Monday, December 11, 2017

ජනකයා...


අහම්බෙන් වගේ එක තැනකදි හරි අපූරූ දුරකතන සංවාදයකට කන්දෙන්න වුනා.... මුලදි නිකම්ම කණට වැටුනත් වචන දෙකතුනක් යද්දි ඔ්න කමින්ම කන් දෙන්න හිතුනා...
.
බොහොම පොඩි වයසක ගෑණු ලමයෙක් අම්ම තාත්ත එහාට මෙහාට වෙනකම් ඉදල තමන්ගෙ යාලුවගෙ ගෙදරට කෝල් එකක් අරන්... දැන් දෙන්න කතාව...
.
" මට නම් ගෙදර එපා වෙලා ඉන්නෙ දැන් නම්..."
" මල කරදරේ... "
" මට යන්න හිතිල තියෙන්නෙ..."
.
මේ වගේ වචන ටිකක් තමයි දෙන්න අතර හුවමාරු වෙන්නේ... අහම්බෙන් වගේ අම්ම එනව දැකපු ලමයා ක්ෂණිකයෙන් මාතෘකාව මාරු කරා...
හෙට ගේන්න කිව්වෙ මොනවද, අර වැඩේ කරන්න කිව්වද වගේ සාමාන්‍ය කතා බහකින් සංවාදය ඉවර වුනා....
පුංචි ලමයෙක්ට එහෙම වචන එන්න නම් එතන මොකක්ම හරි අවුලක් තියෙන්න ඔ්න....
හුගක් වෙලාවට එක්කො ලමයට ලැබෙන අධ්‍යයාපන පීඩනය නිසා වෙන්න ඔ්න....
එහෙමත් නැත්තන් අම්ම තාත්තගෙ කාර්යයබහුලත්වය එක්ක ලමයට අවධානය දෙන්න බැරිවෙලා තියෙනවා...
.
පැටවු ගැහිල්ලයි ලමයි හැදිල්ලයි දෙකක් වෙන්නෙ මේ කාරණය නිසා...සංකීර්ණ සමාජ වටපිටාවක ප්‍රජනනයෙන් ජනිතයන් අැති කරනවාට වඩා වැඩි වගකීමක් ජනකයන්ට නිරායාසයෙන්ම ලැබෙනවා....
.
පූර්ව ප්‍රසව අවධියේ ඉදලම ලමයෙක්ගෙ මානසික සෞඛ්‍ය ගැන වගකීම ගන්න අම්මල තාත්තල සූදානම් නැත්තන් ලමයි ලෝකෙට බිහි නොකරන එක වඩා හොදයි....
.
ගොඩ වැඩි කරගැනීම හෝ අනාගතයේ තමන් බලාකියා ගැනීමට ලමයි බිහි කිරීමේ ඵලවිපාක පසුකාලීනව විදින්නෙ මුලු සමාජයමයි...
.
ඒ නිසා මවක් පියෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවනම් තමන් ඒකට හොදින් සූදානම්ද කියන එක ගැන දෙතුන් පාරක් නෙමෙයි සිය දහස්පාරක් වුනත් හිතුවට කමක්නෑ...
.
එහෙම නැත්තන් එතෙක් අර හදුන්වා දීපු වෙන්ඩින් මැෂිම වඩාත් හොද විකල්පයක් වේවී...
.
.
.
නෝටී...


No comments:

Post a Comment