" ජනිත් මෙහෙ මිනිස්සු නිවුස් බලනවද..? පත්තර කියවනවද..? ෆේස් බුක් යනවද..?"
එක පාරටම මගේ මිත්‍රයා අහපු ප්‍රශ්නෙන් මම තුෂ්නිම්භූත වුණා.. මේ මනුස්සයට පිස්සුද..? මට එකපාරටම හිතුනා... අවුරුදු 30කට කිට්ටු කාලයක් මේ රටට ආපු, දශකයක් විතර මේ රටේ ජීවත් වුණ මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද මේ..?
" ඔව්, බහුතරයක් ඔය දේවල් වලින් එකක් හෝ කිහිපයක් පාවිච්චි කරනවා.."
මම ඔලුවට ආපු පුදුමය එහෙමම තියාගෙන කිව්ව...
" එතකොට එයාලා මේ බයික් ඇක්සිඩන්ට් දකින්නැද්ද..?"
එයා ආයෙත් ඇහුවා...
" අනිවාර්‍යයෙන් දකිනවනේ..."
මම ආයෙත් කිව්ව...
" එහෙනම් ඇයි එයාලා එක බයික් එකක කීප දෙනෙක් දාගෙන යන්නෙ... මේ අම්මල තාත්තල දරුවන්ට ආදරේ නැද්ද..? එයාල දකින්නැද්ද ටැxකිය උඩ තියාගෙන යන ලමයි ඇක්සිඩන්ට් වලින් මැරෙන හැටි... ?
එයා ටිකක් ආවේගෙන් ඇහුවා...
" මෙහෙමනේ... ඒ මිනිස්සුන්ගෙ ආර්ථික තත්ත්වය එක්ක තමයි මේක වෙන්නෙ... එයාලට කා එකක් ගන්න තරම් සල්ලි නෑනේ... ඒකයි..."
මම පැහැදිලි කරා...
" ඔහ්, කමෝන් ජනිත්.... ආර්ථිකය හරි නෑ කියල ලමයෙක් අවධානමේ දාන්නෙ මොන අම්මද..? මොන තාත්තද..? එයාලට නඩත්තු කරන්න බැරිනම් ඇයි ලමයි හදන්නේ..? "
ඒ ප්‍රශ්නයට නම් මමත් නිරුත්තර වුණා...ජීවිතයක වටිනාකමට වඩා මිනිස්සුන්ට හිතන්න වද වෙන්න ප්‍රශ්න තියෙන රටක් නේද මේක කියල මටත් හිතුනා...
අම්මෙක් තාත්තෙක්ගේ වටිනාම සම්පත දරුවො වෙච්ච සමාජයක ඊටත් එහාට, ඒක අභිබවන්න පුලුවන්, ඒක අමතක කරවන්න පුලුවන්, ඒක දෙවැනි කරන්න පුලුවන් ප්‍රස්තුත ඇති වීමම කොයි තරම් කේදවාචකයක්ද..?
මේක මොකක ප්‍රතිඵලයක්ද..?මොන වගේ සමාජ සංසිද්ධියක ප්‍රතිඵලයක්ද..? මිනිස්සු මානුශිය ගුණ අමතක කරගෙන යන්න තරම් දුවන්න වුණ රේස් එක මොකක්ද..? ඇත්තෙන්ම එහෙම රේස් එකක් අත්‍යාවශ්‍යද..?
දාහක් ප්‍රශන අස්සෙ මම මොහොතකට හිර වුණා... සමහරවිට ප්‍රායෝගික තත්ත්වයට බැස්සම මගේ මිත්‍රයාගේ කතාව අභියෝගයට ලක් කරන තර්ක ඇති තරම් හම්බ වෙන්න පුලුවන්....
ඒත් අර පුංචි ජීවිත....?
උන් නොදන්න අවදානමක වැටෙන්න තරම් කරල තියෙන වැරැද්ද මොකක් වෙන්න පුලුවන්ද..? ඒ අත්දැකීම ජීවිත කාලෙම විනාස කරන අවස්ථා වෙන්න ඉඩක් තියෙද්දිත් තමන්ගෙම අම්ම තාත්ත ඒ අවධානම ගැනීම ගැන දැනුවත් නම් උන්ගෙ තීරණය මොකක් වෙන්න පුලුවන් පුලුවන්ද... උන්ගෙ හැඟීම් මොකක් වෙන්න පුලුවන්ද..?
.
.
.
නෝටි....