් හිටියොත් මේ පැටර්න් එක ලාවට අල්ල ගන්න බැරි කමකුත් නෑ..
.
ඉතිං මේ හැඩ ගැහීමට අපි කියනව පෞද්ගලික රටාව කියල..මේක හරියට ඩී එන් ඒ වගේම එකිනෙකාට පොඩ්ඩක් හරි වෙනස් කතන්දරයක්..
හිතන්නකෝ මෙහෙම දෙයක්, මගෙ ඩී එන් ඒ තියෙන රටාව කැපිටල් "ඒ" කියල, තව කෙනෙක්ගෙ තියෙනව කැපිටල් "බී" කියල..දැන් මම හිතනව ඒ තමයි හොදයි මොකද ඒක මං ගාව තියෙන එක නිසා මම ඒ ගැන දන්න නිසා...බී මට ලඟින් යන එකක් නම් ආ බී හොදයි හැබැයි මෙන්න මෙහෙම මෙහෙම පොඩි පොඩි අවුල් තියෙනව මගේ ඒ එකේ නැති කියල මට හිතේවි ඒ වගේම ප්‍රකාශ කරාවී..
.
අපි හැම වෙලාවෙම මිනිහෙක් විනිශ්චය කරද්දි කරන්නෙ මේ ක්‍රමේට..එතකොට ඒ ක්‍රමේ හරිද..? හරි ඇති තමන්ගෙ කෝණයකින් ඒත් සාධාරණ කෝණයකදි මේක පට්ට වැරදියිනේ...ඉතිං මේක වෙනස් කරගන්න ක්‍රමයක් තියෙනවද..?
ඇත්තෙන්ම නැති තරම්...
මිනිහෙක් විසින් තව මිනිහෙක් මැනීම සාධාරණ  කෝණයක කරන්න කවමදාවත් බැරි වේවී...ඒකයි කියන්නේ "ඔබ මාව විනිශ්චය කරද්දී ඔබ ඇත්තෙන්ම කරන්නෙ ඔබව විනිශ්චය කිරීමයි" කියල... 
.
එහෙනම් කරන්න පුලුවන් මොකක්ද...?
ම්නිහෙක් වෙනුවට අදාල අවස්ථාව විනිශ්චය කරමු..අවස්ථාවේ හොද නරක, වාසි අවාසි ගැන කතා කරමු.. ඒක හරිම සරලයි, අදාල අවස්ථාව විශ්ලේෂණය කරා ඒ සිද්ධිය එතනින් ඉවරයි..එතනින් එහාට ඒකට අදාල මිනිස්සුන්ගෙ පෞද්ගලික පැටර්න් පට්ට ගහන්න කිසිම වුවමණාවක් වෙන්නෑ..
එතකොට ඊලඟ සිද්ධිය ඇරඹෙද්දිම අපි දන්නව මේකයි මේකේ ප්‍රථිපලය ඒක වල්ක්වන්න මේ මේ පිය්වර ගන්න පුලුවන් කියල...
පියවර ගන්න බැරි, ඒ වගේම දිගින් දිගටම සිදුවෙන යමක්නම්, ඒක වට පිටාවට හෝ තමන්ට අහිතකරනම් සරලවම සිද්ධියට අදාල පුද්ගලයන් නොසලකා හැරීම සාර්ථකම විසඳුම වේවී කියල මම හිතනව..මේක නීතිමය පැතිකඩ ගැන නෙමෙයි, ඒදිනෙදා අපේ පැවැත්මට ගෙනියන්න පුලුවන් සිද්ධාන්තයක් විතරයි..
.
අර කතාවට කියන්නෙ " කාගෙ කාගෙත් කිල්ලොටවල හුණු තියෙනව " කියල...
ඒක නිසා කිල්ලෝට අවුස්සන්නැතුව සිටීම හොද සෞඛ්‍යකට අනිවාර්‍යයෙන්ම හේතු වේවී..
.
.
.
.
.
නෝටී...


Monday, March 20, 2017

කවර් යුව ආස්....

හොටෙල් ස්කූල් අයින් වෙලා ගිය පලවෙනි ජොබ් එක..ඉතිං ඉගෙන ගන්න දේවල් ගොඩායි..වරදින වරදින හැම දේකින්ම ඉගෙන ගන්නව.බැනුම් අහනව, ඉවරයක් නෑ...
මේ බැනුම් අහනව ඒ වගේම වැරැද්දක් ආයේ වෙනව...ක්‍රමවේදය ඇඟ එනකම්ම ඔය සන්තෑසිය තමයි ඉතින්...එක කාලයක් තිබුණා සිස්ටම් එකේ අවුලක් නිසා එක එක රිපෝර්ට් වල එක එක තොරතුරු පෙන්නපු..
එකක කාමර 20ක් නම් අනිකෙ 40යි..ඉතිං හරිම ගාණ හදාගන්න රිපෝර්ට් කීපෙම ප්‍රින්ට් කරන් දගලන්න ඕනේ..ඒත් වැරදියි සමහර කවුන්ට්...
ඔය කාලේ මුලු ගෲප් එකේම ෆ්‍රන්ට් එක බාර මැනේජර් අපිට මීටින් එකක් ගත්තෙ..
.
සාමාන්‍ය විදිහට ප්‍රශ්නෙ ගැන කතා කරල අන්තිමට මෙහෙම කිව්ව
" මම අනුගමනය කරන්නෙ සී.වයි.ඒ ක්‍රමය, දන්නවද ඒ මොකක්ද කියල..."
" නෑ නේද...ඒ තමයි කවර් යුව ආස් " " තම්න්ගෙ පස්ස තමන් ආරක්ෂා කරගන්න ඕනේ, මට උඩින් ප්‍රෙෂර් එකක් එද්දි මම ඒක ඔයාලට දානව, ඒ වගේ...ඒක නිසා ප්‍රශන නැති වෙන්න වැඩ කරගන්න "
.
ඒ කතාව මේ ප්‍රශ්නෙට නෙමෙයි සමාජෙ හැම ප්‍රශ්නෙටම අදාලයි කියල මට හිතුනා..
අපි හැමෝම වගේ කරන්නෙ ඒ දේම නෙමෙයිද..රස්සාවෙදි, ගෙදරදි, සමාජයෙදි හැම තැනම අපි හුඟක් අය කරන්නෙ ඒක..
ඒක මඟෙ නෙමෙයි ඔයාගෙ වැරද්ද..ඒක තමයි ප්‍රශ්නෙකින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය..
හිතන්න බ්‍රේක් අප් එකක් ගැන..
ඒ අදුරගෙන මං ඔයාට පණ දෙන්නම් කියන දෙන්නෙක්, එයාල වුඇණ්ත් වෙන් වුණාම් හුඟක් වෙලාවට කියන්නෙ එයාගෙ මේ වැරදි නිසා තමයි මම අයින් වුණේ..එයා මෙහෙම කරා කියල..දෙපැත්තෙන්ම ඔය කතාව ඇහෙද්දි කොයි එකද හරියන්නෙ...
දෙකම හරි නේද..
අපි අපේම පස්ස ආරක්ෂා කරගන්නව..එහෙම නොවෙන්න අපි ලොකු මානසික කඩා වැටීමකට ලක් වෙන්න පුලුවන්...
.
මේක හරියට සෙල්ෆ් ඩිෆෙන්ස් මැකනිසම් එකක් වගේ...
.
සදාචාරාත්මකව හෝ සමාජයීයව හෝ පෞද්ගලිකව කොච්චර වැරදි වුණත් ඒක ඉන්ඩිවිජුවලි ගත්තම ඉතාම සාධාරණ ස්වභාවික ක්‍රමයක්...
.
හා නැද්ද....?
.
.
.
.
නෝටී...



Sunday, March 19, 2017

උනුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු

ජීවත් වෙන කාලේ හිනාවෙලා සංතෝසෙන් ඉන්න ඕන...ඒක කට කහනවට කියන කතාවක් නෙමෙයි..එහෙම හිනාවෙන්න නිකම්ම බෑනේ...මොකක්ම හරි හේතුවක් ඕනේ... ඒ හේතු අපිට හදල දෙන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිස්සු අපේ අවට ඉන්නව...අපි දන්න කියන අයට කියන්නෙ හරිම විහිලුකාරය කියල, නැති තැනනම් ඕකා මහ ජෝකර් බං කියලත් කියල ඇති..ඒ ජෝකර්,නැත්තන් විහිලු  කාරය තමයි අපේ ජීවත් වීමේ තියෙන බෝරිං ගතිය නැති කරන්නෙ...හිතේ තියෙන බර අඩු කරන්නෙ...

ඒත් මෙතන පොඩි අවුලක් එනව..අපි හැමෝම මිනිස්සුනේ...මේ මිනිස්සුන්ට එක එක වෙලාවට එක එක මූඩ් තියෙනව..ඉතිං ජෝකර්ගෙ ජොබ් එක තමයි මේ මේ මූඩ් එකට හරියන සීමාවේ විහිලු කිරීම...එහෙම නැති වුණාම අර බෝරිං ගතිය නැති කරපු චරිතෙම අපිට වදයක්, කරදරයක්, නැත්තන් හිත් රිදීමක් වෙනව...ඒක ස්වභාවිකයි...ඒ වෙලාවට ජෝකර්ගෙ වගකීම තමයි සමාව ඉල්ලල ටිකක් පැත්තකට වෙන එක, නැත්තන් විහිලුව අකුලගෙන අයින් වෙන එක..මේ සීමාව පැනීම ඇත්තටම ජෝකර්ගෙ අවුල්ක්ද...

ජෝකර් කෙනෙක් කියන්නෙත් අනිත් මිනිස්සු වගේම කොටසක්...එයාලව මිනිහෙක්ගෙ මූඩ් එක මැන ගන්න පුලුවන් විදිහට ප්‍රෝග්‍රෑම් කරල නෑ...කොටින්ම මේ මනුස්සය දැන් ඉන්නෙ මේ තත්ත්වේ මෙන්න මේ හරියෙ කියල එයාලට පේන්නෙත් අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට පේන ටිකම තමයි...

මේ නොගැලපීම නිසා ජෝකර් සහ ඕඩියන්ස් එක අතර හිත් රිදීම් ඇති වෙනව...විහිලුවක් තමන්ට සූට් වෙනකන් ඕකේ වගේම නොවෙන වෙලාවට ඒක පුදුම කරදරයක්... එපා කරපු වැඩක්...ඒ වෙලාවට වෙන්නෙ ජෝකර් රිජෙක්ට් වීම...ජෝකර්ව බැනල එලවන්න හරි, ඈත් කරල දාන්න හරි ඊට ටිකක් අඩු ප්‍රතිචාරයක් හරි ලැබේවී..ප්‍රතිචාරය මොක වුණත් ජෝකර් පැත්තකට වෙන්න ඕනේ..පස්සෙ ඕනේ වුණොත් ආයේ පුරුදු වොලන්ටියර් පාට් එක ඇක්ට් කරන්නත් ඕනේ..හැබයි හුඟක් වෙලාවට මේ ප්‍රොසෙස් එක මිස් වෙන කොටසක් තියෙනව...
ඒ තමයි ජෝකර්ගෙ තත්ත්වය..ඒ මනුස්සයට වෙන බලපෑම...ඒක කවුරුත් හොයන එකක් නෑ...සමහරවිට මතක තියෙන එකකුත් නෑ, අනේ අපි මේ නොමිලේ ලබාගන්නෙ සමහර වෙලාවට කෝටියක් දෙකක් ගෙවලවත් ගන්න බැරි දෙයක් කියල...
.
ජෝකර්ල වෙන්න හැමෝටම බැරි මෙන්න මේ දේවල් නිසා...විහිලු කරන්න හැමෝටම පුලුවන් ඇති, ඒත් ඒකට හමබවෙන ප්‍රතිචාර දරාගෙන හැමදාම ස්වේච්චාවෙන් වැඩ කරන්න හැමෝටම් බෑ...ඒක කලාවක්...හුඟක් හිත් රිදීම් තියෙන, හුඟක් කඩා වැටෙන..ඒත් ඉස්සරහට පවත්වගෙන යන්නත් වෙන....
.
අපි හිනාවෙනව වගේම මතක තියාගමු, උනුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කියල විතරක්...
.
.
.
.
නෝටී



Saturday, March 18, 2017

හැම බැඳීමක්ම වැදගත් මචං.....

ගැට ගැහීමක් කිව්වම ඔලුවට එන්නෙ නිදහසක් නැති වීමක්..එහෙම නේද..ඒත් හැම වෙලාවෙම එහෙම නෙමෙයි..සමහර වෙලාවට ගැට ගැහිලා බැඳිල ඉන්න තියෙන ආසාවට අපි නිදහස සීමා කරගන්න සූදානම්.. ඒක මිනිස්සුන්ගෙ හැටියක්..බැඳීම් අඩු වීම හුඟක් නිදහසක් වගේම නිදහසට වඩා සතුටක් දෙන බැඳීමුත් නැතිවම නෙමෙයි..
.
මේ කතාව මිනිස් බැඳීම් එහෙමත් නැත්තන් සමාජ සම්බන්ධතා ගැන...මේක දෙකකට කඩන්න පුලුවන්,
ඒ එකක් සැලසුම් සහගතව ඇති කරගන්න බැඳීම් සහ අනික සැලසුම් නොකරම අහම්බෙන් ඇති වන බැඳීම්...
ආයෙත් මේක දෙකකට කඩන්න පුලුවන් ගැටිල ඉන්න කැමති සහ ලෙහාගෙන යන්න කැමති හැටියට...
.
පැහැදිලි මදි වගේද..
ඔව් උදාහරණයකට ගමු තමන්ගෙම සමාන අදහස් දරණ කෙනෙක් මුණ ගැහීම සහ ඒ ඔස්සේ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සාමාන්‍ය ජීවිතයේදී හරිම සොඳුරුයි...මිත්‍රයෙක්, පෙම්වතියක්/පෙම්වතෙක් හෝ බිරිඳක් සැමියෙක් වගේ මේ ගැට ගැහීම තියෙන්න පුලුවන්..කොයි ආකාරයට වුණත් ඒක තමන්ට පහසුවක් සුවයක් දෙන දෙයක්...
.
ඒ වගේම අනිත් එකට එමු, හදිසි කෝපය නිසා ඇතිවන රණ්ඩුවක් ගැන හිතමු...ඒ රණ්ඩුවට පසුවත් තරහව හිතේ තියාගෙන දිගින් දිගටම ඒක පවත්වාගෙන යන දෙපිරිසක් හිතමු..එයාල අතරත් තියෙන්නෙ බැඳීමක්නේ...ගැටගැහිල ඉන්නෙ...ඒත් ඒ ගැටේට අපි ආදරේ කරන්නෑ...කැමති වෙන්නෑ...ගැටේ එහා පැත්තෙ ඉන්නෙ තමන්ගෙ යාලුවෙක් වුණත්, පෙම්වතිය/ පෙම්වතා වුණත්, බිරිද/සැමියා වුණත් ඒ කාරණේ එහෙමමයි...
.
මේ හුඟක් බැඳීම් අපිටම පාලනය කරගෙන අපිට අවශ්‍ය පැත්තට හරවගෙන කැමති විදිහට පාවිච්චි කරගන්න පුලුවන් ඒවා...පොඩි දේවල් ටිකක් පුරුදු වෙන්න විතරයි තියෙන්නේ..ඇත්තෙන්ම වැඩි පුරම පොඩි පොඩි වචන ටිකක් විතරයි.. හරියට මේ වගේ..
" සමාවෙන්න " " ඔව් ඒක මගෙ වැරැද්ද " " ඔයාට කොහොමද/ ඔයා හොදින්ද " " ඒක සාමාන්‍යයි " වගේ දේවල් ටිකක්...
ඒ වගේම හිනාව, සහයෝගය දීම, වගේ ඉතාම සරල පුරුදු කිහිපයක් විතරයි...
.
මේ සාමාන්‍ය ජන ජීවිතයෙදි අපිට බැඳීම් රහිත වෙන්න බෑ..මිනිස්සු මත යැපෙන්න වෙනව, අපි මත යැපෙන අයත් එක්ක ගැටෙන්න වෙනව...ඉතිං ඒක හරියට කලමණාකරණය කර ගැනීම ඉතාම වැදගත්...
.
සටහන හුඟක් කල් ඉදන් ලියන්න හිටියත් මුලක් මැදක් අගක් තිබුණෙ නෑ...හදිසියේම මතු වුණ අය කිහිප දෙනෙක් ඒකට වස්තු බීජය සපයල දුන්න..හරියට අපි කියන්නෙ දේව දූතයෝ නැත්තන් ඒන්ජල්ස්ලා කියල..අන්න එයාලා...අහසෙන් වැටෙද්දි සමහරුන්ගෙ මූණු ටිකක් බිම ඇනිල තිබුණට එයාල දෙන අත්දැකීම් තමයි මේ ලිපියේ අන්තර්ගතය...
.
ඉතිං බැඳීම් නැති ලෝකයකට යනකන් හැම බැඳීමක්ම වැදගත් මචං කියල වැඩ කරමු..
.
.
.
.
.
නෝටී


Monday, March 13, 2017

ආගම සහ අත්හැරීම...

ආගම, දන්න දවසෙ ඉදන් හොද නරක කියල දෙන්න තිබුණ යාන්ත්‍රණය...මේක කරොත් මෙහෙම වේවී, අරක කරොත් අරෙහෙම වේවී වගේ ඵල විපාක ගැනත් හොද ලෙසට සම්මත දේවල් කරොත් ලැබෙන සංතෝසම් ගැනත් උගන්නන්නේ ආගම, හයක් හතරක් නොතේරෙන වයසට ටිකක් බර වැඩි වුණත් අපි හැමෝම වගේ ගැට ගහගෙන ඒ දේවල් ෆලෝ කරන්නෙ එක්කො අර විපාකයට බයේ නැත්තන් වැඩිහිටියන්ට බයේ..වයසත් එක්ක කාලයක් එනව ඒ දේවල් හරියටම ප්‍රශ්න කරන්න පුලුවන්, හරියට විශ්ලේෂණය කරන්න පුලුවන්...ඒ වයස ආවහම විශ්ලේෂනය කරල සමහරු තීරණය කරනව ඔව් මේක ඉතාම හොදයි,ප්‍රායෝගිකයි ඒ නිසා ඉදිරියටත් මේකම ෆලෝ කරනව මොකද මේක නැති වුණොත් මට හොද නරක වෙන් කරගන්න ක්‍රමයක් නෑ කියල...
ඒ වගේම තවත් සුලු කොටසක් තීරණය කරනව නෑ මේක නැතුව මටම තීරණය කරල හොද නරක වෙන් කරගන්න පුලුවන් ඒ නිසා මම මේක අත් හැරලා මගේම ක්‍රමවේදයකට යනව කියල...හරියටම කිව්වොත් කොටසක් පැවතුන කල්ලිය තමන්ගෙ ඉදිරි ගමනටත් යොදාගනිද්දි කොටසක් කල්ලියෙන් ස්වාධීන වෙන්න තීරණය කරනව...මේ ස්වාධීනත්වය සිරාවටම ප්‍රායෝගිකද... ඔව්, ඉතාම හොද අවබෝධයකින් කරනව නම් ප්‍රායෝගිකයි...කොයි වගේ දෙයක්ද මේ ස්වාධීන වීම කියන්නෙ...
මේ ස්වාධීන වීම කියන්නේ ආගමික කල්ලියෙන් නිදහස් වීම විතරක් නෙමෙයි, එතනින් එහාට තමන්ගෙනුත් නිදහස් වීමක්...තවදුරටත් කල්ලි ගැහීමේ සහජ ආසාවෙන්ම නිදහස් වීමක්...අදහස් අතින් ස්වාධීන වීමක්...ගැඹුරු වගේම විශාල විස්ථාපන පථයක් කරා ( ප්‍රශ්නයක විශාලත්වය දැකීමේ හැකියාව ) ගමන් කිරීමක්...
.
කෙනෙක් තමන් ආගම අත්හැරිය බව ප්‍රකාශ කරමින් තවත් එවැනිම අය සමඟ කල්ලි ගැහෙනවානම්, එවැනි කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කොටසක් අනුකරණය කරනවානම්, ගුරු කොට ගන්නවානම් ඒක සැබෑ නිදහස භුක්ති විදීමක් නෙමෙයි...කල්ලි ගැහීමෙන් ස්වායක්ත වීමක් නෙමෙයි...ඒ වගේම ඒ නිදහස නිසා මට අවශ්‍ය ඕනෑම යමක් කරන්න පුලුවන් කියන මුග්ධ අදහසට එනවනම් ඒකත් නිදහසක් නෙමෙයි...නිරාගමිකයෙක් සැබෑ නිදහසක් අත විඳින්නෙ සියල්ල සමඟ ජීවත් වෙමින් සියල්ල අත්හැරීමට හැකියාව ලැබූ තැන ඉදන්...මරණයට ශෝක වීමේ පටන් සියල්ල කෙරෙහි මධ්‍යස්ථ දැක්මක සිටීම සරලවම සමාජයීය නිදහසේ අග්‍රඵලය කියල හැඳින්වීමේ වැරැද්දක් මම දකින්නෙ නෑ...
.
මේ නිදහස ආසන්නයට හෝ පැමිණෙන්නන් අතර තමයි ඉතාම සුන්දර මිනිසුන් ජීවත් වන්නෙ...හරියට ආගමක ප්‍රොටෝකෝල් වලින් නිදහස් වුණ සොදුරු ආගමිකයෙක් වගේ...ඔවුන් අතර ලොකු වෙනසක් නැහැ...ඔවුන් දෙදෙනාම එකම සමාන අවසානයක් සහිත පාරවල් දෙකක ගමන් කරන්නන් වගේ..
.
ආගම සමාජයේදී කල්ලියක්, ඒ කල්ලියෙන් නිදහස් වීම නිරාගමික වීම හෝ ආගමික අග්‍රඵලයට ආසන්න වීමක් වීමක් ලෙස දක්වන්න පුලුවන්...
.
පහුගිය දවස් දෙක තුනක අත්දැකීම් එක්ක අපේ සමාජ බුද්ධි මට්ටම එක්ක 01% ක්වත් නිරාගාමික සංකල්පයේ හරියාකාරව ගමන් කරන්න සුදුස්සන්ද කියන ප්‍රශ්නය මට ආවා...නිරාගමිකත්වය කිසිසේත්ම ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි...මේක නිදහසක්, ඇත්තෙන්ම භයානක අවියකට හරවගන්න හැකි නිදහසක්...බාල පරම්පරාවට ආගම දීමෙදි පරිස්සම් වෙනවාට වඩා ඉන් ගලවා ගැනීමේදී වඩාත් පරිස්සම් විය යුතුයි කියන මතයට මම එන්න තරම් සාධාරණ සිදුවීම් මටම අහන්න දකින්න ලැබෙද්දි මේ සටහන තබන්නේ ඒක යුතුකමක් විදිහට දකින නිසා...ආගම ලෝකය විනාශය කරා ගෙන යා හැකිවාක් මෙන්ම ඊට ලබා දෙන එන්නතද වැරදි ස්ථනයකට එන්නත් වීමේන් ලෝකය විනාශ විය හැකි බවද අපිම වටහා ගත යුතු බව අද මම විස්වාස කරනවා...
.
.
.
.
නෝටි



රියැලිටියට කොකා පෙන්නමු...


ඉස්සරම රියැලිටි වැඩසටහන් පටන් ගන්න කාලේ, ඒ කිව්වේ මගෙ යං කොල්ල කාලේ මමත් හිතුවා මේක මාරම වැඩක් කියල...ඒ කියන්නෙ සිරාවටම ඒ වෙලාවේ එහෙම රියලැටි සීන් එකක් යනව කියල..ටික කාලයක් ගියහමයි දැනගත්තෙ වැඩසටහනෙ මැදින් එන චරිත කලින් ආවා වගෙ රඟපාන බව, නිකන් හරියට දක්ෂ ස්ක්‍රිප්ට් එකකට යන චිත්‍රපටියක් වගේ...
.
එතනින් එලියෙ එතකොට රියැලිටි ජීවිත ඇතිද...? පිස්සුද බං ජීවිතේම රියැලිටි ශෝ එකක්...එක එකා ගහන ස්ක්‍රිප්ට් අස්සෙ අපි අපිම ස්ක්‍රිප්ට් එකක් මේන්ටේන් කරනව...ඉදල හිටල එකෙක්ගෙ ස්ක්‍රිප්ට් එක අනිත් උන්ට මාට්ටු වුණාම අන්න වැඩේ අරුන් ටික අර තනි එකාව පට්ට පතුරු ගහල තමන්ගෙ ස්ක්‍රිප්ට්  එකට පට්ට මාකට් එකක් හදා ගන්නව..
.
පවුලක් ඇතුලෙ ඉදල ඒ කිව්වේ සමාජයේ කුඩාම ඒකකයෙ ඉදලා ඉහලම විශාලම සංකීරිණම ඒකක දක්වා සරල කතාව ඕකයි...ඒ අස්සෙ මෙහෙම කතාවකුත් තියෙනව...මේ ස්ක්‍රිප්ට් එක මේන්ටේන් කරන අස්සෙ අපි සමහර විට නොදැනිම තව එකෙක්ට සහයට රඟපාලා තියෙන්නත් පුලුවන්...අන්න එහෙම වෙන ගමන් උගෙ ස්ක්‍රිප්ට් එකෙන් අපිට අවාසියක් වුණා කියල හිතන්න...අපි එහෙම පිටින්ම කඩා වැටෙනව....අනේ එයා මාව රැවැට්ටුව..ඇයි එයා එහෙම කලේ...මං එයාව මෙච්චර විශ්වාස කරා..එහෙම තියෙද්දිත් එයා මට දුන්න තෑග්ග මේකයි වගේ සාම්ප්‍රධායික කඩා වැටීමකට අපි ලක් වෙනව...
.
ඇත්ත එහෙම කඩා වැටෙන්න වෙනව...නැත්තන් අපේ ඊගෝ එකට හරි නෑ...ඊගෝ එක බේරගන්න අපි අනිත් මිනිහ පිටට වැරැද්ද දාලා හඬා වැටෙනව...ඊට වඩා සිම්පල් නැද්ද ඒක ඒ මිනිහගෙ ස්ක්‍රිප්ට් එක මම නොදැනුවත්වම ඒකේ රඟපාලා, ඒත් දැන් දන්නව ඉතිං ඒ චරිතෙන් අයින් වෙන්න ස්ට්‍රෝන්ග් තීරණයක් ගන්න එක...
ඒක එච්චරටම අමාරු නෑ...රියැලිටිය තේරුම් ගන්න විතරයි තියෙන්නේ...අපි හැමෝම හැම තත්ත්පරේම රැවටෙනව...ඒක තමයි රියැලිටිය...රැවටෙන්නැති තැන ඒක රියැලිටිය නෙමෙයි නිදහස...
.
නිදහස හොයාගෙන යමු, රියැලිටියට කොකා පෙන්නමු...හා ද..?
.
.
.
.
නෝටී



Sunday, March 12, 2017

" අපිට ආඩම්බරයි තේරුමක් නැතුව"

හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් යෞවන සමාජ ක්‍රීඩා උත්සවයට අපි අද යොදාගෙන තිබුණෙ...ජාතික පාසල් ක්‍රීඩා පිට්ටනිය තමයි තැන.ඊයේ බිග්මැච් එක නිසා පිට්ටනිය මඩ වෙලා ඇති කියල බයෙන් තමයි උදේම පිට්ටනියට ගියෙත්..කොඩි කණු හිටවල ටෙන්ට්ස් ගහල පටන් ගන්න...
.
පිට්ටනියට ඇතුල් වුණ ගමන්ම හරිම කලකිරීමක් ආවේ...තරඟය නරඹපු හැම තැනකම කොල, බෝතල්, ඉටි කොල, මෝර්ටීන් කෑන් පිරිල..පැයක් විතර අමතර වැය කරල අපිට සිද්ධ වුණා පිට්ටනිය අස් පස් කරන්න.කුණු සේරම අයින් කරා..
.
තරඟයට පේරඩ් ගිහින්, හුරේ දාලා අයි ලව් යූ මයි ස්කූල් කියල පොර ටෝක් ශෙයා කරල දාපු කොල්ලො කෙල්ලො ඕනේ තරම් එතන ඉන්නැති...පාසලේ ගුරුවරු වගේම ආදිශිෂ්‍ය සංගමය පවා එතන හිට්යා..ඒත් ඒ හැම කෙනෙක්ම ගෙදර ගියේ තරඟයේ ජයග්‍රහණය අරගෙන වගේම ස්වකීය අධ්‍යාතම පරාජය අපිට දකින ඉතුරු කරල.අපි තුන්දෙනෙක් පැයෙන් කරපු ඒ වැඩේම ඒ හිටපු සෙනගට විනාඩි දහයෙන් කරන්න තිබුණා...
.
ඒ විතරක් නෙමෙයි ප්‍රභූ ආරාධිතයන් පවා හිටපු කූඩාරම් වලත් එකම තත්ත්වය...රටේ මිනිස්සුන්ගෙ විනය පෙනෙන්නේ මේ වගේ සරල කාරනයකින්...තමන්ගෙ අවට පිරිසිදු කරගන්න බැරි ජාතියක් එක්ක අපි ජීවත් වෙන්නේ..
හැබැයි බය වෙන්නෙපා අපිට ආඩම්බර වෙන්න අපේ මුතුන් මිත්තො කරපුව තියෙනවනේ...එයාලගෙ අවුරුදු දහස් ගාණක සංස්කෘතිය තියෙනව...ඒ ඇති...මේක තමයි යථාර්තය...අපි අඩියක්වත් විනය අතින් ඉස්සරහට යන්නෑ,හැබැයි එහෙම ගිය අපේ අදී වාසීන්ව රැයක් දවාලක් නැතුව විකුණගෙන කාලා ඒ අපේ නිරුවත වහගන්නව...ඒක අපි හරිම ආඩම්බරයෙන් පෙන්නන දෙයක්...
අපි තරම් අපි නොකරපු අපිට කවදාවත්ම කරන්න තරම් උවමණාවක් හෝ හයියක් නැති දේවල් ගැන පට්ට ආඩම්බරෙන් ජීවත් වෙන ජාතියක් තවත් නැතුව ඇති...
.
.
ඔව් බන්දු උඹ හරි... " අපිට ආඩම්බරයි තේරුමක් නැතුව"
.
.
.
.
නෝටී


Friday, March 10, 2017

බිග්මැච් ලොකුද..?


බිග්මැච් එකක් කිව්වම ඒක තනිකරම සංස්කෘතියක් වගේ..මේක ඇත්තෙන්ම ක්‍රීඩකයො කීප දෙනෙක්ගෙ තරගයක් වත් ඔවුන්ගෙ දක්ෂතා උරගා බලමින් ඉදිරියට තල්ලු කිරීමක්වත් නෙමෙයි..මේක තනිකරම ඒ අවට ඉන්න අයගෙ ආතල් එක ගැන ප්‍රශනයක්...වටේ ඉන්න යගෙ ලොකු කම ගැන ප්‍රශනයක්...
.
උන්ට වඩා අපේ ස්කෝලෙ ලොකුයි ඩෝ, ඒකෙ පෙරඩ් එකේ කාර් මෙච්චරයි ඩෝ, මෙන්න අපේ එකේ ගාණ..බලපන් අපේ ආපු බ්‍රෑන්ඩ්ස්...ඒ විතරද, අඩෝ උබල රැගුව වගේ නෙමෙයි අපේ කොල්ලො රඟන්නේ..බලපන් අපි දෙන පෙරඩ් එක කොහොමද කියල...
ඔව් ඒවා තමයි බිග් මැච් සීසන් එකේ ඇහෙන සුලභ වචන...බොහෝම කලාතුරකින්වත් කණ නොගැටුන ඒත් ඉදිරියේදිවත් වේවී කියල හිතන ඇහෙන්න ඕනේ වචන සෙට් එකන්ම මේ වගේවත් වෙන්න ඕනේ නේද කියල මට හිතුනා..
මචන් ඒ ස්කෝලෙ බැටින් ඕඩර් එක මේකයි..මෙන්න මේ බැටා මෙහෙමයි ප්ලේ කරන්නෙ, අපි ඇටෑක් කරන්න ඕනේ මෙහෙම...අපේ කොල්ලොන්ගෙ මොරාල් එක අප් කරන්න අපි මෙහෙම දෙයක් කරමු...මචන් උන් දින්නත් අපි දින්නත් එකයි, ඒ කොල්ලො සෙල්ලම් කරන්නෙ කවද හරි අපෙම රටටනේ.....
.
ඒවා හීන, සමහරවිට මේ සම්ම කපේ ඉෂ්ඨ නොවෙන කුප්ප හීන...අපිම අඬන්න ඕනේ කාරණා වලට අපිම හිනාවෙනව..හරියට විෂාදය හැදිච්ච උන් ටිකක් වගේ...
.
ක්‍රීඩාවේ මූලික අරමුණුවත් මතක නැති අපි ක්‍රීඩාව වෙනුවෙන් දහස් ගණන් වියදම් කරගෙන උඩ පැනගෙන නටන්නෙ මොකකටද...
ඇත්තම කතාව අපිට සමරවිට ඇත්තටම නැති ඒත් ලබාගන්න හිත දෙන පබ්ලිසිටිය ගන්න..නැත්තන් අපේ එක ලොකුයි කිව්වම එන අමුතු මොරාල් එක තදට විඳින්න..ඒකටනේ...
.
ඔව් මන් දනනව මේක උණක්, වයසත් එක්ක එන උණක්..පොඩි කොල්ලො ඒ උණ දන්නෑ, ඒත් පරිණත වෙච්චි ලොකු උන්...උනුත් දන්නැද්ද...?
.
.
බිග් මැච් ලොකු නෑ මචන්,
ඊට වඩා ලොකු දේවල් බිග් මැච් එක අස්සෙම තියෙනව...පුලුවන් විදිට ඒ දේවල් හොයමු...ක්‍රීඩාව එකමුතු කම සහෝදරත්වය වර්ධනය කරගන්න යොදාගමු...අපේම බාල පරම්පරාවට අපි ආදර්ශයක් වෙමු, වෙන මොකකටවත් නෙමෙයි අපිම ඉගෙන ගත්තු අපේම පාසලට නිහතමානී ගෞරවයක් අරන් දෙන්න...උබලම පට්ට ගහන සංකෘතියෙ විදිහටම නිහතමානී ගෞරවයක් දෙමු...
.
.
.
.
නෝටී



Tuesday, March 7, 2017

දණ ගැහුවම හරිද...

පුංචිම කාලේ ඉඳන් අපි හැමෝටම අපේම වැඩිහිටියෝ පුරුදු කරන එකක් තමයි " සාදු කියන්න පුතේ" කියන එක...දණ බිම ගහල නැත්තන් බඩ ගාලා අත් එකතු කරලා වන්දන එක හරිම ලොකු දෙයක්..ඇයි බලන්න මේ හය හතර නොතේරෙන පොඩි එකා වුණත් දන්නව වැඩිහිටියෙක්ට ගරු කරන්න...ඇත්තටම වැන්දම ගෞරවය හම්බවෙනවද..? ඒක ටිකක් පැහැදිලි මදියි වගේ..ගෞරවය ඇත්තටම බෞතික යමක්ද..?එක විශේෂිත ක්‍රියාවකින් සංකේත්වත් කරන්න පුලුවන් තරම් ලඝ්හු කාරණයක්ද..? අන්න එහෙම නම් ඔව් මමත් මේ කාරණයට එකඟයි...
ඒත් අවාසනාවට ගෞරවය එහෙම පටු කාරණයක් නෙමෙයි..කකුල් අතගාලා ඔලුව පොලෙවෙ ගැහුවම ලැබෙන එකම දේ අදාල වැදුම් ලබන්නාගේ ඊගෝ එක පොඩක් පොලිෂ් වීමක් විතරයි...මං පොරක්, මටත් ගෞරව කරන එකෙක් හරි ඉන්නව...නැත්තන් දැක්කද මිනිස්සු මට තියෙන ගෞරවය වගේ ලාමක වැක්ස් එකක් තමන්ගෙම මාන්නක්කාර හිතේ උඩින් ගාගන්න පුලුවන්...ඇත්තටම අපි වදින්නෙ ගෞරවයටද..? අවංක පිළිතුර නැහැ..අඩුම තරමේ බොහෝ දුරට නැහැ...එක්කෝ ඒක පොඩි කාලේ ඉදන් පුරුද්දට ගිහින්, එහෙමත් නැත්තන් මූනිච්චාවට කරනව..කලාතුරකින් ඇත්තටම ගෞරව කරන කෙනෙකුට වුණත් වදින්නෙ පුරුදු කල සිරිත නිසා මිසක් ගෞරව කරන්න වැඳිය යුතුයි යන්න අධ්‍යාරයෙන් එන්න්නක් නිසා නෙමෙයි...
.
වැඳීම පුරුදු කල දෙයක්, මනාව පුහුණු කල පුද්ගලයෙක් කියල හඳුන්වන්න පුලුවන් ඔවුන්ව...මේ පුහුණුව නිසාම අපි වයසට ගරු කරන්ව කියන එක ඉස්මතු කරගෙන ඇත්තෙන්ම ගරු කල යුතු චරිත ලක්ෂණ කියන සාධකය යට ගහනව..ඒකයි සමාජයේ ඇත්තෙන්ම හොද චරිත වෙනුවට පාට කරපු චරිත ඉලිප්පෙන්නෙ...
.
දැන් ටිකකට කලින් මම පොඩි කතාබහකට එක් වුණා..මම ඇතුලු තුන් දෙනයි..එක්කෙනෙක් ජර්මන් ජාතිකයෙක්, අනිත් කෙනා බ්‍රිතාන්‍යය ජාතිකයෙක්..ඔවුන්ගෙ කතා වුණේ වැඳීඉම්න ගැන...පොඩි දරුවෙක් එක් වරක් ඒ එක පුද්ගලයෙක්ට වැඳලා, එයා අහල ඔයා මොකක්ද ඔය කරන්නෙ කියල..මං ආශීර්වාදය ඉල්ලනව කියල පොඩි කෙනා කිව්වලු...එයා හිනාවෙලා කිව්වලු මගෙ ආශීර්වාදය කොහොමත් ඔයා එක්කනේ ඒකට ඇයි බිම වැටෙන්නෙ ඔයා මගෙ වහලෙක් නෙමෙයි කියල....
.
පොඩි එකාට තේරෙන්නැතුව ඇති..තේරුණත් උඩුගං බලායන්න ඉඩක් ලැබෙන එකකුත් නෑ, යන්න හිතුවත් සමාජය පාගල පැත්තකට කරල දාවී...
වියමන ඉවර කරන්න කලින් මෙහෙම කියන්නම්...අති සාර්ථකව උඩුගං බල ගියේ සිද්ධාර්ථයන්ගෙ පාත්‍රය නෙමෙයි ඔහුමයි..ඒත් වෘක්ෂ ආරාම චෛත්‍ය වන්දනා කරන්නෙ බිය ගුල්ලො කියල උගන්වන දහමක් දෙසපු උන්වහසෙගෙ ආගමිකයන්වත් ඒ වන්දනාවෙන් ගැලවුණේ නෑ...ඉතිං අපේ දරුවො කොහෙ ගැලවෙන්නද..? ඒක නිසා නංගියෙ මල්ලියේ වැන්දට කමක්නෑ, වයසට නෙමෙයි, චරිතෙට...
.
.
.
නෝටී