ටිකක් ඇලට් එකක් දාන්න කාමරේට ගියා...ඇඳට වැටෙන්න හම්බවුනේ නෑ රිෂෙප්ශන් එකෙන් කෝල් එකක්...
"හෙලොව්"
"ෆොරිනර් කෙනෙක් ඉන්නව හම්බෙන්න ඇවිත්.."
"හරි මම එන්නම්"
මම ආයෙත් ටී ෂර්ට් එකත් දාගෙන පහලට ආවා..
බලනකොට දන්න කියන කෙනෙක්නේ...
"මිස්ට් ජූලියන්, හව් අර් යූ.."
කට පුරවගත්තු හිනවෙන්ම ඇහුවා..
ජූලියන් තමයි බේරුවල ත්‍රිකුණාමලය පාසිකුඩා වගේ තැන්වල තියෙන රුවල් නැව් චාරිකා සංවිධානය කරන ආයතනයක බේස් මැනේජර්..ෆ්‍රංශ ජාතිකයෙක්..වයස හතලිහක විතර පෙනුමක් තිබුණත් කඩවසම් මහත්මයෙක්...කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා තමයි නිතරම එන්නෙ...ටික වෙලාවක් අපි කතා කරා...
" ඇයි ඔයාලා එන්නෙනැත්තෙ ෆ්‍රී ටුවර් එකක් යන්න අපේ බෝට්ටුවෙ..එහෙම ගියහම ඔයාලට පුලුවන් අමුත්තන්ට ඒ ගැන නිවැරදිව හොදට විස්තර කරන්න.."
"බොහොම ස්තූතියි ජූලියන්, අපි ඊලඟ සතියෙ අනිවාර්යයෙන්ම එන්නම්..මට විස්වාසයි ඒ පැය හතර සහ ඔයාලගෙ කෑම වේල අමතක නොවෙන මතකයක් වේවී.."
ඊලඟට අපේ කතාව ගියේ හෝටලයේ ඉතිහාසයට..සුනාමියට අවුරුදු දෙකකට කලින් විවෘත කරපු මේ ගොඩනැගිල්ල සහ සුනාමියේදී එය දක්වපු ප්‍රතිචාර ගැන ටික වෙලාවක් අපි කතා කරා...නිකමට වගේ මගෙත් එක්ක ඒ වෙලාවේ එතන මේ සංවාදයටම සහභාගී වෙමින් හිටපු අධ්‍යක්ශක මහත්මයා ඇහුවා මෙහෙ ගොඩක් කල් ඉඳන් ඉන්නවද කියල...
" ඔව්.." ජූලියන් කිව්වෙ ටිකක් දුකකින් වගේ..
ආගමික ප්‍රශ්න නිසා ලබපු අමිහිරි අත්දැකීමක් එක්ක ඒ මනුස්සය රට ඇත්හැරල ඇවිත්...අවුරුදු තුනකට හතරකට උඩදි වෙච්ච ඒ අත්දැකීම ගැන කතාකරන්න එයාට කැමැත්තක් තිබුණෙ නෑ..ජුලියන් දැන් ඉදන් ජීවත් වෙන්නෙ ශ්‍රීලංකාවේ...අපි වගේම ස්කූටරයක නැගල තමන්ගෙ ජොබ් එකට විසිටින් යන්න...එහෙම නැත්තන් සෙක්ෂන් බස් එකේ නැගල ගමන් යන එක එයාට අමුත්තක් නෙමෙයි....
.
ඒත් ඒ තමන්ගෙ මව් රට නෙමෙයි..
ආගම මිනිස්සුන්ව තමන්ගෙ කැමති දේවල් වලින් කොයි තරම්නම් ඈත් කරලද...සාමය, නිදහස, සතුට ලබ දෙනව කියන ඒ සංකල්පයම අපිව බෙදීමට, දුරස්ථභාවයට, පීඩාවට කොයිතරම්නම් පත් කරලද..?
.
ජූලියන් අපිට ආචාර කරල පිටවෙලා ගියා...මම ඩිරෙක්ටර් දිහා බැලුව...
" මිස්ට් මොහොමඩ්...ඩු යූ බිලීව් ඉන් රිලිජන්.."
පොඩි හිනාවක් එක්ක මට මෙහෙම උත්තරයක් හම්බවුණා...
" අයි ඩෝන්ට් බිලීව් තින්ග්ස් විච් අයි කාන්ට් සී..."
.
.
.
.
" ආගමක් නැත්තන් ඒ මිනිහා තිරිසනෙක් වෙනව " වරක් හාමුදුරු කෙනෙක් කියපු කතාවක් මට මතක් වුණා...
මම ආයේ මිස්ට මොහොමඩ් දිහා බැලුවා..
.
.
" සමහරවිට හාමුදුරුවන්ට වරදින්න ඇති..." මම මටම කියාගත්තා....
.
.
.
.
.
නෝටී...
No comments:
Post a Comment