ඉරාජ් අලුතින් මියුසික් වීඩියෝ එකක් කරල... ඒකේ පාදක චරිතය වෙලා තියෙන්නේ විශිෂ්ඨ සංගීතවේදියෙක් වෙච්ච වික්ටර් කියන චරිතය කියලයි හුඟක් අයගෙ අදහස.. බැලු බැල්මටනම් ඒ වගේ තමයි...
ඒත් මට හිතුනා ඒ පාදක වෙලා තියෙන්නේ චරිතය නෙමෙයි අදාල සිද්ධියයි කියල...
වයසක මනුස්සයෙක් තරුණ ගෑනු දරුවෙක් කසාද බැඳපු පලවෙනි අවස්ථාව මේකවත් ඒ ගැන කවි කතා ගීත ලියවුණු පලවෙනි අවස්ථාව මේකවත් නෙමෙයි....ඒ වගේම ඔය කියන සිද්ධිය මාධ්‍ය හරහා පට්ට ගහපු තරමට ඒ මාධ්‍ය ආයතන මේ වෙද්දි මිනිස්සුන්ට එපා වෙලා වැහිල තියෙන්න ඕනේ....
ඒත් ඒ කිසි එකකට වඩා විරෝධතාවයක් මේකට එල්ල වෙන්නෙ ඉරාජ් පහුගිය කාලේ ගොඩ නගපු රැල්ල නිසා කියලයි මට හිතුනේ....ඉරාජ් රිලීස් කරන මොක වුණත් වැඩිහිටියන්ට පමණයි...., රිපෝර්ට් වෙන්න කලින් ඒක බලල පට්ට විචාරයක් ලියල සුද්ධවන්තයෙක් වගේ රඟපාන්න ඕනේ කියන ආශාව මිනිස්සුන්ගෙ හිත්වල යටටම කාවද්දල වගේ කියල මට හිතුනා...
ඒ අතින් ඉරාජ් තමන්ගෙ පබ්ලිසිටිය ගනිද්දි අපි සුද්දෝ ඕයී ඉරාජ් අයිය කක්කි කියල අපේ මහත්තුරුත් වෙනමම ආතල් එකක් ගන්නව...
සිරාවට ඒක වෙනමම ආතල් එකක්... විවේචන තියෙන්න ඕනේ, ඒ අදාල ක්ෂේත්‍රයට අනුකූලව... මියුසික් වීඩියෝ එකක් නම්, ගීතයේ ගුණාත්මක බව, රූප රචනයේ ගුණාත්මක බව වගේ දේවල් ගැණ විවේචන සුදුස්සන් මගින් එනවනම් අවුලක් නෑ...
.
මේකේ එහෙම එකක් නෑ.. මේක වෙනමම ආතල් එකක්...
ඔහොම කට්ටිය ඔය ආතල් එක ගන්න අස්සෙ මටත් මතක් වුණා ඔය කියන සත්‍ය සිදුවීම වෙච්ච කාලේ බුකියේ ශෙයා වුණ කතන්දර... කී දාහක් නම් වික්ටර් රත්නායක්ගේ පෞද්ගලික වෙඩිම යොදාගෙන ස්වයං ආතල් එකක් ගත්තද...
.
මම වුණත් එක පාරක් දැම්ම " නංගි වික්ටර් කෑල්ල නැතුවට මමත් රත්නායක තමයි කියල..."
.
ඉතින් ඇත්තටම ඉරාජ් ඒ චරිතෙටම මඩක් ගැහුව වුණත් ඉරාජ් බනින්න කලින් මගෙ කිල්ලොටෙත් හුණු නේද කියල මට හිතන්න වුණා...
.
කොච්චර වුණත් නොයන තක්කඩිකම නිසා මම ඒ වගේම හුණු තියෙන සුවාසූදාසක් මිනිස්සු නිරුවත් කරන්න මෙහෙම කුපාඩි කතාවක් ලිව්ව...
.
ඔව් වික්ටර් බැන්දා.. ඒ වෙඩිමෙන් ඉරාජ්ට වගේම උබලටත් ඇති මඟුලක් නෑ බං...වෙඩිම උගේ, ගෑනිත් උගේ, අපේ මුකුත් එතන නෑ....
අපේ මුකුත්ම නෑ....
.
.
.
.
නෝටී...
ජීවිත තැනිතලාවේ අපි අපිම ඇක්ට් කරන අමුතුම චරිතවල පුංචි පුංචි කොටස් එකින් එක ලෙහා බැලීම....
Tuesday, September 26, 2017
Saturday, August 19, 2017
තක්කඩියාගේ හෘදසාක්ෂිය....
කන් බිහිරි වෙන සද්දයක්...අෑතින් අැහුනත් පපුවත් එක්ක ගැස්සෙන්නෙ..කන්ඩලම පැත්තට වෙන්න අලි වෙඩිල්ලක්...
හ්ම්... මං හුස්මක් ගත්තා... වෙලාව යන්තන් රෑ 10 පැන්න විතරයි...කෑම හොයනව අැති....
.
"තුන්පත් රෑනක් මේ ටිකේම අහල පහල ඉන්නවා...තනි එකෙක් ඉන්නව උෟ තමයි දරුණු...ටෝච් එක ගහපු ගමන් උෟ එලවගෙන එන්නෙ...යක්සය වගේ මහත්තයා..."
කැලේ අයියා කියන්නෙ තමන් එකතු කරගත්තු අත්දැකීම් එක්ක... කොයි තරම් කෙට්ටු ශරීරයක් තිබුනත් කාෂ්ඨක අව්වෙ ඔට්ටු වෙන එක මිනිහට හරි සාමාන්‍ය වැඩක්... කාමරේ ඉදන් ඔෆිස් එකට එන මීටර් දහය මම දුවන්නේ කකුල් වලට වැටෙන ඉර අව්ව නිසා කකුල් පුපුරු ගහන නිසා... ඔෆිස් එකේ වාඩිවෙලා ජනේලේ අැරියම මට පේන්නේ ඒ කාෂ්ඨකේ අක්කරයක් උදලු ගාන අවුරුදු පණහකට කිට්ටු කෙසග සරීරේ...
පොලව එක්ක, ඉර එලිය එක්ක දවල්ට ඔට්ටු වෙලා රෑට අලි එක්ක ඔට්ටු වෙන්න සිද්ධවෙලා...
" මේ ජීවිත ඔහොම තමයි මහත්තයා.."
බුලත් කහට බැදිච්ච දත් ටික අස්සෙන් පේන්නෙ හිනාවක්මද, නැත්තන් හිනාවෙන් ඔතපු අනන්ත දුකද කියල මටම හිතාගන්න බෑ...
ඒ අැත්තම හිනාවක් නෙමෙයි... දුකයි කියල කියාගන්න බැරි කමට අැඩෙයි කියල බයට හිනාවෙනව වගේ...
මමත් හිනා නොවුනොත් මිනිහ හිතයි මට ඒක තේරුනා කියල... මමත් හිනාවක් දානවා... ඒ හිනාව යට තියෙන්නෙත් ස්වභාවධර්මයට එරෙහිව යන ශිෂ්ඨාචාරයක අඩි සටහන් ගැන මහා කලකිරීමක්...මහා කාලකණ්ණි හැගීමක්... උන්ට අයිති කැලෑව...අක්කර ගනන් කපලා, වවල, ගෙවල් හදල බලහත්කාරයෙන් උන්ව ඒ කැලේට කොටු කරනවා...
ප්‍රශ්නෙ දෙපැත්තෙ ඉන්නෙ මේ මනුස්සයයි අලියයි... කවුද වැරදි...?
ශිෂ්ඨාචාරය කියන වචනේ ලියාගන්න තියා කියාගන්නවත් බැරි මේ මනුස්සයද...?
නැත්තන් ශිෂ්ඨාචාරය තියා භාෂාව ගැනවත් අබමල් රේණුවක තරම් දැනීමක් නැති අර සද්ධන්තයද...?
.
උන් දෙන්නම එකිනෙකා එක්ක තරහක් නෑ...ඒත් දෙන්නටම එකට ඉන්න බෑ... ඒක වෙෙරයද...? නෑ... ප්‍රවර්ථනය... නොනැසී පැවතීම... තරහක් නැතත් එකිනෙකා එක්ක තරගකරන්න, සටන් කරන්න වෙලා... ඒක ස්වභාවධර්මයේ නීතිය... අපි ඒකට ටිකක් පගාව දීලා එච්චරයි වෙනස...
.
ඩෝං.....!!!
.
මගෙ තාප්පෙ ලගින්ම පුපුරපු රතිඤ්ඤාවක්... ඒ එක්කම අර වයසක මනුස්සයගේ කටහඩ...හෝ...හෝ...හෝ....
වෙලාව යන්තන් පාන්දර 12.30යි...
.
මං ලැප් එක වහල දැම්ම...නිදියන්න ඔ්න මිනිහා අැහැරගෙන අලි එලවද්දි මම අැස් පියාගත්ත...
.
උඹ වෙනුවෙන් හෙට බුකියේ කොටනව අැර මට වෙන කරන්න දෙයක් නෑ මාමේ...
.
උඹ ජීවිතේ කරගහන රියල් වීරයෙක්....
.
මම උඹ ගැන කොටන කීබෝඩ් වීරයෙක්...
.
ඉතින් මම වගේ තක්කඩි උඹ වගේ මිනිස්සු ගැන නොලියා ඉන්නවනම් අඩුම ඒ තක්කඩිකම හෘද සාක්ෂියවත් සාධාරණීකරණය කරන එකක් නෑ...
.
.
.
නෝටී
.
Subscribe to:
Posts (Atom)